Tuesday, December 31, 2013

// // 6 comments

Now En Dictionary work as Add-on of Chrome, Firefox, PDF Readers

ආයුබෝවන් කියල 2014 වර්ෂය පිළිගන්න ගමන් නාමල් යායට යන එන ඔබටත් ලැබුවා වූ 2014 වර්ෂය සාර්ථක වර්ෂයක් වේවායි ප්‍රර්ථනා කරමි. 2014 වර්ෂයේ En Dictionary සමග එකතුවන ඔයාලට එයින් ලැබෙන තවත් පහසු කමක් පිළිබඳ විස්තර කියන්න තමා මේ ලෑස්තිය. මාතෘකාවෙන් කියවෙන දෙයහි අදහස තමයි Chrome, Firefox, Adobe PDF Reader සහ එනෙකුත් PDF Reader කීපයක් සඳහා En Dictionary 2014, Add-on එකක් ලෙස ක්‍රියා කරන බවයි. එනම් ඉහත මෘදුකාංග විවෘත කරගෙන සිටින අතරේ ඔබ එහි පෙනෙන්නට ඇති වචනයක් මත Double Click කලොත් එම චචනයේ තේරුම ගෙන හැර දක්වන්න දැන් En Dictionary වලට පුලුවන්. ඔබ ඒ සඳහා කල යුත්තේ System Tray එක මත ඇති "N" Icon  එක මත Click කොට En Dictionary එක Open කරගෙන PDF හෝ Web Access කිරීම පමණි. නොදන්න වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම දැකගන්න පුලුවන්. අනෙක් විදිය නම En Dictionary Open නොකර තිබියදීම එම පහසු කම ලබාගැනීමේ මගයි. ඒ සඳහා ඔබ කලයුත්තේ "N" Icon එක මත Right Click කොට Auto Search මෙනු එක Select කිරීම පමණි. එවිට En Dictionary Open වී නොතිබුනද ඉහත මෘදුකාග වල ඇති Content එකක් මත Double Click කරන විටම තේරුම ගෙනහැර දක්වාවි.



මේ දවස්වල කැම්පස් එකේ Final Exam එක ඉවර වුනා විතරයි. ඉතින් තව වැඩ කටයුතු කීපයක් තියෙනව En Dictionary 2014 Release කරන්න. අලුත් Version එකත් සමග ඉක්මනින් හමුවෙමු.


Read More

Wednesday, December 18, 2013

// // 10 comments

English භාෂා පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්, En Dictionary 2014 මගින් ඔබට ලැබෙන නව පහසුකම.

ඔයාල බොහෝවිට දන්නවත් ඇති English භාශාවෙ සාමන්‍යයෙන් බාවිතා වන වචන ගනන 200,000 පමන වන බව. වචන ගනන කෙසේ වුවත් English  සම්බන්ඳව පර්යේෂක වරුන් සොයාගෙන තියෙනව පුද්ගලයකුට තම එදිනෙදා අදහස් ප්‍රකාෂ කිරීමට English වචන 1000ක් හොදටම ප්‍රමාණවත් කියල. ඔයාල ඒ සම්බඳව අන්තර්ජාලයේ සොයා බැලුවොත් දැකගන්න පුලුවන් ඒ වචන දහස අතරෙ අප දන්නා වචන ලොකු ප්‍රමාණයක් තියෙනව කියල. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනව English භාශා ප්‍රවීනයෙකු වීමට තවත් වචන 4000ක් දැන ගැනීම ප්‍රමානවත් කියල. මේ සම්බඳව ITN Channel එකෙත් වැඩසටහනක් පසුගිය දවස්වල ප්‍රචාරය වුනා.

මේ සම්බඳව ප්‍රකාශයට පත් කර ඇති පොතක් වන The 4000 English Words Essential for an Educated Vocabulary පොතේ ඔය සම්බඳව ගොඩක් විස්තර තියෙනව. Google Search කලොත් ඔය පොත ඔයාලට සොයාගන්න පුලුවන් වේවි.

ඉතින් En Dictionary 2014 කොහොමද ඔයාලට මේ සම්බඳව පහසුකම් සලසන්නෙ?

En Dictionary 2013 බාවිතා කරන ඔබ සියළු දෙනාම දන්නව "Top 10 Words of The Day" කියන සංකල්පය. ඉතින් දැනට එමගින් පාඩම් කරගෙන Game එකට Play කිරීමට වචන අහඹු ලෙස ‍තෝරා ගනීමට වචන 80,000ක් පමන බවිතා කරනව. ඉතින් ඔය ක්‍රමය වඩා ප්‍රතිඵල දායක කිරීමට En Dictionary 2014 දියුනු කරල තියෙනව, ඉහත සඳහන් කල පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්. ඒ කියන්නෙ "Top 10 Words of The Day" මගින් ඔයාලට 2014 ඉදන් දවසට පාඩම් කරන්න ලැබෙන්නෙ මූලික වචන 5000න් බව මතක තියා ගන්න.

En Dictionary 2014 බාවිතයෙන් අනිවාර්යයෙන්ම දවසේ වචන 10ට අවදානය යොමු කරල ක්‍රමක් ක්‍රමයෙන් English  දනුම ගොඩ නංවා ගැනීමට ඔබට පුලුවන් වේවි!
Read More

Sunday, December 1, 2013

// // 17 comments

NDictionary Developing with Sad Feeling About Our Socity

NDictionary යනු English එගෙන ගැනීමට පහසුකම් සලසන මෘදුකාංගයක් නැතිකල මා සිතේ හටගත් අදහසකි. මා එය Develop කලේ මාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදිය. Subtitle Translator ඉංග්‍රීසි සමග මුසුවෙන්න සාර්ථක Tool එකක් වූ නිසාවෙන් එය සමාජයේ සියළු දෙනා සමග බෙදාගන්නට සැලැස්වීය. නමුත් එය මාගේ Blog එකේ දැම්මා මිසක වඩා ප්‍රසිද්ද කිරීමට පියවර නොගත්තෙමි. ඒසේ වුවද NDictionary Downloads 20,000 කට වඩා සිදුවී ඇති බැවු සතුටින් ප්‍රකාශ කරමි. NDictionary Download කර එය හොදනම් තවත් එක් අයකුටවත් එහි වටිනාකම බෙදාගත් සියළු දෙනාටම එම සමාජ සත්කාරයේ පිං හිමිවනු නිසැකැයි. වීශේෂයෙන් zoom.lk සහ allsevennet.blogspot.com අඩවි ඒ පිළිබඳව ලිපි ලියා තිබුනේ මෙසේයි.

http://www.zoom.lk/forums/showthread.php?t=8266

මධුර ඩික්ෂනරියට සමුදෙමු... !! නාමල් ඩික්ෂනරිය සමග එක්වෙමු... !! 

ඒ වගේම NDictinary දියුනුව සඳහා අඩුපාඩු හා අදහස් Comment කල සියළු දෙනාට ස්තුතියි.

කෙසේ නමුත් Exam අස්සේ NDictionary 2014 Developing කරන අතරතුර සමාජය පිළිබඳව කලකිරීමක්ද නැතුවා නොවේ. මා NDictioanry සඳහා සාර්ථක Database එකක් සාදාගැනීමට UCSC මගින් ලබාගත් English-සිංහල Database එකක් Develop කරන ලදී. එමගින් සිංහල-English Database එකක් සාදාගැනීමට දින ගනනක් වෙහෙස විනි. පසුව එය Open Source කරන ලද්දේ English-සිංහල Language Barrier එක අවම කිරීමට Software එකක් Develop කිරීමට එය කාට හෝ වැදගත් වනු ඇතැයි සිතූ නිසාවෙන් හා Database එකෙහි දියුනුවට සමාජය උදව් ලැබේයැයි සිතූ නිසාවෙනි. ඒ සඳහා Database එකට නව වචන Update කිරීමට Tool එකක්ද NDictinary සඳහා අඩංගු කරන ලදී. නමුත් ඒ සඳහා මගේ විද්‍යාලයේ එක් යාළුවකු හැරෙන්නට කාගේවත් සහයෝගයක් නොලැබිනි. නමුත් Database එකෙහි Download 3500ක් පමන තිබේ. තමුන් උදෙසා සැකසී නොමිලයේම ලැබෙන Software එකෙහි අඩුපාඩු හෝ නව අදහස් Comment කර ඇත්තේ කීයෙන් කී දෙනාද.

ඒ දේවල් ඒ විදියට සිද්ද වූවද NDictionary නව වසරේ EN Dictionary 2014 නමින් තවත් නව විශේෂාංග රාශියක් සමගින් ඔබ වෙත ගෙන ඒමට සතුටෙන් වැඩ කරමි. ජනවාරි පලමුවෙනිදා දීමට සැලසුම් කර සිටියද University එකේ පවතින Exam නිසා දින කීපයක් පරක්කු වනු ඇති බව කරුණාවෙන් සලකන්න. ජන්වාරි 10ට පෙර හෝ ලබාදීමට පියවර ගනිමි.

ඔබ NDictionary බාවිතායේදී එහි නොමැති වචන Update කිරීම කර ඇත්නම් ඒවා මාහට e mail කරන මෙන් ඉල්ලා සිටිමි. Update සඳහා Free Server  එකක් සකසා තිබුනද එය දැන් වැඩ නොකරයි. ඒ නිසා පහත ක්‍රමය අනුගමනය කරමින් එම වචන ["namalyaya@gmail.com"] ලිපිනයට e-mail කරන්න.

NDictionary Tray Icon එකෙහි Right  Click කොට View --> Add Word to Dictionary ‍තෝරන්න. එවිට එන Window එකේ ඇති "Updated Words" Button එක Click කරන්න. එවිට එන වචන Copy  කර e-Mail කරන්න.  ස්තුතියි.



Read More