Thursday, November 29, 2012

// // Leave a Comment

Top 10 Words Game


Top 10 Words Game, මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of The Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.



System Tray හි පවතින NDictionary Icon එක මත Right Click කිරීමෙන් ලබෙන මෙනු එකෙහි පවතින "Games --> Top 10 Words Game" යන විධානය මගින් ඔබට පුලුවන් Game එකට Access වෙන්න.

මෙම Game එකෙන් වෙන්නෙ මොකක්ද?
Top 10 Words of The Day  මගින් දවසකට ලබාදෙන Words 10න් එකක් Randomly තොරාගෙන ඔබට ඉදිරිපත් කරනව, නිකන්ම නෙවෙයි අකුරු Scramble (කවලම්) කරල.

ඉතින් කරන්න තියෙන්නෙ මොකක්ද?
කරන්න මහ ලොකු දෙයක් නෑ. දවසෙ වචන ටික පාඩම් කරල දෙන වචනෙ අනුමාන කරල වචනෙ අකුරු පිළිවෙලට Click කරගෙන ගිහින් එම වචනෙ හදාගන්න. ඒ වචනෙ හැදුවම ඉතිරි වචන 9න් එකක් ඒ විදියටම ඔබට ලැබෙනව. වචන 10 ඉවර උනාම ඔබට පුලුවන් Record එකකුත් තියන්න. හැබැයි විනාඩි 3ක් ඇතුලත කරන්න වෙනව.
Game Pause කරන්න, බාගෙට හදමින් ඉද්දී Reset කරන්න වගෙම වචනයක් Skip කරල ඊලග වචනයට යන්නත් පුලුවන්. ඒ වගේම වචනයක් හදද්දි වැරදුනොත් Meaning එක බලන Button එක Active වෙනව. තවද වචනයක් නිවැරදිව හදල ඉවරවුනාම නිවැරදි බව දන්වන අතරෙ පහලින් එම වචනයෙ තේරුම ගෙන දෙනව. ඒ අතරෙ Time එක අඩු වෙන්නෙ නෑ.

ලකුණු ලැබෙන්නෙ කොහොමද?
සෑම Click එකකටම ලකුණු 20 ක් ලැබෙනව. නමුත් තත්පර 30න් 30ට එම ප්‍රමානයෙන් අවම ප්‍රමානය 5 වෙනක්ම්  3 ගානෙ අඩුවෙනව. එතකොට වැරදි විදියට වචනයක් හැදුවොත් Click එකකට ලැබෙන ලකුණු 20න් අවම ලකුණු 5 දක්වා 1 ගානෙ අඩුවෙනව. ඒ අනුව දිග වචනයක් ලැබුනොත් ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩියි.


Read More

Saturday, November 24, 2012

// // 2 comments

English Tip Tool - The N Dictionary.



The NDictionary වලින් Learning Tools යටතේ ලබා දීල තියෙන තව Option එකක් තමයි English Tip Tool කියන එක. මේකෙන් කරන්නෙ දවසකට එක බැගින් English වල වාක්‍ය ගොඩ නැගීමේදී බාවිතා වෙන Tricks පිළිබදව ඔබව දැනුවත් කිරීම.

මේ සඳහා NDictionary Tray Icon එක මත Right Click කරල Learn --> English Tip යන විදානය භාවිතා කරන්න පුලුවන්.



මේ සඳහා මම චිචිද පොත් පත් වලින් ලබා ගත් දැනෙමෙන් සෑදූ Database එකක් ගොඩ නගමින් ඉන්නව. ඒ සඳහා එකතුවන්න ඔබටත් හැකියාවක් තියෙනව නම් මම අගේ කර සිටිනව.


Read More

Friday, November 16, 2012

// // 2 comments

Top 10 Sentences - The NDictionary


The NDictionary 2013 Version එකට අදාලව කතා කරන්න වෙන ඊලඟ Option එක තමා Top 10 Sentences.

මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුල්වන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කරල නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

මෙහි වාක්‍ය English සහ සිංහල වලින් ගෙනදීමට English පොත් පත් ඇසුරු කරගනිමින් මවිසින් ඩේටබේස් එකක් ගොඩ නගා ගැනීම තමා මුලින්ම කලේ. නමුත් තවමත් එහි ලොකු ප්‍රමානයක Sentences නෑ. එය වැඩිදියුනු කරන්න පුලුවන් සෑම වෙලාවක්ම ගත කරනව.  කොහොම වුනත් ඉදිරි වර්ශන් එකක් ගෙනෙනකොට එය උපරිමාකාරයෙන් දෙන්න පුලුවන් වෙයි.




Read More

Friday, November 9, 2012

// // 3 comments

English-English Dictionary - The NDictionary

සති මාස ගනන් නොදැනුවත්වම ගෙවී යමින් දැන් නොවැම්බරයත් ගෙවෙමින් යනව. ඊලගට දෙසැම්බර්, කැම්පස් එකේ වැඩ වර්ජයනය නිසා ලැබුනු කාලයෙන් ප්‍රයොජන ගනිමින් සාදමින් සිටි කාටත් ගොඩක් වැදගත් වන සොෆ්ට්වෙයා එකක් රිලීස් කරන්න හිතාගෙන හිටියෙත් දේසැම්බර්. ඒත් දැන් නම් කරමුලටම ලෙක්චර් දාල. ප්‍රොජෙක්ට්ස්, ටියුට්ස් ගොඩගැහිල. ඉතින් තව කල් යන පාටයි අලුත් වැඩේට. ඒ කොහොම වුනත් දැන් තව Continue කිරීමකුත් කරන්න තියෙනව නේ. ඒ තමා The NDicitionary 2013 Version එක Release කරන එක. රීට කලින් අලුත් Version එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන අලුත් Options ගැන කතා කරල ඉන්න ඕනෙ නේ. ඒ නිසා මෙ ලිපි සීරිස් එක ඒ සඳහා වෙන් කරනව. මේ වෙනකොට 2012 Version එකේ Download 2000 කට කිට්‍ටුවෙන්න ප්‍රමාණයක් ගිහිල්ල තියෙන්ච. හොඳයි අලුත් විස්තර කතා කරන්න කලින් 2013 Beta Version එක කැමතිනම් Download කරගන්න පුලුවන්. එහි අඩුපාඩු කම් කියල මහ ලොකු ඒව නැතුව ඇති කියල විස්වාස කරන්ව. 

1) English-English Dictionary
                                                    කලින් දාපු ලිපියට අනුව, ඒ පිළිවෙලට අපි කතා කරගෙන යමු. එයට අනුව මුලින්ම කතා කරන්න වෙන්නෙ English-English Dictionary Option එක ගැන. මුලිකව ගත් කල NDictionary මගින් අපේක්ෂා කලේ සිංහල-English Dictionary කියන සංකල්පය. ඒත් දැන් එහි සංකල්පය ටිකක් Advance කරල English Learning Tool එකක් ලෙස ඩිචලොප් කරගෙන යන්න තමා අදහස. ඒ නිසාවෙන්ම තීරනය කලා English-English Dictionary Option එකත් එකතු කලොත් හොඳයි කියල. මෙහි ඇති විශේෂත්වය නම් කෙනෙක් සිංහල හෝ English වචනයක් Search කලපසු එහි English භාවිතය කෙලෙසද යන්න උදාහරණ සහිතව දැකගන්න පුලුවන් වීමයි. ඒ සඳහා අවශ්‍ය චිදානය ඉතා පහසුවෙන් ඔබට ලබා දෙන්න පුලුවන් වෙන්නේ More Button එක හරහායි. Search Box එකෙහි යම් වචනයක් Type කර පසුව More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එවිට ඔබට දැකගන්න පුලුවන් ඔබගේ වචනයට අදාල English Definition එක සහ එය යොදාගන්නා ආකාරය.




 English ගුරුවරුන් කියනා දෙයක් තමයි English ඉගෙන ගන්න විට English - English Dictionary එකක් බවිතා කරන්න කියන කාරනය. ඒ නිසා ඔබට English ඉගෙන ගන්න උවමනාවක් තිබෙනම් බවිතා කරන්න පුලුවන් හොඳ option එකක් තමා මෙය. ඒ නිසා Default ලෙස පවතින English-සිංහල Dictionary එක වෙනුවට ඔබට පූලුවන් Option හරහා එය English - English Dictionary ලෙස වෙනස් කරගන්න.



එවිට More Button එක හරාහා ඔබට පුලුවන් යම් English වචනයක සිංහල තේරුම ගැනීමට Sinhala Definition යන්න සෙලෙක්ට් කරන්න. මෙම option එක නිසා NDictionary එක සඳහා ලැබී ඇති වාසියක් නම් යම් English වචනයක් සිංහල තේරුම ඩේටබේස් එකේ නැතිනම් එහි තේරුම ඉහත ක්‍රමය මගින් බලා යම් තාක් දුරට හෝ අවබෝද කරගැනීමට පුලුවන් වීමයි.




Read More