Tuesday, January 17, 2012

// // 1 comment

Rebuild & Save Any Subtitles

ෆිල්ම් බලන අයට වැදගත් ට්‍රික්ස් එකක් තමා කියන්න යන්නෙ. ඔයාල ෆිල්ම් එකක් බාගත්තම එහි සබ්ටයිටල් එකක් තියෙන්න පුලුවන්, නැතත් ෆිල්ම් ෆයිල් එකේ නමින් සර්ච් කලාම English Subtitle එක හොයාගන්න පුලුවන්. හැබැයි බයිස්කොප් සයිට් එකෙන් සිංහල Subtitle එකක් දෙන්නෙ එක ෆයිල් එකකට අදාලව පමනයි. ගොඩක් දුරට සබ්ටයිටල් එක ගැලපෙනව. නමුත් සමහර ෆෝමැට් වලට සබ්ටයිටල් පෙනෙන්නෙ ටිකක් කලින් හෝ ටිකක් පහුවෙලා. මෙහෙම වෙන්නෙ Film File එක දෙන අය දෙන Film ෆයිල් එක පටන් ගන්න වෙලාව එකිනෙකට වෙනස් වෙලාවන් තිබීම නිසා.
බොහෝදුරට ෆයිල් එකේ Play වන ස්පීඩ් එක වෙනස් වීම නිසාත් වන්න පුලුවන්. එහෙම වෙනවනම් ගොඩක් අඩුයි. එහෙම ෆයිල් එකකට මේ ට්‍රික්ස් එක ගැලපෙන්නෙ නෑ.

හොඳයි කියන්නම්කෝ මොකක්ද මේ කරන්න යන්නෙ කියල. තමන් ලග තියෙන ෆිල්ම් එකට සිංහල සබ්ටයිටල් එක, කලින් හෝ පහුවෙලානම් අදාල තැන් තැන් වල වක්‍ය පෙන්වන්නෙ ඒ ගැටලුව හදාගන්නෙ කොහොමද කියල තමයි මේ ට්‍රික්ස් එක. මම මේ සඳහා බාවිතා කරන්නෙ KMPlayer එක.

මුලින්ම KMPlayer එක අරගෙන F2 කී එක ප්‍රෙස් කරල සෙටින් වින්ඩෝ එක ගන්න. එහි General වල Use Advance Menu මත ටික් එක දමා Close කරන්න. දැන් අදාල ෆිල්ම් එක හා සබ්ටයිටල් ෆයිල් එක ලෝඩ් කරගන්න.

සබ්ටයිටල් ෆයිල් එක ලෝඩ් වෙලා නැත්නම් පහත විදියට ලෝඩ් කරගන්න.
අලු පාට Space එකේ Right Click කරල මෙනු එක ගන්න.



දැන් වැඩේ පටගන්න පුලුවන්. මේ සදාහා KMPlayer එකන් දීල තියන ටූල් ටික තමා මේ තියෙන්න.



ඔය මෙනු ක්ලික් කර කර ඉන්න එපා. ෂෝට් කට් ටික ඉහත පින්තූරෙත් තියෙනව. පහලත් දානව.මෙහි භාවිතා වෙන්නෙ මිලිතත්පර ක්‍රමය. 1ms කියන්නෙ තත්පරෙන් දාහෙන් එකක්.

 [ කී එක මගින් සබ්ටයිටල් වාක්‍යය තත්පර බාගයකින් (500ms) පස්සට  ගන්න.
 ] කී එක මගින් සබ්ටයිටල් වාක්‍යය තත්පර බාගයකින් (500ms) ඉදිරියට ගන්න.
Shift + [ කී මගින් සබ්ටයිටල් වාක්‍යය තත්පර 5කින් පස්සට  ගන්න.
Shift + ] කී මගින් සබ්ටයිටල් වාක්‍යය තත්පර 5කින් ඉදිරියට ගන්න.
Alt + y  කී මගින් Manuval Time Change Window ගන්න.

ඔය විදියට අපට අවශ්‍ය තැනට කරල සබ්ටටයිටල් ටික පෙන්න ගන්න පුලුවන්. ඕය ක්‍රියාවලිය ෆිල්ම් එකේ මුලුන්ම කතා කරන තැන ඉදල හෝ ඒ ආසන්නයෙන් පටන්ගන්න. සබ්ටයිටල් ෆයිල් එකත් නොට්පෑඩ් එකෙන් ඕපන් කරගෙන කතා කරන වචන තියෙන්නෙ කොයි හරියෙද තියෙන්නෙ කියල අයිඩියා එකක් අරගෙන කරන්න.

ෂෝට්කට් මහින් කොතරම් දුරට කාළය වෙනස් වෙන්න ඕනද කියල සෙටින්ග් වින්ඩෝ එකේ තියෙන Subtitle Processing --> Multi-sub/etc වල ඇති පහත දැක්නෙ තැනින් වෙනස් කරගන්න පුලුවන්.



වාක්‍ය ටික කතාකරන තැනට ගොඩක් ලංවෙලා තියෙන වෙලාවක හරියටම තැනට ගන්න අමාරු වෙන අවස්තා තියෙනව. උදාහරනයක් විදියට ඔයා ] කී එක තුන් සැරයක් ප්‍රෙස් කරල සබ්ටයිටල් එක ඉදිරියට ගත්ත කියමුකෝ(මුලු කාලය=1500ms). හැබැයි එතකොට කතා කරල චූටි වෙලාවක් ගිහිල්ල නම් වාක්‍ය පෙන්වන්නෙ සබ්ටයිටල් එක පස්සට ගන්න ඕන නේ. ඒ සඳහා [ කී එක ගහල 0.5s (500ms) පස්සට ගන්නව(මුලු කාලය=1000ms). එතකොට කතා කරන්න චූටි වෙලාවකට කලින් වාක්‍ය පෙන්වනව කියමුකෝ. ඒ කියන්නෙ සමස්ත කාලය 1000ms-1500ms අතර තමා තියෙන්න. දැන් ගැටලුව විසදන්න කී මගින් බෑ. ඒ සඳහා යAlt+y මගින් අවශ්‍ය කාලය වෙනස් කරන වින්ඩෝ එක ගන්න. තුන් සැරයක් ] කී එක ප්‍රෙස් කලවිට ගත්තු වින්ඩෝ එක ගත්තම ඔය විදියට තියේ. දැන් ඔය වින්ඩෝ එකට 1100,1200, 1300, 1400 වගේ ගනන් දීල Apply කරල ඕන විදියට ටයිම් හදාගන්න.



හරි ඔය විදියට වැඩි වෙලාවක් නොගිහින් අදාල සබ්ටයිටල් එක තමන්ගෙ ෆිල්ම් ෆයිල් එකට ඕන විදියට සින්ක් කරන්න පුලුවන්. දැන් පහල menu එක ක්ලික් කරල හදාගත්තු ෆයිල් එක ෆිල්ම් ෆයිල් එකේ නමින් සේව් කරගන්න පුලුවන්. ෆිල්ම් එක තියෙන තැන සේව් වේ. ඔය මෙනු එකෙන් වෙන තැනක සේව් කරන්නත් පුලුවන්. දැන් මුල් ෆයිල් එක ඉවත් කරල ඕන වෙලාවක හදාගත්තු ෆයිල් එක ලෝඩ් කරල ෆිල්ම් එක බලන්න පුලුවන්.



ඔය ක්‍රමය මම භාවිතා කලේ ගොඩක් දුරට ෆිල්ම් එක ලැබෙද්දි ෆයිල් එකට තිබ්බ නම නැති උනාම English සබ්ටයිටල එක බාගන්න. මොකද එතකොට හරියටම සර්ච් කරන්න ඕන නම දන්නෙ නැති නිසා. මම ගොඩක් බෑවෙ English Subtital. English පුලුවන් වෙලා නම් නේවේ. English ඉගෙන ගන්න ඕන නිසා. නමුතු නංගිල/මල්ලිල/යාලුවො එක්ක ෆිල්ම් බලනවනම් බයිස්කෝප් සයිට් එකන් සබ්ටයිටල් එක ගන්නව. ඒක ගැලපුනේ නැත්නම් ඔය විදියට හදා ගන්නව. මේ දේවල් ගොඩක් අය දන්නව ඇති, දන්නෙ නැති අයට කියන්න හේතුව නාමල් ඩික්ෂනරියට යූස් කරන ටූල් එකකට දෙන සබ්ටට්යිටල් හැම ෆයිල් ෆෝමැට් එකටම නොගැලපුනොත් කියල හිතල. ඒ ගැන විස්තර ඉදිරියට කියන්නම්.



හොඳයි දැන් බලමු නමල් ඩික්ෂනරියත් සමග මෙය බාවිතා කරන්නෙ කොහොමද කියල.

රී-බිල්ඩ් කරගන්න කලින් Alt+Y මගින් එන වින්ඩෝ එකෙන් Sync කල මුලු ටයිම් එක කොපි කරගන්න (අගය රිනද, ධනද කියලත් වැදගත් ). කලින් කී විදියටම සබ්ටයිටල් ෆයිල් එක රී-බිල්ඩ් කරගන්න. හැබැයි මුල් ෆයිල් එක ඩිලීට් කරන්න එපා. දැන් KMPlayer එකෙන් ෆිල්ම් එක ඕපන් කරන්න. පසුව නාමල් ඩික්ෂනරියේ Seting ක්ලික් කරන්න. ඉන්පසු Set Subtitle Time බටන් එක click කරල එතන තියෙන ටෙක්ස්ට් බොක්ස් එකට කොපි කලගත් අගය Paste කරල Set බටන් එක ක්ලික් කරන්න. දැන් නාමල් ඩික්ෂනරියෙන් Exit වෙලා ආයිත් ඕපන් කරගන්න. මෙලෙස එක අවස්තාවක කලාම ඇති. ඒ අගයන් සබ්ටයිටල් ෆයිල් එකේ සේව් වෙනව. සෙටින් ක්ලික් කරන විට සබ්ටයිටල් ෆයිල් එක හරියට ලෝඩ් උනේ නැතිනම් මුල් ෆයිල් එක තෝරගන්න වින්ඩෝවක් ලැබේවි.



ෆිල්ම් එක බලන්න සබ්ටයිටල් ෆයිල් දෙකම තියෙන්න ඕන. අවශ්‍යනම් මුල් ෆයිල් එක "1" ලෙස නම් කරගත්තත් කමක් නැත. ෆිල්ම් එක KMPlayer එකෙන් රී-බිල්ඩ් සබ්ටයිටල් ෆයිල් එක යටතේ ඕපන් කරගෙන බලන්න. සබ්ටයිටල් ෆයිල් එකේ වචන තේරුම් ලබාගන්න කරන්න ඕන විදියන් මේ ලිපියෙ තියෙනව, බලන්න Click Hear.

1 comment :

  1. වැදගත් ලිපියක්....තුති සහෝ.... :)

    ReplyDelete