Wednesday, February 29, 2012

Wednesday, February 29, 2012
1


වර්ථමානයේ විශ්ව විද්‍යාල වල පවතින අර්බුදය කවුරුත් දන්නවනේ. එම ප්‍රශ්නය විහිදුන පැති රාශියක් තියෙනව. විශ්ව විද්‍යාල සිසුන් ඒ පිළිබඳ හොඳ අවබෝදයකින් තමා ඉන්නෙ. ඉතින් ඒ ගැන ලියවුන ගීතයක් ගැන කියන්න තමා මම මේ ලිපිය ලියන්නෙ.

පසු ගිය දිනවල අපේ ජූනියර් බැච් එක වෙනුවෙන් සංවිධානය වුන නවක සිසු සාදයේදී ප්‍රදර්ෂනය උදෙසා තමා අපි මේ නිර්මාණය කලේ. මේ ගීතයේ මූලිකව අදහස මම ගෙනාවත් මෙහි ගීතය රචනා කිරීමේ කාර්ය්‍ය කරන ලද්දේ ආට. Science සිසුවෙක් උනාට පොර Art වැඩ වලට කියාපු පොර. එතකොට ගීතය ගායනා කලේ නව්ව සහ බන්ටි. එතකොට Music සහ Video Concept, Video Editing (Produce) ටික කලේ මම. මේක කරන්නෙ අන්තර්ජාලෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න වුනා. ඒක ලොකු දෙයක් මට මේ නිසා ලැබිච්ච.

ලෙක්චර්ස් මැනේජ් කරගෙන සතියක් ඇතුලත වගේ කෙටි කාලෙකින් තමා නිර්මාණය කලේ. ඒ නිසා මේ සඳහා මගේ උපරිමය යොදවන්න අමාරු උනා. ඒත් හොඳ මට්ටමකට ගීතය ගේන්න පුලුවන් වුනා. ඉතින් මිඩ් එක ඉවර වෙලා පටන් ගත්තු සතියෙම නවක සිසු සාදය පැවැත් වූ නිසා ඒ සතිය කාර්ය්‍ය බහුල වූ නිසා කට්ටිය එක්වන තැනට කට්ටිය ඉන්න වෙලාවට යන්නත් බැරි වුනා. ඉතින් ගීතයේ වැඩ නිසා ජූනියස්ල මාව හරියට අඳුනනෙත් නැති වීම වගේ අමිහිරි අත්දැකීමුත් ලැබුණ. මොකද ඔය සතියෙනේ ගොඩක් කට්ටිය අඳුනගන්න සෙට් වෙන්නෙ.

ඔන්න එහෙනම් කට්ටියම බලන්නකෝ රුහුණෙ සයන්ස් එකේ වැඩ. පණිවුඩයක් ගෙනියන්න තමා නිර්මාණය කලේ. ඒ නිසා ගීතය Share කරන්නත් අමතක කරන්න එපා.


1 comments:

  1. Check this
    http://www.youtube.com/watch?v=7jXAGTuU8R4

    ReplyDelete