Sunday, September 16, 2012

// // 6 comments

English Sinhala Dictionary 2013


කාලෙකින් Post එකක් දාන්නත් බැරි වුනා, ඒකට හේතුව උනේ ඩොන්ගල් එක මාරාන්තික අසනීප තත්වයකට බදුන් වීමයැයි කෙටියෙන් කියන්න පුලුවන්. පස්සෙ ඉතින් එක එක බෙහෙත් අත්හදා බලල යන්තම ඩොන්ගල් එක ගොඩ දාගත්ත. දැන් මාතෘකාවට බහිමු, ඊට කලින් කියන්න දෙයකුත් තියෙනව නේ. මම දැනට "The නාමල් Dictionary" ලෙස වර්ශන් දෙකකින්ම රිලීස් කරල තියෙන ඩික්ශනරි මෘදුකාංගය 2013 Version එකත් සමග "The NDictionary" ලෙස නම් කරන්න තීරනය කරල තියෙනව. ඉතින් ඒ සමග ඩික්ශනරියේ කරන්න යන්න ඉන්න විශාලම වෙනස තමා ඩික්ශනරිය English Learning Tool එකක් ලෙස දියුනු කරන්න ඉන්න බලාපොරොත්තුව. 2013 Version එකට එකතු කරන්න ඉන්න ඒ අලුත් දේවල් ටික පිළිබඳ පොඩි අදහසක් තමා මේ ලිපියෙන් දෙන්න හදන්නෙ.

1) විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙත්ඩ් එකක්ද එකතු කරන්න බලාපොරොත්තු වීම. සමහර ගුරුවරු කියනව ඉංග්‍රීසි ඉගෙන ගන්නවිට English-සිංහල Dictionary Use කරන්න එපා කියල. ඒ නිසා Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න. ඒ වගේම යම් වචනය සිංහල තෙරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුල්වන් English වලින් දී ඇති තේරුම ලබාගන්න. එහි උදාහර පවා දැකගන්නට පුලුවන්.






2) English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබීම.

3) Top 10 Sentences, මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුල්වන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

4) Top 10 Words Game මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.

5) Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.

6) Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

7) Real Time Search ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

8) Subtitle Translator එකෙහි පොඩි අංගයක් එකතු කරන්න බලාපොරොත්තු වනෙව, දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය Manually Add කරගන්න පුලුවන් ලෙස හදන්න කියලත් ඉල්ලල තිබ්බ. ඉතින් ඒ Option එක එකතු කරන්න පුලුවන්.

9) Theme එකේ වෙනස් කමක් විදියට විවිද Theme කීපයක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනව. එක එක්කෙනා කැමති ආකාර වෙනස් කියන එක මට මගේම යාළුවන්ගෙන් තේරුනා. Default Theme එක ලෙස ලාපාට Theme එකක් දාන්න තමා ඉන්නෙ.


6 comments :

  1. good work bro....,,,keep it  up...all the best..........
     

    ReplyDelete
  2. යාළුවේ බැයි ද ඔයාට මුලු වාක්‍යම සිංහලයට හරවන එකක් සාදන්න ඒක මම හිතන්නේ ලංකාවටම කරන ලොකු උදව්වක්

    ReplyDelete
  3. අම්මා.... ඒකනම් එසේ මෙසේ වැඩක් නෙවෙයි සහෝ...

    ReplyDelete
  4. Ela machan. All the best for your great work!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete