J105 ෆෝන් එක තමයි මගේ පලවෙනිම ෆෝන් එක. මේ අවුරුද්දෙ ජනවාරිවල තමා ගත්තෙ. ඊට කලින් ෆෝන් එකක් ගන්න උවමනාව තිබ්බත් මට ඕනකම තිබ්බෙ සොෆ්ට්වෙයා රන් කරන්න පුලුවන් ෆෝන් එකක් ගන්න. ඒ හින්ද J105 ෆෝන් එකක් තමයි ගන්න හිටියෙ . ඒකෙ 3G තිබ්බ එක තමයි ඔකොටම මුල. ඒ වෙනකොට තිබ්බ ඩොන්ගලයක් ගන්න උවමනාවත් තව රු2,000 කින් ශේප් වෙන හින්ද රු11,500ට J105 එකක්ම ගන්න ඕන කියල හිතුන. හැබැයි ඉතින් වොරන්ටි නම් නෑ. මහපොල ලැබෙනකම් හිටිය ඒක ගන්න.ගත්තට පස්සෙදි ඉතින් නෙට් එකෙන් හොයාගන්න පුලුවන් ඔක්කොම ජාව සොෆ්ට්වෙයා රන් කරල් බැලුව. නිතරම නෙට් හිටිය. ඊටපස්සෙ ලොකු අහිතකර ආශාවක් ඇති වුනා. ඒ තමා පරිගනකයෙන් 3G හරහා කොන්ට්‍රෝල් කරන්න පුලුවන් රොබෝ සිස්ටම් වගේ එකක් හදාගන්න එක.
ඒ සඳහා නෙට් එකෙන් ගන්න පුලුවන් උදවු පවා හොයල බැලුව. ප්‍රථම අධියර ලෙස ෆෝන් එක ගලවල බලන්න තමයි ට්‍රයි කලේ. ඉතින් ෆෝන් එක මස් කලා. ෂිට් මෙන්න ෆෝන් එක On වෙන්නෙ නෑ. මලා, හින් දාඩියත් දැම්ම. අයීත් ගලවල සවිකරා. යන්තම් ඇති, On උනා. ඒත් වැඩි දවසක් ගියේ නෑ ෆෝන් එක ඉදල හිටල ස්ට්‍රක් වෙන්න ගත්ත. තව ටික දවසක් ගියා කොහෙත්ත්ම ඕන් වුනේ නෑ. මොනව කරන්නද ෆෝන් එක හදාගන්න ගත්තු තැනටම දුන්න. මාතර කඩේකින් තමා ගත්තෙ. ඒත් උන් කියනව හදන්න් බෑ කියල. ෆෝන් එක අරගෙන මාස දෙකයි පාවිචි කලේ. යාලුවෙක්ගෙ අතේ කොළඹ ෆෝන් හදන තැනකටත් යැවුව. ඒ අයගෙත් තීරනය හදන්න බෑ කියන එක තමා. මොනව කරන්නද ඒ ගෑන දුකෙන් මාසයක් විතර ගතකලා. දුක තියෙන්නෙ තවත් අවුරුදු තුනකට ඒ කියන්නෙ කැම්පස් එකෙන් අවුට් වෙනකම් සොෆ්ට්වෙයා වැඩකරන ෆෝන් එකක් හීනයක් තමයි.
ඉතින් බ්ලොග් අවකාශයේ යාළුවනේ ඔයාල අතරෙ ඉන්නවද හොඳට ෆෝන් හදන්න පුලුවන් කෙනෙක්, නෑත්නම් හොඳ ෆෝන් වැඩකාරයො ඉන්න ෆෝන් හදන තැනක්. උදවුවක් කරන්න පුලුවන්ද? (namalyaya@gmail.com)
Thanks.