Monday, July 18, 2016

// // Leave a Comment

පෙම් සිහිනේ ඇයි බිදුනේ - Pem Sihine Ay Bidhune



http://www.ananmanan.lk/free-sinhala-mp3/song/423/pem-sihine-ay-inne-ma-hara-giye-kumariye-obai-namal-udugama-sinhala-mp3.html

පෙම් සිහිනේ ඇයි බිදුනේ..
මා හැරගියේ කුමරියෙ ඔබයි
වරද මාගේ නොවෙයි
තාම මම ආදරෙයි...//

මාගෙ පැල්පතේ ඉසුරු නෑ කියා
ඔබ මගෙන් වෙන් උනා
වෛරයක් නෑ හිතේ තාම මම ආදරෙයි
සමුගෙන ගියදා යලි සිහි වීලා
හැඩුවාදෝ ආයේ...

 පෙම් සිහිනේ...

නිහඬ රාත්‍රියේ සුවද ගෙනාවේ
අහිමි වූ ආදරේ තමා මම ආදරෙයි මං අදරෙයි
ඔහු හා බැදිලා වෙනතක යනවා
මා අමතක කරලා...

පෙම් සිහිනේ...
Read More

Friday, July 15, 2016

// // Leave a Comment

වෙන්වී ගියත් පෙරදා - Wen Wee Giyath Perada

වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා
මතකයිද කීවා මගෙමයි කියා
හිත නොරිදවා වරදක් පිළිගත්ත නම් එදා
අපි ඉන්නෙ තාමත් අපගේ වෙලා

තේරුම් ගියා නම් ඇති පණ මගේ
නෑ වැ‍රැද්දක් වී කියා මගෙ අතේ
ඉන්න සතුටින් මගේ ආයුෂත් ගෙන ළදේ

ඔබට ආදරේ කෙරුව කාළයේ හැම මතක හිත දවනවා
අහිමි වූ ඔයා එන්නෙ නෑ කියා වැටහෙද්දි දුක හිතෙනවා
පන්තියේ යාළුවෝ ඉඳහිටත් මුණ ගැහිලා ඔයා කෝ අහනවා මගෙන්

ඔබගේ ළඟ ‍රැදී ගෙවුණු ජීවිතේ පණ සේම මට වටිනවා
ඔවුගෙ ලෝකයේ පැතුව ආදරේ හිමිවෙන්න සුභ පතනවා
පන්තියේ යාළුවෝ ඉඳහිටත් මුණ ගැහිලා ඔයා කෝ අහනවා මගෙන්

වෙන් වී ගියත්....


http://www.ananmanan.lk/free-sinhala-mp3/song/6889/wen-wee-giyath-perada-ruwan-hettiarachchi-sinhala-mp3.html

Read More

Tuesday, July 5, 2016

// // Leave a Comment

ඉංජෝ වෙන්නට ( Enjo wennata) Fun song by University of Ruhuna

Read More

Wednesday, June 1, 2016

// // 3 comments

විරහ වේදනාව පාලනය/සමනය? (How to ease the pain of separation.)


විරහ වේදනාව කියන්නෙ තරුණ කාලෙ ගොඩක් දෙනෙක්ට විදින්න වෙන ඉතාම දරුණු වේදනාවක් කියන එක කියනවට වඩා ඉතින් ඒ වේදනාව විදලම තමයි දැන ගන්න වෙන්නෙ ඒකෙ දරුණු කම. මොකද මටත් ආදරේ දැනෙන්න කලින් විරහ වේදනාව විදින අය දැක්කත් හිතුවෙ නෑ ඕක ඔය තරම් අමාරු දෙයක් කියල. කාලයත් එක්ක ඔය ඕන ප්‍රශ්ණයක් විසදලා ගියාට ඒ වේදනාව ගොඩ කාලයක් තියෙනව කියන එකත් අත්දැකීමෙන්ම ලබන්න ඕනි. සමහරු මේ වේදනාව විදදරාගන්න බැරුව සිය දිවි හානි කරගන්න තත්වයට ඇද වැටීම අරුමයක් නොවේ යන්නත් කියන්න ඕනි. ඒත් ජීවිතේ කියන්නෙ කෙනෙක්ට ආදරය කිරීමම නෙවෙයි. විද්‍යාත්මකව ඔප්පු කරල තියෙන විදියටනම් අපේ ජීවිත කාලෙන් ආදරේ සහ Sex වෙනුවෙන් ගත කරන්නෙ ජීවිත කාලෙන් 1%ක් තරම් ප්‍රතිශතයක්ලු. දවස් ගාන අනුවනම් දින 200ටත් අඩුයි. ඒත් ආදරේ නැති වෙලා ගියාම දැනෙන දුක අනිත් හැමදේටම වඩා ලොකු කියන එකනම් තර්කයක් නෑ. ජීවිතේ ලොකු දෙයක්. ඒක තේරුම් ගන්න රාමුවෙන් එලියට හිතන්න වෙනව. ‍රැඩිකල් වෙන්න වෙනව. සාමාන්‍ය මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලින් එහාට හිතන්න වෙනව. රගය කියන්නෙ මිනිස් සිතේ පිළිසිදෙන ආශාවලින් බලවත්ම ආශාව. ඒක ඉ‍ටු කරගන්න ඕනි තරම් ක්‍රම තිබ්බත් තමාගෙ සිතුම් පැතුම් වලට ගැලපෙන කෙනා සොයාගන්න ලේසි නෑ කියන කාරනාව නිසාද මන්ද ආදරේ කියන එකෙන් ඇතිවන විරහව ඉතාම දරුණුයි. මේ දවස් වල ගොඩක් අය ආදරේ හේතුවෙන් වස බීල/ඟගට පැනල/ගිනිතියාගෙන මැරිල තමන්ගෙ විරහ වේදනාවෙන් මිදෙන්න උත්සාහ කරන නිසා මම හිතුව මගේ අත්දැකීම් Share කරල කාගෙ හරි ජීවිතයකට සහනයක් වෙන්න. මොකද මැරුන කියල ගිය අයගෙ හිතේ ආදරයක් ඇතිවෙන්න නැති නිසා.. මොකද ඕනම කෙනෙක් අපිට ආදරේ කරන්නෙ අපෙන් එයා ආස දේ ගන්න. ඒකට තමයි කාටවත් විස්තර කරගන්න බැරි ආදරේ කියල නාමයක් දාගෙන දඟලන්නෙ.

ජීවිතේ කියන්නෙ හෙට උනත් සුවර් නැති දෙයක් නිසා අපේ ජීවිතෙන් පවුලට, සමාජයට, රටට, ලෝකෙට ලොකු වැඩක් කරන්න තියේනම් මේ මොනවත් වටින්නෙ නෑ නේද කියන සිතුවිල්ල හිතට ආවත් විරහ වේදනාව පාලනය කරගන්නෙ නැතුවනම් මොන සිතුවිල්ල සිතට ආවත් පරාජය වෙනව. විරහ වේදනාව ටික කලක් යද්දි නොදැනීම අපේ හිතෙන් වියකිලා ගියාම ඔයාට දැනෙයි ඔයා වැරදි තීරනයක් අරන් ජීවිතේ නැති කරගත්තනම් මොන මෝඩ කමක්ද කියල. 

විරහ වේදනාව කියන දේ නැත්තටම නැති කරන්න නම් ඉතින් සියදිවි හානි කරගත්ත කියල වැඩක් නෑ.. මොකද බුදු දහමෙ හැටියට සිය දිවි හානි කර ගන්නව කියන්නෙ ඉතින් ලොකුම පවක්. මිනිසත් බව ලබන්න කොච්චර පිං කරන්න ඕනිද. ඒ ඔක්කොම වතුරෙ යන්ව අන්තිමට. එක හරියට Video Game එකක Coin 1000ක් ගෙවල Enter වෙලා වෙඩිකාල මැරුණම ආයේ Coin 1000ක් හොයන්න කාලය වැය කරනව වගේ. ඒත් ඒ තරම් ලේසි නෑ.. මතක තියාගන්න.

හරි හරි දැන් බලමුකො මේ විරහව පාලනය කරගන්න අපිට මොනවද කරන්න පුලුවන් කියල. පාලනය කරනව කියල කිවුවෙ මේකෙන් සම්පූර්ණයෙන්ම  මිදෙන්න නම් ඉතින් බුදු දහමෙ හැටියට මාර්ග ඵල ලබන්නම වෙනව. ඒත් ඉතින් මේ වේදනාව තියාගෙන නම් මාර්ග ඵල ලබන්න බෑ.. ඒකට ඉස්සෙල්ලම ඒ වෙදනාව පාලනය කරගන්න වෙනව. එනම් අඩු කරගන්න වෙනව. මම මේ කියන දේවල් මම විසින් හොයාගත් ක්‍රමයක් මිසක් විද්‍යාත්මකව ඔප්පු කරපුව නෙවෙයි. ඒ නිසා ඔයත් මේ වෙදනාවෙන් දුක් විදිනවනම් අත්හදා බලල Progress එක පහල Commet කරල යන්න අමතක කරන්න එපා.. ඒ වගේම ඔබගෙ දුක තව කාට හරි කියන්න පුලුවන් නම් ගොඩාක් වටිනව. ඒත් එහෙම කරන්න බැරි විටදි මේ Steps ගොඩක් වටීවි.

Method 1
මේක මම පසුව ලියන කාරනයක්. ඒ මට මේක ගොඩක් දුරට හිතට සහනයක් උන නිසා. අපිට විරහ වේදනාව ගොඩ්ක් දුරට නැගෙනනෙ පසුගිය දේ පිළිබඳ අතිවන පසු තැවිල්ලෙන් සහ ඉදිරිය පිළිබඳව ඇතිවන සැකය, බිය හේතුවෙන්. ඉතින් ඒකට හොඳම විසදුම තමයි ඇය/ඔහු ඔබව දාල ගියත් යලි දවසක ඇය/ඔවුව ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනව කියල සිතන සිතුවිල්ල. එදාට පසුගිය කාලෙ සිදුවූ වැරදි අඩුපාඩු වලින් පාඩමක් ඉගෙනගෙන ලස්සනට ජීවිත් වෙන ආකාරය සිහියට නගන්න. මෙය ඔබගේ සිතට සහනයක් වනු නොවනු මානයි. ඒ වගේම පුලුවන් නම් ඒ වෙනුවෙන් පිං දහම කරන්න. අනාගතේ දවසක විශ්වය විසින් ඔබට සාදාරනය ඉ‍ටු කරනු ඇති. එදාට ඔබේ සැබෑ සන්සාරගත ප්‍රේමය ඔබට හමුවී තිබෙනු ඇති.

මතක තියාගන්න සමහරවිට ඔබව හැරගිය ඇය/ඔහු ඔබේ ලග සිටියත් ඔබට ඔයිට වඩා දුක උරුම වන්නටත් පුලුවන් කම තිබෙන බව. ඒ නිසා ඔබ ඉන්න තනින් උපරිම ප්‍රයෝජනේ ගන්නෙ නැතුව වෙන විදියකට උනානම් කියා පසුතවිලි වීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව. බුදුන් වහන්සේ පවා මංගල කාරනා වලදී කියා තියෙනවනේ දුක් වෙන්න එපා කියල. ඔබට පාලනය කරගන්න බැරි තැන්ගැන වදවෙන්න ඔබට අයිතියක් නෑ. ඒ මොකද ඒ දේවල් සිද්ද වෙන්නෙ විශ්වයට ඕනි විදියට. ඒ නිසා ඔබට පාලනය කරගන්න බැරි තැන් ගැන වද වෙන එක නවත්වල ජීවීතේට පොඩි විරාමයක් දෙන්න. ජීවිතේ ටික කාලයක් රස විදින්න විනෝද වෙන්න. යාලුවොත් එක්ක ටිකක් කාලය ගත කරන්න. ‍ෆිල්ම් බලන්න. ක්‍රීඩා කරන්න. මටනම් වැඩකලේ මොබයිල් ගේම් එකක්. Plant Vs Zombies

Method 2
ඉහත ක්‍රමය සාර්තක් උනේ නැතිනම් මේ ක්‍රමේ Test කරන්න පුලුවන්.  මේ ක්‍රමේන් හිතේ දුක ඉක්මනින් ඉවත් වෙන එකක් නෑ. ඒත් මේ තුල තිබෙන විශේෂත්වය තමයි මේ තුල ඔබේන් උන වැරදි අඩුපාඩු පිළිබඳ ස්වයං අධ්‍යනයක යෙදෙන්න පුලුවන් වීම.
 
Step 1) මුලින්ම ඔබේ වේදනාව උපරිමයටම ගෙන යන්න පුලුවන් අම්බානෙට හිතට දැනෙන විරහ ගීතයක් ‍තෝරාගන්න. කවුරුවත් නැති තැනක තනිවෙලා මේ ගීතය ඇති තරම් අහන්න. බය/ලැජ්ජ වෙන්න එපා මේ වලාවට ඇති තරම් අඬන්න. 

(ඇඬීම කියන්නෙ මිනිසාගේ අසමතුලිත හැගීම් වලට බලපාන රසායනයන් අපේ ශරීරයෙන් ඉවත් කරන්න දීපු උපක්‍රමයක්. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මනසික රෝගින් වැඩි වශයෙන් සමාජයේ සිටින්නෙ පිරිමි වීමට හේතුව පිරිමි අඩන්න බය හෝ ලැජ්ජ වීමයි. ඇඬීම වගේම ස්වයං වින්දනයත් (Masturbation) මිනිස් සිත තුල සහන සීලී සිතුලි නිපදවන්නට අවශ්‍ය හෝමෝන නිදහස් කරන බව මතක තියාගන්න.)

Step 2) Step 1 නැවත නැවත සිදු කරන්න. එක දවසකින් ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි මේක. ඒ වගේම එකම සින්දුව හොඳද. වෙනත් විරහ ගීත ඒ අතරෙ අහන්න එපා.. මෙහි රහස නම් ඔබ අත්දැකීමෙන්ම දන්නව ඇති එකම සින්දුව අපි කීප දවසක් අහනකොට එපාවෙලා යනව. අන්න ඒ වගේ ඔබ අහන විරහ ගීතය ටික දවසකින් ඔබට එපා වෙනව. ඒ එපා වීමත් සමග ඔබේ හිතේ ඒ ගීතය සමග මතු වූ විරහ හැගීම් සියල්ලද නැතිවී යනු ඇති.

Step 3) ඔබ සින්දුව අසන අතර තුරේ ඔබට ඇය/ඔහුගේ ආදරේ,හොඳ ගතිගුන ආදිය මතක් වෙයි ඒ වෙලාවට හිතෙයි මේ වගේ ආදාරයක් මම කොහොම හොයාගන්නද කියල. ඒ සිතුවිලි වලට ඉඩ දෙන්න. හැබැයි ඒ ගැන හිතල අඬන්න. ඇයට/ඔහුට කියන්න තියෙන දේවල් කොලයක ලියන්න. ඒ දේවල් ඇයට/ඔහුට ලැබෙන්න සලස්සන්න පුලුවන් නම් හොඳයි. එහෙම බැරිනම් ඒව දුන්න කියල හිත හදා ගන්න. ඒව දුන්නම තවත් ප්‍රශ්ණෙ වැඩිවෙයි කියල හිතෙනවනම් නොදී ඉන්න එක හොඳයි. ඔබට ඔබගේ වැරදි මතක් වෙයි. ඒව ගැන හිතල අඬන්න. ඒවන් වැරදි ආයේ කරන්නෙ නෑ කියල තමාටම පොරොන්දු වෙන්න. මොකද මිනිස්සුන්ට වරදිනව. ඒව හදාගෙන ඉස්සරහට යන්න එක තමයි කරන්න ඕනි. අත්දැකීම් තියෙන්න ඕනි ජීවිතේ ලස්සන වෙන්න. හමදේම තවකෙනෙක්ගෙන් ඉගෙන ගන්න බෑ නේ.. ඒත් කතාවක් තියෙනව හැමදේම අත්දැකීමෙන් ඉගෙන ගන්න ගියොත් ජීවිතේ ලස්සන කරගන්න අයුෂ මදිවෙනව කියල. ඒ නිසා පොත් පත්, Film, ටෙලි නාට්‍ය, උගත් පුද්ගලයන්ගෙන්, යාළුවන්ගෙන් ඉගෙන ගන්න.

(මටනම්  ජීවිතේ ඉගෙන ගන්න ඕන Film බලන්න කාලයක් තිබ්බෙ නෑ.. මට තිබ්බ ඊට වඩා දේවල් ඉගෙනගන්න. ඒ නිසා මම ජීවිතේ ගැන ඉගෙන ගත්තෙ අත්දැකීම් වලින්. ඒ අතින් මම දුර්වලයි. ඒත් අපේ ජීවිතේ හැමදේම කරන්න බෑනේ.. මග ඇරෙන දේවල් ඕනි තරම් තියෙනව. සමාජය වෙනුවෙන් ලොකු දෙයක් කරන්න තියෙන හීනෙ විතරයි මට තියෙන්නෙ.)

Step 4) සින්දු අහන අතරෙ මේකනම් අනිවාර්යෙන් කරන්න. පුලුවන් තරම් ඇයගේ/ඔහුගේ අඩුපාඩු ගැන හිතන්න. ඒ වගේම මේ රටේ ඕනි තරම් කෙල්ලො/කොල්ලො ඉන්නෙ ඇයි මම මේ එක්කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්න කියන වගේ සිතුවිලි හිතන්න. ඒ වගේම වෙන කෙනෙක්කුගේ ලස්සනක්/ගුන යහපත් බවක් සමග සසදා බලන්න (හැබැයි ආදරේ කියන තැනදි ඒ වගේ සිතුවිලි ගැලෙපෙන්නෙ නෑ තමයි, එහෙම කරන්න එපා. ඒත් වැදගත් වෙන්නෙ ඉක්මනින් ඔයාගේ හිත හදා ගැනීම). ඒ වගේම් මේ ගත්ත හුස්ම ටික ඔබගේ/ඔහුගේ/ඇයගේ අවසන් හුස්ම පොද විය හැකි බව සිහි කරන්න. ඔහු/ඇය සමග එකතු වීමෙන් තව ප්‍රශ්ණ ඇති වී තව තවත් වේදනාව පත් වෙන්න පුලුවන් නේද කියල හිතන්න. කෙතරම් ලස්සන/ගුනයහපත් උවත් ඒ සියල්ල කෂනයකින් නැති වෙන්න පුලුවන් දේවල් නේද කියල මෙනෙහි කරන්න.


Step 5) ජීවිතයට නව අභියෝගයක්/අරමුණක් ලබාගන්න. ඇය/ඔහු ඔබව දාල යෑමට හේතුව පරාජය කරල ඇයගෙ/ඔහුගෙ ආදරේ නැවත ලබාගන්න වගේ හැගීම් (නරක දෙවල් නම් කරන්න එපා. ආයෙ කරදර වැඩි වෙන එක විතරයි.). එහෙමත් නැත්නම් පවුලට, සමාජයට, රටට ඔබට කරන්න පුලුවන් දෙයක් වෙනුවෙන් නව අරමුණු ඇති කරගන්න. හැබැයි හොඳ දේවල් හොඳද.


Step 6) ටික දවසක් ඉහත Steps කරල ඉවරවෙද්දි ඔබට සින්දුවත් එපා වෙලා ඔබගෙ විරහ හැගීමුත් ඉවර වෙලා තියේවි. නමුත් ආයෙ මේ සිතුවිලි ඔබේ හිතට එන්න ඉඩ තියෙනව. එහෙම නොවෙන්න ඔබ ඔබගේ කාළය නව අරමුණු වෙනුවෙන්, විනෝදංශයක් වෙනුවෙන්, හෝ යාළුවන් වෙනුවෙන් හෝ යොදවන්න. වැරදිලාවත් ආයේ මේ සිතුවිලි ඔබගේ හිතට ආවොත් නැවත වෙන සින්දුවක් ‍තෝරාගෙන ඉහත Steps පිළිපදින්න. හැබැයි සින්දු දෙකකට එහාත් ඔබගේ වේදනාව පහව යන්නෙ නැත්නම් වෙන උපක්‍රමයකට යන්න.


මේ විරහවට  වෛද්‍ය වරයෙක්  බෙහෙත් අනුමත කරන්නෙ නෑ. කොහොම උනත් ඔබට මේ විරහව පාලනය කරගන්න තවදුරටත් අමාරුනම් මානසික වෛද්‍ය වරයෙක් හමුවෙන්න. එය ඔබටත් ඔබගේ පවුලේ අයටත් හෝ ඔබට අහිමි වෙලා කියල හිතුනත් ආයෙ ලැබෙන්න පුලුවන් ඇය/ඔහු වෙනුවෙන් කරන්න. ඔබගේ අදහස්/යෝජනවා/Progress එක පහලින් Comment කරල යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබට හිතට දැනුන විරහ ගීතය පහලින් Comment කරන්න.

ආදරේ දිනාගන්නකම් අපිට ඔහු/ඇයගෙ හොඳමයි පේන්නෙ. ආදරේ දිනා ගත්තායින් පස්සෙ අපිට පේන්නෙ ඇයගෙ/ඔහුගෙ අඩු පාඩුමයි. ඉතින් ආදරේ කරන අයට මම දෙන උපදේසෙ නම් ඔය දේවල් තෙරුම් අරන් ආදරේ කරන්න. ආදරේදි ඔබෙන් උන අඩුපාඩු ගැන සටහනක් තබාගෙන ජීවිතේ ඊලග ආදරයට සාධාරනයක් ඉ‍ටු කරන්න වග බලාගන්න. ආදරේ කරද්දි ඕනි තැනක රන්ඩු සරුවල් ඇතිවෙනව. අපි පොඩි කාලෙ ඉදල හදාගත්ත දෙමාව්පියන් සමගත් ප්‍රශ්ණ ඇති වෙන එකේ ජීවිත ගමනෙදි අතරමගදි හමුවූ කෙනෙක් ස්මග ප්‍රශ්න ඇති නොවී තියේවිද. වැදගත්ම දේ තමයි ඒ වෙලාවට එක එක දේවල් කියල වාද කරගත්තට ඒ දේවල් මතකයේ තියෙන්නෙ නෑ. ඒ නිසා වාද කරන එක නවත්තල ප්‍රශ්නෙට විසදුම සොයන්න. දෙන්න එක්කෙන්ක් බව නොව දෙදෙන්ක් බව සිහි තබාගන්න. ඒ වගේම මොන රන්ඩු ඇතිවුනත් සම්බන්දෙ නවත්වන එක හොඳ විසදුමක් වෙන එකක් නෑ. ඒ වචනෙ සහ අනෙකාට අපහාස කරන එකනම් කවදාවත් කරන්න එපා. අනෙකාට ගවුරව කරන්න හොදට ඉගෙන ගන්න. ආදරේ කරද්දි වරදින තැන් සහ ආදරේ උපරිම විදින්න කලයුතු දේවල් ඉගෙන ගත්ත වෙලාවට ඒදේවල් ලිස්ට් එකක් හදාගෙන මතකයේ තබාගන්න. ජීවිතේ සරල වෙනතරමට ප්‍රශ්නත් අඩුයි ඕං. ජීවිතේ දුක් කම්කටොලු එමටයි. ඒවගෙන් පාඩමක් ඉගෙන ගෙන ජීවිතේ ඉදිරියට යන්න ඔයාටත් ලැබෙන්න කියල මම පතනව.

Read More

Saturday, May 28, 2016

// // 18 comments

The Engrisi Dictionary 2016 (Free Download English Sinhala Dictionary - ICTA Awarded)

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහක් පමණ දැනට භාවිතයට ගන්නා දෙදහස් දොළහ වර්ෂයේ ICTA - e-Swhabhimani සහ SLIC - Dasis සම්මන හිමි කරගත් English-Sinhala Language Translation & English Learning සඳහා පහසුකම් ‍රැසක් සපයන Engrisi Dictionary 2016 මෘදුකාංගය ඔබට මෙහිදී Free Downlaod කරගත හැක.

අලුත් Version එකේ අලුත් වැඩක් කියල Google Translator එක කෙලින්ම එකතු කරගන්න පුලුවන් උනා. මේ Feature එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතනව. මොකද එය Subtitle Translator එකටත් වැඩ හින්ද ඔයාලට පුලුවන් English Film එකක් බලන්න සිංහල Subtitle නැතුව. English ඉගෙන ගන්න ආස අයටනම් ඒක ගොඩක් ලොකු දෙයක් වෙයි. ඒ වගේම Dictionary එකේ තියෙන වැඩ ටික ගොඩක් අය හරියට දන්නෙ නෑ.. ඒ නිසා මම හිතුව Tutorial Video එකක් කරන්න ඕනි කියල. ඔන්න ඉතින් යන්තම් එකත් ගොඩ දා ගත්ත. Video Size: 15Min, 60MB.



සෑම අවුරුද්දකම ජනවාරි 1 අලුත් Version එක ලබා දුන්නද මේ අවුරුද්දේ අධික වැඩ සහ කරදර මධ්‍යයේ පරක්කු වූවාට සමාවෙන්න කියල මෙය බාවිතා කරන අයගෙන් මම ඉල්ලා සිටිනව. මොකද සෑහෙන්න Comments තිබ්බ ඉක්මනට ලබා දෙන්න කියල. ඉතින් මගේ උපන් දිනේ දවසටවත් මේක රිලීස් කරන්න ඕනි කියල හිතා ගත්ත. ඔන්න ඉතින් මගේ උපන් දිනේ වෙනුවෙන් නාමල් යායට යන එන පාඨකයන්ට මගෙන් තිලිණයක් විදියට The Engrisi Dictionary 2016. නව අදහස්, යෝජනා, චෝදනා, Errors ආදිය Comment කරල යන්න ඕනි හොඳද. ඔබේ යාළුවන්ටත් මේකෙ ප්‍රයෝජන ගන්න ලබාදෙන්න කාරුණික වෙන්න. ඒ සඳහා පහල Share Button එක Click කරන්න. පහල Share To Download link එක Click කරල Free Download කරගන්න.


ඔබේ හොඳම යාළුවාටත් දැන ගන්න Share කරන්න


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්. ඒ සඳහා පහල Like Button එක Click කරන්න.


ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එම මුදල සොයා ගැනීමට හැකි වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ඔබ කැමතිනම් ඒ සඳහා ඔබටත් දායක විය හැක.  
  

Advertisement එකක් මගින් ඔබගේ සහය පලකරන්න කැමතිනම් Subject එක Ads ලෙස යොදා e-Mail එකක් namalyaya[at]gmail.com වෙත යොමුකරන්න.
ස්තුතියි.

Features of the Engrisi Dictionary 2016



1) Subtitle Translator for KMPlayer
ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි භාවිතා කිරීමට අවස්තාවක් නොමැති වීම තමයි කාටත් තියෙන ප්‍රශ්නෙ. එහෙනම් English Subtitle විතර්ක් දාගෙන Film බලල ඒ අවස්තාව ලබාගනිමු. එම ක්‍රියාවලිය පහසු කරන්න තමයි මේ Tool එක.
2) Top 10 Words of The Day
ඉංග්‍රීසී භාශා විශේෂත්න්‍යයන් කියන්නෙ හොදින් ඉංග්‍රීසි කතා කිරීමට විශේෂ වචන 4000ක් දැනගත්තම ඇති කියල. ඒ විශේෂ වචන දවස ගානෙ පහසුවෙන් මෙනෙහි කිරීමට තමයි මේ Tool එක.
3) Web Browser & PDF Readers Support
Document එකක් කියවීමේදී English වචනයක තෙරුම දැනගන්න ගියාම වද විදින්න ඕනි නෑ. වචනෙ උඩ Double Click කරන්න විතරයි තියෙන්න.
4) Singlish Keyboard for Windows
සිංහල යුනිකෝඩ් ක්‍රමයට අකුරු සිංහල Type කරන්න Singlish (SMS) ක්‍රමය භාවිතා කරන්න පුලුවන් අවස්තාව ලබාදෙන Tool එකක්.
5) History & Favorite
Search History එක පහසුවෙන් Access කරන්න පුලුවනි.
6) Easy Search in the Web
7) Various Searching Options
8) Auto Search
9) Optical Character Recognize - OCR
10) Learning Tools
11) Learning Games
විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රම ඕනි තරම්.
12) English, Sinhala & Singlish (SMS Like) Typing
සිංහල වචනයක තේරුම හොයන්න හරිම පහසුයි.
13) English Meaning or Sinhala Meaning
කැමතිනම් Defenition එක English වලින්ම බලාගන්න.
14) Speech
15) Google Translator Support
16) Useful Settings for Customization

ඉහත සියළුම Features බාවිතා කරන අයුරු Engrisi Dictionary එකෙහි Main Menu එකේ ඇති "Help" ඔස්සේ ඉගෙන ගත හැකිය.


Flag Counter

Read More