Thursday, March 29, 2012

// // 7 comments

මම ඉගෙනගත් ලොකුම පරිගනක පාඩමක්.

මේ දේ සිදු වුනේනම් මට පරිඝනකය ලැබුන මුල්ම දවස් වල වගේ. මුලින්ම පරිගනකයක් ලැබුනම කවුරුත් කරන්නෙ Game ගහන එකනේ. ඉතින් මමත් ඒ සම්ප්‍රදායෙන් බිදෙන්නෙ නැතුව Game  ගැහුව සොරි සොරි Game  මැරුව කීවොත් නිවැරදියි. හැම වර්ගයකම Game, ඒ කිවුවෙ Adult Game පවා... (දැන්නම් වැඩිහිටියෙක් කියල හිතන් හිටියට ඒ දවස් වලනම් 11 වසරෙ වැඩිහිටියෙක් නොවැ...). ඉතින් දැන්නම් Game ගහනවට වඩා අසාව තියෙන්නෙ මොකක් හරි Creative දෙයක් කරන එක තමයි.



හොඳයි මාතෘකාවට අදාල දේ කියන්නම් කෝ. ඒ දවස් වල අද කාලෙ Call of Deuty වගේ සුපිරිම Game නෑනේ. අසාවෙන් ගැහුව Army Game  එක තමයි Delta Fource  තිබ්බෙත් Virsion 3 ද කොහෙද. ඉතින් ඒකෙ හැටියට එක වෙඩිල්ලක් වැදුන ගමන් මැරෙනව නේ. ඉතින් Mission  එකක් ඉවර කරන්න ලේසි වැඩක් නේවෙයි.  ඔහොම දවසක් ඉන්නකොට  මගේ නෑදෑ අයියකෙනෙක් ආව අපේ ගෙදර, ඉතින් Game  එක දාල දීල මම කඩේට ගිහින් එන ඩින්ගට මේක Mission  බර ගානක් ඉවර කරල නොවැ. වස ලැජ්ජාවයි. ඉතින් බලන් හිටිය මොකක්ද උපක්‍රමේ කියල.  පොර ඉදල හිටල මිනිසුන් සොයන්න දුර දක්නයක් අරගෙන එකෙන් බලල තමයි වෙඩි තියන්නෙ. ඉතින් ඇහුව කොහොමද ඒක ගන්නෙ කියල. අයියගෙ උත්තරේ උනේ මල්ලි  මවුස් එකේ Right Button එක ක්ලික් කරන්න විතරයි නේ තියෙන්නෙ කියල. අපෝ ආයිත් වස ලැජ්ජාවයි. මාස ගානක් ගැහුවන නිකමටවත් Right එක ක්ලික් කරන්න හිතුනෙ නෑ නොවැ.

ඉතින් මුල් කාලෙදි අපි කරන බලපතල වැ‍රැද්දක් තමයි පරිගනකයට බය එක. තියෙන ඔක්කොම බය නැති කරගෙන ඔක්කොම අතපත ගානවනම් ඕනම දෙයක් ඉගෙන ගන්න එක තනියම කරන්න ඉතාම පහසු කාරනයක් කියල එදා තමයි ඉගෙන ගත්තෙ. ඉතින් ඒ පාඩමත් එක මම දැන් ලොකු ගමනක් ගිහිල්ල තියෙනව. Virus එකකටවත් බය නැති ගානට. Virus එකක් උනත් Crack කරන්න තරමට ඒ බය නෑ.
ඉගෙන ගත් ගොඩක් දේවල් තනියම තමා ඉගෙන ගත්තෙ. ඒ අත්දැකීම ඔයාලගේ ජීවිතයටත් ලගාකරගන්න. ලොකු ගමනක් තියේවි.
Read More

Tuesday, March 6, 2012

// // Leave a Comment

The NDictionary 2012 - Comment Bugs\Idea


The NDictionary  කියන්නෙ මොකක්ද කියල දැන් ගොඩක් දෙනෙක් දන්නවනේ. කෙටියෙන් කිවුවොත් English  ඉගෙනගන්න පහසු කරන විශේෂ tool රාශියක් සමග  නිර්මාණය වූ English Sinhala Dictionary එකක් කීවොත් නිවැරදියි කියල එය Download කල සැම දන්නවා ඇති. හොදයි මම තාම ඔයාලට දීල තියෙන්නෙ එහි Beta Virsion එක නේ. ඉතින් තවත් මාසයක වගේ කාලයක් තුල 2012 Virsion එක Release කරන්න වැඩකටයුතු මේ දවස් වල නිමකරමින් තමා ඉන්නෙ. එහිදී අලුත් Features කීපයක් සහ කලින් පැවැති දැනගත් Bugs අයින් කරන්න පුලුවන් කම ලැබුන.

ඉතින් The NDictionary  භාවිතා කල ඔයාලට තවත් අලුත් Idea තියෙන්න පුලුවන් මෙයට Add වෙන්න ඕන තව පහසුකම් මොනවද කියල, ඒ වගේම ඔයාලට අපහසුවක් දැනුන Bugs එහෙම තියේනම් ඒවත් පහල Comment කරන ලෙස ඉල්ලා සිටින්න තමා මේ ලිපිය දාන්නෙ. Add Word to SEWdbC  හරහා ඔයාල Database  එකේ දැනට නැති වචන එහෙමත් Update කලානම් ඒවත් පුලුවන් තරම් ඉක්මනට Upload කරන ලෙසද ඉල්ලා සිටිමි. Upload කිරීමට අපහසුනම් අලුත් වචන ටික අඩංගු text file  එක namalyaya@gmail.com ලිපිනයට mail  කරන ලේසද කාරුණිකව ඉල්ලා සිටිමි.

ඒ වගේම Bugs එකක් නම් එය ඉදිරිපත් කල කෙනාගේ හා New Idea  එකක් නම් New Virsion එක Release කිරීමේදී අලුත් Features එක ඉදිරියේ එය ලබාදුන් කෙනාගේ ID එකක් ලෙස ඔබගේ Web Site  එක හෝ Facebook URL එක ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වනවා. එයට අකමැත්තක් නොමැතිනම් ID එකට කැමති යමක් ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

මෙම නිර්මාණයේ දියුණුවට කරයුතු කරන ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.

Read More