Tuesday, August 13, 2013

// // 30 comments

ඔබ වෙනත් භාශා කීපයක් දන්න පුද්ගලයෙක්ද? (හෝ භාශා ප්‍රවීනයෙක්ද? )


කැම්පස් එකේ Project Presentation එකකට භාශාව සම්බඳව යම් තොරතුරු ටිකක් දැනගන්න තියෙනව. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනව. සිංහල දන්න පුද්ගලයකුට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන් ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඒ කිව්වෙ ව්‍යාකරන බේදයක් නැතිව වචන දැන ගැනීමෙන් පමනක් පහසුවෙන් සිංහල වාක්‍ය එම භශාවටත්, එම භශාවෙ වාක්‍ය සිංහලයෙනුත් තේරුම් ගන්න පුලුවන් විදියෙ ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඉතින් ඔබ භාශා ප්‍රවීනයෙක් හෝ යම් භාශා කීපයක් දන්න පුද්ගලයෙක් නම් ඔබට දැනෙන පරිදි අපගේ ප්‍රශ්නයට පිලිතුරක් දීල යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව. සිංහල බ්ලොග් අවකශයේ ඔයාලගේ උදව් බොහොම වටිනව. ස්තුතියි.

30 comments :

  1. Google translate app ekak thiyenawa. Eka use karanna. Nathnam Mona bhashawenda one kiyala kiyanna,

    ReplyDelete
  2. හරියට දන්නෙ නැතත් දෙමළ ඉගනගන්න කෙනෙක් විදියට දෙමළ භාෂාවෙ ඔය කියන ගුණාංගය තියනව.

    ReplyDelete
  3. මමනම් විශාරදයෙක් නෙවෙයි. නමුත් සිංහල භාෂාවේ ව්‍යාකරණ රටාවට ආසන්නවම යනවා දෙමල භාෂාවේ ව්‍යාකරණ රටාව.
    මම ගෙදර යනවා
    නාන් වීට්ටකි පෝර්හෙන්

    මම = නාන්, වීට්ටකි = ගෙදර(ට) පෝර්හෙන් = යනවා (වර්තමාන/අනාගත)

    ReplyDelete
  4. ජපන් භාෂාවේ සහ සිංහල භාශාව අතර වාක්‍ය රටාවේ යම් ගැලපීමක් තියෙනවා.ඒ කියන්නේ උක්තත,ක්‍රියාව ආදිය පිහිටන ස්ථාන අනුව. සරළම වක්‍ය නම් වචන විතරක් දැනගෙන තේරුම් ගන්න පුළුවන්.හැබැයි ජපන් වල නිපාත පද වල පැහැදිලි භාවිතය,වක්‍යක උක්තය නැතිවත් ගොඩ නගන්න හැකිවීම.ඒක වචන බහු වචන වෙනස වචන වලින් නොදැක්වීම වාගේ බරපතල වෙනසක් කම් නිසා 100% හැමදේම වචන විතරක් දැනගෙන තේරුම් ගන්න පුළුවන් කියලා කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ජපන් වලින් සංකීර්ණ වාක්‍යයක් ගොඩනැගෙන විදිය හා ඒ වචන ව්ල තේරුම Comment එකක් විදියට දාන්න පුලුචන්ද. Thanks

      Delete
    2. මෙහෙම comment ඒක කියාදෙන්න අමාරු වුනත් අපි දැන් ඔයා කියපු වාක්‍යයම අරගෙන ජපන් වලට පෙරලුවොත් මෙහෙමයි එන්නෙ.


      සිංහලෙන්
      -------
      "ජපන් වලින් සංකීර්ණ වාක්‍යයක් ගොඩනැගෙන විදිය හා ඒ වචන ව්ල තේරුම Comment එකක් විදියට දාන්න පුලුචන්ද. Thanks"


      ජපන් භාෂාවෙන්
      ------------
      "日本語で難しい文が作られる方法と、その単語の意味をコメントとして入れてくれませんか。 ありがとう"

      "නිහොන්ගො දෙ මුසුකෂියි බුන් ග ත්සුකුරරෙරු හෝහෝ තො, සොනො තන්ගො නො ඉමි වො කොමෙන්තො තොෂිතෙ ඉරෙතෙ කුරෙමසෙන්ක. අරිගතෝ"


      ------------------------------

      තේරුණේ නෑ නේද? :D
      හරි! වචනයෙන් වචනය අරගෙන බලමු.


      ජපන් - 日本語 - නිහොන්ගො
      වලින් - で - දෙ (නිපාතයකි)
      සංකීර්ණ - 難しい - මුසුකෂියි
      වාක්‍යය - 文 - බුන්
      ක් - が - ග (කර්තෘකාරක නිපාතය)
      ගොඩනැගෙන - 作られる - ත්සුකුරරෙරු (passive voice ක්‍රියාපදයකි)
      විදිය - 方法 - හෝහෝ
      හා - と、 - තො, (නිපාතයකි)
      ඒ - その - සොනො
      වචන - 単語 - තන්ගො
      ව්ල - の - නො (නිපාතයකි)
      තේරුම - 意味 - ඉමි
      - を - වො (කර්මකාරක නිපාතයකි)
      Comment එකක් - コメント - කොමෙන්තො
      විදියට - として - තොෂිතෙ
      දාන්න - 入れて - ඉරෙතෙ
      පුලුචන්ද. - くれませんか。 - කුරෙමසෙන්ක. (pleasing word)
      Thanks - ありがとう - අරිගතෝ




      Delete
  5. මම සිංහල සහ ඉංග්‍රීසි වලට අමතරව ප්‍රංශ සහ ජපන් භාෂා ඉගෙනගෙන තියෙනවා. මගේ අදහස ජපන් භාෂාව සිංහල උගත් අයට පහසුවෙන් කතාකරන්න පුරුදුවිය හැකි බවයි. හිරගන, කතකන, කන්ජි (චීන අක්ෂර) කියල අක්ෂර වර්ග තුනක් තියෙන නිසා ලිවීම සහ කියවීම පුරුදුවෙන්න නම් ටිකක් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ජපන් වලින් සංකීර්ණ වාක්‍යයක් ගොඩනැගෙන විදිය හා ඒ වචන ව්ල තේරුම Comment එකක් විදියට දාන්න පුලුචන්ද. Thanks

      Delete
  6. @-) දෙමළ නම් ටිකක් ළඟින් යනව කියල අහල තිබුණ... අනේ මංදා [-(

    ReplyDelete
  7. මම ඕලෙවල් කරලා ඉන්න දවස්වල (ගන්ධබ්බ කාලේ) තමයි සිරසේ හිට් ටීවී එකේ හින්දි ෆිල්ම් පෙන්නන්න පටන් ගත්තේ. මාස දෙක තුනක් ඩේලි බලනකොට සබ් නැතුව තේරුම් ගන්න පුළුවන් මට්ටමක හිටියා.
    ඉතින් මම භාෂා විශාරදයෙක් නොවුනත් ඔන්න මම මට දැනුණු දේ ලිව්වා. :)

    සෙන්නගේ පෝස්ට් එක හරහා තමයි අදනම් මේ පැත්තෙ ආවේ.

    ReplyDelete
  8. සෙන්නාගෙ කුරුන්ද හරහා මම ආවේ. මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. නමුත් ඔහොම භාෂාවක් ගැන මම දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව.

      Delete
  9. මවුබස, ඉංග්‍රීසි, දෙමල(මද වශයෙන්) විතරයි මමනම් දන්නේ. මේ දවස් වල ටික ටික කොරියා ඉගෙනගන්නවා.

    මට දැක්ක හැටියට ලේසිම....
    කොරියා > ඉංග්‍රීසි > සිංහල > දෙමල ...
    අනිත් භාෂා ගැනනම් තාම වැටහීමක් නැහැ...

    කොරියා ලේසි වෙන්න හේතුව ගොඩක් කාලයක ඉඳන් පරිනාමයක් නොවීම.. පරිනාමය නොවී තියෙන සරල භාෂාවක් වීම...
    එකසිය ගානෙන් තව කියක්නම් ඇත්ද

    ReplyDelete
    Replies
    1. කොරියා වලින් සංකීර්ණ වාක්‍යයක් ගොඩනැගෙන විදිය හා ඒ වචන ව්ල තේරුම Comment එකක් විදියට දාන්න පුලුචන්ද. Thanks

      Delete
  10. sanskrutha, hindi, saha maaladiwayin divehi bashawan ithaama kittuyi sinhalayata. kathaa karana swara saha maathraa uwath samaanayi.

    ReplyDelete
  11. හීබෲ භාෂාවේ වචන ටිකක් කියන්නම්

    ගඩොල් = විශාල
    මකරා = මොකෑ උනේ
    අතා = ඔබ (පිරිමී)
    අත් = ඔයා (ගැහැණූ)

    :d

    ReplyDelete
  12. නේපාල ජාතිකයින් හින්දියෙන් කතාකිරීමේදී භාවිතා කරන ශුද් (පිරිසිදු )හින්දි භාෂාවේ වචන රාශියක් අප භාවිතා කරන මිශ්‍ර සිංහලයේ ඇත...

    ( භාෂා විශාරදයෙක් නොවෙමි, රැකියාවේ ස්වභාවය නිසා නොයෙක් භාෂා වල වචන කෑලි භාවිතා කරමි )

    ReplyDelete
  13. මම නම් හිතන්නේ මාලදිවයින් "දිවෙහි" භාෂාව තමයි සිංහල වලට කිට්ටුම කියලා.

    ReplyDelete
  14. අබ්දුල්April 16, 2014 at 2:57 AM

    ලෝකේ තියෙන භාෂා අතරින් සිංහල භාෂාවට ගොඩාක්ම කිට්ටු භාෂාව මාලදිවයිනේ දිවෙහි භාෂාවයි! සිංහල භාෂාවේ තියෙන බොහෝ වචන මාලදිවයිනේ දිවෙහි භාෂාවෙත් තියෙනවා. සිංහල භාෂාව සිංහල භාෂාව දෙමල භාෂාවෙන් වෙනස් වෙන්නේ සිංහල භාෂාව ඉන්දු ආර්ය භාෂා ගණයට අයත් වන භාෂාවක් නිසයි. වෙනත් වචන වලින් කියනවනම් සිංහල භාෂාව හින්දි පන්ජාබි සහා මරාටි වැනි උතුරු ඉන්දියානු භාෂාවන්ට නෑකම් කියන භාෂාවක් කියලා අපිට කියන්න පුළුවන්. දෙමල භාෂාව නෑකම් කියන්නේ දකුණු ඉන්දියානු ප්‍රාන්ත වල කතා කරන මලයාලම්,දෙමල,තෙලුන්ගු සහා කන්නඩා භාෂා වලටය. මාලදිවයිනේ තියෙන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන භාෂාවක් කියලා කතාවක් තියෙනවා. මම මේක උදාහරණයකින් පැහැදිලි කරලා දෙන්නම්.

    සිංහල "මගේ " = දිවෙහි " මගේ"

    සිංහල "කොහෙද ? " = දිවෙහි "කොබා ?"

    සිංහල " එතන" = දිවෙහි "සිංහල එතා"

    සිංහල "මෙතන" = දිවෙහි "මිතා "

    සිංහල " රස " = දිවෙහි " රහ"

    සිංහල "රසයි " = දිවෙහි " මීරු "

    සිංහල "මේක " = දිවෙහි "මි"

    සිංහල " කලු" = දිවෙහි " කල්හු"

    සිංහල "සුදු " = දිවෙහි " හුදු "

    සිංහල "පාර" = දිවෙහි " මගු"

    සිංහල "උතුර" = දිවෙහි " උතුරු"

    සිංහල " දකුණ " = දිවෙහි " දෙකුණු "

    සිංහල " නැගෙනහිර" = දිවෙහි " ඉරුමති "

    සිංහල " මස් " = දිවෙහි "ගෙරිමස් "

    සිංහල " මාළු" = දිවෙහි " මස් "

    සිංහල " කුකුල් මස් " = දිවෙහි " කුකුල්හු මස් "

    සිංහල "කුකුල් බිත්තර " = දිවෙහි " කුකුල්හු බිස් "

    සිංහල " සීනි" = දිවෙහි " හකුරු"

    සිංහල "වතුර " = දිවෙහි "ෆෙන්" ( පැන් යනු පැරණි සිංහල වචනයකි )

    සිංහල " පාන් " = දිවෙහි " "පාන්"

    සිංහල "ලුණු " = දිවෙහි "ලොණු"

    සිංහල "මිරිස්" = දිවෙහි " මිරුස්"

    සිංහල "එක " = දිවෙහි "එකේ "

    සිංහල "දෙක" = දිවෙහි "දෙකේ "

    සිංහල "තුන" = දිවෙහි " තිනේහ්"

    සිංහල "හතර " = දිවෙහි " හතරේ"

    සිංහල "පහ" = දිවෙහි "ෆහේ "

    සිංහල " හය" = දිවෙහි "හයේ"

    සිංහල "හත" = දිවෙහි " හතේ"

    සිංහල " අඹ " = දිවෙහි " අඹු "

    සිංහල " උම්බලකඩ " = දිවෙහි "හිකිමස්"

    සිංහල " සිරිපාලගේ දරුවන්" = දිවෙහි " සිරිපාලගේ ධරින්"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අබ්දුල්, ලොකු චිස්තරයක් තියෙනව. ගොඩක් වැදගත්.

      Delete