Friday, January 13, 2012

// // 17 comments

මම ප්‍රෝග්‍රැමින් වලට ආපු හැටි.


2012 ටා අයුබෝවන් කියල නාමල් යායට ආපු සියලු දෙනාටම පතනව. අලුත් අවුරුද්දෙ ලොකු වැඩකට කලින් පොඩි ලිපියක් දාන්න කියල ඔන්න ආව බ්ලොග් එක පැත්තෙ. මම ප්‍රෝග්‍රැමින් වලට ආපු කතාවනම් ගොඩක් ලොකුයි. ඔයාලත් කාර්ය්‍ය බහුල අයනේ. ඉතින් මේ අත්දැකීම ලොකුවට කියන්න යන්නෑ. විශේෂ සන්ධිස්තාන හරහා යන පෝස්ට් එක මෙහෙම පටන් ගමු.
ඉතා දීර්ඝ ඉලෙක්ට්‍රොනික් ගමනක නිමාවක් ලෙස ප්‍රෝග්‍රැමින් වලට ආව කියල කියන්න තරම් කෙටි කරන්නෙත් නෑ.


මගේ ළමා කාලය ඒ කිවුවෙ 3-6 වසට විතර මම ගොඩක් කුතුහලයන් ජයගන්න චරිතයක් වෙන්න ඇති. මොකද දකින දකින දේවල යමක් සොයන්න උත්සාහ කරා. පුලුවන් හැමවෙලාවක කලේ මොකක් හෝ අලුත් දෙයක් කරන එකම තමා. හැබැයි ඒ දේවල් බොහොම සරල අමුද්‍රව්‍ය වලින් තමා. 6 වසරෙන් පස්සෙ තමා ටිකක් Advance වෙන්න පටන් ගත්තෙ.


Advance කිවුවෙ ඉලෙක්ට්‍රොනික් වලට බැස්ස කිවුවොත් නිවැරදියි.  ඔය වසර කියන්නෙ ඕනම කොල්ලෙක්ට ඉලෙක්ට්‍රොනික් පිස්සුව ගහන කාලෙ. මට මතකයි මගේ සෑහෙන්න යාලුවො පිරිසක් ට්‍රොනික් වල වැඩ දාන්න උත්සාහ කරපු හැටි. නමුත් කාලයක් යනකොට කට්ටිය ඔක්කොම දැනගෙන IC එක ගාවට එනකන් ඔක්කොම දැනගෙන දැන් ඉලෙක්ට්‍රොනික් වල දැනගන්න දෙයක් නෑ කියල ට්‍රොනික් කුතුහලයට තිත තියල 9 වසර විතර වෙද්දි ගෑණු ළමයි කියන කුතුහල ජනක වස්තුව වෙත හැරෙනව. මටත් ඒ කතුහලයත් තිබ්බ. හැබැයි මම ට්‍රොනික් වල IC එකට වඩා එහා ලොකු ලෝකයක් තියනව කියල දැනගෙනත් හිටිය.

ට්‍රොනික් ජයගන්න ලොකුවට උදව් කලේ චන්දන තුෂාර කියන සර්. ඒ 7 වසරෙදි විතර විද්‍යාව උගන්වපු සර් කෙනෙක්. පාසල් ගුරුවරයෙක් නෙවෙයි. විද්‍යා පන්ති එනවනම් ට්‍රොනික් පන්තිය නොමිලේ. කොහොමද වෙලද උපක්‍රමය නේද. කොහොම උනත් සර් අපේ අසාව වැඩි කරවන අලුත් යමක් අපට හැමදාම ඉගැන්නුව. තියරි නම් ලොකුවට නෑ. සර්කිට් හදන එකම තමා. ඔහොම යද්දි පාසලේ විද්‍යාව උගන්වපු අනොම මිස් නව නිපැයුම් තරගයක් ගැන කිවුව.

ඒක තමා මගේ ට්‍රොනික් කුතුහලයට වටිනාකමක් දුන්නෙ. මතකයි කලා නිර්මානයක් දිනුව රිදී පදක්කමක්. ඔය ඇරඹි ගමන නව නිර්මාණ රාශියකට මග පෑදුව. සා/පෙළ ට මාස 2ක් තිබියදිත් ප්‍රදර්ශනයකට සහාබාගි වුනා සංගමිත්ත පාසාලේ සතියක කාලයක්(එහි නැවතිලා හිටිය කාල‍ය රසම සිද්දි ගොඩක් ).

උ/පෙළට එනකොට ගනිතය තමා කලේ. උ/පෙළට රෙඩිවෙන්න ලැබුන උපදෙස් අනුව හිතුව බාහිර වැඩවලින් ඉවත් වෙන්න. උ/පෙ කාලය තමා මගේ ට්‍රොනික් නිර්මාණ කාරනයට තිත තියන්න හේතු උනේ. ඒ වගේම ස්කවුට් වලින් ප්‍රිෆෙක්ට් බොඩ් එකෙන් පවා ඉවත් වෙන්න තීරනය කලා.  ටික කාලායක් ඔය දේවලින් ඈත් වෙලා හිටියෙ බොහොම අමාරුවෙන්. අලුත් යමක් හිතුනොත් පසුව කරන්න කියල පොතක ලියල තිබ්බ.


 12 වසර ටික කාලයක් යනකොට පාසලේ පරිගනක විද්‍යාව උගන්වන සිරිල් සර් මට කතා කරල කිවුව රොබෝටික්ස් එහෙම කරන්න ආස නම මේ පොත කියවන්න කියල පෝට් ප්‍රෝග්‍රැමින් ගැන තියෙන පොතක් දුන්න. ආසාවෙන් ඒ පොත කියෙවූව.
දන්නවනේ පෝට් ප්‍රෝග්‍රැමින් කියන්නෙ ඉලෙක්ට්‍රොනික්+ප්‍රෝග්‍රැමින් නේ. ඉතින් මට ආපහු කුතුහලයක් ඇතිඋනා පෝට් ප්‍රෝග්‍රැමින් ගැන. ඉතින් එකම එක බාහිර වැඩක් කරනව කියල විසුවල් බේසික් පොත් කියවන්න පටන් ගත්ත. සිරිල් සර් ගොඩක් උදව් කලා. ඔය විදියට පොත් වලින් සහ වෙබ් එකෙන් තමා ගොඩක් කරුනු ඉගෙන ගත්තෙ. පාසලේදී ගූගල් පාරක් දාල වීබී ප්‍රොජෙක්ට් බාගෙන ගෙදර ගිහිල්ල බලනව කොහොමද ඒක වැඩ කරන්නෙ කියල. මම C හෝ Java වලට මුලින්ම ආවනම් මට ප්‍රෝග්‍රැමින් එපාවෙන්න බොහෝ දුරට ඉඩ තිබ්බ. ඒකට හේතුව තමා මම ප්‍රොග්‍රැමින් වලට ක්ලාස් ගියේ නෑති එක. ක්ලාස් යනවනම් අමාරු දේවල් සරල වෙනවනේ.


ඉතින් ටික කාලයක් යනකොට ප්‍රෝග්‍රැමින් එපා උනා. මොකද ඒ කුතුහලයට වටිනා කමක් නෑනේ. ඒත්.... වැඩිකාලයක් ගියේනෑ, සුපුරුදු පරිදි සොෆ්ට්වෙයා තරගයක් ගැන ආරන්චි උනා. කල්පනා කලා හැම දෙයකටම වගේ සහතිකයක් තියෙන මට සොෆ්ට්වෙයා පැත්තෙන් සහතිකයක් නෑ නේ කියල. ඒකට විකල්පයක් විදියට හොඳ අයිඩියා එකක් යටතේ වැඩට බැස්ස. ඒක තමා මගේ ප්‍රෝග්‍රැමින් නොලේජ් එක වැඩි කලේ. ඒ වෙනකොට වීබී හරහා ෆයිල් එකක් කොපි කරන්නවත් දැනගෙන හිටියෙ නෑ. ඒත් තව ප්‍රෝග්‍රැමින් වලට උන තිබ්බ  රවිහාර කියල පොරක් පන්තියෙ හිටියෙ. පොරත් එකක එකතුවෙලා මට ඕන කරන දැනුම හොයාගෙන ගියා. ඔය විදියට තමා මම ප්‍රොග්‍රැමින් වලට එකතු වුනේ.
කොහොම උනත් කාලය ඉක්මනින් ගෙවිල විබාගය ලංවුනා. එතකොට තමා තරු පෙනුන. මොනව කලත් විබාගය පාස් නොවුනොත් මේගෙ නිර්මාණ කරනයට සදහටම තිත තියල තාත්තත් එක්ක කුළී වැඩකට යන්න වෙයි කියල හිතුන. වැඩ කලා නමුත් පලවෙනි පාර හොඳ පාඨමාලාවකට යන්න තරම් ප්‍රතිඵල තිබ්බෙ නෑ. දෙවැනි පාර CS යනවම තමා කියල හිතාගෙන පරිගනකයත් පෙට්ටියකට දාල වැඩ කලා. එහෙම වුනාට ගෙදර කවුරුවත්ම නැති දවසට විතරක් පොඩ්ඩක්ට විතර එලියට ගත්ත(හේතුව හිතුනට කාටවත් කියන්න ඒපා හොඳේ ).

කියන්න තියෙන වැදගත්ම දෙය තමා මම ඔෆීස් පැකේජ් එකට ඇරෙන්න කිසිම පරිගනක පාඨමාලාවකට ගිහිල්ල නෑ. ඕනෑම දෙයක් පොත්, Learning CD, අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න පුලුවන්. හැබැයි කාලයනම් ටිකක් වැඩිපුර ගත්වෙනව. මොකක් හරි අලුත් නිර්මාණයක ප්‍රොජෙක්ට් එකක් කරන්න උත්සාහ කරන්න එතකොට කුතුහලයෙන් යුතුව වැඩ ටික කරගෙන යන්න පුලුවන් වෙයි.

ඔන්න මමත් හෙට ඉදල දිගට හරහට මගේ නිර්මාණයක් ගැන විස්තර ගෙන එන්න තමා හිතාගෙන ඉන්නෙ. ඔයාලත් කරන්න කැමති දෙය කරන්න කුතුහලය රදවා ගන්න උපක්‍රම යොදාගන්න පුරුදුවෙන්න කියල සමුගන්නව.

17 comments :

  1.  මචන් උබත් මං වගේමයි.

    ReplyDelete
  2. මචන් කැමති නැද්ද උබේ දැනුමෙන් ටිකක් මට කියලා දෙන්න. 

    ReplyDelete
  3.  මං කියවන්නේ මගේ කථාවද කියලත් මට හිතුනා.. බලන් ගියාම ගොඩාක් කොල්ලෝ එක වගේනේ.... ජය වේවා....!

    ReplyDelete
  4. හුම් ඒක ඇත්ත. ඔයාටත් ජය!

    ReplyDelete
  5. නියමයි, මම හිතන්නෙ ගොඩක් කොල්ලො එහෙම තමා.

    ReplyDelete
  6. එලය... ඔයත් මන් වගේමය... :)
    පොඩි කාලෙ ගලවන්න/හදන්න ඉලෙක්ට්‍රොනිc ගැජට් එකක් ලැබුනා යනු වඳුරාට දැලි පිහිය ලැබුනා වැනිය.. මට කොම් එක ලැබුනට පස්සෙ හාර්ඩ් වොර්ල්ඩ් එකෙන් සොෆ්ට් වොර්ල්ඩ් එකට ආමි..... 

    ReplyDelete
  7. රචිත්‍රDecember 24, 2012 at 4:10 PM

    ෙබාෙහා්ම ස්තූතියි

    ReplyDelete
  8. http://kuppiya.com/download_video.phphttp://vb6-in-sinhala.blogspot.com/
    http://gurulk.com/visual-basic-6-programming-tutorial.php
    http://www.edulanka.lk/download-center/it/56-programing
    http://www.gallestar.com/Edu/vbt.php

    ReplyDelete
  9. රචිත්‍රDecember 24, 2012 at 4:11 PM

    මටත් මාර ආසාවක් තියෙනවා විෂුවල් බේසික් ඉගෙන ගන්න. ඒත් ඉගෙන ගන්න විදියක් නෑ. ඕලෙවල් වල ICT සිලබස් එකට වීබී පොඩ්ඩක් තිබුනට ඒ ටික හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න කොහොමටත් මදි. මමත කැමතියි වීබී ඉගෙන ගන්න. ඔයාට පුළුවන්නම් මට හොඳ වීබී පාඩම් අරගන්න විදියක් කියනවද? එහෙම පුළුවන්නම් බොහෝම පිං.

    මගේ ඊමේල් එක - thashilarachithra@gmail.com

    ReplyDelete
  10. මැශින් එක කීපාරක් පැක් කරන්න උනාද??? :-)
    "නොනැවත ඉදිරියට"

    ReplyDelete
  11. Niwaradi maargeka yana oba wage aya mehema tamange atdakim apitat kiyana eka,tawamat usas adyapanaye mula inna api wage ayata hari watinawa..sarataka unu ayyala akkala apitat hitiyata eyala kawamadawath apit ekka ewa kiyanne naha,yamak ahuwat kisi respose ekak naha.me wge articles digatama danna kiyala illanawa..mn IT higer dip1k karanawa rajaye ayatanayaka programming walata tama awa witarai..N Dic eka supiri..tama dagaththa witarai,damma kipadenekutat kivva..ekenma tama me blog1ta aweth mn..Siyalu wada katauthu sarawaparakaarayenma saartaka wewai pathanawa..

    ReplyDelete
  12. @Chamira Thanks Chamira, obatath progrmaing valin loku deval karanna vasanava labeva kiyala prarthana karanava!

    ReplyDelete
  13. Mage kathawath okama thamai thama oya tharam advance na.

    good luck for you

    ReplyDelete
  14. mage kathawath me kathawata godak samanai.mage programming thama advance na.
    Ayyage contact number ekak denna.

    good luck

    ReplyDelete
  15. @Charith, namalyaya@gmail.com ekat mail ekak danna.

    ReplyDelete