Friday, May 27, 2011

// // 5 comments

පේටන්ට් බලපත්‍රයක් ගන්න ආකාරය





Post එකක් දාන්න දෙයක් කල්පනා කර කර ඉන්නකොට මතක් වුන දෙයක් නෙවෙයි මේක. 
මම මේ අත්දැකීම විදිද්දි මට හිතුන මේ ගැන හරියාකාරව දැනසිටියනම් කොච්චර පහසුද කියල.
ඉතින් පේටන්ට් බලපත්‍රයක් ගන්න ආකාරය ගැනකියන කොට ඉස්සෙල්ලාම දැනගන්න ඕනෙ 
කොහෙන්ද මේ බලපත්‍ර දෙන්නෙ කියල. ජාතික බුද්ධිමය දේපල කාර්යංශය(NIPO) මගින් තමයි පේටන්ට් 
බලපත්‍රයක් ගන්න පුලුවන් වෙන්නෙ.

මේ ආයතනයෙන් තව වෙළඳ සංකේත රෙගිස්ටර් කිරීම සහ අනෙකුත් බුද්ධිමය දේපල සම්බන්ද 
කටයුතුද කරනු ලබයි.

 මේ ආයත්නයේ කර්යාලය තියෙන්නෙ මරදානෙ ගාමිණී හෝල්
 හන්දිය කියන ස්ථාන්ය අසල පිහිටා ඇති සමාගම් මැදුර කියන මහල් ගොඩ්නැගිල්ලෙ තමයි.  

හොද්යි කියන්න තියෙන විශේෂම දේ තමයිපේටන්ට් බලපත්‍රයක් ගන්න, තමාගේ අදහස නිර්මාණ කිරීම කලයුතුම නෑ. අදහස පැහැදිලිව ඉදිරිපත් කිරීමයි වැදගත් වෙන්නෙ. තමන්ට නවනිපැයුමක් පිළිබදව අදහසක් පැමිනි පසු එය ඇත්තටම නව නිපැයුමක්ද කියන ප්‍රශ්නය තමයි ප්‍රධාන වෙන්නෙ. 

මේ බව තහවුරු කර ගැනීමට ඔබට පුලුවන් ඉහත සඳහන් කල ආයතනයට ගොස් රු.350/= පමණ මුදලක්  බැඳ NIPO ආයතනයේ තොරතුරු පිරික්සීමට මෙන්ම අනෙකුත් උපකාරද ලබාගත හැක.තොරතුරු පිරික්සීම් සඳහා ඔබට ඔවුන් උදව් කරනු ලැබේ.
එසේම එම ආයතනයට නොගොසින් ඔබට පේටන්ට් බලපත්‍ර පිළිබඳ තොරතුරු ඇති වෙබ් සයිට් වලින් 
තමාගේ නිර්මාණය නව නිපැයුමක්ද කියල දැනගන්න පුලුවන්. නමුත් මේ වෙබ් සයිට්වල තොරතුරු 
සොයාබැලීම කොපමන දුරට ආරක්ෂිතදැයි කියන්න නම් දන්නෙ නෑ. නමුත් මට මේ ලින්ක් ටික ලබා 
දුන්නෙ ජාතික විද්‍යා පදනමේ මහාචාර්ය වරියක්. නමනම් දැන් මත්ක නෑ. ඒ මැඩම්ට ස්තුති වෙන්න 
ඕන ඒත් නමනම් දැන් මත්ක නෑ.




ඔබට NIPO ආයතනයෙන් පේටන්ට් බලපත්‍රය ගැනීමට අයදුම්පත්‍රයක් 
ලබාගතහැකි අතර පහත සඳහන් ලිපිනයෙන්ද ගතහැක. ඔබගේම නිර්මාණයකට පේටන්ට් බලපත්‍රය 
ගන්නේනම් එහි සියළුම තොරතුරු පිරවීමට අවශ්‍ය නොවන අතර මගේ දැනුම අනුව පිරවීමට අවශ්‍ය 
නොවන තොරතුරුවලට අදාල අංක පහත සඳහන් කර ඇත.
v,   vii,   ix,   x, and   xi

පේටන්ට් බලපත්‍රය ගැනීමේදී මුදල් බැදීමටද ක්‍රම කීපයක් ඇත.
ඉල්ලුම්පත් ගාස්තුව 

01.ශිෂ්‍යයන් සඳහා රු1,000/= 
02.තනි තැනැත්තකු සඳහා රු.2,500/= 
03.වෙනත් රු.6,000/= ලෙස ගෙවිය යුතුය.

එසේම සියළු දෙනාම සොඅදිසි වාර්තාව සඳහා රු.1,000/= ක මුදලක් ගෙවිය යුතුය.
තවද වැට් බද්ද ලෙස 15% ක මුදලක් ද ගෙවියයුතුය. ඒ අනුව ශිෂ්‍යකු සඳහා මුළු මුදල 
ලෙස රු 2,300/= ක මුදලක් ගෙවිය යුතුය.(මට ආරංචි වුන පරිදි ඉස්සර මේ වැඩේට 
රු 20,000 ක් පමණ ගෙවීමට සිදුවී ඇත)

සෝදිසි වාර්තාව කියන්නෙ මොකක්ද දන්නවද අපගෙ අදහස ඇත්තටම නව නිපැයුමක්ද කියල 
සොයාබලල දෙන වාර්ථාවට තමයි එහෙම කියන්නෙ. ඒ හින්ද අපගේ අදහස පිළිබඳව නිවැරදි, පැහැදිලි 
වාර්තාවක් අප විසින් ඉදිරිපත් නොකලොත් සෝදිසි කරන්න විසින් අපගේ වාර්තා අයදුම්පත ප්‍රතික්ෂේප 
කලහැක. නමුත් එසේ කරන්නට පෙර අපගේ අඩුපඩු සකස් කරන ලෙස ඔහුවිසි කියන්නටද ඉඩතිබේ. 
කෙසේ හෝ අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත් ඔබට අභියාචනාවක්ද ඉදිරිපත් කලහැකිය. ඔබගේ අදහස 
සඳහා පේටන්ට් ලැබී ඇත්නම් ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කරන අතර ගැස්ට් පත්‍රය ඔබගේ නිවසටම 
ලැබෙනු ඇත. පේටන්ට් බලපත්‍රය ප්‍රතික්ෂේප වී ඇත්නම් එයද දන්වනු ඇත. ගැස්ට් පත්‍රය මගින් ඔබට 
පේටන්ට් බලපත්‍රය ලැබෙනබව දන්වා ඇත්නම් මාස 3ක් ගෙවීගිය පසු ඔබේ නිවසටම පේටන්ට් බලපත්‍රය 
ලැබෙනු ඇත.

දන්නවද පේටන්ට් බලපත්‍රය අයිති කෙනාට විශ්වවිද්‍යලයට පිවිසීමට z අගය සඳහ 0.2ක ලකුණු ප්‍රමානයක්ද 
ලබාගතහැක (0.2 කුඩා අගයක් වුනාට z අගයට එකතුවනවිට එය විශාල ලකුණු ප්‍රමානයකි.)
ඉතින් අවසානයේදී කියන්න තියෙන්නෙ මට පේටන්ට් බලපත්‍රය ගැනීමට උදව් කල ජාතික විද්‍යාපදනමේ 
අචාර්ය්‍ය තමරා ඩයස් මහත්මියටත්, NIPO ආයතනයේ සියළු දෙනාටත් මගේ ස්තුතිය පුදකරන බවයි. 
(මම පේටන්ට් බලපත්‍රය ගන්න ගියේ හම්බන්තොට සිටය. ඉතින් කාපු කට්ට ගැන කියනවනම් ඉතින් 
තව බ්ලොග් එකක් ලියන්න වෙනව.)  
මෙන්න NIPO ආයතනය සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රම ටික.


ලිපිනය:-

         "සමාගම් මැදුර", 
         3වන මහල, අංක 400, 
         ඩී.ආර්.විජයවර්ධන මාවත, 
         කොළඹ 10.


Tel:  011-2689368, 011-2688768, 011-2669180.
Fax: 011-2689367
E-mail: nipos@slt.lk
web : www.nipo.gov.lk
Read More