Thursday, April 12, 2012

// // 2 comments

ජීවිතය අලුත් නිර්මාණයකින් ජයගන්න කැමතිද?



මගේ ජීවිතයේ වීරයි දෙන්නෙක් ඉන්නව. ඒ Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සහ  Apple නිර්මාතෘ ස්ටිව් ජොබ්ස්. එයිනුත් මාර්ක් නම් ගොඩක් වැදගත් පොරක්. පොරගෙ Facebook  නිර්මාණයේ කතා දකිනකොට අමුතු උද්වේගයක් දැනෙනව. කවුරුත් දන්නවනේ ඒ film එක, The Social Network. අවුරුදු 22 වන විට පොර Facebook නිර්මාණය කරල ඉවරයි. මම ඒ අයව Follow  කරන්නෙ ඒ වගෙ ඊට වෙනස් නිර්මාණයක් කරන්න මට ආසාවක් තියෙන නිසා. ඉතින් ඒ අය ගැන විස්තර කියන්න නෙවෙයි මම මේ සැරසෙන්නෙ. එවැනි Target එකක් Follow කරන අයට වැදගත් යමක් දෙන්න.

ඇමෙරිකාවෙ මාර්ක්ලට වගේ නෙවෙයි ලංකාවෙ අපිට ඔය වගේ Target එකක් Follow කරන එක පහසු නෑ. මේ වගේ අලුත් දෙයක් කරනවනම් ඒකට English  වලින් කියන්නෙ Startup Project කියල. ඒ වගේ දේවල් සඳහා ඇමෙරිකාවෙනම් විශේෂ සංවිධාන හා ක්‍රමවේද තියෙනව උදව් ගන්න. ලංකාවෙ අපිට කොයින්ද ඕව. ඒ නිසා අවුරුදු 22 බැරිවුනත් මම මගේ Target එක Follow කරන එකනම් නවත්තනෙ නෑ.

ඉතින් Startup Project ගැන අධ්‍යනය කරන එක මගේ දින චර්යාවෙම අංගයක් වෙලා. ලගකදී Internet එකේ මේ ගැන හොයනකොට හම්බ වුනා ශිරා පොතක්. ශිරා කියල හිතනව තාම සම්පූර්ණයෙන් කියවන්න Time එකක් නම් ලැබුනෙ නෑ. ඉතින් Startup  ඒකක් ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට පුලුවන් මේ පොත කියවන්න, කියවල තමාගෙ Target එක Follow කරන්න. පොතේ නම තමා The Lean Startup කතුවරය Eric Ries. ඔහුට පින් සිද්ද වෙන්න ඕන.

මුලින්ම හොද Inovation Idea එකක් හොයාගන්න. ඊට පසුව මේ පොත කියවන්න. තව Startup  ගැන අධ්‍යනය කරන්න.කොහොම හරි සාර්තකත්වය කරා යන්න. පහල ලින්ක් එකෙන් පොත Download කරගන්න. පුලුවන් කෙනෙක් ඉන්නවනම් පොත සිංහලයට පරිවර්තනය කරන්න. ගොඩක් අයට වැදගත් වෙයි. මට Typing  වලට වෙලාව තමා නැත්තෙ. පුලුවන් වුනොත් සිංහල  Audio Book එකක් හදල දාන්නම්. ඔන්න එහෙනම් මම නවතිනව

http://www.filestube.com/b26dc57a8b058cbf03eb/go.html
Read More
// // Leave a Comment

නාමල් යායේ අවුරුදු සුභ පැතුම් විදගන්න.


ජීවිතය හරිම සුන්දරයි කියල මට හිතුන වාර ගනන අනන්තයි? 
මොකද මාගේ විනොදාන්ශය තමා එදිනෙදා ජීවිතයේ මට චිදින්න වෙන ප්‍රශ්න වලට Solution, Electronic චලින් හෝ Software වලින් සොයන්න Try කිරීම ඒක මගේ සතුටට හේතුවෙන්නෙ ඒ විසදුම් සමාජය ප්‍රයෝජන ගන්නව දැකීම.

ලඟකදි ඉදල මගේ ජීවිතය අසුන්දරයි කියල හිතුන වාර ගනනත් අනන්තයි?
මොකද කවදාවත් නැති විදියට මගේ ජිවිතයට ලංවූ කෙනෙක් නිසා. ඒ හැගීම් මට අයිති කරගන්න බැරි බව දැන දැනත් හිත පිස්සු කෙලිනව. මට මේකට Electronic වලින් හෝ Software වලින් Solution එකක් හොයන්න බැරි නිසාද මම දන්නෙ නෑ මට මේ කාරනෙයෙදි හිත හදා ගන්න බැරි. කොහොම වුනත් ඒ ළමය මාත් එක්ක සුහඳව ඉන්නවනම් ඒකත් හිතට සැනසීමක් කියල හිතෙනව. කියන්න තියෙන දේවල් කියන්න බැරි වුනොත් තාක්ෂනික ලිපි වලින් මිදිල ඒ හැගීම වලින් නාමල් යාය ලස්සන කරන්න මට හිතෙනව.

ජීවිතය සමබර කරන්න දෛවය කරන සරදමක් මේ අවුරුදු කාලෙ මම අත් විදින අතරෙ බ්ලොග් අවකාශෙ මගෙ යහළු යෙහෙලියන් මතක් වුනා

ඉතින් නාමල් යායේ තාක්ෂනික මිහිර විදින්න  එන යන ඔයාලට  ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුන්දර වේවායි එක හිතින් පතනව!!!


Read More
// // Leave a Comment

Facebook E-mail Notification වදයක් වෙලාද?

පසු ගිය දවසක මගේ යාළුවන් කීපදෙනෙක් කතාබහකට සෙට්වුන මට පැහැදිලි වුන කාරනයක් තමා ඔය දාල තියෙන මාතෘකාව. ඉතින් උන් අන්තර්ජාලය පිළිබද මනා දැනුමකින් යුතු සෙට් එකක්. එහෙම උන්ටත් මේ ගැටලුව තියේනම් තව කී දෙන්ක්ට මේ ගැටලුව ඇත්ද කියල හිතුන නිසා උන්ටත් කියල දීල Blog post එකක්කුත් දන්න හිතුන. මම නම් මේ ක්‍රමේ ගොඩක් කල් ඉදල බාවිතා කරන ක්‍රමයක්. Facebook Seting සහ Gmail වල e-mail managing method තමා use කරන්නෙ. ඉතින් ගොඩක් අයට තනියම හිතල විසදගන්න පුලුවන් ගැටලුවක්, ඒත් බ්ලොග් අවකාශයේ මේ ප්‍රශ්නෙ තාමත් තියෙන අයට වැදගත් වේවි.

මුලින්ම මේ මේල් එවන ෆේස්බුක් එකේ සෙටින්ග් ගැන අවදානය යොමු කරමු.
මුලින්ම Account Setting වලට ගිහින් Notification ලින්ක් එකෙන් ඔයාලට All Notification වල එක එකක් ඉදිරියේ Edit වලින්  වැදගත්ම Notification සඳහා පමනක් Tick කරන්න.




දැන් බලමු එසේ ලැබෙන E-mail ටික මගිනුත් Inbox එක පිරෙන්නෙ නැතිවෙන්න e-mail ටික Manage කරගන්න විදිය. එතකොට Facebook මගින් ලැබෙන mail ටික Facebook යටතේ Group වනු ඇත.

ලැබිල තියෙන Facebook E-mail Notification එකක් විවෘත කරගන්න.
දැන් ඉහලින් ඇති More Link එක Click කරල Filter messages like these මත Click කරන්න.



ලැබෙන  මෙනු එක මත ඇති Create filter with this search >> මත Click කරන්න.



රූපයේ දැක්වෙන පරිදි Tick දමා Apply the label ඉදිරියේ Chose label  ලින්ක් එකට ගොස් New Label මගින් Facebook ලෙස Label  එකක් Create කර නිල් පාටින් දැක්වෙන Create Fiter Button එක Click කරන්න. දැන් ඉති විසදුම ක්‍රියාත්මකයි.




හොදයි අවුරුද්ද ඉවර වුන ගමන් University එකේ Exam ඊට පසුව තමයි Computer Trix අරගෙන මේ පැත්තෙ එන්න වෙන්නෙ. අලුත් Software  එකකයි Electronic Device එකකයි වැඩට බහින්නත් තියෙනව, Namal Dictionary 2012 Release කරන්නත් තියෙනව. ඉතින් අලුත් නාමල් යායෙ අලුත් විස්තර Facebook ඉදල දැනගන්න Namal Yaya Facebook Page එකටත් like එකක් දන්න.
Read More

Tuesday, April 10, 2012

// // Leave a Comment

මම තරහා නැ තරහා වනු බෑ (mama tharahaa na tharahaa vanu ba)

හිතට දැණුන වේදනාව
පහුගිය දවසක වුන සිදුවීමක් නිසා හිතට දැනුන සින්දුවක් නෙට් එකේ ගහල බෑලුව Lyrics සහිත Image එකක් හොයාගන්න පුලුවන්ද කියල බලන්න. ඒත් තිබ්බෙ නැ. ඒ නිසාම මට ඒක හදන්න වුනා.






මම තරහා නැ... තරහා වනු බෑ...
එතරම් පෙම් කෙරුවා .......
මම මගෙ දිවි නොතකා......... //

ඔබපිදු පෙම් මල කෙලෙසද ....
පෙති කඩා පෑ..ගුවෙ දෙපයට //
වාවන්න බැ... දුක් මසිතට
ආ...දරෙයි තාමත් ඔබ හට

මම තරහා නැ... තරහා වනු බැ....//

අද මගේ දිවියම ගිනි ගෙන
ගිනි ගනී... තැනූ... පෙම් කූඩුව //
විදවන්න පවු නැ ඔබහට
විදවන්න දිරි ඇත පෙම් දුක

මම තරහා නැ... තරහා වනු බැ... //
   


Read More