Saturday, January 3, 2015

// // 50 comments

Free Download the Engrisi Dictionary 2015 (English Sinhala Dictionary)

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.


ආයුබෝවන් කියල 2015 වසරේ නාමල් යායට සපැමිණි ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගණිමි. ඔන්න සුපුරුදු පරිදි නාමල් යායෙන් ඔයාලට දෙන පලමු තෑග්ග Engrisi Dictionary 2015. අන්තර්ජාතික වශයෙන් පිළිගෙන  ඇති  English ඉගෙන ගන්නා ක්‍රම ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ඒ සඳහා පහසුකම් සලසන මෙම Learning Tool එක මාගේ Hobby එකක් විදියට කරගෙන ගියත් දැන් දැන් තිබෙන කාර්ය්‍ය බහුලත්වය නිසා අලුත් අංග එකතු කිරීමට ටිකක් අපහසු වී තිබෙන බව දැනුම් දෙන්න ඕනි. ඔබ සියලු දෙනාටම ඉතාම ප්‍රයෝජනවත් වන අලුත් අංග ටිකක් Engrisi Dictionary 2015 Version එකට එකතු කරන්න බලාපොරොත්තු උනත් ඒවා ටිකක් ප්‍රමාද වූ නිසා 2016 Version එකෙන් වත් දෙන්න උත්සාහ කරන්නම්.

Features of the Engrisi Dictionary 2015

1) Subtitle Translator for KMPlayer
ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි භාවිතා කිරීමට අවස්තාවක් නොමැති වීම තමයි කාටත් තියෙන ප්‍රශ්නෙ. එහෙනම් English Subtitle විතර්ක් දාගෙන Film බලල ඒ අවස්තාව ලබාගනිමු. එම ක්‍රියාවලිය පහසු කරන්න තමයි මේ Tool එක.
2) Top 10 Words of The Day
ඉංග්‍රීසී භාශා විශේෂත්න්‍යයන් කියන්නෙ හොදින් ඉංග්‍රීසි කතා කිරීමට විශේෂ වචන 4000ක් දැනගත්තම ඇති කියල. ඒ විශේෂ වචන දවස ගානෙ පහසුවෙන් මෙනෙහි කිරීමට තමයි මේ Tool එක.
3) Web Browser & PDF Readers Support
Document එකක් කියවීමේදී English වචනයක තෙරුම දැනගන්න ගියාම වද විදින්න ඕනි නෑ. වචනෙ උඩ Double Click කරන්න විතරයි තියෙන්න.
4) Singlish Keyboard for Windows
සිංහල යුනිකෝඩ් ක්‍රමයට අකුරු සිංහල Type කරන්න Singlish (SMS) ක්‍රමය භාවිතා කරන්න පුලුවන් අවස්තාව ලබාදෙන Tool එකක්.
5) History & Favorite
Search History එක පහසුවෙන් Access කරන්න පුලුවනි.
6) Easy Search in the Web
7) Various Searching Options
8) Auto Search
9) Optical Character Recognize - OCR
10) Learning Tools
11) Learning Games
විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රම ඕනි තරම්.
12) English, Sinhala & Singlish (SMS Like) Typing
සිංහල වචනයක තේරුම හොයන්න හරිම පහසුයි.
13) English Meaning or Sinhala Meaning
කැමතිනම් Defenition එක English වලින්ම බලාගන්න.
14) Speech
15) Useful Settings for Customization

ඉහත සියළුම Features බාවිතා කරන අයුරු Engrisi Dictionary එකෙහි Main Menu එකේ ඇති "Help" ඔස්සේ ඉගෙන ගත හැකිය.

නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.




ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එම මුදල සොයා ගැනීමට හැකි වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ඔබ කැමතිනම් ඒ සඳහා ඔබටත් දායක විය හැක.  
 ස්තුතියි.


කොහොමද Download කරගන්නෙ?
ඔබගේ Download කර ගැනීමත් සමගම ඔබගේ යහළුවන්ටත් මෙම මෘදුකාංගයෙහි ප්‍රයෝජනයන් ලබාගැනීමට අවස්ථාව සැලසීමට පහත "Share To Download"  ලින්ක් එක Click කර Share කීරීමට පුලුවනි. ඉන් අනතුරුව Engrisi Dictionary 2015 Download වීම ස්වයංක්‍රීයව ඇරබෙනු ඇත.




Flag Counter

පහත දැක්වෙන්නේ  Engrisi Dictionary 2014 Version එකෙහි Screen Shot කීපයකි.





Read More