Saturday, January 5, 2013

// // 1 comment

S-R Flip-Flop ලිපි පෙළක් Sinhalen.


The NDictionary 2013 Version එකේ Beta Version එකෙන් පසුව ජනවාරි පලවෙනිද Stable Version එක රිලීස් කරල ටිකක් නිදහස්. තව අවුරුද්දක්ම තියෙනව නේ NDictionary 2014 Version එකේ වැඩකටයුතු සම්පූර්ණ කරන්න. ඊට කලින් තවත් ඔයාලට වැදගත් Software 2ක් රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනව. නිදහස් කියල කිවුවට කැම්පස් එකේ එක්සෑම් කට උඩටම ඇවිත්. මේ දවස් වල ඉලෙක්ට්‍රොනික් ප්‍රොජෙක්ට් එක හින්ද දවසෙම ඉලෙක්ට්‍රොනික් ලැබ් එකේ. ප්‍රොජෙක්ට් එක හින්දම S-R Flip-Flop එක ගැන ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ලබුන. ඒ හින්ද හිතුන S-R Flip-Flop ගැන ලිපි පෙලක් ලියන්න ඕන කියල හිතුන. S-R Flip-Flop  කියන්නෙ මොකක්ද? එහි ප්‍රයෝජන?  ඒ දැනුමෙන් කොහොමද ඔයාලට අවශය්‍ය දෙයක් වෙනුවෙන් පරිපතයක් ඩිසයින් කරගන්නෙ කියල?. ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. එහෙනම් සුපුරුදු පරිදි නාමල් යායෙන් තාක්ශනික ලිපි පෙළක් අරබමු.


මේ තියෙන්නෙ S-R Flip-Flo පරිපතය


S-R Flip-Flop එකකින් බලාපොරොත්තුවන ප්‍රයෝජනය තමා කුඩා මතකයක්. කලින් කලේ මොකක්ද කියල මතක  තබාගැනීම ඉලෙක්ට්‍රොනික් ප්‍රයෝජනයට ගන්න ගොඩක් වැදගත් වෙනව. උදාහරනයක් විදියට පහල පරිදි වතුර ටැංකියක් තියෙනව කියල හිතන්න.



මෙහි මට ඕනෙ B මට්ටමට වඩා වතුර මට්ටම පහල බැස්ස ගමන් වතුර මෝටරය ක්‍රියාත්මක වෙලා ටැංකිය Automatically පුරවන්න. ඒත් A මට්ටමට ආපු ගමන් මෝටරය නවතින්න. ඔය සඳහා අපට පුලුවන් මොකක් හරි ඇටවුමක් හදාගන්න. ඒත් එහිදි බොහෝදුරට වෙයි A මට්ටමට වඩා වතුර පහල බැස්ස ගමන් මෝටරය ක්‍රියාත්මක වෙලා යලිත් වතුර පිරෙන එක. එතකොට නිතරම මොටරය ක්‍රියාත්මක වෙලා තියෙන්න පුලුවන්. එහෙම නෙවෙයි A මට්ටමට වඩා අඩු උනත් B මට්ටමට වඩා අඩු වෙනකන් නැවත් මොටරය ක්‍රියාත්මක නොවී තියෙන්න එක මෙතනදි බොහොම වැදගත්.

හරි දැන් ඕකට අපිට Internet එකෙන් Circuit එකක් හොයාගන්න බැරිවෙයිද? ඒක නෙවෙයි වැදගත් අපිට මේ  S-R Flip-Flop  එක ගැන ටිකක් ඉගෙන ගෙන තියේනම් සාමන්‍ය බාවිතයෙ තියෙන 7476 IC එක බාවිතයෙන් ඔයාලට ඕනම ප්‍රයොජනවත් දෙයක් කරගන්න පුලුවන්.අපි ලොකු ප්‍රයෝජන ඉදිරියෙදි සාකච්චා කරමු.

අපි ටිකක් බලමු ඉහත ටැංකියට වතුර පුරවන්න මෙමරි එක වැදගත් වෙන්නෙ කොහොමද කියල.
මෙහෙමයි B මට්ටමට වඩා වතුර මට්ටම පහල බැස්ස ගමන් මෝටරය ක්‍රියාත්මක වෙනව. ඒ වගේම ඒ සිග්නල් එක මතක් තියාගෙන වතුර මට්ටම B මට්ටමට ලඟා උනත් Relay Switch එක දිගටම On කරගෙන තියාගන්නව. A මට්ටමට අපුවහාම වතුර මොටරය Off කරනව වගේම A මට්ටමට වඩා වතුර මට්ටම පහල බැස්සම කලින් මෝටරය Off කලා කියන එක මතක තියාගෙන Relay එක දිගටම Off කරල තියා ගන්නව B මට්ටමට වඩා පහල බහින කම්. ඔය ක්‍රියාවලි අපට වෙනත් දේකටත් ගේමක් නැතුව යොදා ගන්න පුලුවන්. ඒ වගේම ඔයිට වැඩිය සංකීර්න දේ වෙනුවෙනුත් පුලුවන් හොදේ.

Exam හින්ඳ අදට නවතිනව. මීලඟ ලිපියෙන් S-R Flip Flop එකේ ක්‍රියාවලිය අධ්‍යනය කරන්න ඉක්මනින් හමුවෙමු.


Read More