Monday, December 31, 2012

// // 54 comments

English Sinhala Dictionary - Download The NDictionary 2013


ආයුබෝවන් කියල 2013 වසරට සපැමිණි ඔබ සියලු දෙනා නාමල් යායට පිළිගන්නව. අලුත් අවුරුද්දේ ඔයාලට නාමල් යායෙන් The NDictionary 2013 Stable Version එක දෙන්න තමා මේ සූදානම.


සුපුරුදු පරිදි 2013 Version එක දෙන්න කලින් ගිය මාසය පුරාවට අලුත් Options ගැන සඳහන් කරමින් ලිපි කීපයක් පල කලා මතක ඇති නේ. අලුත් Options ගැන හොයා බලන්න කලින් The NDictionary Software එක ගැන නොදන්න කට්ටිය පහල Video එකෙන් එහි විශේෂත්වය හා පහසුකම් පිළිබඳ විස්තර බලල ඉන්නව නම් හොඳයි. නැතිනම් පහල ලින්ක් එකෙනුත් විස්තර දැනගන්න පුලුවන්. 2012 Version එකට හදපු Video එකක් තමා මේ. 2013 Version එකේ අලුත් Options පහල දාල තියෙනව.





(Screenshot of Right Click on System Tray "N" Icon)

2013 Version එකෙන් දෙන්න බලාපොරොත්තුවන දේ පිළිබඳ සාරංෂයක් පහලින් බලන්න. අදාල ලින්ක් වලින් ඒ ඒ යටතේ වන වැඩි විස්තර ගන්න පුලුවන්.

1) English-English Dictionary
විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙත්ඩ් එකක්ද එකතු කලා. යම් වචනය සිංහල තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුල්වන් English වලින් දී ඇති තේරුම ලබාගන්න, More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහර පවා දැකගන්නට පුලුවන්.  Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනිනම් Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.

2) Subtitle Translator 
Subtitle Translator එකෙහි දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය  Manually Add කරගන්න පුලුවන් ලෙස සැකසුව.

3)English Learning Tools
English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබෙනව.

4) Top 10 Words Game
මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.

5) Question
Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.

6) Speech
Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

7) Real Time Search 
ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

8) Top 10 Sentences
මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.



2013 Version එක 100%  Responsible & 100% Virus Free Certificate එක Softpedia American Site එකෙන් ලාබාගත්ත බව සතුටින් සඳහන් කරන්න කැමතියි.

Download Link එක දෙන්න කලින් කියන්න සතු‍ටු කාරනක් තියෙනව. ඒ තමා Sri Lanka Inventor Commission එකෙන් පවත්වන ලද සහසක් නිපැයුම් 2012 තරාඟාවලියේදී The NDictionary Software එකට  National Significant Invention Award  එක දිනාගන්න පුලුවන් උනා. ඒ වගේම ICTA එක මගින් පවත්වන e-Swabhimani සම්මානයටත් මේ අවුරුද්දෙ නාම යෝජනා ලබල තියෙනව.

ඩික්ෂනරි Software එකට කැමතිනම් Like එකක් දාන්න.


Sourceforge.net!



Get it from CNET Download.com!



Get it from www.softpedia.com!


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.





Flag Counter



 Subtitle Translator (Share This Picture) 



Read More

Saturday, December 29, 2012

// // 5 comments

2013ට කලින් NDictionary Downloads 2500 ඉක්මවයි.


2013 ලබන්න තව දින දෙකයි නේ. ඒ නිසා මේ දවස්වල නාමල් යායෙත් හනි හනිකට වැඩ. මොකද The NDictionary 2013 Version එකේ Stable Release එක කරන්න ඕනි නේ. හරියටම කිනවනම් 2013 ලෙස එන්නෙ දෙවනි වර්ශන් එක කීවොත් නිවැරදියි. මේ වර්ශන් එකේදී ලොව පිළිගත් Download Site කීපයක Lab Test Pass කරගන්න NDictinary එකට පුලුවන් වීම ලොකු වැදගත් කමක් කියල කියන්නත් සතු‍ටුයි.

දෙවනි වර්ශන් එකට එන්න කලින් තිබ්බෙ 2012 වර්ශන් එක Alfa, Beta , Stable විදියට Release කීපයක්ම පහු කරා මතක ඇති. Beta Version එක එනකොට Downloads  තිබ්බෙ 488යි. ඒ Download කරපු අයගෙ Review මතින් තමා 2012  Stable Version එකට එනකොට ගොඩක් අඩුපාඩු අවම කරගන්න ලැබුනෙ. කොහොම උනත් Stable Version එකෙන් පස්සෙ නම් ටිකක් ජනප්‍රියත්වය වැඩි උනා කීවොත් නිවැරදියි. Blog පාඪක පිරිසට අමතරව ගොඩක් අය නාමල් යායට ගොඩවැදිල තිබ්බ ඩික්ෂනරි එක Download කරගන්න. අද වෙනකොට ඩවුන්ලෝඩ් ප්‍රමානය 2500ත් ඉක්මවල තිබෙනව කීවොත් නිවැරදියි.  ඒ සඳහා Source-forge Site එකේ Stat වලට තිබ්බ සටහන මේහෙමයි. කෙසේ නමුත් මෙය ලොකු ප්‍රමානයක් නොවේ. නමුත් Blog  එක හරහා මිසක් වෙන්ත ප්‍රචාරන ක්‍රම නොමැතිව මෙපමන දුරක් අවුරුද්දකින් පැමිණීම ලොකු දෙයක් ලෙස මට දකින්න පුලුවන්.





මීට අමතරව Google Search එක හරහා Cnet එකෙන් හා Softpedia Download Site වලින්ද Download 300 ට ආසන්න ප්‍රමානයක් තිබ්බ.

2013 වර්ශන් එකේදී තිබෙන Option කලින් ඒවට වඩා දෙගුනයකටත් වඩා වැඩියි, ඒ සියල්ල මට කරගන්න ලැබුනෙ University Strike එක නිසා කීවොත් නිවැරදියි. ඒ මාස 3ක විතර මහන්සියෙ ප්‍රතිඵල ලෙස Sri Lanka Inventor Commission එකෙන් Award එකකුත් ලබාගන්න පුලුවන් කම ලැබුන. Sri Lanka ICTA එක මගින් පවත්වන e-Swabhimani 2012 සඳහාත් නාමයෝජනා ලබල තියෙනව.



Read More

Monday, December 24, 2012

// // 2 comments

The NDictionary Got a 100% responsible Certificate from softpedia.com

The NDictionary 2013 Version එක 100%  Responsible & 100% Virus Free Certificate එක Softpedia Software Download Site එකෙන් ලාබාගත්ත බව සතුටින් සඳහන් කරන්න කැමතියි.



ඒ පිළිබඳ සඳහන් කරමින් මට ලැබුනු e-mail පනිවුඩය මෙහෙමයි වුනේ.





Congratulations,

"The NDictionary" has been tested in the Softpedia labs using several
industry-leading security solutions and found to be completely clean of
adware/spyware components. We are impressed with the quality of your
product and encourage you to keep these high standards in the future.

To assure our visitors that The NDictionary is clean, we have granted it
with the "100% CLEAN" Softpedia award. To let your users know about this
certification, you may display this award on your website, on software
boxes or inside your product.

http://www.softpedia.com/progClean/The-NDictionary-Clean-227062.html





Read More

Sunday, December 23, 2012

// // 3 comments

Subtitle Translator

"Subtitle Translator එකෙහි පොඩි අංගයක් එකතු කරන්න බලාපොරොත්තු වනෙව" කියල තමා පොරොඳු නම් උනේ. ඒ විදියටම ඒ පොරොන්දුව ගොඩදාගන්න පුලුවන් උනා කීවොත් නිවැරදියි., දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය Manually Add කරගන්න පුලුවන් ලෙස හදන්න කියලත් ඉල්ලල තිබ්බ. ඉතින් ඒ Option එක එකතු කලා.

Subtitle Translator එක වැඩ කරන ආකාරය ඔයාල දැනටමත් දන්නවනේ. දැන් තිබෙන ක්‍රමයේදි Film එක තිබෙන Folder එකේ තිබෙන Subtitle File එක සුපුරුදු ලෙසම Auto ලබාගන්නව. නමුත් ඔබෙන් අසනව එම File එක Load කරගන්නද කියල. No ලබාදීමෙන් ඔබට පුලුවන් වෙනත් Subtitle File එකක් තොරගන්න. එසේම අදාල Folder එකේ Subtitle File එකක් නැතිනම් හෝ තිබෙන Subtitle File  එකේ යම් Error එකක් ඇතිනම් Subtitle File  එකක් ‍තෝරා ගැනීමටද ඔබට අවස්තාව ලබා දෙනවා.



මෙම Subtitle Translator එක 2013 Beta Version එකේ Active නොවන බව කරුනාවෙන් සලකන්න.



Read More

Saturday, December 22, 2012

// // Leave a Comment

Real Time Search


ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා සමානව තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.



එසේත් නැතිනම් Mini Window එකේ සිට යම් වචනයක් Type කර Max Window එක ගැනීමට "<" Button එක Click කල විගස කලින් ලෙසම ප්‍රථිපලය ‍රැගෙන Max Window එක ලැබේ.
Read More

Sunday, December 16, 2012

// // 4 comments

The NDictionary Awarded from The Sri Lanka Inventor Commission


සුපුරුදු පරිදි මගෙන් ලැබෙන පෝස්ට එකක් වෙනුවට අද මම මගේ සතුට ඔයාලත් එක්ක බෙදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඔයාල ගොඩක් දෙනා දැනට බාවිතා කරන The NDictionary මෘදුකාංගය 2012 SLIC දසිස් සම්මනා උළෙලේ දී National Significant Invention සඳහා වන සම්මනාය University Category එක සඳහා ප්‍රථමස්ථානය ලබා ගනිමින් ජයග්‍රහනය කලා.

                     මේ නිර්මාණය කිරීමේන් මම බලාපොරොත්තු වුනේ සමාජය උදෙසා මට තිබුන අවශ්‍යතා වලට අනුව පිළිතුරක් ලබා දීම පමණයි. ඒ කියන්නෙ පවතින Off-line Dictionary වෙනුවට වඩා ප්‍රයෝජනවත් පහසු Dictionary Software එකක් නිර්මාණය කිරීමයි. ඉතින් ඒ පිවිතුරු අදහස ඔස්සේ මගේ අනාගතයත් ගොඩනැගිල තියෙනව කියල මම සතුටින් කියන්න කැමතියි. අවුරුද්දක කාලයක් තිස්සේ බොහෝ දේ කැප කරල ලඟා කරගන්න තිබුන වෙනත් දේ පසු පස යන්නෙත් නැතිව මේ වෙනුවෙන් දිචා රෑ කැපවෙලා මම අද ගොඩක් සතුටක් ලබනව.



               මෙලෙස මට මේ සම්මානය ලබා ගැනීමට මට මුළ ඉදල උදවු ලබාදුන් පිරිසට බොහොම ස්තුති වන්ත වෙනව. ඒ අතුරින් මගේ Facebook යාළුවෙක් විශේෂයි. මම මේ නව නිර්මාණය් තරඟය ගැන දැනගෙන සිටියත් ඒ සඳහා Software ඉදිරිපත් කරන්න පුලුවන් කියන කාරනය මම දැනගත්තෙ ඔහුගෙන්.  මගේ Blog එකේන් Patent බලපත්‍රයක් ලබාගන්න අකාරය ගැන කියවන්න පැමිණ ඒ හරහා මට Request කරල මට එදාම ඔහු මේ News එකත් ලබාදුන්න. ඔහු නමින්  Udayanga Senarath ඉතින් ඔහුට ඒ වෙනුවෙන් ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ නිර්මානයේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින්, යෝජනා ඉදිරිපත් කරමින් ගොඩක් අය උදවු කලා. ඒඅය වෙනුවෙන් වෙනමම ලිපියක් දාන්නත් ඕන.

                           ඒ වගේම දසිස් වැනි බාරදූර සම්මාන උළෙලක් සංවිධානය කල Sri Lanka Inventer Commission එකේ අධ්‍යෂක Mr.Deepal Sooriyaarachchi ඇතුලු කාර්ය මණ්ඩලයටත් ස්තුති වන්ත වෙනව. ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කරල තිබීම ශ්‍රි ලංකාවෙ අනාගතය උදෙසා ගත්තු ලොකු පියවරක්. ඒ වගේම තාක්ෂන හා පර්යේෂන අමත්‍යංශයේ සියලුම දෙනාටත් ස්තුතියි.
Read More

Saturday, December 8, 2012

// // Leave a Comment

Speech - The NDictionary.



යම් English වචනයක් Pronounce කරන ආකාරය දැනගැනීමට මෙමගින් ඔබට පහසුකම් සලසනවා. ඔබට කරන්න තියෙන්නෙ අදාල වචනය Search Box එකේ Type කරල N Dictionary Window එකේ පවතින More Button එක Click කරල එහි ඇති Speech යන විධානය Select කරන එක.





Read More

Sunday, December 2, 2012

// // Leave a Comment

Question - The NDictionary


Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ අභ්‍යාසයේ යෙදෙන්න.

System Tray හි පවතින NDictionary Icon එක මත Right Click කිරීමෙන් ලැබෙන මෙනු එකෙහි පවතින "Games --> Question" යන විධානය මගින් ඔබට පුලුන් Game එකට Access වෙන්න.

මෙය නම් Game එකක් කීවට හරියටම Paper එකක් කරනව වගේ දෙයක් තමා තියෙන්නෙ. අපි English  බාවිතයේදී Preposition යොදාගන්න විදි තියෙනව නේ. අන්න ඒ විදික්‍රම බාවිතා කරල ඔබට දෙන වාක්‍යයට සුදුසු වචනය ‍තෝරන්න තියෙන්නෙ. ඒ විදියට ඔබට පුලුවන් ලකුණු ලබමින් ඉදිරියට යන්න.



Read More

Thursday, November 29, 2012

// // Leave a Comment

Top 10 Words Game


Top 10 Words Game, මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of The Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.



System Tray හි පවතින NDictionary Icon එක මත Right Click කිරීමෙන් ලබෙන මෙනු එකෙහි පවතින "Games --> Top 10 Words Game" යන විධානය මගින් ඔබට පුලුවන් Game එකට Access වෙන්න.

මෙම Game එකෙන් වෙන්නෙ මොකක්ද?
Top 10 Words of The Day  මගින් දවසකට ලබාදෙන Words 10න් එකක් Randomly තොරාගෙන ඔබට ඉදිරිපත් කරනව, නිකන්ම නෙවෙයි අකුරු Scramble (කවලම්) කරල.

ඉතින් කරන්න තියෙන්නෙ මොකක්ද?
කරන්න මහ ලොකු දෙයක් නෑ. දවසෙ වචන ටික පාඩම් කරල දෙන වචනෙ අනුමාන කරල වචනෙ අකුරු පිළිවෙලට Click කරගෙන ගිහින් එම වචනෙ හදාගන්න. ඒ වචනෙ හැදුවම ඉතිරි වචන 9න් එකක් ඒ විදියටම ඔබට ලැබෙනව. වචන 10 ඉවර උනාම ඔබට පුලුවන් Record එකකුත් තියන්න. හැබැයි විනාඩි 3ක් ඇතුලත කරන්න වෙනව.
Game Pause කරන්න, බාගෙට හදමින් ඉද්දී Reset කරන්න වගෙම වචනයක් Skip කරල ඊලග වචනයට යන්නත් පුලුවන්. ඒ වගේම වචනයක් හදද්දි වැරදුනොත් Meaning එක බලන Button එක Active වෙනව. තවද වචනයක් නිවැරදිව හදල ඉවරවුනාම නිවැරදි බව දන්වන අතරෙ පහලින් එම වචනයෙ තේරුම ගෙන දෙනව. ඒ අතරෙ Time එක අඩු වෙන්නෙ නෑ.

ලකුණු ලැබෙන්නෙ කොහොමද?
සෑම Click එකකටම ලකුණු 20 ක් ලැබෙනව. නමුත් තත්පර 30න් 30ට එම ප්‍රමානයෙන් අවම ප්‍රමානය 5 වෙනක්ම්  3 ගානෙ අඩුවෙනව. එතකොට වැරදි විදියට වචනයක් හැදුවොත් Click එකකට ලැබෙන ලකුණු 20න් අවම ලකුණු 5 දක්වා 1 ගානෙ අඩුවෙනව. ඒ අනුව දිග වචනයක් ලැබුනොත් ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩියි.


Read More

Saturday, November 24, 2012

// // 2 comments

English Tip Tool - The N Dictionary.



The NDictionary වලින් Learning Tools යටතේ ලබා දීල තියෙන තව Option එකක් තමයි English Tip Tool කියන එක. මේකෙන් කරන්නෙ දවසකට එක බැගින් English වල වාක්‍ය ගොඩ නැගීමේදී බාවිතා වෙන Tricks පිළිබදව ඔබව දැනුවත් කිරීම.

මේ සඳහා NDictionary Tray Icon එක මත Right Click කරල Learn --> English Tip යන විදානය භාවිතා කරන්න පුලුවන්.



මේ සඳහා මම චිචිද පොත් පත් වලින් ලබා ගත් දැනෙමෙන් සෑදූ Database එකක් ගොඩ නගමින් ඉන්නව. ඒ සඳහා එකතුවන්න ඔබටත් හැකියාවක් තියෙනව නම් මම අගේ කර සිටිනව.


Read More

Friday, November 16, 2012

// // 2 comments

Top 10 Sentences - The NDictionary


The NDictionary 2013 Version එකට අදාලව කතා කරන්න වෙන ඊලඟ Option එක තමා Top 10 Sentences.

මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුල්වන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කරල නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

මෙහි වාක්‍ය English සහ සිංහල වලින් ගෙනදීමට English පොත් පත් ඇසුරු කරගනිමින් මවිසින් ඩේටබේස් එකක් ගොඩ නගා ගැනීම තමා මුලින්ම කලේ. නමුත් තවමත් එහි ලොකු ප්‍රමානයක Sentences නෑ. එය වැඩිදියුනු කරන්න පුලුවන් සෑම වෙලාවක්ම ගත කරනව.  කොහොම වුනත් ඉදිරි වර්ශන් එකක් ගෙනෙනකොට එය උපරිමාකාරයෙන් දෙන්න පුලුවන් වෙයි.




Read More

Friday, November 9, 2012

// // 3 comments

English-English Dictionary - The NDictionary

සති මාස ගනන් නොදැනුවත්වම ගෙවී යමින් දැන් නොවැම්බරයත් ගෙවෙමින් යනව. ඊලගට දෙසැම්බර්, කැම්පස් එකේ වැඩ වර්ජයනය නිසා ලැබුනු කාලයෙන් ප්‍රයොජන ගනිමින් සාදමින් සිටි කාටත් ගොඩක් වැදගත් වන සොෆ්ට්වෙයා එකක් රිලීස් කරන්න හිතාගෙන හිටියෙත් දේසැම්බර්. ඒත් දැන් නම් කරමුලටම ලෙක්චර් දාල. ප්‍රොජෙක්ට්ස්, ටියුට්ස් ගොඩගැහිල. ඉතින් තව කල් යන පාටයි අලුත් වැඩේට. ඒ කොහොම වුනත් දැන් තව Continue කිරීමකුත් කරන්න තියෙනව නේ. ඒ තමා The NDicitionary 2013 Version එක Release කරන එක. රීට කලින් අලුත් Version එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන අලුත් Options ගැන කතා කරල ඉන්න ඕනෙ නේ. ඒ නිසා මෙ ලිපි සීරිස් එක ඒ සඳහා වෙන් කරනව. මේ වෙනකොට 2012 Version එකේ Download 2000 කට කිට්‍ටුවෙන්න ප්‍රමාණයක් ගිහිල්ල තියෙන්ච. හොඳයි අලුත් විස්තර කතා කරන්න කලින් 2013 Beta Version එක කැමතිනම් Download කරගන්න පුලුවන්. එහි අඩුපාඩු කම් කියල මහ ලොකු ඒව නැතුව ඇති කියල විස්වාස කරන්ව. 

1) English-English Dictionary
                                                    කලින් දාපු ලිපියට අනුව, ඒ පිළිවෙලට අපි කතා කරගෙන යමු. එයට අනුව මුලින්ම කතා කරන්න වෙන්නෙ English-English Dictionary Option එක ගැන. මුලිකව ගත් කල NDictionary මගින් අපේක්ෂා කලේ සිංහල-English Dictionary කියන සංකල්පය. ඒත් දැන් එහි සංකල්පය ටිකක් Advance කරල English Learning Tool එකක් ලෙස ඩිචලොප් කරගෙන යන්න තමා අදහස. ඒ නිසාවෙන්ම තීරනය කලා English-English Dictionary Option එකත් එකතු කලොත් හොඳයි කියල. මෙහි ඇති විශේෂත්වය නම් කෙනෙක් සිංහල හෝ English වචනයක් Search කලපසු එහි English භාවිතය කෙලෙසද යන්න උදාහරණ සහිතව දැකගන්න පුලුවන් වීමයි. ඒ සඳහා අවශ්‍ය චිදානය ඉතා පහසුවෙන් ඔබට ලබා දෙන්න පුලුවන් වෙන්නේ More Button එක හරහායි. Search Box එකෙහි යම් වචනයක් Type කර පසුව More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එවිට ඔබට දැකගන්න පුලුවන් ඔබගේ වචනයට අදාල English Definition එක සහ එය යොදාගන්නා ආකාරය.




 English ගුරුවරුන් කියනා දෙයක් තමයි English ඉගෙන ගන්න විට English - English Dictionary එකක් බවිතා කරන්න කියන කාරනය. ඒ නිසා ඔබට English ඉගෙන ගන්න උවමනාවක් තිබෙනම් බවිතා කරන්න පුලුවන් හොඳ option එකක් තමා මෙය. ඒ නිසා Default ලෙස පවතින English-සිංහල Dictionary එක වෙනුවට ඔබට පූලුවන් Option හරහා එය English - English Dictionary ලෙස වෙනස් කරගන්න.



එවිට More Button එක හරාහා ඔබට පුලුවන් යම් English වචනයක සිංහල තේරුම ගැනීමට Sinhala Definition යන්න සෙලෙක්ට් කරන්න. මෙම option එක නිසා NDictionary එක සඳහා ලැබී ඇති වාසියක් නම් යම් English වචනයක් සිංහල තේරුම ඩේටබේස් එකේ නැතිනම් එහි තේරුම ඉහත ක්‍රමය මගින් බලා යම් තාක් දුරට හෝ අවබෝද කරගැනීමට පුලුවන් වීමයි.




Read More

Monday, October 8, 2012

// // Leave a Comment

සදාතනික අනුශූරයෝ.



හිතේ තියෙන දේ ගොනු කරන්න හදවත ඉඩ නොදේ. 
වාසනවාට ටිකට් ඉවර වෙලා තිබ්බෙ.

Read More

Sunday, September 16, 2012

// // 6 comments

English Sinhala Dictionary 2013


කාලෙකින් Post එකක් දාන්නත් බැරි වුනා, ඒකට හේතුව උනේ ඩොන්ගල් එක මාරාන්තික අසනීප තත්වයකට බදුන් වීමයැයි කෙටියෙන් කියන්න පුලුවන්. පස්සෙ ඉතින් එක එක බෙහෙත් අත්හදා බලල යන්තම ඩොන්ගල් එක ගොඩ දාගත්ත. දැන් මාතෘකාවට බහිමු, ඊට කලින් කියන්න දෙයකුත් තියෙනව නේ. මම දැනට "The නාමල් Dictionary" ලෙස වර්ශන් දෙකකින්ම රිලීස් කරල තියෙන ඩික්ශනරි මෘදුකාංගය 2013 Version එකත් සමග "The NDictionary" ලෙස නම් කරන්න තීරනය කරල තියෙනව. ඉතින් ඒ සමග ඩික්ශනරියේ කරන්න යන්න ඉන්න විශාලම වෙනස තමා ඩික්ශනරිය English Learning Tool එකක් ලෙස දියුනු කරන්න ඉන්න බලාපොරොත්තුව. 2013 Version එකට එකතු කරන්න ඉන්න ඒ අලුත් දේවල් ටික පිළිබඳ පොඩි අදහසක් තමා මේ ලිපියෙන් දෙන්න හදන්නෙ.

1) විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙත්ඩ් එකක්ද එකතු කරන්න බලාපොරොත්තු වීම. සමහර ගුරුවරු කියනව ඉංග්‍රීසි ඉගෙන ගන්නවිට English-සිංහල Dictionary Use කරන්න එපා කියල. ඒ නිසා Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න. ඒ වගේම යම් වචනය සිංහල තෙරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුල්වන් English වලින් දී ඇති තේරුම ලබාගන්න. එහි උදාහර පවා දැකගන්නට පුලුවන්.






2) English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබීම.

3) Top 10 Sentences, මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුල්වන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

4) Top 10 Words Game මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.

5) Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.

6) Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

7) Real Time Search ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

8) Subtitle Translator එකෙහි පොඩි අංගයක් එකතු කරන්න බලාපොරොත්තු වනෙව, දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය Manually Add කරගන්න පුලුවන් ලෙස හදන්න කියලත් ඉල්ලල තිබ්බ. ඉතින් ඒ Option එක එකතු කරන්න පුලුවන්.

9) Theme එකේ වෙනස් කමක් විදියට විවිද Theme කීපයක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනව. එක එක්කෙනා කැමති ආකාර වෙනස් කියන එක මට මගේම යාළුවන්ගෙන් තේරුනා. Default Theme එක ලෙස ලාපාට Theme එකක් දාන්න තමා ඉන්නෙ.


Read More

Friday, August 17, 2012

// // 5 comments

A\L කරමුද? කෙල්ලෙක් කරමුද?

ඔන්න ඉතින් මේ අවුරුද්දෙ A\L පටන් ගන්න සතියකට විතර කලින් වුන සිදුවීමක් නිසා ලියන්න හිතුන දෙයක් තමා මේක. කැම්පස් එකත් නිවාඩු නිසා ලඟදි දවසක යාළුවෙක්ගෙ ගෙදර යන්න කියල අපි යාළුවො ටික සෙට්වුනා මාතර Stand එකට. ඉතින් කට්ටිය හරියටම වෙලාවට සෙට්වෙන නිසා පැය දෙකක් විතර Stand එකට වෙලා ඉන්නත් වුනා. ඔය අතරෙ යාළුවෙක්ගෙ යාළුවෙකුත් ("පොර" කියල කියමුකො) සෙට්වුනා.

ඉතින් හමුවුන ගමන් යළුව ඇහුව "මොකද කරන්නෙ Stand එකේ" කියල.
පොර කියනව "මචන් කෙල්ල එනකන් ඉන්නව, පොඩ්ඩක් රවුමක් දාන්න කියල හැදුවෙ."

දැන් යාළුව උගේ දිහා කන්න වගේ ඇස් ලොකුකරගෙන බලාගෙන ඉන්නව. අපිටත් මේ මොකෝ කියල ප්‍රශ්ණයක්. උත්තර විදියට අපිටත් තරු විසුවුන කතා ටිකක් අහන්න උනා පොරගෙන්.

හරි හරි මචන් මේ පාර A\L කරනව තමයි. තව සතියයි තියෙන්න කියන එකත් හරි තමා ඒත් ඉතින් දැන් A\L කලා කියල ඇති වැඩක් තියෙනවද? ගිය සැරේ වගේ තමා මේ සැරෙත් කලින් සිලබස් එකෙන් කරන උන්ගෙ Z අඩුවෙනව අනිම තමා. කොහොම හරි කැම්පස් ගියා කියල Job හම්බවෙනවද? ඊට වඩා වටිනව මට මේ කෙල්ල කරගත්තොත්. දැන් උබ බලපන් කැම්පස් ගියා කියල උබ විදින දුක, දැන් මාස 3ක් විතර නිකන් ගෙදර නේ. තාමත් කෙල්ලෙක් නෑ උබට ආදරේ කරන. උබ දන්නවනේ මගේ තාත්තට පුලුවන් මට හොඳ ජොබ් එකක් හොයල දෙන්න. ඉතින් මොකටද මේ A\L නිසා ක‍ටුකාගෙන දුක් විදින්නෙ........

මම හිතන්නෙ යාළුව පොරට කලින්ම හොඳට A\L කරපන් කියල දේශනයක් දීල වගේ. ඒව කැපිල යන්න පොර කියපු කතා ටිකට යාළුවගෙ කටත් වැහුන. පොර අපෙන් සමුගත් පසු යාළුව කීව පරිදි පොරගෙ තාත්ත හොඳ දේශපාලන කප්පිත්තෙක්.

ඉතින් කොහොම හරි පොර කියපු කතා වලින් ඔබටත් මටත් හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරන්න ඇති.

අධ්‍යාපනය ලබනව කියන දේ A\L වලට මහන්සි වුන කවුරුත් කියාවි කට්ටක් කියල. ඒත් ඒක දුකක් කියල දකිනවනම්, එහෙම දකිය පරපුරක් නම් ඉදිරියෙදි බිහි වෙන්නෙ ඇත්තටම ලොකු ගැටලුවක්.

දේශපාලන බලය මගින් හෝ දැන ඇදුනුම් කම් මත ‍රැකියාවකට පිවිසෙන එක නවත්තන්න බෑ. ඒක එහෙම වුනාවෙ. ඒත් දේශපාලන බලය මගින් ‍රැකියාවක් හොයාගන්න ඉන්න කට්ටිය බොහෝවිට ඇතුලුවන්නෙ රජයේ රැකියාවකට. මොකද තමන්ට ‍රැකියාවට අදාල දැනුමක් නැතිනම් සාමන්‍යයෙන් ප්‍රයිවට් ‍රැකියාවාක වැඩිකල් නිරත වෙන්න බෑනේ. ඉතින් කොහොම හරි හොඳ ජොබ් එකක් ලැබෙනව කියල හිතාගෙන ඔහෙ ඉදල, අන්තිමේදී රජයේම ආයතනයකට දේශපාලන බලය මගින් ඇතුල් වෙලා කරන සේවාව නිසා තමයි අද රජයේ ආයතන බන්කොලොත් වෙන්නෙ. ඉතින් මොන ක්‍රමයකින් හරි ඕනම ජොබ් එකකට යන එකට නම් මොනවත් කියන්නෙ නෑ. ඒත් සමාජයට සේවයක් කරන එක හරියාකරව කරන්න කවුරුත් වගබලාගන්න ඕනෙ.

ඉතින් ඉදිරි පරම් පරාව අධ්‍යාපනය ගැන ඇතිකරගෙන සිටින ආකල්ප ඔය විදියනම්, ආසියාවේ අස්චර්යය කරා යන ගමනේ ගමන් මගේ අවසානය හිතාගන්න අමාරු නෑ නේද?

Read More

Wednesday, August 8, 2012

// // 7 comments

Magnet Link එපාද? Download Torrent File

දැන් ටොරන්ට් සයිට් වලින් බොහෝදුරට දෙන්න ටොරන්ට් ෆයිල් එක නෙවෙයි Magnet Link කියල බොහෝදෙනා දන්නවනේ. ඒත් කෙලින්ම ටොරන්ට් ෆයිල් බාගන්න තියේනම් හොදයි කියල හිතෙන අවස්තා ඔයාලට ඕන තරම ඇතිවෙලා ඇති. තමන් ටොරන් සර්ච් කරන්නෙ එක පරිගනකයකින් සහ ඩවුන්ලෝඩ් එක කරන්නෙ වෙන තැනක තියෙන පරිගනකයකින් නම්. ඒ එක් අවස්තාවක් ඔයාලට ටොරන ෆයිල් එක වැදගත් වෙන. නැතිනම් ඉතින් අදාල වෙබ් පේජ් ලින්ක් එක කොපි කරගෙන යන්න වෙනවනේ. Piratebay අඩවිය දැනට ගොඩක් දුරට දෙන්නෙ මැග්නෙට් ලින්ක් එක තමා.



හොදයි, මම කියල දෙන්නම් Piratebay අඩවියෙන් උනත් දෙන Magnet Link එක නැතුව එම Link එක Torrent File එකක් බවට Convert කරල ඩවුන්ලෝඩ් කරගන්න විදිය. හබැයි ඉතින් Firefox වලින් තමා.

Download & Install Greasemonkey Add-ons
Firfox Browser එක Restart කරන්න.

දැන් Install Magnet to Torrent Script

දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ පයිරට්බේ අඩවියට ගිහිල්ල ටොරන්ට් ෆයිල් එක බාගන්න වැඩ ටික තමා.
Read More

Monday, August 6, 2012

// // 4 comments

The NDictionary Downloads 1000+

WOW, මේ ගැන නම් හරිම සතු‍ටුයි. මම හිතුවෙ නෑ මෙච්චර ඉක්කමනට මේ කඩඉමට ලගාවෙන්න පුලුවන් වෙයි කියල. මාතෘකාව කාටත් පැහැදිලියි නේ. ඒ කිවුවෙ මම නිර්මාණය කරපු ඩික්ෂනරි එක (The NDictionary - njDic) එක අද උදේ වෙනකොට Downloading 1000 සම්පූර්ණ කරල තියෙනව.


Dictionary ඔබට පහත ලින්ක් දෙකෙන්ම ඩචුන්ලොඩ් කරන්න පූලුවන්. ඩික්ෂනරියක් වශයෙන් Userට තියෙන්න ඕන ගොඩක් පහසුකම් එහි තියෙන්ව.

www.njDic.tk

http://namalyaya.blogspot.com/2012/06/thenamaldictionary2012.html


ඉතින් මේ දචස් වල එහි 2013 Version එක නිර්මාණය කරමිනුයි ඉන්නෙ. එමගින් උත්සාහ කරනව English Learning Tool එකක් විදියට ගොඩක් දුර යන්න පියවරක් තවන්න. Dictionary එක Use කරන ඔයාලට ස්තුතියි. ඔයාලට පුලුවන් නම් ඩික්ෂනරි මෘදුකාංගය ඔයාලගෙ යාලුවොත් එක්ක Share කරන්න ඒකට ගොඩක් ස්තුතියි.




Read More

Thursday, August 2, 2012

// // 8 comments

Excel පට්ට Trix

පට්ටයි කිවුවට පට්ටමද කියල ඔයාල තමා තීරනය කරන්න ඕන. එහෙම නම් හා මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් යාලුවන්ට දැන ගන්නත් වගේම මේ වගේ ලිපි තවත් ලිවිය යුතුදැයි තීරනය කරන්නත් එක්ක පහල Like Button එක Click කරන්නකෝ.

මෙහෙමයි අද ඔයාලට කියල දෙන යන Trix එක.
පහල පින්තූරයේ පරිදි ඔයාල ගාව ඩේට ටිකක් තියෙනව කියල හිතන්න.


 ඔයාට ඕන ඒ ඩේට ටිකේ හැම වාක්‍යයකම මැද තියෙන "=" ලකුනෙන් වෙන් කරල දෙපැත්තෙ තියෙන ඩේට වෙන වෙනම Column දෙකකට දාගන්න. හරියට පහල පින්තූරයේ තියෙනව වගේ.



ඔය වගේ කරගන්න සුළු ඩේට ටිකකට නම් අවුලක් නෑ. හැබැයි ගොඩක් ඩේට?
ඔන්න ඕකට Programin දන්න එකෙක් නම් පටගාල Code කැල්ලක් ලියල දෙයි. ඒත් ඒ ගැන අවබෝදයක් නැති කෙනෙක්ට Excel පහසුවෙන් Use කරන්න පුලුවන්.

හොඳයි මුලින්ම NotePad එකේ තියෙන ඔය Data ටික Excel Sheet එකක් ඇරල එක Column එකකට Copy කරගන්න. හරි දැන් ඉතින් Syntax වැඩ කිඩ දාන්න වෙලාව හරි.

පහල පින්තූරයේ පරිදි B Column එකේ =Trim(A1) ලෙස Type කරන්න
මේකෙන් කරන්නෙ A1 තීරයේ අනවශ්‍ය Space හා Tag  තියේනම් ඉවත් කරන එක.



C Column එකේ =Find("=",B1) ලෙස Type කරන්න.
මේකෙන් කරන්නෙ B1 තීරයේ ඇති වාක්‍යයෙන් "=" ලකුණ ඇති තැන Index එක ලබා ගැනීම.
පහල පින්තූරයේ A1 හි වාක්‍යයේ "=" ලකුණ තියෙන්නෙ 10 ස්තානයේ.



D Column එකේ =Left(B1,C1-1) ලෙස Type කරන්න.
මේකෙන් කරන්නෙ B1 තුල ඇති ඩේට එකෙන් වමේ සිට යම් කොටසක් වෙන් කරල ගැනීම. ගන්න ප්‍රමානය තමා දෙවනුවට තීරනය කරල තියෙන්නෙ. ඒ අනුව 9 (10-1) ( සමාන ලකුණ තියෙන තැන අංකය -1) දක්වා  අකුරු ‍තෝරල ගන්න ඕනෙ.  සමාන ලකුණ තියෙන තැන අංකය කලින් C1 තුලට ගත්ත නිසා C1-1  කියල දානව.


එතකොට D1 ට අදාල ඩේට Copy වූ හැටි පහල පින්තූරයේ තියෙනව.
දැන් සමාන ලකුනෙන් එහා පැත්තෙ තියේන ඩේට ගන්න Command ලියමු.
E1 තීරයට B1 තීරයේ ඇති වාක්‍යයේ මුලු අකුරු ගාන ලබාගත යුතුයි.
ඒ සඳහා =len(B1) ලෙස Type කල යුතුයි.



දැන් F1 තීරයේ =Right(B1,E1-C1) ලෙස Type කරන්න.
මෙහිදී කරන්නෙ B1 Cel එකේ අති ඩේට එකෙන් දකුනු පත්තේ සිට ඩේට ටිකක් ‍තෝරා ගැනීම. දෙවනුවට, ගන්න ප්‍රමානය තොරා දිය යුතුයි. එනම් මලු අකුරු ගානෙන් සමාන ලකුණට අති අගය අඩු කලවිට ලැබෙන අගයයි. ඒ අනුව 17-10 ලෙස විය යුතුයි. එම අගයන් වෙරියබල් එකක් විදියට E1 ට හා C1 ට දීල තියෙන නිසා ඒවා මගින් අදාල ප්‍රමාණය තොරාගෙන තියෙනව. හොඳයි දැන් ඉතින් සියළුව Rows  වලට අදාල Command ට්ක ඇදගෙන යන්න.





ඔය විදියට කරේ තේරුම් ගන්න පහසු වෙන්න. ඔයාලට පුලුවන් මේ කරපු දේවල් එක සැරෙන් ලියල දාන්න පහල විදියට.






Programming ටිකක් හරි දන්නවනම් ඔය දේ පැහැදිලිව තේරුම් ගෙන ඕන වැඩකට යොඩවගන්න පුලුවන්.

එහෙම තමට අවශ්‍ය දේකට Command එකක් ලියා ගන්න හරි වැටහීමක් නැතිනම් Sample එකක් සමග කරගන්න ඕන විදිය Comment එකක් දාල යන්නකෝ. පුලුවන් විදියට උදව් කරන්න බලන්නම්.

මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් යාලුවන්ට දැන ගන්නත් වගේම මේ වගේ ලිපි තවත් ලිවිය යුතුදැයි තීරනය කරන්නත් එක්ක පහල Like Button එක Click කරන්නකෝ.

Read More

Tuesday, July 31, 2012

// // 5 comments

සියළු File Extension එක සැරෙන් Rename කරගන්න.

අද කාලෙ විශාල ලෙස දියුනු වී තිබෙන OS එකක් වන වින්ඩෝස් OS එක වෙතට ඒමට මූලික අඩිතාලම දාපු Dos තාමත් අලුත් වින්ඩෝස් OS වලත් තියෙන්නෙ ඒකෙන් තවමත් ලොකු ලොකු ප්‍රයෝජන ගන්න පුලුවන් නිසා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හොඳයි මම අද කියන්න යන්නෙ මේ Dos භාවිතා කරල කරගන්න පුලුවන් යම් දෙයක් පිළිබඳවයි. මොකක්ද මේ, මේ ක්‍රියාවලියේ මූළික ප්‍රයෝජනය නම් File කීපයක Extension එක ලෙහෙසියෙන්ම එක පාරින් Rename කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන.

(File එකක Extension එක ගැන නොදන්න කෙනෙක් නම් ඒ ගැන පහල තියෙනව.)

ඒ විදියට අපිට පුලුවන් Video වගේ ෆයිල් සගවල තියන්නත්. එතකොට Video File Search  කරද්දි අහුවෙන්නෙත් නෑ.

උදාහරනයක් ලෙස ඔයාගෙ ගාව පින්තූර(.jpg) 100ක් තියෙනව ඒක ඔයාලට ඕන ඔක්කොම ".dll" බවට පරිවර්තන කරගන්න. මේ සඳහා File ඔක්කොම Select කරල Rename දුන්නට හරියන්නෙ නෑනේ. ඒ හින්ද අපිට සිද්ධ වෙනව File ඔක්කොමගෙම Extension එක වෙන වෙනම Rename කරන්න. හපෝ ඒ හින්දම තමයි Dos ඉගෙන ගන්න ඕන වුනෙ. ඇත්තටම මේ ක්‍රමයට අපිට පුලුවන් අපේ File කීපයක් කාටවත් හොයන්න බැරිවිදියට හන්ගන්න වගේම ඕපන් කරන්න බැරිවිදියටත් හදන්න. බලමු ඒක කොහොමද කරන්නෙ කියල.

මුලින්ම Extension වෙනස් කරන්න ඕන ෆයිල් තියන ෆෝල්ඩර් එකට ගොස් (එම ෆයිල් ඔක්කොම එකම ෆෝල්ඩර් එකේ තිබිය යුතුයි.) එම ෆයිල් වල Extension එක බලා ගන්න. දැන් note book එක ඕපන් කරල පහල තියන විදියට ටයිප් කරන්න.

ren *.Extension *.Extension

EX:
ren *.jpg *.dll

(මෙහි ren යනු Dos තුල ෆයිල් රීනේම් කිරීමට යොදා ගන්නා කොමාන්ඩ් එක. දෙවන Extension එක පරිවර්තනය විය යුතු ෆයිල් ෆෝර්මැට් එකයි.)

දැන් සේව් කරන්න යන්න එවිට File Name එක විදියට නමක් දීල පසුව .bat කියලත් ටයිප් කරන්න (name.bat). Save as Type එක විදියට All Files යන්න ලබාදීල Save කරන්න. සේව් පාත් එක විදියට පින්තූර ටික තියෙන ෆෝල්ඩර් එක ලබාදෙන්න. දැන් ඒ සේව් වෙච්ච Bat ෆයිල් එක Double Click කරල බලන්න. ඕන ෆෝල්ඩර් එකකට Bat ෆයිල් එක කට්කරල අරගෙන වැඩ කරවගන්න පුලුවන්.

උදාහරනයක් විදියට පින්තූර ටිකක් අදුන ගත නොහැකි ෆයිල් බවට පත් කිරීමට ඉහත කමාන්ඩ් එක යොදා ගන්න පුලුවන්. මේ විදියට ෆයිල් ටික පරිවර්තනය කරල ඒව C:\Windows ෆෝල්ඩර් එක තුල ෆෝල්ඩර් එකක් හදල ඒකට කොපි කරන්නකෝ දැන් ඒ ෆයිල් ගොඩක් දුරට ආරක්ෂිතයි. මේ ෆයිල් නැවත පින්තූර බවට පත් කරන්න අර Extension දෙක මාරු කරන්නකෝ.

ren *.dll *.jpg

ආ.. ඔයාලට Dos වැඩකෑල්ල අල්ලල ගියාද, ඔයාල ආස Dos වැඩ කෑලි ඉගෙන ගන්නද Dos මුල ඉදල තියරි ටික අල්ල ගන්නද කියල Comment කරන්නකෝ. ඉල්ලුම අනුව සැපයුම දෙන්න එපාය.


Extension
Extension එකෙන් තමයි යම් File එක කුමන වර්ගයට අයත්දැයි කියල OS එකෙන් අදුනගන්න Name එක. ඒක ඉතින් හයිඩ් වෙලා තමයි තියෙන්නෙ. ඒක බලන්න ඕනෙනම් ෆෝල්ඩර් එකේ
Tools --> Folder Option --> View --> Hide Extension For.. ටික් එක අයින් කරල ok කරල බලන්න. හැබැයි ඉතින් ෆයිල් රීනේම් කරන්න කලින් තිබුන විදියට හදන්න. උදාහරනයක් විදියට Song File එකක් අදුන ගන්න එක් ක්‍රමයක් තමයි සින්දුවෙ නම අගට තියෙන .mp3 කියන නාමය. සින්දුවෙ නම Dasin_Pe නම් ඒක තියෙන්නෙ Dasin_Pe.mp3 ලෙසට. එම File මත Double Click කලාම Open වෙන්නෙ කුමන Software(Player) එකෙන්ද කියල OS එක දැනගන්නෙත් මේ නමින් තමයි.
Read More

Monday, July 30, 2012

// // Leave a Comment

Techකතා Offline Trix - Video Tutorial

ටෙක්කතා කිව්වම කවුරුත් දන්නවනේ ටෙක්නොලොජි ගැන සිංහලෙන් කියල.
ඒ තරම්ම නැතත්, ටෙක්කතා සඳහා මම හදපු ටෙක්කතා ඕෆ්ලයින් සොෆ්ට්වෙයා එක ගැනත් කට්ටිය දන්නවනේ.

2011 දී Techkatha Offline Application එකේ Beta Virsion එක Release කලා.
සුපුරුදු ලෙස එහි තිබ්බ ගොඩක් අඩුපාඩු හැදුව. වැඩි දවසක් නොගිහින් Full Version එක Release කලා.

මාස කීපයකට පසුව එහි Portable Version එකක් Release කලා. එතකොට Install කර කර ඉන්න ඕනෙ නෑ නේ. DVD එකක වුනත් ඔක්කොම TK Episode ට්කත් එක්ක Write කරල Potable Techkatha DVD එකක් හදාගන්න පුලුවන් නේ.

මේ අවුරුද්දෙදී මම TKOffline  එකහි Source Code එක Release කරල Open Source තත්වයට පත් කලා.

දැනට මම TKOffline එකෙ අලුත් වැඩසටහන් සඳහා Update දෙකක්ද ලබා දීල තියෙනව.

ටෙක්කතා 100 වෙනුවන් මගෙන්.
Download TechkathaOffline Update Ep100 - 120

TKOffline එක Open Source නිසා ඕනම කෙනෙක්ට අවසර තියෙනව Update හදල දාන්න.

ඉතින් නිවාඩු ටිකේ පුලුවන් වුනා TKOffline එක බාවිතා කරන ආකාරය ගැන Video Tutorial එකක් හදාගන්න. ඉතින් මෙන්න ඒ වීඩියෝ එක.

Read More

Monday, July 23, 2012

// // Leave a Comment

වයිරස් ගාඩ් මොකටද?

රනා දවසක් ප්‍රින්ට් 1ක් ගන්න කඩේකට ගිහිල්ල වෙච්ච ඇබැද්දිය ගැන මෙන්න මෙහෙම කියල තිබුන
(වයිරස්, වයිරස් ගාඩ් සහ කාලය ~ I Mean Time ). ඉතින් මම හිතුව බිල් අයියගෙ XP දාගෙන Communication කරන අක්කලාට/ අයියලට වයිරස් ගැන වැඩිය හිතන්නෙ නැතිව පාරිබෝගිකයින්ගෙ වෙලාව කන වයිරස් ස්කෑන් නොකර වයිරස් වලින් පරිගනකය අවුල් නොකරගෙන අදාල ෆයිල් එක ප්‍රින්ට් කරගන්න විදියක් ගැන. වයිරස් ගාඩ් දාගෙන හිටියට වැඩක් නෑ ඒක Update කරන්නෙ නැත්නම්. ඉතින් Update කරන්න විදියක් නැති අයටත් මේ ක්‍රමේ බොහෝදුරට ගැලපෙනව. හැබැයි Software Install  කරන්නෙත් නැති නම් හොදේ. මුලින්ම කියන්නම් කෝ පෙන් එකකින් වයිර්ස් ඇතුල් වෙන්නෙ කොහොමද කියල.

වයිරස් තියෙන පරිගනකයකට පෙන් ඒක ගැහුවම වයිරස් එකෙන් අදාල වයිරස් කොපියකුයි ඒක ඔටෝ රන් වෙන්න ෆයිල් එකකුයි හදනව. ඒ ෆයිල් එකේ නම Autorun.inf. ඒක ඇතුලෙ කෝඩින් කීපයක් තියෙනව පෙන් එක පරිගනකයට ගැහුව ගමන් හෝ පෙන් එක ඕපන් කරපු ගමන් වයිරස් එක රන් වෙන. අනෙක් ක්‍රමේ තමා Pen එකේ තියෙන Software වලට Infect වෙන එක. ඉතින් අපි මුලින්ම Autorun නවත්වමු.

ඒ සඳහා start --> run ගොස් gpedit.msc කියල type කරල ok කරන්න.
Group Policy --> Computer Configuration --> Administrative templates --> System --> Turn Off Autoplay



ඉහත පිළිවෙලට වැඩටික කරාම Turn Off Autoplay Properties ලැබෙනව.
එහි Enable කියන එකත් All Drives  කියන එකත් තෝරල Ok කරන්න.



දැන් ඉතින් පෙන් එක ගහනකොටම වයිරස් එක රන් නොවුනත් පෙන් එක Double Click කරල ඕපන් කරන කොට වයිරස් එක රන් වෙනව. ඒකට පිළියම තමයි පරිගනකයේ ඕනම ෆෝල්ඩර් එකක ඉදල Standard Tool Bar එකෙන් Folders කියන Button එකට කොටන එක. එතකොට Folder Explorer එක විවෘත වෙයි.



ඒකෙන් ඔබේ පෙන් ඒක තෝරා පෙන් එක තුළට ඇතුල් වන්න. දැන් ඉතින් තියෙන්නෙ අදාල ෆයිල් ඒක තෝරල ප්‍රින්ට් කරන්න වුවත් තවත් පරිස්සම් වෙන්න ඕන කරුනු ටිකක් කියන්න තියෙනව. ඒ තමයි ෆයිල් එක තියෙන්නෙ Folder එකක නම් බයානකයි මොකද කිව්වොත් සමහර වයිරස් තියෙනව ෆෝල්ඩර් එකක් ලෙස වෙස්වලාගෙන ඉන්න. මේක බලන්න නම් ක්‍රම දෙකක් තියෙනව ඕන විදියකට කරන්න.

ෆයිල් එක උඩ Right Click කරල එන Properties Window එකේ Type එකට "File Folder" කියල තියෙනවද බලන එක එහෙනම් ඒක ෆෝල්ඩර් එකක් තමයි. හැබැයි ඉතින් "Application" කියල තිබ්බොත් වයිරස්. මේ බොරුවට තියෙන ඔක්කොම ෆෝල්ඩර් ටික ඉවත් කරන්න ඕනනම් පෙන් එකේ ඉදන්ම Search Button එකට කොටා ලැබෙන Search Companion එකට ගිහිල්ල All File & Folders තෝරල ඒකට ගිහිල්ල File Name එක දෙන තැනට ".exe,.com,.msi" කියල Type කරල Search කරන්න.

(පරිගනකයෙ Excutable වන File වල Extensions තමයි ඔය ටයිප් කරල තියෙන්නෙ. ඒ කියන්නෙ Software කියල OS එකෙන් අදුනගන්න Name එක. ඒක ඉතින් හයිඩ් වෙලා තමයි තියෙන්නෙ. ඒක බලන්න ඕනෙනම් ෆෝල්ඩර් එකේ Tools --> Folder Option --> View --> Hide Extension For.. ටික් එක අයින් කරල ok කරල බලන්න.හැබැයි ඉතින් කලින් තිබුන විදියට හදන්න.)



එතකොට පෙන් එකේ තියෙන ඔක්කොම සොෆ්ට්වෙයා පෙන්වනව. වයිරස් කියන්නෙත් සොෆ්ට්වෙයා එකක්නේ. ඉන්පස්සෙ ඒ මෙනු එකෙන් ඔය ෆෝල්ඩර් අයිකන් තියෙන ඒව ටික Ctrl ඔබාගෙන සෙලෙක්ට් කරල ඩිලීට් කරල දාන්න (ඕනනම් ඒවගෙ Properties බලන්න Type එක Application කියල තමයි තියෙන්නෙ). ඔය ටික කරාම බය නැතුව ෆෝල්ඩර් ඕපන් කරන්න පුලුවන්. දැන් අදාල ෆයිල් එක ඕන තැනකට කොපි කරගෙන වයිරස් ස්කෑන් එකකුත් කරල බලන්න එතකොට මුළු පෙන් එකම ස්කෑන් කරන්නෙ නැති නිසා වැඩි වෙලාවක් යන්නෙ නෑ ( pdf නම් ස්කෑන් නොකලත් Word Document නම් ස්කෑන් කරන එක නුවනට හුරුයි.)  

ආ තව කියන්න දෙයකට තියෙන්නෙ Virus PC එකකට Pen එක ගැහුවම Pen එකේ තියෙන File සමහරවිට පේන්නෙ නැතිව යනව නේ ඒකට තියෙන විසදුම් ඔයාලට දැන ගන්න ඕන නම් කියන්න.

මම මේ කියල තියෙන්නෙ මම අත්හදා බලපු ක්‍රමයක් කරන්න බයවෙන්න එපා. මම නම් ඔය විදියට කලේ ඉන්ටර්නෙට් නැති කාලෙ. නමුත් දැන් වයිරස්, අපිට ෂුවර් සොෆ්ට්වෙයා වලටත් රින්ගන Injection Method නිසා Install එකක් කරන වෙලාවට වයිරස් ස්කෑන් එකක් කරල තමයි ගන්නෙ. පරිගනකයක් භාවිතා කරනකොට ලිමිටඩ් අකවුන්ට් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න, ඒක කෝකටත් හොදයිනේ.
 

Read More

Saturday, July 21, 2012

// // Leave a Comment

Download TechkathaOffline Update Ep100 - 120

TechකතාOffline වැඩසටහන ගැන දන්න ඔයාලට වැදගත් දෙයක් නේ එහි Update එක. ඉතින් අද වෙනකොට ටෙක්කතා වැඩසටහන් 131ක් පමන පවත්වල තියෙනවනේ. එයින් 99 වනකම් Update කලින් නිකුත් කලානේ. එතකොට තව 32ක Update දෙන්න තියෙනව. මේ දවස්වල කැම්පස් නිවාඩු නිසා යන්තම් වෑඩසටහන් 20ක  ඩේට යොදල Update ඩේටබේස් එක හදාගත්ත. ලඟ ලඟම BIT Exam එකත් තියෙන නිසා ඉතිරියට පසුව මහන්සි වෙන්නම්. ඉතින් Episode 100 - 120 දක්වා Update එක පහල ලින්ක් එකෙන් බාගන්න. Update කරන ආකාරය දන්නෙ නැති කට්ටිය මේ ලින්ක් එකෙන් බලාගන්න. තව දෙයක් කියන්න තියෙනව, මම දැනටමත් TechkathaOfflin App එක Open Source කරල තියෙන නිසා මේ Update එක ඕනම කෙනෙක්ට හදන්න අවසර තියෙනව. ඉතින් දැනට Update එක හදන්න Show Note එක හදල දාපු සචිත්ට, ගයන්තට, චම්ලිට, දුෂාන්ට, චානකට කාටත් බොහොම ස්තුතියි.

Read More

Tuesday, July 17, 2012

// // 13 comments

Download English-සිංහල ඩේටබෙස් 2012.

නාමල් ඩික්ෂන්රිය සඳහා බාවිතා කරන English-සිංහල ඩේටබෙස් එක (නිර්මාණය කල අයුරු) Open Source තත්වයෙන් තබාගැනීමට මචිසින් තීරනය කලේ එය සමාජගතකොට එමගින අලුත් නිර්මාණ බිහිකරන පිරිසක් සිටීචි යන්න බලාපොරොත්තුවෙන් සහ සමාජයේ සියළු දෙනාගේ දායකත්වය මගින් එම ඩේට බෙස් එක දියුණු වේයැයි බලාපොරොත්තුවෙන්. ඒ අනුව දෙවැනි කාරනාව පහසු කිරීම පිනිස ඩික්ෂනරිය සඳහා අලුතින් වචන එකතු කිරීම සඳහාද ක්‍රම වේදයක් ඉදිරිපත් කර ඇතිබව ඩික්ෂනරිය බාවිතා කරන සියළු දෙනාම දන්නා කරුනක්.




ඩික්ෂනරියේ අලුත් වර්ෂන එකත් සමග එහි ඩේටබේස් එකේද Developing ටිකක් කරන්න පුලුවන් කම ලැබුනා. ඒ අනුව ඩේටබේස් එකේ තිබුන සමහර Empty Space ඉවත් කිරීම කෙරුන. සමහර වචන දෙපාරක් බැගින් යෙදුන අවස්තාත් තිබුනා, එවැනි තැන් කීපයක් සකස් කරන්නට පුලුවන් කම ලැබුනා. ඊට අමතරම අලුත් වචන කීපයක් ඇඩ් කිරීමටත් පුලුවන් කම ලැබුනා. එසේ කරන ලද Developing සහිත ඩේටබේස් එක නිල වශයෙන් මෙසේ රිලීස් කරමි.


එසේ අලුත් වර්ෂන් එකට කරන ලද Developing සියල්ල මචිසින් කරන ලද ඒවා වන අතර Community Project එකක් ලෙස ඩේටබේස් එක ඉදිරිපත් කලද එයින් ලද සංවර්ධනයක් නැති බවද දැනුම් දෙමි. එහෙයින් තවදුරටත් මම චිසින් මෙම ඩේටබේස් එකහි කරන Developing Open තත්වයේ තබා ගන්නවාද යන්න සිතිය යුතු තත්වයට පත්ව ඇත.
Read More

Sunday, July 15, 2012

// // 4 comments

Subtitle Translator

ගොඩක් අය දැනටමත් දන්නව නේ නාමල් ඩික්ෂනරිය මගින හදුන්වා දුන් Subtitle Translator Option එක ගැන. ඉංග්‍රීසි ඉගෙන ගන්න උන තියෙන කෙනෙක්ට බොහොම වැදගත් Tool එකක් කියලත් දන්නවනේ. මේ ගැන සරලව කියනව නම් Film එකක් බලද්දී Space Bar එක Press කල සැනින්  Film  එකට අදාලව KMPlater එකේ දර්ශනය වන English Subtitle වල තේරුම් අරන් දෙන මෙතොඩ් එකක් (වැඩි විස්තර සඳහා). ඉතින් ඒ සමබඳ Trix එකක් තමා මේ කියන්න යන්නෙ



ඔන්න ඉතින් Dictionary Application එකේ වැඩ ඉවරවුනත් එක දිගට ඒකට උන මහන්සිය නැතිවෙන්න විවේකයක් ගන්න ඕන කියල හිතුවත් හිතට සැරින් සැරේ වද දෙන සමහර අතීත සිදුවීම මතක් වෙන්න ආයිත් පටන් ගත්ත. ඉතින් විවේකය පැත්තක තියල අයිත් වැඩකට බහින්න හිතුව. කරන්න පටන් ගත්තු Projects නම් Folder පිටින් ගොඩගැහිල තමා තියෙන්නෙ. ඒත් එකක් පටන් ගත්තොත් කොටිවලිගෙ අල්ල ගත්ත වගේ ඒකමනේ මම කරන්නෙ, ඒ නිසා පොඩි වැඩක් තමා හෙවුවෙ. Application එකේ වැඩ නිසා පරිගනකයත් ගොඩක් අචුල් වෙලා තිබ්බෙ, එක එක Service ගන්න Install කරපු Software නිසා හා App Testing වැඩ නිසාත්. ඉතින් හිතුන PC එක ටිකක් පිලිවෙල කරන වැඩේ කරල දාන්න. ඉතින් අලුතින් OS එක ගහල ඕන කරන App ඒව ටික දාල Backup එකක් අරගෙන ඔන්න ඉතින් ෆයිල් ටික පිළිවෙලක් කරමින් ඉන්න කොට ගෙදරට යාළුවො ටිකක් කඩා වැදුන, ඉතින් උන් එක්ක Film එකක් බලන්න කියල සෙට්වෙලා Subtitle Translator එකත් ඕපන් කරගෙන Film එක බලද්දි Space Bar එක Press කලත් Subtitle Translator එක නෙවේ වැඩ කලේ. අවුල කිවුවට ලොකු අවුලකුත් නෙවේ Full Screen තියෙන වෙලාවට Searched Result එක On Top අවෙ නෑ. කොහොම වුනත් Minimize කර කර බලන් එකත් කරදර නිසා හේතුව හොයාගෙන යනකොට තමා දැක්කෙ ඒක ඩික්ෂනරි එක ගැටලුවක් නෙවේ කියල. ඉතින් මොකද වෙලා තිබ්බෙ.

හේතුව තමා KMPlater එකේ Default Settings වලදි Video එක Play වන අතර තුරදි කිසිම App එකකට On Top එන්න දෙන්නෙ නැති ප්‍රශ්නෙ. මම ගොඩක් කල් ඉදල ඔය Setting එක අයින් කරල තිබ්බ නිසා Dictionary එක හදද්දී මට ඒක අහුවුනේ නෑ. ඉතින් මේක ගොඩ දා ගන්න කරන්න තියෙන්නෙ බොහොම පහසු ක්‍රමයක්.

මුලින්ම KMPlater එක Open කරගන්න.
ඉන්පසු F2 Key Press කරන්න.
ලැබෙන Window එකෙහි General --> Screen --> General Tab එක යටතේ ඇති  On Top --> Video:  ඉදිරියෙන් Never යන්නෙ Select  කරන්න.



දැන් ගටලුවක් නැතිව Full Screen  දාපු වෙලාවට්ත් Subtitle Translator එක වැඩ.
Read More

Friday, July 13, 2012

// // 2 comments

The NDictionary 2012 ගැන දැනගත්තේ නැතිනම්.

The NDictionary 2012 මෘදුකාංගය නිකුත් කරල දැන් සති 3ක් විතර වෙනව. නමුත් එලෙස ඉදිරිපත් කල ලිපියේ ලින්ක් එක Application එකට ගැනීමට තිබූ අවශ්‍ය නිසා එම ලිපිය ලියන්නත් කලින් එය Publish කරල තමයි ලිපිය සම්පූර්ණ කලේ. ඒ නිසා නිල මට්ටමේ මුදාහැරීමේදී එහි RSS Feed Link සමහර Syndi වලට නොලැබී තිබුනා. ඒ නිසා පහල ලින්ක් එකෙන් ඔබට පුලුවන් එම ලිපිය කියවා අලුත් වර්ෂන් එක Download කරගන්න.


ඩික්ෂනරි ඇප්ලිකේෂන් එකේ බාවිතය ගැන කල වීඩීයෝ වැඩසටහන.


Read More

Tuesday, July 3, 2012

// // 9 comments

මගේ පළවෙනි Hack කිරීම සහ නාගැනීම 01.

මේ කියන්න යන Hack කිරීම නම් මගේ ජීවිතේට අමතක නොවන සහ මතක් වෙනකොටත් හිනායන සුපිරි සිදුවීමක්. මුලින්ම කියන්න ඕනේ  Hack කිරීම කියන වචනයටත් අකමැති අයට, මම නම් Programming වලින් ඉදිරියට එන්න හේතුව වුනේ  Hacking Concept ඉගෙන ගන්න යොමුවීම කියන එක. Programmin Language එකක් ඉගෙන ගන්නව කියන එක ටිකක් බෝරින් වැඩක් නේ. නමුත් එහි Fun එක තියාගන්න සහ කුතුහල රදව ගන්න Hacking කරන්න Application ලියන එකනම් ටිකක් අල්ලල ගියපු වැඩක් වුනා. අද මාතෘකාවත් ඒ වගේ දෙයක් තමා.



මේ සිදුවීම වුනේ මම 12 වසරෙදි විතර. ඒ දවස්වල ගමේ තිබ්බ ඔක්කොම පරිගනක වල Repair කිරීම මට බාරදීල වගේ තමා තිබ්බෙ. පරිගනක ගැන ඒ කාලෙ මහලොකු දෙයක් දැනගෙන හිටපු නිසා නම් නෙවෙයි, පරිගනක වලට බය නොමැති කම. ගමේ හිටිය අයිය කෙනෙක් ලොකු Company එකක වැඩ කරන. පොර ගෙදරදි ඉන්ටර්නෙට් ලොග් වෙන්නෙ Company එකේ Account එකෙන් කියල පොරගෙ Network එක Setup කරන්න ගිහින් දැනගත්ත. ඉතින් දැන් පොඩි අසාවක් ඇතිවුනා User Name එකයි Password එකයි උස්සන්න. ඒකට හේතුවක් තිබ්බ, නමුත් සාධාරනයි කියලනම් කියන්නෙ නම් නෑ.

ඔය 2005 හේ විතර. අද කාලේ වගේ නෙවෙයි, තිබ්බෙ Dial-up ක්‍රමේට ඉන්ටර්නෙට්. ඒ විදියට ඉන්ටර්නෙට් වැඩ කරපු අයනම් දන්නව ඇති ඒකෙ තරම. පට්ටම Slow Connection එකක්. පැය 10කට නෙට් ලොග්වෙලා ඉන්නවට රු.200 යි. ඒ අතරදි Phone බිලයි, පට්ට වියදම්. ඉතින් මම නම් Images බ්ලොක් කරල Internet log වෙන්නෙ. Phone බිලත් යන නිසා ගෙදරට හොරාට Network Cable එකක් කවුලු අස්සෙන් දාල Phone එකට Connect කරල තමා Network එක හදා ගත්තෙ.ඉතින් ඩේට ගන්න ටික Company එකට පැවරුවනම් එල නේ කියල හිතල, Plan කලා ඊලග පාර Network එක Setup කරද්දි Hacking ගේම දෙන්න.

කොහොම නමුත් A/L වැඩ අස්සෙ ඕක කරන්න ඕන Application එක නම් හදා ගන්න බැරි වුනා. හදීසියේම දවසක ඒ අයිය අවිල්ල කිවුව "මල්ලි Windows දාගන්න ඕන යමුද කියල". දැන් ඉතින් වැඩේ Plan කරලත් නැති නිසා කොහොමද යන්නෙ. ඉතින් යන්තම බොරුවක් කියල වැඩේ කල්දමා ගත්ත දවසකට.  ඊට පස්සෙ කලේ හනිකට Application එක හදන එක. එකට කලේ Internet එකෙන් හොයාගත්ත Dial-up Connection  එකකින් Connect වෙන්න Dial කරන්න යොදාගන්න පුලුවන් Code ටිකක්. ඊටපස්සෙ Windows Dial-Up Application එක වගේ Interface එක හදල එතනදි User Name, Password ගහල Enter කලාම Network එක Connect වෙනවට අමතරව  User Name, Password  ට්ක Application එක තියෙන තැන Save වෙන විදියට Programming ටික කලා.

හරි ඉතින් දචස උදාඋනා ගිහින් Windows දාල Netework Setup කරල වැඩ කරනවද බලන්න Connect කරල බලමුද කියල මම හදපු Application එක අරගෙන දුන්න. ඉතින් දැන් අයිය User name එක ගැහුව, අවුලක් නෑ. ඔන්න දැන් Passeord එක ගහනව. අම්මටසිරි මෙන්න යකෝ එන්ටර් කරන පස්වර්ඩ් එක   පේනව. "අයියෝ" කියල මම ඔලුවට අතගහගත්ත. පාස්වර්ඩ් එක බාගෙට ගහල අයිය මගේ දියා බලල කියන්ව "මල්ලි මම පස්සෙ Check කරන්නම් කියල." අහ් ඉතින් මොකද කරන්නෙ. මට කලබලේට අමතක වුනානේ අදාල Text Box එකේ Password Character Properties වෙනස් කරන්න. අපරාදෙ ලැබිච්ච චන්ස් එක. ඊටත් වැඩිය අයිය මොනව හිතුවද දැන්නෙ නෑ.

ඉතින් ඔන්න ඔහොම තමා Hacking වලින් ඇදගෙන නෑවේ. හැක්, Hack කරන්න ගිහිල්ල සාර්ථක වුන අවස්තා වගේම නාගත්තු තව තැනුත් තියෙනව. ඉතින් පෝස්ට එක නැගල ගියොත් ඊලඟ ඒවත් කියන්නම් කෝ.
Read More

Thursday, June 21, 2012

// // 36 comments

The NDictionary 2012 Stable Version - Download


මාස 3ක පමණ කාළයක් Program කරල Beta Version එක Release කරල User Rivews ලබාගෙන, තවත් මාස 3ක කාළයක් Experiment සහ Developing කරල NDictionay Software එක 2011 Beta Version එකේ සිට 2012 Stable Version එක දක්වා ගෙන ඇවිත් ඔබ වෙත නොමිලයේම ලබා දෙන්න පුලුවන් වීම ගැන බොහොම සතුටියි.

අඩු-පාඩු ගොඩක් එක්ක මේ දක්වා ඩික්ෂනරි Beta Version එක 500කට ආසන්න Download ප්‍රමාණයක් කරල තියෙනව. මම ඒක දැම්මෙ එහි වැඩි දියුණු කටයුතු වලට End User Reviews ලබාගැනීමෙන් අදිටනින් නිසා වැඩි ප්‍රචලිත කිරීමකුත් කලේ නෑ. ගොඩක් අයගෙ Reviews මතින් දැන් ඩික්ෂනරිය Windows ඕනම OS එකක සාර්ථකව වැඩකරනව කියල අනුමත කරන්න පුලුවන්. ඉතින් Reviews ලබා දුන්න සියලු දෙනාට බොහොම ස්තුතියි.


Dictionary Software එක ගැන කල Tutorial Video එක බලන්න.


NDictionary 2012 Stabel Version එක Download කරන්න.

ඩික්ෂනරි Software එකට කැමතිනම් Facebook යහළුවන්ට දැනගන්නත් එක්ක Like කරන්න.



Beta Version එක Install කරල තියේනම් 2012 Version එක Install කරන්න කලින් Beta Version එක නිවැරදිව Uninstall කරන්න ඕන. නමුත් එහි යම් Uninstall error එකක් තියෙනව. ඒ නිසා එය 2011 Beta හරියාකාරව Uninstall කරන ආකාරය (How to Uninstall njDic Beta Version, Correctly) මේ ලින්ක් එකෙන් බලාගන්න.

ඩික්ෂනරි එක ගැන කෙටියෙන් හැදින්වීමක්.


විස්තර දන්න අය පහලටම ගමන් කරන්න.



1) Searching Window
ඩික්ෂනරිය Run කල පසු එය System Tray එකෙහි "N" අකුරක ආකාරයේ Icon එකකින් Dictionary Application එක දක්නට ලැබේ. ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් (Like SMS Typing System) එකද බාවිතා කල හැක. View --> About NDictionary වින්ඩෝවේ "Singlish Key Board Layout" Button එක කිරීම මගින් Singlish Scheme එක බලාගන්න පුලුවන්. දිග වාක්‍යයක වුවද එහි ඇති වචන සියල්ලගේම තේරුම් වෙන වෙනම බලාගත හැක.


System Tray Icon එක මත Right Clik කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත මෙනු එක දැකගන්නට පුලුවන්.


Searching Window එක Show වෙලා තිබෙන අතරතුර යම් වචනයක් Copy කල විගස තේරුම ගෙනහැර දක්වයි. ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Enable Auto Search විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත් තේරුම ඉදිරිපත් කරයි.

2) Get Word From Image (Text Capture - Optica Charactor Recognize)
Web Page එකක, Data Protected e-book, Google Book, Error Massage වල තියෙන Image එකක වචනයක තේරුම දැනගන්න ඕන උනොත් කරන්න තියෙන්නෙ ඩික්ෂනරියක ටයිප් කරල හොයාගන්න එක. ඒත් ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචනය ගැනීම. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ "Text Captur" Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ.

මෙම ක්‍රියාවලිය කිරීම සඳහා මා විසින් යොදාගන්නා ටෙක්නොලොජි එක සම්පූර්ණයෙන් භාවිතා කිරීමට අවසර නැහැ. ඒ හින්ද ඔක්කොම පහසුකම් බාවිතාකරන්න බෑ. ඒ දේවල් ටිකත් ඩික්ෂනරියට එකතු කරන්න. ලොකු මුදලක් OCR Technology එක දෙන සමාගමට ගෙවන්න වෙනව.

3) Substitle Translator for KMPlayer
මේ ටූල් එක කඩ්ඩ(ඉංග්‍රීසි ) හදාගන්න උණ(උවමනාව ) තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව කඩ්ඩ හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා මම කියන දේවල් ගොඩක් තේරුම ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසවත් බාවයත් නැතිවෙලා යනව. ඒ සඳහා විසදුමක් විදියට KMPlater එකට මේ Add-On එක හැදුවෙ.


ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක KMplayer එකෙන් ඕපන් කරගන්න. දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Translator (KMPlayer) මත ක්ලික් කරන්න.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි. ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල, දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි. එසේත් නැතිනම් System Tray Icon එක මත Double Click කරන්න.

4) Top Word of The Day
ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක.

5) Multi Clip Board.
ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තාවකදී ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.


6) Auto Text Grab.
ලොකු ඩෙට ප්‍රමාණයක් ( Text ) එක් තැනකින් ගෙන තව ෆයිල් එකකට වරග කරල Sorted File එකක් හදන්න තියෙන වෙලාවකට එම කාර්ය්‍ය ස්වයංක්‍රීයව කරගන්න පහසු කරන ඇප් එකක් තමා


7) English Sinhala Word Database Community.
නාමල් ඩික්ෂනරිය හරහා ඔයාල වචනයක් සර්ච් කිරීමේදී එම වචනය නැත්නම් ඒ වචනය ඩෙටබේස් එකට ඇඩ් කිරීමට බටන් එකක් පෙන්වීම හා ඒ හරහා ඔයාලට වචන එකතු කිරීමට වින්ඩෝවක් දක්නට ලැබේ. එයට වචන එකතු කල හැක, ඔබ වචන 10ක් පමන එකතු කල පසු ඔබට පුලුවන් එම වචන අප්ලෝඩ් කරන්න. එලෙස ඔබට පුලුවන් මම චිසින් වැඩි දියුණු කර Community Base Open Source Database එක ලෙස හදුන්වා දුන් සිංහල-English Word Database එකෙහි Developing කටයුතුවලට සහාභාගි වන්න.



අලුතින් එකතු කරන ලද දේවල්.
දෑන් Subtitle Translator (KMPlayer) එක ඕනම Subtitle File එකකට වැඩ කරනව. වෙනමම Download කරන්න ඕන වෙන්නෙ නෑ.


8) More Seting For Your Desire
9) Serched History
කලින් Search කරන ලද වචන ලබාගැනීමට.


මෙම මෘදුකාංගය පිළිබඳව වන සියළුම Update, Facebook මගින් දැන ගැනීමට පහල ඇති නාමල් යාය Fan Page එක Like කරන්න.


පහල Facebook Cover Picture එක මත ඇති Sharing Buttons භාවිතයෙන් Picture එක Share කරන්න පුළුවනි.


free counters
Read More