Wednesday, February 29, 2012

// // 1 comment

ඇයි මේ රුහුණත් පේරත් - Why This Kolaveri University Version Song.



වර්ථමානයේ විශ්ව විද්‍යාල වල පවතින අර්බුදය කවුරුත් දන්නවනේ. එම ප්‍රශ්නය විහිදුන පැති රාශියක් තියෙනව. විශ්ව විද්‍යාල සිසුන් ඒ පිළිබඳ හොඳ අවබෝදයකින් තමා ඉන්නෙ. ඉතින් ඒ ගැන ලියවුන ගීතයක් ගැන කියන්න තමා මම මේ ලිපිය ලියන්නෙ.

පසු ගිය දිනවල අපේ ජූනියර් බැච් එක වෙනුවෙන් සංවිධානය වුන නවක සිසු සාදයේදී ප්‍රදර්ෂනය උදෙසා තමා අපි මේ නිර්මාණය කලේ. මේ ගීතයේ මූලිකව අදහස මම ගෙනාවත් මෙහි ගීතය රචනා කිරීමේ කාර්ය්‍ය කරන ලද්දේ ආට. Science සිසුවෙක් උනාට පොර Art වැඩ වලට කියාපු පොර. එතකොට ගීතය ගායනා කලේ නව්ව සහ බන්ටි. එතකොට Music සහ Video Concept, Video Editing (Produce) ටික කලේ මම. මේක කරන්නෙ අන්තර්ජාලෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න වුනා. ඒක ලොකු දෙයක් මට මේ නිසා ලැබිච්ච.

ලෙක්චර්ස් මැනේජ් කරගෙන සතියක් ඇතුලත වගේ කෙටි කාලෙකින් තමා නිර්මාණය කලේ. ඒ නිසා මේ සඳහා මගේ උපරිමය යොදවන්න අමාරු උනා. ඒත් හොඳ මට්ටමකට ගීතය ගේන්න පුලුවන් වුනා. ඉතින් මිඩ් එක ඉවර වෙලා පටන් ගත්තු සතියෙම නවක සිසු සාදය පැවැත් වූ නිසා ඒ සතිය කාර්ය්‍ය බහුල වූ නිසා කට්ටිය එක්වන තැනට කට්ටිය ඉන්න වෙලාවට යන්නත් බැරි වුනා. ඉතින් ගීතයේ වැඩ නිසා ජූනියස්ල මාව හරියට අඳුනනෙත් නැති වීම වගේ අමිහිරි අත්දැකීමුත් ලැබුණ. මොකද ඔය සතියෙනේ ගොඩක් කට්ටිය අඳුනගන්න සෙට් වෙන්නෙ.

ඔන්න එහෙනම් කට්ටියම බලන්නකෝ රුහුණෙ සයන්ස් එකේ වැඩ. පණිවුඩයක් ගෙනියන්න තමා නිර්මාණය කලේ. ඒ නිසා ගීතය Share කරන්නත් අමතක කරන්න එපා.


Read More

Friday, February 24, 2012

// // 3 comments

SL 1st Inventors Forum.

2012.02.24 එනම් ඊයේ දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Inventor Forum එකක් සංවිධානය කිරීමට Sri Lanka Inventor Commission (SLIC) එකට හැකිවුනා. දීපාල් සූරිය ආරච්චි මහතාගේ අලුත් නායකත්වයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ නවවිපැයුම් කරුවන්ගේ කොමිසම සාර්ථකත්වය කරා ගමන් කරන බවනම් මනාවට පැහැදිලි වේ. ඉහත වැඩසටහනේ සම්පූර්ණ දායකත්වය දරමින් වැඩසටහන පැවත්වීම සිදුකලේ Sri Lanka Institute of Marketing (SLIM) අයාතනයේදීය.



මෙහිදී කතාබහට භාජනය වූයේ "නව නිපැයුමක් මුදල් බවට පත් කරන අකාරයන්ය". මේ සඳහා දේශකයන් ලෙස සහභාගි වුයේ ලකී යෝගට් සමාගමේ නිර්මාතෘ ලාල් කීර්ති මහතා හා SLIM ආයතනයේ දේශකයකු වන අමිත ගමගේ මහතාත්ය. ලංකාවේ දෙසීය ගනනක් වන පේටන්ට් බලපත්‍ර ඇති නව නිපැයුම් කරුවන් පිරිසෙන් සීයක් පමණ මෙම Forum එක සහබාගි වූවා. මේ සඳහා මාද සහබාගි වූ  අතර එහිදී ලබාගත් වටිනා දැනුම් සම්බාරය ඔබ සියළු දෙනාටම දැනගැනීම පිනිස ඉදිරියේදී නාමල් යාය හරහා ඉදිරිපත් කිරීමට මා බලාපොරොතු වෙනවා.

ඒ දැනුම් ඔබගේ නව නිර්මාණයන් උදෙසාම නොව ජීවිතය සාමාන්‍ය ජීවිතයක් කරගෙන සාමාන්‍ය ජනතාව ලෙස ජීවත් වනවාට වඩා ඉහලට ගමන් කරන්න ආසාවක් ඇති සියළු දෙනාට එය වැදගත් වනු ඇත. මොකද යත් මිහිපිට මිනිසකු ලෙස ඉපදෙන ඔබට ඕනෑම දෙයක් කල හැකි මුත් ඒ ඔබ නොදන්නවා වීම ඇති ප්‍රධානම ගැටලුව වන බැවිනි.
Read More

Wednesday, February 22, 2012

// // 2 comments

DIY : Circuit අත් පලදනාවක්.

ඔන්න The Namal Dictionary එක හැදුවට පස්සෙ ලොකු ගේමක් දීල වෙනස්ම විදියෙ පොඩි නිර්මාණයක් කලා. මේක ලස්සනට පලදින්න පුලුවන්. අපතෙ යන දේවලින් තමා නිර්මාණය කලේ. පින්තූර ටික දැකකම කට්ටියට පැහැදිලි ඇතිනේ මොකක්ද කියල. මේ නිර්මාණය හින්ද කැමප්ස් එකේ කොල්ලො සර්කිට් කියලත් කාඩ් එකක් දැම්ම. ඒ වගේම සමාජයේ ප්‍රතිචාරත් හොදයි, මොකද මේ වගේ අත් පලදනාවක් හදාගත්තොත් මිසක් කඩේ ගන්න නෑ නේ.




හොදයි හදාගන්න ආස අයට පොඩි හෙල්ප් එකකුත් දෙන්නම්කො.
අවශ්‍ය උපාංග, බවුත් එකක්, ඊයම් සකර් එකක්, සර්කිට් බෝඩ් ග්‍රිල් එකක්, වයර් අඩියක් පමන, ඊයම් වයර්, පීරක්, තව හොඳ සර්කිට් බෝඩ් එකක්. මම නම් මේකට භාවිතා කලේ පරිගනක පවර් සප්ලයි එකක සර්කිට් බෝඩ් එක.




පහල රූපයේ කපාගත් කොටස් වල පින්තූර ටික පේනව. කොටස් කපාගන්න කලින් සර්කිට් බොඩ් එකේ උපරිම ලෙස කොටස් ගන්න පුලුවන් ලෙස සැලසුම් කරගන්න. ලොකු උපාංග තියේනම් ඒව ඉවත් කරලත් බලන්න. කපාගත් කොටස් වල සයිස් පහත රූපයේම තියෙනව. තමාගෙ අතේ වටප් ප්‍රමානය අනුව කොටස් ගනන සකසාගන්න. මම  හදපු එකේනම් කොටස් හයයි තියෙන්නෙ. වටප් ප්‍රමානය ගන්න වයර් එකම බාවිතා කරන්න. යම් තරමක හිඩසක් පවතින ලෙස එම වයර් එකේ දිගට කොටස් ටික තියල පාස්සගන්න කලින් බලන්න.



කොටස් අමුනන වයර් කැබැල්ලක දිග 1.2 cm පමණ හොඳයි. වයර් සිදුරු වලට දමා පාස්සද්දි කම්බි පමණ නොව වයර් එකේ රබර් කොටසත් එක්කම පාස්සගන්න නැතිනම් වයර් එක ඉක්මනට කැඩෙන්න ඉඩ තියෙනව. පාස්සන වයර් සඳහා පුලුවන් නම් නෙට්වර්ක් කේබල් කෑබැල්ලක් හොයාගන්න පුලුවන්නම් හොඳයි. මොකද කල් පැවැත්ම වැඩියි නෙ. අතේ පැලදගන්න පහසු වෙන්න රූපයේ පරිදි කෙලවර කොටසට ලොකු සිදුරු දෙකක් තබන්න. අනිත් කෙලවරේ යම් තරමක් දිග වයර් කැබැලි දෙකක් ඉතුරු කරන්න. කපාගත් කොටස් වල මුලු පීරකින් අතුල්ලා රවුම් කරගන්න. ඒ වගේම ඊයම් තබා පාස්සගන්න ක්ලින් ඊයම් තබන ලද කොටස් වල කම්බි අඬුවකින් කපා පීරකින් අතුල්ලා සුමට කරගන්න.
පහත රූපයේ දැක්වෙන්නේ එලෙස ඉවත් කල යුතු කම්බි කොටස් සහිත යටි පැත්තයි.



කොටස් වල සිදුරු හදාගන්න ග්‍රිල් එකක් නැතිනම් කුඩා ඇණයක් යොදාගන්නත් පුලුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන වැඩක් ඒක.





හොඳයි එහෙනම් හදාගන්න කට්ටියට යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම කමෙන්ට් කරන්නකෝ.
Read More

Saturday, February 18, 2012

// // Leave a Comment

Ruhuna Science Faculty - 2011 Welcome Day - Intro Video

පෙවරවාරි 17 දිනට රුහුණ විද්‍යා පීඨයේ නවක සිසුන් වෙනුවෙන් සංවිදානය වූ නවක සිසු සාදය ඉතාමත් අලංකාරවත් ලෙස සංවිදානය කරන්නට අපට පුලුවන් වුනා. අති උත්කර්ෂවත් ලෙස පැවති එම උත්සවය නිමාව දක්වාම සාර්ථකව පැවත්ව වීමට 2010 මගේ සහෘදයන් මහත් වෙහෙසක් දැරුවා. ඒ උත්සවය නිසා බ්ලොග් එක පැත්තට එන්නත් වෙලාවක් තිබ්බෙ නෑ. හෙතුව උත්සවය වෙනුවෙන් song එකක් කලා, තෙම් එක සදහා intro එකක් කලා. දැන් intro එක ඔයාලටත් බලන්න පොසට් කරනව. හදපු song එකත් ඊලග පොස්ට් එකෙන් දෙන්නම් කෝ. song එක වර්තමාන කැම්පස් වල තත්වය කතාකරන නිර්මාණයක් කීවොත් නිවැරදියි

Sony Vegas 9 Pro යොදාගෙන තමා මේ Intoඑක කලේ. වලාකුළු අතර යන Background එක ගත්තෙ ‍යුටියුබ් වලින්.

Read More