Wednesday, November 27, 2013

// // 15 comments

NDictionary 2014 කොහොම වෙයිද?

ඉතාමත් ඉක්මනට 2014ටත් ලංවුනා. ඒ කියන්නෙ නාමල් යායට නම් ගොඩක් Busy. NDictionary 2014 දෙන්නත් එපයි. ඉතින් මේ සැරේ අලුතින් ගොඩක් Function එකතු කලා කියල බොහොම සතුටෙන් ඔයාලට කියන්න පුලුවන්. මෙන්න මේව තමයි ඒව

1)  Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ ඩින්ගට KMPlayer එකේ පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තෙරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව.

2) Subtitle Translator එකේ  '.srt' File Open  වීමේ ගැටලුවක් තිබ්බ. ඉතින් Subtitle Read කරන Algorithm එක වෙනස් කලා. දැන් නම් ඕනම Subtitle File එකක් Open වෙනව කියල ප්‍රකාශ කරන්න පුලුවන්.

3) Searching Algorithm එකෙත් ගොඩක් වෙනස් කම් කලා. යම් වචනයක තේරුම නැත්නම් ඒ වචනයට ආසන්න වචනවල තේරුම් සොයාගන්න දැන් පහසුකම් වැඩියි.

4) කලින් අවස්තාවලදි සමහර අයට System Tray එකේ Right Click කලාම ලැබෙන Main menu එක හොයාගන්න බැරිවෙලා තිබුන. ඒ නිසා Main Menu එක UI එක තුලම අඩංගු කලා.

5) යම් වචනයක තේරුම සොයාගැනීමට අපහසු වෙලාවට එම කාර්ය්‍ය කර ගැනීමට Online Solution එකකට යාමට පහසු වෙන්න 'WORLD' Link එකක් එකතු කලා.

6) NDictionary එක Use කරන Processing Cycle අඩු කරන්න Algorithm එකතු කලා.

7) ඔබ සෙවු වචනයක් හෝ වාක්‍යක් Favorite  ලෙස Save කර තැබීමට දැන් ඔයාලට පුලුවන්. ඒ මගින් ඔයාල අදාල වචනය හෝ වක්‍ය අමතක වුවහොත් නැවතත් මතක් කරගැනීමට පුලුවන්. විශේෂයෙන් Subtitle Translator එක Use කරද්දි ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි.

8) ඒ වගේම අලුත් UI එකක් ඔයාලට පහලින් දැක ගන්න පුලුවන්. මෙය Responsive ගුනයෙන්ද යුක්තයි.



මේ අවුරුද්ද මගේ University Life එකේ Final Year එක. ඉතින් Final Project දෙකක් එක්ක බොහොම කාර්ය්‍ය බහුලයි. ඒ වගේම Final Exam එකේ Schedule එක නොසිතූ විදියට වෙනස් වුනා. ඉතින්  ඔයාලට බොහොම වැදගත් වන Function දෙකක Testing මට හරියට කරගන්න බැරි වුනා. ඒ නිසා එම Function පසුව කාලෙකදි ලබා දෙන්න තමා වෙන්නෙ. එම Function ගැන පසුව දැනුවත් කරන්නම්. ඒ වගේම කියන්න ඕනි Dictionary ඉතිහාසයේ English Learning යටතේ ඔයාලට වැදගත්ම වන තවත් Function තුනක් හා Dictionary යටතේ Function දෙකක් ඉදිරියේදි එකතු වේවි. ඒව තාම Pending වෙලා තියෙන්නෙ මම තාම ඉගෙන ගන්න සිසුවෙක් නිසා. ‍රැකියාවක් කරන කාලෙක මම ඒ වෙනුවෙන් මුදල් යොදවල මෙම සමාජ සත්කාරය දිගටම පවත්වාගෙන යන්න කටයුතු කරන බව සතුටෙන් කියන්න කැමතියි.

ඉතින් අලුත් Version එකේ වැඩ දැන් ගොඩක් දුරට ඉවරයි. මේ දවස්වල Beta Version එකේ Testing වලට මගේ යාලුවන් කීප දෙනෙක්ට දීලයි තියෙන්නෙ. 2014 Version එක ගැන ඔයාලට මොකද හිතෙන්නෙ? වගේම චෝදනා සහ යෝජනා බය නැතුව ප්‍රකාශ කරන්නත් පුරුදු වෙන්න, අදහස් දක්වල යන්න. ඉක්මනටම NDictionary 2014 Download සමග හමුවෙමු.
Read More