Friday, August 17, 2012

// // 5 comments

A\L කරමුද? කෙල්ලෙක් කරමුද?

ඔන්න ඉතින් මේ අවුරුද්දෙ A\L පටන් ගන්න සතියකට විතර කලින් වුන සිදුවීමක් නිසා ලියන්න හිතුන දෙයක් තමා මේක. කැම්පස් එකත් නිවාඩු නිසා ලඟදි දවසක යාළුවෙක්ගෙ ගෙදර යන්න කියල අපි යාළුවො ටික සෙට්වුනා මාතර Stand එකට. ඉතින් කට්ටිය හරියටම වෙලාවට සෙට්වෙන නිසා පැය දෙකක් විතර Stand එකට වෙලා ඉන්නත් වුනා. ඔය අතරෙ යාළුවෙක්ගෙ යාළුවෙකුත් ("පොර" කියල කියමුකො) සෙට්වුනා.

ඉතින් හමුවුන ගමන් යළුව ඇහුව "මොකද කරන්නෙ Stand එකේ" කියල.
පොර කියනව "මචන් කෙල්ල එනකන් ඉන්නව, පොඩ්ඩක් රවුමක් දාන්න කියල හැදුවෙ."

දැන් යාළුව උගේ දිහා කන්න වගේ ඇස් ලොකුකරගෙන බලාගෙන ඉන්නව. අපිටත් මේ මොකෝ කියල ප්‍රශ්ණයක්. උත්තර විදියට අපිටත් තරු විසුවුන කතා ටිකක් අහන්න උනා පොරගෙන්.

හරි හරි මචන් මේ පාර A\L කරනව තමයි. තව සතියයි තියෙන්න කියන එකත් හරි තමා ඒත් ඉතින් දැන් A\L කලා කියල ඇති වැඩක් තියෙනවද? ගිය සැරේ වගේ තමා මේ සැරෙත් කලින් සිලබස් එකෙන් කරන උන්ගෙ Z අඩුවෙනව අනිම තමා. කොහොම හරි කැම්පස් ගියා කියල Job හම්බවෙනවද? ඊට වඩා වටිනව මට මේ කෙල්ල කරගත්තොත්. දැන් උබ බලපන් කැම්පස් ගියා කියල උබ විදින දුක, දැන් මාස 3ක් විතර නිකන් ගෙදර නේ. තාමත් කෙල්ලෙක් නෑ උබට ආදරේ කරන. උබ දන්නවනේ මගේ තාත්තට පුලුවන් මට හොඳ ජොබ් එකක් හොයල දෙන්න. ඉතින් මොකටද මේ A\L නිසා ක‍ටුකාගෙන දුක් විදින්නෙ........

මම හිතන්නෙ යාළුව පොරට කලින්ම හොඳට A\L කරපන් කියල දේශනයක් දීල වගේ. ඒව කැපිල යන්න පොර කියපු කතා ටිකට යාළුවගෙ කටත් වැහුන. පොර අපෙන් සමුගත් පසු යාළුව කීව පරිදි පොරගෙ තාත්ත හොඳ දේශපාලන කප්පිත්තෙක්.

ඉතින් කොහොම හරි පොර කියපු කතා වලින් ඔබටත් මටත් හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරන්න ඇති.

අධ්‍යාපනය ලබනව කියන දේ A\L වලට මහන්සි වුන කවුරුත් කියාවි කට්ටක් කියල. ඒත් ඒක දුකක් කියල දකිනවනම්, එහෙම දකිය පරපුරක් නම් ඉදිරියෙදි බිහි වෙන්නෙ ඇත්තටම ලොකු ගැටලුවක්.

දේශපාලන බලය මගින් හෝ දැන ඇදුනුම් කම් මත ‍රැකියාවකට පිවිසෙන එක නවත්තන්න බෑ. ඒක එහෙම වුනාවෙ. ඒත් දේශපාලන බලය මගින් ‍රැකියාවක් හොයාගන්න ඉන්න කට්ටිය බොහෝවිට ඇතුලුවන්නෙ රජයේ රැකියාවකට. මොකද තමන්ට ‍රැකියාවට අදාල දැනුමක් නැතිනම් සාමන්‍යයෙන් ප්‍රයිවට් ‍රැකියාවාක වැඩිකල් නිරත වෙන්න බෑනේ. ඉතින් කොහොම හරි හොඳ ජොබ් එකක් ලැබෙනව කියල හිතාගෙන ඔහෙ ඉදල, අන්තිමේදී රජයේම ආයතනයකට දේශපාලන බලය මගින් ඇතුල් වෙලා කරන සේවාව නිසා තමයි අද රජයේ ආයතන බන්කොලොත් වෙන්නෙ. ඉතින් මොන ක්‍රමයකින් හරි ඕනම ජොබ් එකකට යන එකට නම් මොනවත් කියන්නෙ නෑ. ඒත් සමාජයට සේවයක් කරන එක හරියාකරව කරන්න කවුරුත් වගබලාගන්න ඕනෙ.

ඉතින් ඉදිරි පරම් පරාව අධ්‍යාපනය ගැන ඇතිකරගෙන සිටින ආකල්ප ඔය විදියනම්, ආසියාවේ අස්චර්යය කරා යන ගමනේ ගමන් මගේ අවසානය හිතාගන්න අමාරු නෑ නේද?

Read More

Wednesday, August 8, 2012

// // 7 comments

Magnet Link එපාද? Download Torrent File

දැන් ටොරන්ට් සයිට් වලින් බොහෝදුරට දෙන්න ටොරන්ට් ෆයිල් එක නෙවෙයි Magnet Link කියල බොහෝදෙනා දන්නවනේ. ඒත් කෙලින්ම ටොරන්ට් ෆයිල් බාගන්න තියේනම් හොදයි කියල හිතෙන අවස්තා ඔයාලට ඕන තරම ඇතිවෙලා ඇති. තමන් ටොරන් සර්ච් කරන්නෙ එක පරිගනකයකින් සහ ඩවුන්ලෝඩ් එක කරන්නෙ වෙන තැනක තියෙන පරිගනකයකින් නම්. ඒ එක් අවස්තාවක් ඔයාලට ටොරන ෆයිල් එක වැදගත් වෙන. නැතිනම් ඉතින් අදාල වෙබ් පේජ් ලින්ක් එක කොපි කරගෙන යන්න වෙනවනේ. Piratebay අඩවිය දැනට ගොඩක් දුරට දෙන්නෙ මැග්නෙට් ලින්ක් එක තමා.



හොදයි, මම කියල දෙන්නම් Piratebay අඩවියෙන් උනත් දෙන Magnet Link එක නැතුව එම Link එක Torrent File එකක් බවට Convert කරල ඩවුන්ලෝඩ් කරගන්න විදිය. හබැයි ඉතින් Firefox වලින් තමා.

Download & Install Greasemonkey Add-ons
Firfox Browser එක Restart කරන්න.

දැන් Install Magnet to Torrent Script

දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ පයිරට්බේ අඩවියට ගිහිල්ල ටොරන්ට් ෆයිල් එක බාගන්න වැඩ ටික තමා.
Read More

Monday, August 6, 2012

// // 4 comments

The NDictionary Downloads 1000+

WOW, මේ ගැන නම් හරිම සතු‍ටුයි. මම හිතුවෙ නෑ මෙච්චර ඉක්කමනට මේ කඩඉමට ලගාවෙන්න පුලුවන් වෙයි කියල. මාතෘකාව කාටත් පැහැදිලියි නේ. ඒ කිවුවෙ මම නිර්මාණය කරපු ඩික්ෂනරි එක (The NDictionary - njDic) එක අද උදේ වෙනකොට Downloading 1000 සම්පූර්ණ කරල තියෙනව.


Dictionary ඔබට පහත ලින්ක් දෙකෙන්ම ඩචුන්ලොඩ් කරන්න පූලුවන්. ඩික්ෂනරියක් වශයෙන් Userට තියෙන්න ඕන ගොඩක් පහසුකම් එහි තියෙන්ව.

www.njDic.tk

http://namalyaya.blogspot.com/2012/06/thenamaldictionary2012.html


ඉතින් මේ දචස් වල එහි 2013 Version එක නිර්මාණය කරමිනුයි ඉන්නෙ. එමගින් උත්සාහ කරනව English Learning Tool එකක් විදියට ගොඩක් දුර යන්න පියවරක් තවන්න. Dictionary එක Use කරන ඔයාලට ස්තුතියි. ඔයාලට පුලුවන් නම් ඩික්ෂනරි මෘදුකාංගය ඔයාලගෙ යාලුවොත් එක්ක Share කරන්න ඒකට ගොඩක් ස්තුතියි.




Read More

Thursday, August 2, 2012

// // 8 comments

Excel පට්ට Trix

පට්ටයි කිවුවට පට්ටමද කියල ඔයාල තමා තීරනය කරන්න ඕන. එහෙම නම් හා මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් යාලුවන්ට දැන ගන්නත් වගේම මේ වගේ ලිපි තවත් ලිවිය යුතුදැයි තීරනය කරන්නත් එක්ක පහල Like Button එක Click කරන්නකෝ.

මෙහෙමයි අද ඔයාලට කියල දෙන යන Trix එක.
පහල පින්තූරයේ පරිදි ඔයාල ගාව ඩේට ටිකක් තියෙනව කියල හිතන්න.


 ඔයාට ඕන ඒ ඩේට ටිකේ හැම වාක්‍යයකම මැද තියෙන "=" ලකුනෙන් වෙන් කරල දෙපැත්තෙ තියෙන ඩේට වෙන වෙනම Column දෙකකට දාගන්න. හරියට පහල පින්තූරයේ තියෙනව වගේ.



ඔය වගේ කරගන්න සුළු ඩේට ටිකකට නම් අවුලක් නෑ. හැබැයි ගොඩක් ඩේට?
ඔන්න ඕකට Programin දන්න එකෙක් නම් පටගාල Code කැල්ලක් ලියල දෙයි. ඒත් ඒ ගැන අවබෝදයක් නැති කෙනෙක්ට Excel පහසුවෙන් Use කරන්න පුලුවන්.

හොඳයි මුලින්ම NotePad එකේ තියෙන ඔය Data ටික Excel Sheet එකක් ඇරල එක Column එකකට Copy කරගන්න. හරි දැන් ඉතින් Syntax වැඩ කිඩ දාන්න වෙලාව හරි.

පහල පින්තූරයේ පරිදි B Column එකේ =Trim(A1) ලෙස Type කරන්න
මේකෙන් කරන්නෙ A1 තීරයේ අනවශ්‍ය Space හා Tag  තියේනම් ඉවත් කරන එක.



C Column එකේ =Find("=",B1) ලෙස Type කරන්න.
මේකෙන් කරන්නෙ B1 තීරයේ ඇති වාක්‍යයෙන් "=" ලකුණ ඇති තැන Index එක ලබා ගැනීම.
පහල පින්තූරයේ A1 හි වාක්‍යයේ "=" ලකුණ තියෙන්නෙ 10 ස්තානයේ.



D Column එකේ =Left(B1,C1-1) ලෙස Type කරන්න.
මේකෙන් කරන්නෙ B1 තුල ඇති ඩේට එකෙන් වමේ සිට යම් කොටසක් වෙන් කරල ගැනීම. ගන්න ප්‍රමානය තමා දෙවනුවට තීරනය කරල තියෙන්නෙ. ඒ අනුව 9 (10-1) ( සමාන ලකුණ තියෙන තැන අංකය -1) දක්වා  අකුරු ‍තෝරල ගන්න ඕනෙ.  සමාන ලකුණ තියෙන තැන අංකය කලින් C1 තුලට ගත්ත නිසා C1-1  කියල දානව.


එතකොට D1 ට අදාල ඩේට Copy වූ හැටි පහල පින්තූරයේ තියෙනව.
දැන් සමාන ලකුනෙන් එහා පැත්තෙ තියේන ඩේට ගන්න Command ලියමු.
E1 තීරයට B1 තීරයේ ඇති වාක්‍යයේ මුලු අකුරු ගාන ලබාගත යුතුයි.
ඒ සඳහා =len(B1) ලෙස Type කල යුතුයි.



දැන් F1 තීරයේ =Right(B1,E1-C1) ලෙස Type කරන්න.
මෙහිදී කරන්නෙ B1 Cel එකේ අති ඩේට එකෙන් දකුනු පත්තේ සිට ඩේට ටිකක් ‍තෝරා ගැනීම. දෙවනුවට, ගන්න ප්‍රමානය තොරා දිය යුතුයි. එනම් මලු අකුරු ගානෙන් සමාන ලකුණට අති අගය අඩු කලවිට ලැබෙන අගයයි. ඒ අනුව 17-10 ලෙස විය යුතුයි. එම අගයන් වෙරියබල් එකක් විදියට E1 ට හා C1 ට දීල තියෙන නිසා ඒවා මගින් අදාල ප්‍රමාණය තොරාගෙන තියෙනව. හොඳයි දැන් ඉතින් සියළුව Rows  වලට අදාල Command ට්ක ඇදගෙන යන්න.





ඔය විදියට කරේ තේරුම් ගන්න පහසු වෙන්න. ඔයාලට පුලුවන් මේ කරපු දේවල් එක සැරෙන් ලියල දාන්න පහල විදියට.






Programming ටිකක් හරි දන්නවනම් ඔය දේ පැහැදිලිව තේරුම් ගෙන ඕන වැඩකට යොඩවගන්න පුලුවන්.

එහෙම තමට අවශ්‍ය දේකට Command එකක් ලියා ගන්න හරි වැටහීමක් නැතිනම් Sample එකක් සමග කරගන්න ඕන විදිය Comment එකක් දාල යන්නකෝ. පුලුවන් විදියට උදව් කරන්න බලන්නම්.

මේ ලිපිය වැදගත් කියල හිතෙනවනම් යාලුවන්ට දැන ගන්නත් වගේම මේ වගේ ලිපි තවත් ලිවිය යුතුදැයි තීරනය කරන්නත් එක්ක පහල Like Button එක Click කරන්නකෝ.

Read More