Saturday, March 9, 2013

// // 10 comments

Dictionary සම්ප්‍රධාය...?


ඇත්තටම මම පිළිගන්නව මිනිස්සු තමන් පුරුදු වෙලා ඉන්න දෙයින් මිදිල කොතරම් හොඳ දෙයක් වෙනුවෙන් වුවත් වෙනස් වෙන්න අකැමතියි කියන කතාව. එහෙමත් කෙනෙක් තමා මේ බැමිවලින් මිදිල ඉන්නෙ.  උදාහරන විදියට කියන්න පුලුවන් මිනිසුන්ට XP Windows OS එකේ ඉදල Windows 7 OS එකට මාරු වෙන්න කොතරම් කාලයක් ගියාද කියල. තවමත් XP Use කරන කොතරම් පිරිසක් ඉන්නවද!

මම The NDictinary කියන සංකල්පය ගෙනාවෙ මේ පවතින Dictionary සම්ප්‍රදාය වෙනස් කරන්න. මේ වෙනකොට එහි Downloads 5000ට කිට්‍ටු වෙන්න ප්‍රමාණයක් තිබ්බත් එහි බාවිතයන් පිළිබඳ මම තැබූ විශ්වාසය හොඳ මට්ටමක නැ.

රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ හොස්ටල් එක තමා මගේ වර්ථමාන නිවහන. මගේ යාලුවන් බුහුතරයක් මගේ නිර්මාණය බාවිතා කරන නිසා මගේ යාළුවෙක් හොස්ටල් එකේ සමීක්ෂනයක් කරල තිබ්බ පවතින වෙනත් Dictionary Application හා The NDictionary අතර පවතින පහසුකම් බාවිතය පිළිබඳව හා එහි තිබිය යුතු වෙනස් කම් පිළිබඳව.



1) කුඩා වින්ඩෝවක් බාවිතා කිරීම - යාලුවන් ගොඩක් අය කැමති වෙලා තිබුනේ පවතින අනෙකුත් Dictionary බාවිතා කරන ආකාරයේ විශාල Window එකකට. - ඇත්තෙන්ම ඇයි මම කුඩා වින්ඩෝ එකක් බාවිතා කලේ : එයට හේතුව නම් නිතරම පරිගනකයෙන් e-Book වැනි දේ කියවන පුද්ගලයකුට කුඩා ප්‍රමාණයේ වින්ඩෝවක් බාවිතය පහසු වීමයි. මොකොද මෙය මටනම් අත්‍යවශ වූ අංගයක් කියන්න පුලුවන්.

2) System Tray එක හරහා Access කරන්න සිදු වීම හා ඒ අසලින් Dictionary Window එක දර්ශනය වීම - ගොඩක් අය කැමති වෙලා තිබ්බෙ සුපුරුදු All Program List එකට තමා.- මට නම් ඇත්තටම ඕන උනේ Any Time මේ Application එක Open කිරීමටයි. ගොඩක් අයගෙ තර්කය උනේ System Tray එක ප්‍රදේශය මිනිසුන්ගේ අවදානය වැඩිය යොමු නොවේ යන්නයි. ඇත්තටම මම නම් මේ තර්කය එක හෙලාම ප්‍රතික්ෂේප කරනව. හරියට එම ප්‍රදේශය ගව් ගන්නක් ඈත වගේ නෙ...

කොහොම වුවත් අනෙකුත් Feature වලට නම් විරෝධයක් එල්ල වෙලා තිබ්බෙ නෑ. ඒකට හේතුව නම් ඒව වෙනත් Dictionary වල නැති අලුත් Feature වීමයි. ඒ කියන්නෙ ඒවට සම්ප්‍රධායක් නෑ. ඇත්තටම ඒකෙන් තහවුරු වෙන කාරනව නම් කවුරුත් අකමැතියි අලුත් වෙනසකට.

මෙහි බයානක කරුන නම් විශ්ව විද්‍යාලයක සිසුනුත් මෙවෙනි වෙනසකට යන්න අකැමති නම් සාමන්‍ය ජනතාව කෙසේ නම් අකැමති වනවා ඇත්ද යන්නයි. ඇත්තටම මට ඒ තර්කය බිදලන්නත් අදහසක් තියෙනවා, එනම් විශ්ව විද්‍යාල සිසුන් සම්ප්‍රධාය ‍රැක ගැනීමේ තෙලට (මොල සේදීමට ) ලක්ව ඉන්න පිරිසක් කියන සංකල්පයෙන්. ඉතින් එය එසේද යන්න තහවුරු කර ගැනීමට මට බ්ලොග් අවකාශයේ මගේ මිතුරන්ගේ උදව් අවශ්‍යයි. මේ ලිපිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් මට ඉතා වටිනව.

මොන තරක විතර්ක තිබ්බත් මිනිසුන් වෙනසට අකැමතියි යන්න මගේ පූර්ණ නිගමනය සාත්‍ය වේවි! ඒ නිසා බවිතා කරන්නන්ට තවදුරත් සම්ප්‍රධායික Customization එකකුත් හදුන්වා දීමට සිතා බැලිය යුතුයැයි මට හැගේ.

Read More