Saturday, May 28, 2016

// // 16 comments

The Engrisi Dictionary 2016 (Free Download English Sinhala Dictionary - ICTA Awarded)

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහක් පමණ දැනට භාවිතයට ගන්නා දෙදහස් දොළහ වර්ෂයේ ICTA - e-Swhabhimani සහ SLIC - Dasis සම්මන හිමි කරගත් English-Sinhala Language Translation & English Learning සඳහා පහසුකම් ‍රැසක් සපයන Engrisi Dictionary 2016 මෘදුකාංගය ඔබට මෙහිදී Free Downlaod කරගත හැක.

අලුත් Version එකේ අලුත් වැඩක් කියල Google Translator එක කෙලින්ම එකතු කරගන්න පුලුවන් උනා. මේ Feature එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතනව. මොකද එය Subtitle Translator එකටත් වැඩ හින්ද ඔයාලට පුලුවන් English Film එකක් බලන්න සිංහල Subtitle නැතුව. English ඉගෙන ගන්න ආස අයටනම් ඒක ගොඩක් ලොකු දෙයක් වෙයි. ඒ වගේම Dictionary එකේ තියෙන වැඩ ටික ගොඩක් අය හරියට දන්නෙ නෑ.. ඒ නිසා මම හිතුව Tutorial Video එකක් කරන්න ඕනි කියල. ඔන්න ඉතින් යන්තම් එකත් ගොඩ දා ගත්ත. Video Size: 15Min, 60MB.



සෑම අවුරුද්දකම ජනවාරි 1 අලුත් Version එක ලබා දුන්නද මේ අවුරුද්දේ අධික වැඩ සහ කරදර මධ්‍යයේ පරක්කු වූවාට සමාවෙන්න කියල මෙය බාවිතා කරන අයගෙන් මම ඉල්ලා සිටිනව. මොකද සෑහෙන්න Comments තිබ්බ ඉක්මනට ලබා දෙන්න කියල. ඉතින් මගේ උපන් දිනේ දවසටවත් මේක රිලීස් කරන්න ඕනි කියල හිතා ගත්ත. ඔන්න ඉතින් මගේ උපන් දිනේ වෙනුවෙන් නාමල් යායට යන එන පාඨකයන්ට මගෙන් තිලිණයක් විදියට The Engrisi Dictionary 2016. නව අදහස්, යෝජනා, චෝදනා, Errors ආදිය Comment කරල යන්න ඕනි හොඳද. ඔබේ යාළුවන්ටත් මේකෙ ප්‍රයෝජන ගන්න ලබාදෙන්න කාරුණික වෙන්න. ඒ සඳහා පහල Share Button එක Click කරන්න. පහල Share To Download link එක Click කරල Free Download කරගන්න.


ඔබේ හොඳම යාළුවාටත් දැන ගන්න Share කරන්න


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්. ඒ සඳහා පහල Like Button එක Click කරන්න.


ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එම මුදල සොයා ගැනීමට හැකි වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ඔබ කැමතිනම් ඒ සඳහා ඔබටත් දායක විය හැක.  
  

Advertisement එකක් මගින් ඔබගේ සහය පලකරන්න කැමතිනම් Subject එක Ads ලෙස යොදා e-Mail එකක් namalyaya[at]gmail.com වෙත යොමුකරන්න.
ස්තුතියි.

Features of the Engrisi Dictionary 2016



1) Subtitle Translator for KMPlayer
ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි භාවිතා කිරීමට අවස්තාවක් නොමැති වීම තමයි කාටත් තියෙන ප්‍රශ්නෙ. එහෙනම් English Subtitle විතර්ක් දාගෙන Film බලල ඒ අවස්තාව ලබාගනිමු. එම ක්‍රියාවලිය පහසු කරන්න තමයි මේ Tool එක.
2) Top 10 Words of The Day
ඉංග්‍රීසී භාශා විශේෂත්න්‍යයන් කියන්නෙ හොදින් ඉංග්‍රීසි කතා කිරීමට විශේෂ වචන 4000ක් දැනගත්තම ඇති කියල. ඒ විශේෂ වචන දවස ගානෙ පහසුවෙන් මෙනෙහි කිරීමට තමයි මේ Tool එක.
3) Web Browser & PDF Readers Support
Document එකක් කියවීමේදී English වචනයක තෙරුම දැනගන්න ගියාම වද විදින්න ඕනි නෑ. වචනෙ උඩ Double Click කරන්න විතරයි තියෙන්න.
4) Singlish Keyboard for Windows
සිංහල යුනිකෝඩ් ක්‍රමයට අකුරු සිංහල Type කරන්න Singlish (SMS) ක්‍රමය භාවිතා කරන්න පුලුවන් අවස්තාව ලබාදෙන Tool එකක්.
5) History & Favorite
Search History එක පහසුවෙන් Access කරන්න පුලුවනි.
6) Easy Search in the Web
7) Various Searching Options
8) Auto Search
9) Optical Character Recognize - OCR
10) Learning Tools
11) Learning Games
විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රම ඕනි තරම්.
12) English, Sinhala & Singlish (SMS Like) Typing
සිංහල වචනයක තේරුම හොයන්න හරිම පහසුයි.
13) English Meaning or Sinhala Meaning
කැමතිනම් Defenition එක English වලින්ම බලාගන්න.
14) Speech
15) Google Translator Support
16) Useful Settings for Customization

ඉහත සියළුම Features බාවිතා කරන අයුරු Engrisi Dictionary එකෙහි Main Menu එකේ ඇති "Help" ඔස්සේ ඉගෙන ගත හැකිය.


Flag Counter

Read More

Saturday, January 3, 2015

// // 50 comments

Free Download the Engrisi Dictionary 2015 (English Sinhala Dictionary)

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.


ආයුබෝවන් කියල 2015 වසරේ නාමල් යායට සපැමිණි ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගණිමි. ඔන්න සුපුරුදු පරිදි නාමල් යායෙන් ඔයාලට දෙන පලමු තෑග්ග Engrisi Dictionary 2015. අන්තර්ජාතික වශයෙන් පිළිගෙන  ඇති  English ඉගෙන ගන්නා ක්‍රම ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ඒ සඳහා පහසුකම් සලසන මෙම Learning Tool එක මාගේ Hobby එකක් විදියට කරගෙන ගියත් දැන් දැන් තිබෙන කාර්ය්‍ය බහුලත්වය නිසා අලුත් අංග එකතු කිරීමට ටිකක් අපහසු වී තිබෙන බව දැනුම් දෙන්න ඕනි. ඔබ සියලු දෙනාටම ඉතාම ප්‍රයෝජනවත් වන අලුත් අංග ටිකක් Engrisi Dictionary 2015 Version එකට එකතු කරන්න බලාපොරොත්තු උනත් ඒවා ටිකක් ප්‍රමාද වූ නිසා 2016 Version එකෙන් වත් දෙන්න උත්සාහ කරන්නම්.

Features of the Engrisi Dictionary 2015

1) Subtitle Translator for KMPlayer
ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි භාවිතා කිරීමට අවස්තාවක් නොමැති වීම තමයි කාටත් තියෙන ප්‍රශ්නෙ. එහෙනම් English Subtitle විතර්ක් දාගෙන Film බලල ඒ අවස්තාව ලබාගනිමු. එම ක්‍රියාවලිය පහසු කරන්න තමයි මේ Tool එක.
2) Top 10 Words of The Day
ඉංග්‍රීසී භාශා විශේෂත්න්‍යයන් කියන්නෙ හොදින් ඉංග්‍රීසි කතා කිරීමට විශේෂ වචන 4000ක් දැනගත්තම ඇති කියල. ඒ විශේෂ වචන දවස ගානෙ පහසුවෙන් මෙනෙහි කිරීමට තමයි මේ Tool එක.
3) Web Browser & PDF Readers Support
Document එකක් කියවීමේදී English වචනයක තෙරුම දැනගන්න ගියාම වද විදින්න ඕනි නෑ. වචනෙ උඩ Double Click කරන්න විතරයි තියෙන්න.
4) Singlish Keyboard for Windows
සිංහල යුනිකෝඩ් ක්‍රමයට අකුරු සිංහල Type කරන්න Singlish (SMS) ක්‍රමය භාවිතා කරන්න පුලුවන් අවස්තාව ලබාදෙන Tool එකක්.
5) History & Favorite
Search History එක පහසුවෙන් Access කරන්න පුලුවනි.
6) Easy Search in the Web
7) Various Searching Options
8) Auto Search
9) Optical Character Recognize - OCR
10) Learning Tools
11) Learning Games
විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රම ඕනි තරම්.
12) English, Sinhala & Singlish (SMS Like) Typing
සිංහල වචනයක තේරුම හොයන්න හරිම පහසුයි.
13) English Meaning or Sinhala Meaning
කැමතිනම් Defenition එක English වලින්ම බලාගන්න.
14) Speech
15) Useful Settings for Customization

ඉහත සියළුම Features බාවිතා කරන අයුරු Engrisi Dictionary එකෙහි Main Menu එකේ ඇති "Help" ඔස්සේ ඉගෙන ගත හැකිය.

නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.




ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එම මුදල සොයා ගැනීමට හැකි වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ඔබ කැමතිනම් ඒ සඳහා ඔබටත් දායක විය හැක.  
 ස්තුතියි.


කොහොමද Download කරගන්නෙ?
ඔබගේ Download කර ගැනීමත් සමගම ඔබගේ යහළුවන්ටත් මෙම මෘදුකාංගයෙහි ප්‍රයෝජනයන් ලබාගැනීමට අවස්ථාව සැලසීමට පහත "Share To Download"  ලින්ක් එක Click කර Share කීරීමට පුලුවනි. ඉන් අනතුරුව Engrisi Dictionary 2015 Download වීම ස්වයංක්‍රීයව ඇරබෙනු ඇත.




Flag Counter

පහත දැක්වෙන්නේ  Engrisi Dictionary 2014 Version එකෙහි Screen Shot කීපයකි.





Read More

Saturday, November 8, 2014

// // 3 comments

මේ සතියෙ විදුසර කියෙව්වෙ නැත්නම් අනිවාර්යයෙන් කියවන්න.


2014 Nov 05 වෙනිදට විදුසරට අවුරුදු 27යි. ලංකාවෙ සතිපතා එන එකම විද්‍යා සඟරාවට එම කාර්ය්‍ය තවදුරටත් හොදින් කරගෙන යන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව. ඒ සමගම කියන්න ඔනි ඔබ තවමත් 2014 Nov 05 කලාපය කියෙව්වෙ නත්නම් අදම කියවන්න. 27 වර්ෂ පූර්ණය වෙනුවෙන් පලකල "ජාතික ආර්ථික සමෘද්ධිය උදෙසා විද්‍යාව තාක්ෂනය හා නවොත්පාදන" ලිපි පෙළ ලාංකිකයෙක් විදියට කියවිය යුතුම ලිපි ලෙස නිර්දේෂ කරන්න පුලුවන්.

Read More

Sunday, April 20, 2014

// // 4 comments

techkathaOffliner Protable 2014


techkathaOffliner Portable 2014 ලෙස Episode 120 දක්වා Update අඩංගු Version එක ඔබට දැන් Download කර ගැනීමට පුලුවනි.

techkathaOffliner?
කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් Podcast එකක්. ) ඔයාලට විසඳගන්න බැරි පරිගනක ගැටලුවක් මතුවුනොත් මතක්වෙන එකම තැන ටෙක්කතානේ. ඉතින් ඒ ගැටලුව කලින් කතාකරපු ගැටලුවක් නම් ටෙක්කතා සයිට් එකේ සර්ච් කරල විසඳුම අහන්න පුලුවන්නෙ. ඉතින් මේකට ඕනවෙලාවට නෙට් යන්න පුලුවන්වෙනන් ඕන. ඒවගේම වැඩේට ඩේට කොහොම වැයවෙයිද දන්නෙත් නෑනේ. කොහොමවුනත් කට්ටිය ටෙක්කතා එපිසොඩ් ටික බාගෙනනේ තියෙන්නේ. ඉතින් මේ බාගත්තු  ටිකෙන් ප්‍රයෝජන ගන්නන Offline විසදුමක් තමයි techkathaOfflinner සොෆ්ට්වෙයා එක. ඔයාලට එන ගැටලුව සර්ච් කරල එන විසදුම් ටිකෙන් අහන්න ඕන ප්‍රශ්න ටික සෙලෙක්ට් කරල ප්ලේ කරන්න විතරයි තියෙන්නෙ. අදාල Title ටික ඔටෝමැටිකලිම Play වෙනව. 

කොහොමද ස්තාපනය කරගන්නෙ.
1) Download
2) මුලින් techkathaOffliner-Portable 2014.rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්. ඔබට අවශ්‍ය තැනක කැමති නමකින් ෆෝල්ඩරයක් සකසා ඩවුන්ලෝඩ් කරගත්තු techkathaOffliner-Portable 2014.rar ෆයිල් එක එයට කොපි කරගන්න. පසුව එය මත රයිට් ක්ලික් කර Extract Hear කරන්න. 



3) ඉන්පසුව ඔබ ඩවුන්ලෝඩ් කරගත්තු සියළු ටෙක්කතා එපිසොඩ් ටික එහි “Episode” Folder එකට කොපි කරගන්න. පහත විදියට එපිසොඩ් ටික නාමකරනය කරගන්න.

4) උදා :- Techkatha-EP77-RealAudio  කියන නම 77 ලෙස නම් කරන්න
(මෙහෙම කරන්නෙ එක එක එපිසොඩ් වල එක එක නාම කරනයන් තියෙන නිසා)

File ෆෝමැට් එක මොකක් වුනත් කමක් නෑ (mp3/ ram/ ogg).
තව මුලදි නාමකරනයේ තිබුන ගැටලුවට විසදුමක් ලෙස හදුන්වාදීමේ වැඩසටහන 1 ලෙසද නම් කරන්න දෙවන වැඩසටහන 2 ලෙස නම් කරන්න. එතකොට 6-7 කියල එක වැඩසටහනක් නොව 6, 7 කියල වැඩසටහන් දෙකක් නම් වෙයි. එතකොට 55-56 කියන වැඩසටහන 55 කියල නම් කරන්න.


5) ඔයාල ram Format එකන් එපිසොඩ් ඩවුන්ලෝඩ් කරල තිබේනම් ඒවා Play වීම සඳහා PC එකේ Player එකක්ද Install කර තිබිය යුතුය. එසේ නැතිනම් techkathaOffliner මගින් එම Episode Play නොකරයි. ram File Support  කරන Player එකක් Install කරල නැතිනම් RealAlternativ Player එක ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් Run කරන්න සියල්ල සූදානම්.
6) techkathaOffliner.exe එක මත Double Click කරන්න.


මෙන්න Fetchers ටික.
  • කීබෝඩ් එකේ N” Press කිරීමෙන් Next Record එක Play කරන්න පුලුවන්.
  • B” Press කිරීමෙන් පෙර Record එක Play කරන්න පුලුවන්.
  • P” Press කිරීමෙන් Play/ Pause කරන්න පුලුවන්.
  • Up / Down Arrow Key මගින් ලිස්ට් එක තුල උඩට / පහලට යන්න පුලුවන්.
  • Space Bar එක මගින් list එකේ Record Select/ Deselect කරන්න පුලුවන්.
  • Ctrl + Enter මගින් එම Record එකට අදාල Web Page එක බලන්න පුලුවන් (එහි ඇති කමෙන්ට් කියවීමට).
  • Shift + Enter මගින් “Play Selected” Command එක දෙන්න පුලවන්.
  • Left/Right Arrow Key මගින් Play Record වන එකේ ඉදිරියට ගමන් කරන්න පුලුවන්.(මෙවිට Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මතනම් 5 Second වලින් ඉදිරියට ගමන් කරන අතර Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මත නොවේ නම් 1 Second වලින් ඉදිරියට කරයි ). මවුස් ස්ක්‍රෝල් එකත් ඒ සඳහා යොදාගන්න පුලුවන්.
  • Play Selected විදානය දුන් පසුද Select කරන ලද Record බැලීම සඳහා Scroll කිරීමට “< / >” Button දෙකක් ඇත.
  • ටෙක්කතා වල කතාකරන ලද මාතෘකා වලින් තමන් කැමතිම Item ටික Favorite ලෙස Add කරගන්නට පුලුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය Records ටික සෙලෙක්ට් කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන Add Selected to Favorite විදානය මත ක්ලික් කරන්න. එසේ Favorite වලට ඇඩ් කරන ලද Records බැලීම සඳහා techkathaOffliner Icon එක මත ක්ලික් කරන්න. එම ලිස්ට් එකෙන් ඔබට අනවශ්‍ය එකක් Delete කිරීම සඳහා ඒවා Select කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන විදානය මත ක්ලික් කරන්න.

මේ සමගම කියන්න ඕනෙ මම හදපු ඩේටබේස් එක ඕනකෙනෙක්ට ඕන වැඩසටහනකට යොදාගන්න පුලුවන්. එය rar ෆයිල් එක තුල අඩංගු වෙනව.


ඉතින් මේ වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙනස්ම Software දෙකකින් ඔයාල හමුවෙන්න බලාපොරොත්තු වෙනව. ඔයාලගෙ කමෙන්ට් මෙම වැඩසටහන් දියුණු කරන්න වැදගත් වෙනව. අමතක නොකර හොඳ/වැරදි/චෝදනා/නව අදහස් මොනව හරි Comment කරල යන්න පුලුවන් නම් බොහොම ස්තුතියි


යාළුවො කාටත් දැනගන්න Share කරන්න.

අලුත් දේ මග නොහැරීමට Like කරන්න.
Read More

Monday, April 14, 2014

// // 4 comments

Facebook එකේ ඔබගේ යාළුවන් වන/නොවන දෙදෙනකු අතර සිදුවී ඇති ක්‍රියාකාරකම් Track කරමුද?



Facebook  අඩවිය මගින් දී තිබෙන පහසු කමක් තමයි ඔබගේත් ඔබගේ යාළුවෙකුත් අතර ඇති වූ පසුගිය
 ක්‍රියාකාරකම් නැරඹීමේ හැකියාව. ඒකට කියන්නෙ See Friendship කියාය. නමුත් එමගින් පුලුවන් ඔබගේ යාළුවන් නොවන දෙදෙනකු අතර සිදුවූ ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීමට. මෙහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවී ඇති Like දැමීම්, Tag වීම් වගේම Comments කිරීම්ද බැලීමට පුලුවන්. එමගින් ඔවුන් අතර යාළුකම කොතරම් කාලයක් පැවතුනිද සහ එය කොතරම් තීව්‍රද යන්න අධ්‍යනය කල හැක. නමුත් එසේ පෙනෙන්නේ Public Activities පමණි. ඒවා හොදටම ප්‍රමාණවත් බවද මතකයට ගන්න.

මේ සඳහා පහත Link එක ඔබගේ Browser එකේ  Address Bar එකට Copy කරගන්න.
https://www.facebook.com/User-1-ID?and=User-2-ID

දැන් ඉහත ලින්ක් එකේ User-1-ID සහ User-2-ID යන්න ඔබට Track කලයුතු දෙදෙනාගේ Facebook ID වලින් Replace කරගෙන Enter Key එක Press කරන්න. එවිට ඔබට අවශ්‍ය දේ නැරඹීමට පුලුවන්.

ex:
https://www.facebook.com/namalyaya?and=105532076207521



User ID ගැන වැටහීමක් නැතිනම් ඒකත් කියා දෙන්නම්කෝ.

ඔබගේ යාළුවකුගේ User ID එක ලබාගැනීමට ඔහුගේ FB Profile එකට යන්න. එවිට Address Bar එකේ පහත අකාරයේ URL එකක් දක්නට ලබේවි

https://www.facebook.com/namalyaya
ඉහත ආකාරයේ URL එකකනම් User ID = namalyaya
හෝ පහත අකාරයේ URL ද තිබිය හැක.

https://www.facebook.com/profile.php?id=105532076207521
එවිට User ID = 105532076207521


යාළුවො කාටත් දැනගන්න Share කරන්න.

අලුත් දේ මග නොහැරීමට Like කරන්න.

Read More

Monday, March 24, 2014

// // 13 comments

දැනුම් දීමයි: Namal -> En -> Engrisi Dictionary

කෙටි දැනුම් දීමක් කරන්න තමයි මේ ආවෙ. ඔයාල දන්නව නේ නාමල් යාය මගින් දෙන English Sinhala Learning Dictionary එක ගැන. ඉතින් ඒක හැදුවට ගැලපෙන නමක් දාගන්න බැරිව කාලෙන් කාලෙට නම් වෙනස් කර කර ගියා. නමක් දැම්මොත් ඒකට මොන මොනව හරි ගැටලු ආව. ඉතින් ඔන්න දැන් ඒකෙ නම "Engrisi"  ලෙස නම් කලා.  එතකොට "Engrisi Dictionary" ලෙස Google Search කිරීමෙන් ඔයාලට පහසුවෙන් සොයාගන්න පුලුවන්. මේ පහල තියෙන්නෙ Engrisi Dictionary මගින් ඔයාලට කරගන්න පුලුවන් දේවල් වල පිංතූර ටිකක්. 

ඔයාල දැනටමත් Engrisi Dictionary එක Download  කරගෙන නැත්නම් පහල ලින්ක් එකෙන් ඒක Download කරගන්න.













Read More

Saturday, March 1, 2014

// // 4 comments

En Dictionary user Reviews - එන් ඩික්ෂනරි සඳහා ලැබුනු අදහස්.

Nandana
මමත් මෙච්චර කල් පාවිච්චි කලේ මධුර (MADURA) එක, දැන් තමා තේරෙන්නේ මෙච්චරකල් කාපු කට්ටේ තරම. ඇත්තටම මේක නම් නියම වැඩක්. හැබැයි තාම මේ ගැන අපේ අයගේ තියෙන දැනුවත් කම අඩු නිසා ගොඩදෙනෙක් පහසුකම් අඩු ඩික්ෂනරි පාවිච්චි කර කර දුක් විඳිනවා. එක නිසා හැමෝම මේක ෂෙයාර් කරලා අනිත් අයවත් දැනුවත් කරනවානම් ලොකු පිනක්. මේක ඩිවලොප් කරපු නාමල් මල්ලිට කියන්න තියෙන්නේ මේක තව වැඩිදියුණු කරන්නත් තව තව අලුත් නිර්මාණ කරන්නත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තමයි.

AKILA DJ
වැදගත්!!!
කෙටියෙන් කිවුවොත් මට ලංකාවෙ කෙනෙක් මේ තරම් වැදගත්, මේ තරම් වැඩකිඩ තියන, මේ තරම් මහන්සි වෙලා හදපු හදපු software එකක් මතකෙට එන්නෙ නම් නෑ!...

Madhura Dictionary has done a great service, (Y)
was very useful years ago... MaduraOnline is still the best online Sinhala dictionary!... Tri-Lingual dictionary has online, but less words... But madura software is king of old.... This NDictionary is "10 times better!" than madhura... Comparing this one with Madura is like comparing Windows 98 and Windows 8... Comparing Pentium 4 and Core i3. :) all are great, the best at their times,... but now the new one is better as it is new and improved :d

මේ හදපු කෙනාවත්, එයා අඳුනන කෙනෙක් නෙමෙයි මම හිතන්නෙ. මම වුණත් NDictionary එක promote කරන්නෙත් පෞද්ගලික වාසියකට හෝ දැන ඇඳුනුම් කමකට නෙමෙයි. අලුතෙන් Touchscreen Ultrabook එකක ගත්තු කෙනෙක් ඒකට Windows 98 හෝ XP දාද්දි ඔබ කියන්නෙ නැද්ද එපා ඕව දාන්න එපා, Windows 8 හෝ 8.1 දාන්න කියල ;]

Shashi Kamal
මට නම් මේ වගෙ ෆන්ක්ෂන්ස් තියෙන සින්හල සොෆ්ට්වෙයාර් එකක් ගැන හිතාගන්නත් අමාරුයි. ගොඩක් මහන්සි වෙලා කරල තියෙනව. ඉස්සරහට තවත් අලුත් ෆීචර්ස් එකතු කරන්න යලුවා. ඔයාගෙ උත්සාහය ගොඩාක් අගය කරනව මම. මගේ යලුවොන්ටත් දැනගන්න මමත් ෂෙයාර් කලා ඔන්න.

Prymary Education
mama mage yaluwanta studen lata En dic shir kala use karana heti kiyaa dunna harima sthutuye mata oyage weda gena

Akila DJ
පොඩි කොටුවක (ලොකු කළ හැකි) open වීම තමයි මේකෙ හොඳම!.. (o)
ඒත් කට්ටිය අකමැතිමත් ඒකට.... ලෝකෙ හදන්න ගිහින් සසර කළකිරෙනව ඔය වගේ වැඩ දැක්කම!... :D facepalm :-b

akiladj
Great work!..... Great features!... :) ...... මට හිතාගන්න බෑ ඇයි මේක තාම එච්චර ප්‍රසිද්ධ නැත්තෙ කියල!... …ලංකාවෙ හැටි වගේ... අලුත් දේ වලට යන්න බයයි, අකමැතියි හෝ බෑ!... ..... …අද වුණත් නිකම්ම නිකම් window එකක් open වෙන database එකකට front-end එකක් විතරක් හදල දැම්මොත් වැඩිපුර දෙනා පාවිච්චි කරයි පාවිච්චි කරන්න අමාරු වුණත්, අකුරු ටයිප් කරන අමාරු වුණත්, කරගන්න පුලුවන් වැඩ ප්‍රමාණය අඩු වුණත්!... :( ..... පහසුකම් ගොඩක් දාල ඒ වගේම පාවිච්චි කරන්න ගොඩක් ලේසි විදිහට හදල තියන En Dictionary වගේ එකක් භාවිත කරන්න සහ ඒගෙන් ගන්න පුලුවන් වැඩ ගන්න තරම් වාසනාවන්තව ලබා උපන් අය අඩුයි!.. :/

Thilanka Senasinghe
නාමල් මචෝ !!!!!!!!!!!
මුලින්න්ම කියන්න ඕනේ මේක නියම වැඩක් (o), වැඩේ ෆ්‍රී දෙනවට (h) දෙන්නම ඕනේ. ලංකාව ඉක්මනින් දියුණු වෙනවා සිංහල දෙමළ ප්‍රශ්න නැති වෙනවා ඔක්කොමටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනා නම් ( හැබැයි මන් කියන්නේ නෑ තමන්ගේ මව් භාෂාව අමතක කරන්න කියලා. දන්නවාද හොදම සිංහල භාෂා රචකයෝ හා හොදම කෘති ලියුනේ ඉංග්‍රීසියෙන් සිංහල උගන්වද්දී කියලා )
OCR එක වැඩ කරන්නේ capture with zoom option එකෙන් විතරයි ?

Kalum
උපසිරැසි කරන කෙනෙක් විදියට ඔයාගේ ඩික්ෂණරිය මට ගොඩක් වැදගත් වුනා. මධුරටත් වඩා හොදයි. ස්තුතියි සහෝ.

දිනේෂ් දීපාල් (සත් සමුදුර)
ඉතාම ප්‍රයෝජනවත් සහ ඉතාම වැදගත් Tool එකක්. අකමැත්තක් නැත්නම් මම මේ ගැන මගේ බ්ලොග් එකෙන් පබ්ලිසිටියක් දෙන්නද? ඔබගේ මනාපය සටහන් කළාම මම ඒ ගැන ක්‍රියා කරන්නම්...

L. Nuwan Boralessa
On of the best Dictionaries machn.., super work, Carry on.....

Anonymous
Patta. mama 2013 indan N dic use karanne. Good luck.


Nandana Jayantha
මමත් ෙම්ක ගත්තා.බොහොම ස්තුතිය්. මෙවන් නිර්මාණ තව තවත් කිරිමට ශක්තිය ෙධෙර්්‍යය ලැෙබ්වා!

සෙන්නා
උබනම් සැබෑම දක්ෂයෙක් සහෝ.. බොහොම පින් මේක අපිට දුන්නට.. ඔන්න මමත් දාගත්තා..
උඹේ ශ්‍රමය, මහන්සිය අගය කරන්න වචන මදි..

Deeptha Samarasinghe
Actually, bro this is very help full application to me when reading English articles.

Anonymous
මෙච්චර කල් පාවිච්චි කලේ මධුර ඩික්ෂනරි එක ඒක ලංකාවේ සෑහෙන දෙනෙක්ට ගොඩක් උදවු වුනා
ඊට පස්සේ ඩික්ෂනරි කීපයක් ආවත් මධුර ඩික්ෂනරි එකට ගහන්න බැරිවුනා සමහරු කලේ මධුර එකේ
ඩේටා බේස් එක පාවිච්චි කරලා තමන්ගේ නම දාගත්ත එකයි. නමුත් මේකේ අළුත් අංග ගණනාවක් දැක්කා
ස්තූතියි සහෝ ඔබට ජය

Akila DJ
@Anonymous
එහෙමම කියන්න එපා...
"සමහරු කලේ මධුර එකේ
ඩේටා බේස් එක පාවිච්චි කරලා තමන්ගේ නම දාගත්ත එකයි" !!!
මම අහල තියන විදිහට ඔතනට database කතාව ඇදල ගත්තොත්, මධුර dic එකෙත් db එක original නෑ... මම හිතන්නෙ Thibus එකෙන් ගත්තු db එකක් ඒකෙත් තියෙන්නෙ! දන්නෝ නිවැරදි කරත්වා!
ඒ කාලෙ ඒකෙන් වුණු සේවය අති මහත්. තවමත් madura online unicode එක හොඳයි....
ඒත් පරණ මධුර, දෙරණ වගේ ඒව එක්ක මේක සසඳදි වෙනස අහසට පොළොව වගේ.... මධුර dic එක open කරන් වැඩ කරන window එක වහගෙන search කරන අය දැක්කහම මට හිනා ගිහින්, දුක හිතිල ඇඬෙනව!... =))

Kasun Chamara
සහෝදරයාගේ වැඩේ මම අගය කරනවා, ඔයා කරන සමාජ සත්කාරය රජයෙන් වත් කරන්නෙ නැති වැඩක්.

Warlock
Awesome work bro.i'm waiting for this thing long time.thx man

Nilaranjan
December 24, 2012 at 4:10 PM
ඔබේ ඩික්ෂනරි එක මම install අද කලා. ඉතාම ඉහල ගණයේ නිර්මාණයක්. තව නිර්මාණ බිහි කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !

Harsha
December 24, 2012 at 4:10 PM
මේක නම් මැක්සා වැඩක්.. එලස්

KOTUWA
පට්ට නියමයි!... :)
තාම වැඩිය ප්‍රසිද්ධ වෙලානම් නෑ.... :(
Singlish, English switch වෙන තැණ පොඩි අවුලක් තියනව, හරියට තේරෙන්නෙ නෑ click කරන කම්!

Tharinda Thisara
නියමයි බන්..next   virsion 1ta මේවත් පුලුවන්නම් add කරපන්...හුගක් sub ගානට වෙලාවට යන්නේ නැනේ බන් අපි පොඩ්ඩක් එහාට මෙහාට කරලනේ බලන්නේ එත් dic1 පෙන්නන්නේ හරි වෙලාවට තියන sub වල තේරුම නේ.එකත් පුළුවන් නම් හදපන්.පුලුවන්නම් අපිට manually add කරන්න ලේසි ක්‍රමයක් හදපන් නැත්තම් එකම folder1 තියාගන්න 1 ටිකක් අවුල්...තව දෙයක් අපි වචන type කරද්දී අකුරක් දෙකක් type කරහම එකට අදාළ වචන ටික දිග ඇරෙනවා නම් මරු.ඕවා හැදුවොත් මේක තමයි හොදම 1...

KOTUWA
Dic එක මරු!...
හැබැයි SpashScreen එක පොඩ්ඩක් අවුල් වගේ... ඒකෙ professional ගතිය අඩුයි!...
පාට අඩු කරල, අනවශ්‍ය design අයින් කරල, simple professional එකක් Web 3 style එකට හැදුවොත් නරකද?

ICTA Jurors' Evaluation on e-Swabhimani 2012

People learn language best when they use it in their day to day activities. Therefore, NDictionary is product developed to teach English ‘on the go’. From browsing the web, to word processing to watching a movie, the NDictionary has built-in functions that enable words/sentences which cannot usually be copied to be translated into any of its three working languages.
Dictionary’s ‘Real-time Subtitle Translating’ feature is a very useful tool that makes learning English effortless and interesting. With this feature, people get the opportunity to watch and understand the script of their favorite English movies/dramas while learning English at the same time. Further, this feature can enable students to follow video based distance learning offered over the internet – thus promoting self-learning as well as English learning.
Other features such as the top 10 words/ sentences for the day, daily English learning tips, language learning games and access to English cat network with an auto grammar correction tool makes NDictionary an interactive tool promoting active language learning through many methods and forms.

The fact that this software is offered free of charge makes it accessible to all. Further achieving over 1500 downloads in a period of just three months is a clear indicating of its popularity and a reflection that it satisfies a growing need.

අදහස් දැක්වීමෙන් හා යාළුවන්ට Share කරල සහය දක්වපු සැමදෙනාටම ගොඩක් ස්තුතියි. 

යාළුවො කාටත් දැනගන්න Share කරන්න.
අලුත් දේ මග නොහැරීමට Like කරන්න.
Read More

Saturday, February 15, 2014

// // 14 comments

කෝටිපතියෙක් වෙන්න ආසද? (Do you want to be a Billionaire or Game Changer?)

ඔබ ඉංජිනේරු වරයෙක්ද? ගුරුවරයෙක්ද? වෛද්‍ය වරයෙක්ද? බස් ඩ්‍රයිවර් කෙනෙක්ද? ඔය විදියට තව කොච්චර නම් කිවුවත් අපේ රටේ බහුතරයක් ඔබ සියලු දෙනා කම්කරුවො. මාසෙ අන්තිමට පඩියක් ගන්නව. ඒක ඉවරවෙනකම් වියදම් කරනව, නැත්නම් ගොඩගහන් ඉන්නව. ඒ අපේ රටේ මිනිසුන්ගේ ආකාල්ප. ව්‍යාපාරයකට ආයොජනය කරන්නෙ කීයෙන් කී දෙනාද? එතකොට ඔය ඉහත කිවුව වෛද්‍යවරු, ගුරුවරු පුද්ගලිකව තමන්ගෙ දැනුමින් හම්බකරන ක්‍රම තියෙන්නෙ. එතකොට ඔවුන් ව්‍යාපාරිකයන් නෙවීද? ඔවු ව්‍යවසායකයො, ඒත් එකට ගරනව කියල විශේෂ පදයකුත් එකතු වෙන්නෙ නැත්නම් තමයි හොඳ. හැබැයි මේ කතාබහට අදාලවනම් ඔවුන් තාමත් කම්කරුවො.

ඇත්තටම රටක් දියුනු කරන්න නම් ඒ රටේ ඉන්න ඕනි ව්‍යවසායකයින්. ඔබට කොටිපතියෙක් එහෙමත් නැත්නම් Game Changer කෙනෙක් වෙන්න ඕනිනම් වෙන්න ව්‍යවසායකයෙක්. ඇමරිකන් මිනිසුන් බහුතරයකගේ සිතේ තියෙන්නෙ තමන් එකතු කල මුදල් ආයෝජනය කරන්න. බොහෝදුරට හම්බවෙන මුදල් මුලදී තමන් පටන්ගන්න ඉන්න දෙයහි පර්යේශන සඳහා වියදම් කරනව. පස්සෙ ඒ දේ මගින් ව්‍යාපාරය පටන් අරන් මුලු ලෝකයම හොල්ලනව. එහෙම මුලු ලෝකයම නැතත් මුලු ලංකාවම හොල්ලන ව්‍යවසායකයෙක් වෙන්න නම් ඔබ කලයුත්තේ නිෂ්පාදනයක් මගින් ව්‍යාපාරයක් පටන් ගැනීමයි.

මුලදී ඒ නිෂාපාදනය සාර්තකව ගොඩනගා ගන්න මුදල් කාලය යොදවන්න. ඒ දේවල් අසාර්තක වුනත් ඒ ඔස්සේ ඔබ තවත් අලුත් දෙයක් සොයාගැනීම සදහා ආකල්ප ගොඩනගාගෙන ඉවරයි. ඒ පර්යේෂනය කරන අතරේ ඔබට ඊට වඩා වටිනාකමකින් යුතු නිෂ්පාදනයක් සඳහා අදහස් පහල වෙන්න පුලුවන් බව මම වගකීමෙන් සහ මගේ අත් දැකීම් වලින් ප්‍රකාශ කරනව.

මේ ලිපිය කියවන ඔබට හිතෙනව ඇති මට අලුත් අදහස් පහල වෙන්නෙ නෑනේ කියල. ඔවු ඔබ ඔබගේ සිතට දවසේ පවතින ප්‍රශ්නවලින් මිදිල නිදහසේ ඉන්න කාලය ලබාදෙන්නෙ නැත්නම් ඒ දේ වෙන්නෙ නෑ තමයි. ඔබ සමාජයේ පවතින ප්‍රශ්න ඕනි තරම් දැක්කත් ඔබ ඒ ගැන සිතන්න සිතට කාලය ලබා නොදීම නිසා අලුත් අදහස් පහලවෙන්නෙ නෑ. ඒ නිසා හුදකලාව ඔබගේ සිතේ සිතුවිලි වලට නිදහසේ සමාජ ප්‍රශ්න පිළිබඳව සිතන්න ඉඩහරින්න. ඒ අතරතුර ඔබට අලුත් අදහසක් ඕනි බව යටිසිතට දැනෙන්න ඉඩ හරීන්න. මාස දෙක තුනක් ගෙවී යද්දී ඔබ නව අදහස් උපදවන්නකු බවට පත්වී හමාරයි.

දැන් ඔබගේ නිර්මාණය කිරීමේ කාලයනම් ඒ සඳහා ඔබට දැනුම තිබිය යු‍තුයි කොහොමද මෙය පටන් ගන්නෙ කියල. ඉහත මා සඳහන් කල සියලු දේ මාගේ අත්දැකීම් එක්ක කිවුවා මිස ඒවා චිදිමත්ව විශ්ලේශනය කල දේවල් නෙවි. නමුත් නව අදහස් ඔස්සේ ව්‍යවසායකත්වය කරා යන ගමනට ඉංග්‍රීසියෙන් කියන්නෙ Start-up කියල. ඒ පිලිබඳව මම අන්තර්ජාලයෙන් එකතු කරගත් ලින්ක් කීපයක් දෙනව. ඒව හොදින් කියවල තමන්ගේ ගමන යන්න පටන්ගන්න අනිවාර්යයෙන්ම. ඉතින් රටට ආනයනය කරන දෙයක් වුනත් වෙන්න පුලුවන් ඔබගේ නිෂ්පාදනය. ඒත් ඒක රටේ මුදල් ඉතුරු කරන ව්‍යාපාරයක් නිසා ඔබට වරදින්නේ නෑ.

හොඳින් මතක තියාගන්න බිල්ගේට්ස්ල, ස්ටිව් ජොබ්ස්ල උපාදි ධාරින් නෙවෙයි. ඒ වගේම ඔවුන්ට එම ආයතන දෙවියන් විසින් මවල දීපුව නෙවී. ඒත් ඒ ආයතනවල වාර්ෂික ආදායම අපේ රටේ වර්ෂික ආදායමටත් වඩා වැඩියි. එහෙවු ආයතන ඔය ඉහත කිවුව දෙක විතරක් නෙවී තව ඕන තරම් තියෙනව. ඔබ ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක් හෝ බස් ඩ්‍රයිවර් කෙනෙක් වුවත් ඔබගේ දැනුමින් විවසායකයෙක් වන්න උත්සාහ කරන්න. ඒ වගේම කියන්න ඕනි මේ ලිපිය කියවන ඔබ නව අදහස් ජනිත කරන්නෙකු වන්න කිසිම අදහසක් නැතිවන්නකු වෙන්න පුලුවන්. ඒත් ඔබට පුලුවන් එහෙවු අයට උදව් කරන්න. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නෙ රටේ නිශ්පාදන මිලට ගන්න පුරුදු වන එක. රටක් දියුනු වෙන්න බලපාන ප්‍රබල සාධකයක් තමා ඒක.

ව්‍යවසායකත්වය පිළිබඳව ඔබගේ දැනුම පහලින් Comment කරන්න නැතිනම් ඔබත් සංවදයක් ආරම්බ කරන්න. ඒ Blog එකකින් වෙන්න පුලුවන්, නැතිනම් වැඩපලේ, බස් එකේ ඕන තැනක ඒ සඳහා ඔබට නිදහස තියෙනව. ඒ ඔස්සේ ඔබගේ සිතට කාවද්දන්න ඔබට ව්‍යවසයකයෙකු වන්න අවශ්‍ය බව. ඔබ ව්‍යවසායකයකු වූ දවසට ඔබගේ ආයතනයේ සේවකයන් ඔබ නිසා ‍රැකියාවක් ලබාගෙන සිටීම දැකීමෙන් ලොකු සතුටක් බුක්ති විදින්න පුලුවන්. ඒ සතුට මුදල් ගොඩගසාගෙන සිටිනවාට වඩා සතුටක් විය යුතුයි නේද. ලිපිය අවසන් කරන්න කලින් කියන්නම් මම අහල තියෙන කතාවක්. දියුනු රටවල උගත් මිනිසුන් තම ළමයින්ට කියන්නෙ පුතේ හොඳ ‍රැකියාවක් හොයාගන්න කියල නෙවී, පුතේ හොඳ ‍රැකියා දෙන්නෙකු බවට පත්වන්න කියල. ඔබගේ දැනුමට අදාලව ‍රැකියාවක් ඔබට තාමත් නැද්ද? එහෙනම් මේ ලිපිය කියවල ඔබගේ දැනුමින් ව්‍යවසායකයකු වෙන්න උත්සාහ කරන්න. ඉතින් මේ ලිපිය නවත්වන ගමන් පහලින් Start-up Resource වල ලින්ක් හොදින් කියවන්න.

How to Start a Startup.
මිනිසුන් ආදරය කරන දෙයක් නිර්මාණය කරන්න.

Startups in 13 Sentences.
ඔබගේ Customers ලාව අදුනගන්න.

Hiring is Obsolete.
ව්‍යාපාරිකයාට වඩා මාර්කට් එක විපරම් සහිතයි.

How to Make Wealth.
පොහොසත් වෙන්න තනියම අවබෝද කරගන්න measurement and leverage ගැන.

You Weren't Meant to Have a Boss.
මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩ කිරීම තමයි Start-up කියන්නෙ.

Why to Not Not Start a Startup.
ඔබ එය නොකල යුත්තේ ඇයි.

Why to Start a Startup in a Bad Economy.
ඔහු තමයි ගනන් ගන්න ඔන පුද්ගලයා.

A Student's Guide to Startups.
Starting a startup.

Ideas for Startups.
අදහස සැලැස්මක් නෙවී.

Why Smart People Have Bad Ideas.
නිර්මාණ කරන්න ඉගෙනගත් පුද්ගලයා විශේෂයි.

Be Relentlessly Resourceful.
උත්සාහා කරන්න අලුත් යමක්.

The 18 Mistakes that Kill Startups.
වරදින තැන් ඉගෙන ගන්න.

The Hardest Lessons for Startups to Learn
Start-up ගැන.

How to Fund a Startup.
අවදානම ගන්න ඉගෙන ගන්න.

The Hacker's Guide to Investors.
පොඩි දේ ලෝකය වෙනස් කරන හැටි ගැන ඔබ දන්නෙ නෑ.

How to Present to Investors.
ඔබ කරන දේ ගැන පැහදිලි කරන්න ඇයි ඒ දේ වැදගත් කියන ගමන්.

The Equity Equation.
සාදරන දේ කිරීමෙන් ඔබ පොහොසත් බව සිතට ගන්න.

A Fundraising Survival Guide.
අනතුරු දායක ක්‍රියාවලි.

The Venture Capital Squeeze.
නිර්මාණ කරුවා ලක්ෂපතියෙක්ද?

The Other Road Ahead.
මයික්‍රොසොෆ්ට් ඔබව බය කරනවා.

How Not to Die.
ධෛර්යයෙන් දියුනුවෙන්න.

What Business Can Learn from Open Source.
ඔබුන් ඔබට වදයක්ද, ඒත් ගනන් ගන්න එපා.

What the Bubble Got Right.
කුඩාවට පටන්ගන්න.

The High-Res Society.
අනාගත ව්‍යාපාර කුඩා ජාලයක් මත රදා පවතීවි.

They Would Be Gods.
Silicon Valley.

The New Boom.
වර්ථමාන Company පොඩියට පටන්ගෙන ඉහලට ගමන් කරනව.

For Start-Ups, Web Success on the Cheap.
Internet start-ups.

ArsDigita: From Start-Up to Bust-Up.
මට ශක්තියක් නෑ සියලු දේටම?

The Cult of the NDA.
ව්‍යාපාර රහස්.

Ten Rules for Web Startups.
සියලුවම නිෂ්පාදන මිනිසුන්ගේ අදහස්.

Valuation.
much better to think.

A Lesson on Elementary Worldly Wisdom.
සල්ලි නැතුව පටන්ගන්න?

Elements of Sustainable Companies
VC firm looks?

How to write a killer deck, and get funded.
අදහස සංධානගත කිරීමට කලින්.

Books

Dale Carnegie: How to Win Friends and Influence People

Edward Tufte: The Visual Display of Quantitative Information

Paul Graham: Hackers and Painters

Jessica Livingston: Founders at Work

Individuals

Chris Anderson

John Battelle

Steve Blank

David Cowan

Paul Graham

David Hornik

Guy Kawasaki

Paul Kedrosky

Tim O'Reilly

Joel Spolsky

Fred Wilson

යාළුවො කාටත් දැනගන්න Share කරන්න.


Startu-up ගැන ඉදිරි ලිපි කියවීමට Like කරන්න.
Read More

Monday, January 13, 2014

// // Leave a Comment

Download UOR Science 2010 Batch Photo - High Quality


මේ දෙන්න යන්නෙ මගේ University එකේ යාළුවන්ට වැදගත් දෙයක්. ඒ තමයි අපේ Batch Photo එකේ High Quality Image Copy එක. ඒකෙ නම් Photo එකක් ඇත්තටම මදිනේ. ගැහැණු ළමයින්ටනම් මහ ගෙදරටයි, බැදල යන ගෙදරටයි, නැන්දම්ගෙ ගෙදරටයි තව කොච්චරනම් ඕනද :-) නේද. මේ Image එක Original Size එකට Print කරන්න පුලුවන් කිසිම අවුලක් නැතිව. ඒක ගන්න ගොඩක් මහන්සි උනේ ජන්තු තමයි. ඌටත් ස්තුති කරන ගමන් මේක Download කරගන්න. 13MB වෙනව හොදේ :-)

 Download the En Dictionary
යාළුවො කාටත් දැනගන්න Share කරන්න.

Like NamalYaya to Get New Update
Read More

Thursday, January 9, 2014

// // 92 comments

Free Download the Engrisi Dictionary 2014 – ICTA and SLIC Awarded as Best English Learning Software

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.



Features of the Engrisi Dictionary
පහත සඳහන් Features බාවිතා කරන ආකාරය පිළිබඳව වැඩි විස්තර Engrisi Dictionary යෙහි Main Menu වේ ඇති Help (view --> help) ඔස්සේ බලාගත හැක.


1) Subtitle Translator for KMPlayer
මෙම ටූල් එක English ඉගෙන ගන්න උවමනාව තියෙන අයට වැදගත්ම ටූල් එකකි. English බාවිතය මගින් English ප්‍රගුණ කරන්න ඔබට මෙය පහසුකම් සලසාවි!

New :- සියළුම Subtitle Open කිරීමේ හැකියාව දැන් ඇත.

New :- Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ මොහොතට KMPlayer එකහි පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තේරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව Subtitle Navigation කියල.

2) Top 10 Words of The Day
New :- English භාෂා පර්යේෂක වරුන්ගේ සොයාගැනීම අනුව English හොඳින් ඉගෙන ගැනීමට වචන 4,000ක් ප්‍රමාණවත්. මෙම Tool එක මගින් ඔබට එම වචන වලින් වචන 10ක් දවසකට ගෙන දේවි. අනිවාර්යයෙන් ඒවා පාඩම් කරගන්න.

3) Web Browser & PDF Readers Support
New :- Chrome, Firefox, Adobe PDF Reader වැනි මෘදුකාංග වලින් විවෘත කරගත් File එකක ඇති වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම ගෙන හැර දැක්වීමට En Dictionary වලට දැන් පුලුවන්.

4) Singlish Keyboard for Windows
New :- Windows මතදී බාවිතා කරන ඕනෑම මෘදුකංගයක් මත සිංහලෙන් Type කිරීමට පහසුම ක්‍රමයක් ලබාදේ. Facebook වැනි වෙබ් අඩවි මත සිංහලෙන් Comment කිරීමට පසුවෙන් බාවිතා කල හැක.

5) History & Favorite
New :- History මගින් දිනය තුළ කලින් Search කල වචන නැවත බලා ගැනීමට පුලුවන්. Bookmark මගින් ඔබට අමතක වේ යැයි හැගෙන වචනයක් හෝ වාක්‍යයක් Save කර තබා ගැනීමට හා අවශ්‍ය විට View කිරීමටත් පුලුවන්.

6) Easy Search in Web
New :- දැනගැනීමට අවශ්‍ය වචනයේ තේරුම හෝ වැඩිදුර විස්තර Google, Wikipedia වැනි Site වලින් One Click එකකින් දැන ගැනීමට පහසුකම ඇත.

7) Various Searching Options
New :- විවිධාකාරයේ Searching සඳහා Searching Option කීපයක් හදුන්වා දී ඇත.

8) Auto Search
වචනයක් හෝ වාක්‍යයක් Copy කරන විටම එහි තේරුම දැන ගැනීමට පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට එහි Settings Manage කරගැනීමටද පුලුවනි.

New :- Copy කරගෙන සිටින වචනයේ තේරුම රහිතව Engrisi Dictionary Open විය යුතුනම් Middle Mouse Button එක මගින් Engrisi Dictionary Open කිරීමෙන් එය කරගත හැක.

9) Optical Character Recognize - OCR
Picture එකක, Error Massage එකක හෝ වචන Copy කල නොහැකි තැනක තියෙන English වචනයක හෝ වාක්‍යයක තේරුම දැනගන්න පහසුම ක්‍රමය තමයි Image එක Capture කරල තේරුම දැන ගැනීම. ඒ සඳහා මෙම Tool එක පහසුවෙන් බාවිතා කල හැක.

10) Learning Tools
Top 10 Sentences of The Day, English Tip වැනි Tools මගින් ඔබට English ඉගෙන ගන්න පහසුකම් සලසාවි!

11) Learning Games
Top 10 Words of The Day මගින් ඔබට පාඩම් කරන්න දුන් වචන ආවර්ජනය කිරීමට සහ English ප්‍රගුණ කිරීමට Games කීපයක් හදුන්වා දී ඇත.

12) English, Sinhala & Singlish Typing
English වලින්, සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලින් මෙන්ම Singlish (Like SMS Typing) යන සියලු ආකාරයටම මෙහි වචන සෙවීම කල හැක.

13) English Meaning or Sinhala Meaning
යම් වචනයක තේරුම ඔබට සිංහලෙන් දැන ගැනීමට මෙන්ම අවශ්‍ය නම් English වලින් දැන ගැනීමට පුලුවන් කම තියෙනව. English වලින් Meaning එක දැනගැනීමේදී එහි යෙදුම්ද දැන ගැනීමට පුලුවනි.

14) Speech
වචනයක් හෝ වාක්‍යයක් උච්චාරයන කරන ආකාරය ඇසීමට පහසුකම් ඇත.

15) Useful Settings for Customize
ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි Engrisi Dictionary මෘදුකාංගය බාවිතා කිරීමට අවශ්‍ය සියලුම Settings ඔබට සපයා ඇත.

 Download the En Dictionary

Engrisi Dictionary සඳහා Softpedia 100% Clean Certificate එක ලබාගත් බව සතුටෙන් ප්‍රකාශ කරමි.


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.

ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එය සාර්ථක වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ස්තුතියි.

Subtitle Translator


Read More