Wednesday, February 22, 2012

// // 2 comments

DIY : Circuit අත් පලදනාවක්.

ඔන්න The Namal Dictionary එක හැදුවට පස්සෙ ලොකු ගේමක් දීල වෙනස්ම විදියෙ පොඩි නිර්මාණයක් කලා. මේක ලස්සනට පලදින්න පුලුවන්. අපතෙ යන දේවලින් තමා නිර්මාණය කලේ. පින්තූර ටික දැකකම කට්ටියට පැහැදිලි ඇතිනේ මොකක්ද කියල. මේ නිර්මාණය හින්ද කැමප්ස් එකේ කොල්ලො සර්කිට් කියලත් කාඩ් එකක් දැම්ම. ඒ වගේම සමාජයේ ප්‍රතිචාරත් හොදයි, මොකද මේ වගේ අත් පලදනාවක් හදාගත්තොත් මිසක් කඩේ ගන්න නෑ නේ.




හොදයි හදාගන්න ආස අයට පොඩි හෙල්ප් එකකුත් දෙන්නම්කො.
අවශ්‍ය උපාංග, බවුත් එකක්, ඊයම් සකර් එකක්, සර්කිට් බෝඩ් ග්‍රිල් එකක්, වයර් අඩියක් පමන, ඊයම් වයර්, පීරක්, තව හොඳ සර්කිට් බෝඩ් එකක්. මම නම් මේකට භාවිතා කලේ පරිගනක පවර් සප්ලයි එකක සර්කිට් බෝඩ් එක.




පහල රූපයේ කපාගත් කොටස් වල පින්තූර ටික පේනව. කොටස් කපාගන්න කලින් සර්කිට් බොඩ් එකේ උපරිම ලෙස කොටස් ගන්න පුලුවන් ලෙස සැලසුම් කරගන්න. ලොකු උපාංග තියේනම් ඒව ඉවත් කරලත් බලන්න. කපාගත් කොටස් වල සයිස් පහත රූපයේම තියෙනව. තමාගෙ අතේ වටප් ප්‍රමානය අනුව කොටස් ගනන සකසාගන්න. මම  හදපු එකේනම් කොටස් හයයි තියෙන්නෙ. වටප් ප්‍රමානය ගන්න වයර් එකම බාවිතා කරන්න. යම් තරමක හිඩසක් පවතින ලෙස එම වයර් එකේ දිගට කොටස් ටික තියල පාස්සගන්න කලින් බලන්න.



කොටස් අමුනන වයර් කැබැල්ලක දිග 1.2 cm පමණ හොඳයි. වයර් සිදුරු වලට දමා පාස්සද්දි කම්බි පමණ නොව වයර් එකේ රබර් කොටසත් එක්කම පාස්සගන්න නැතිනම් වයර් එක ඉක්මනට කැඩෙන්න ඉඩ තියෙනව. පාස්සන වයර් සඳහා පුලුවන් නම් නෙට්වර්ක් කේබල් කෑබැල්ලක් හොයාගන්න පුලුවන්නම් හොඳයි. මොකද කල් පැවැත්ම වැඩියි නෙ. අතේ පැලදගන්න පහසු වෙන්න රූපයේ පරිදි කෙලවර කොටසට ලොකු සිදුරු දෙකක් තබන්න. අනිත් කෙලවරේ යම් තරමක් දිග වයර් කැබැලි දෙකක් ඉතුරු කරන්න. කපාගත් කොටස් වල මුලු පීරකින් අතුල්ලා රවුම් කරගන්න. ඒ වගේම ඊයම් තබා පාස්සගන්න ක්ලින් ඊයම් තබන ලද කොටස් වල කම්බි අඬුවකින් කපා පීරකින් අතුල්ලා සුමට කරගන්න.
පහත රූපයේ දැක්වෙන්නේ එලෙස ඉවත් කල යුතු කම්බි කොටස් සහිත යටි පැත්තයි.



කොටස් වල සිදුරු හදාගන්න ග්‍රිල් එකක් නැතිනම් කුඩා ඇණයක් යොදාගන්නත් පුලුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන වැඩක් ඒක.





හොඳයි එහෙනම් හදාගන්න කට්ටියට යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම කමෙන්ට් කරන්නකෝ.

2 comments :

  1. mama oka oya dagena innawa dekka harshanage toyl gedaradi..........

    ReplyDelete
  2. ආ සර්, මේ පැත්තෙ ආවට බොහොම සතුටුයි.

    ReplyDelete