Thursday, April 7, 2011

// // 2 comments

කෘෂි ප්‍රදර්ශනයේ කානිවල් එකට වහලෙයෙන්.






බලන්න ආවද බටාත කෘෂි උද්‍යානයේ දී පැවැත්වුනු 2010 කෘෂි ප්‍රදර්ශනය. මේ කියන්න යන්නෙ අපි ඒ ප්‍රදර්ශනයත් Crack කලා 
කියල තමයි. කානිවල් එකට රු 60 ටිකට් එකක් ගන්න කියල තමයි තිබ්බෙ. ප්‍රදර්ශනය බලන්න යදිදි රු 300 විතර තමයි 
අරන් ගියේ. (වඩිය අරන් ගියානම් දත් ගැලවිලා පසුවදාට තලප ගිලින්න වෙන හින්ද). කොහොමහරි ප්‍රදර්ශනය නම් 
තිබ්බෙ නොමිලෙ. හැබැයි ඉතින් ඇතුලට ගියාම දකින්න ලැබුනු කෑම වර්ගනම් ජීවිතේට කන්න බොන්න ලැබ්නෙ නැති 
ඒව්ව තමයි තිබ්බෙ. (කුරුදු සිසිල් බීම, කුරුදු ජුජුස්, හතුසුප්, කුරක්කන් ආප්ප. ) ඉතින් සල්ලි ඉවර වෙනකන් කැව. 






පස්සෙ 
රෑ මතක් වුනා සංගීතෙත් බලන්න ඕන කියල. දැන් සල්ලිත් නෑ. ටිකක් ටකරන් වටෙ කැරකිලා හොයාගත්ත අයින් 
කරන්න පුලුවන් ටකරමක්. යාළුවො ටිකත් එක්ක ටිකක් වෙලා සෝදිසි එහෙම කරල පනිනන හැදුව විතරයි පොලිස් 
අංකල් කෙනෙක් ඇතුලට කඩාගෙන පැන්න. එතකොටම අපි ටික අන්තරස්දහන්. පස්සෙ සංගීත සද්දෙ එහෙම ඇහෙන 
කොට කට්ටිය වයින් වෙලා වගෙ. හොයල බලද්දී මෙන්න තියෙනව ටකරන් නැතිටිකක්. නැහැයි කිවුවට ඒ ටික කවර් 
වෙලා තිබුනෙ බටාත පාසලේ හෝල් එකකට. කදුරු ගහක් මාර්ගයෙන් වහලට නැගල බලද්දී සංගීතෙ බලන කවුරු 
ඉන්නෙ අපේ පැත්තට හැරිල. පොඩි බයකුත් දැනුන කාටත් පේනව ඇති කියල. එතෙනම තිබුනු සියබල ගහකින් 
එල්ලිලා ඇතුල පැනගත්ත. පස්සෙ මිනිස්සු අතරට ගිහිල්ල බලද්දි කරුවල හින්ද වහලෙ උඩ මොන යකා හිටියත් 
පේන්නෙ නම් නෑ. පස්සෙ දවසක ආරංචි උනා අනිත් දවස්වල නම් එතෙන්ටත් පොලිස් බටයෙක් දැම්ම කියල. හැබැයි 
ඉතින් එතෙනින් පැන්නෙ අපි යාළුවො පස් දෙනා විතරයි. 
හැබැයි ඉතින් එහෙම පැන්නටත් ණයයි. මොකද සීදුවෙ සරසි බැන්ඩ් එක සංගීතෙ කෑව. ඊට කලින් දවසෙ ගහපු බැන්ඩ්  
එක මාතර C. උන්ටනම් ගලුත් ගැහුව්ව. හැබැයි ඉතින් දවස් පහටම සෙල්ලම් කරපු බැන්ඩ් වලින් හොදම බැන්ඩ් එක 
මාතර C කියල කාටත් පස්සෙ පැහැදිලි උනා.

Read More