Tuesday, December 31, 2013

// // 6 comments

Now En Dictionary work as Add-on of Chrome, Firefox, PDF Readers

ආයුබෝවන් කියල 2014 වර්ෂය පිළිගන්න ගමන් නාමල් යායට යන එන ඔබටත් ලැබුවා වූ 2014 වර්ෂය සාර්ථක වර්ෂයක් වේවායි ප්‍රර්ථනා කරමි. 2014 වර්ෂයේ En Dictionary සමග එකතුවන ඔයාලට එයින් ලැබෙන තවත් පහසු කමක් පිළිබඳ විස්තර කියන්න තමා මේ ලෑස්තිය. මාතෘකාවෙන් කියවෙන දෙයහි අදහස තමයි Chrome, Firefox, Adobe PDF Reader සහ එනෙකුත් PDF Reader කීපයක් සඳහා En Dictionary 2014, Add-on එකක් ලෙස ක්‍රියා කරන බවයි. එනම් ඉහත මෘදුකාංග විවෘත කරගෙන සිටින අතරේ ඔබ එහි පෙනෙන්නට ඇති වචනයක් මත Double Click කලොත් එම චචනයේ තේරුම ගෙන හැර දක්වන්න දැන් En Dictionary වලට පුලුවන්. ඔබ ඒ සඳහා කල යුත්තේ System Tray එක මත ඇති "N" Icon  එක මත Click කොට En Dictionary එක Open කරගෙන PDF හෝ Web Access කිරීම පමණි. නොදන්න වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම දැකගන්න පුලුවන්. අනෙක් විදිය නම En Dictionary Open නොකර තිබියදීම එම පහසු කම ලබාගැනීමේ මගයි. ඒ සඳහා ඔබ කලයුත්තේ "N" Icon එක මත Right Click කොට Auto Search මෙනු එක Select කිරීම පමණි. එවිට En Dictionary Open වී නොතිබුනද ඉහත මෘදුකාග වල ඇති Content එකක් මත Double Click කරන විටම තේරුම ගෙනහැර දක්වාවි.



මේ දවස්වල කැම්පස් එකේ Final Exam එක ඉවර වුනා විතරයි. ඉතින් තව වැඩ කටයුතු කීපයක් තියෙනව En Dictionary 2014 Release කරන්න. අලුත් Version එකත් සමග ඉක්මනින් හමුවෙමු.


Read More

Wednesday, December 18, 2013

// // 10 comments

English භාෂා පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්, En Dictionary 2014 මගින් ඔබට ලැබෙන නව පහසුකම.

ඔයාල බොහෝවිට දන්නවත් ඇති English භාශාවෙ සාමන්‍යයෙන් බාවිතා වන වචන ගනන 200,000 පමන වන බව. වචන ගනන කෙසේ වුවත් English  සම්බන්ඳව පර්යේෂක වරුන් සොයාගෙන තියෙනව පුද්ගලයකුට තම එදිනෙදා අදහස් ප්‍රකාෂ කිරීමට English වචන 1000ක් හොදටම ප්‍රමාණවත් කියල. ඔයාල ඒ සම්බඳව අන්තර්ජාලයේ සොයා බැලුවොත් දැකගන්න පුලුවන් ඒ වචන දහස අතරෙ අප දන්නා වචන ලොකු ප්‍රමාණයක් තියෙනව කියල. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනව English භාශා ප්‍රවීනයෙකු වීමට තවත් වචන 4000ක් දැන ගැනීම ප්‍රමානවත් කියල. මේ සම්බඳව ITN Channel එකෙත් වැඩසටහනක් පසුගිය දවස්වල ප්‍රචාරය වුනා.

මේ සම්බඳව ප්‍රකාශයට පත් කර ඇති පොතක් වන The 4000 English Words Essential for an Educated Vocabulary පොතේ ඔය සම්බඳව ගොඩක් විස්තර තියෙනව. Google Search කලොත් ඔය පොත ඔයාලට සොයාගන්න පුලුවන් වේවි.

ඉතින් En Dictionary 2014 කොහොමද ඔයාලට මේ සම්බඳව පහසුකම් සලසන්නෙ?

En Dictionary 2013 බාවිතා කරන ඔබ සියළු දෙනාම දන්නව "Top 10 Words of The Day" කියන සංකල්පය. ඉතින් දැනට එමගින් පාඩම් කරගෙන Game එකට Play කිරීමට වචන අහඹු ලෙස ‍තෝරා ගනීමට වචන 80,000ක් පමන බවිතා කරනව. ඉතින් ඔය ක්‍රමය වඩා ප්‍රතිඵල දායක කිරීමට En Dictionary 2014 දියුනු කරල තියෙනව, ඉහත සඳහන් කල පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්. ඒ කියන්නෙ "Top 10 Words of The Day" මගින් ඔයාලට 2014 ඉදන් දවසට පාඩම් කරන්න ලැබෙන්නෙ මූලික වචන 5000න් බව මතක තියා ගන්න.

En Dictionary 2014 බාවිතයෙන් අනිවාර්යයෙන්ම දවසේ වචන 10ට අවදානය යොමු කරල ක්‍රමක් ක්‍රමයෙන් English  දනුම ගොඩ නංවා ගැනීමට ඔබට පුලුවන් වේවි!
Read More

Sunday, December 1, 2013

// // 17 comments

NDictionary Developing with Sad Feeling About Our Socity

NDictionary යනු English එගෙන ගැනීමට පහසුකම් සලසන මෘදුකාංගයක් නැතිකල මා සිතේ හටගත් අදහසකි. මා එය Develop කලේ මාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදිය. Subtitle Translator ඉංග්‍රීසි සමග මුසුවෙන්න සාර්ථක Tool එකක් වූ නිසාවෙන් එය සමාජයේ සියළු දෙනා සමග බෙදාගන්නට සැලැස්වීය. නමුත් එය මාගේ Blog එකේ දැම්මා මිසක වඩා ප්‍රසිද්ද කිරීමට පියවර නොගත්තෙමි. ඒසේ වුවද NDictionary Downloads 20,000 කට වඩා සිදුවී ඇති බැවු සතුටින් ප්‍රකාශ කරමි. NDictionary Download කර එය හොදනම් තවත් එක් අයකුටවත් එහි වටිනාකම බෙදාගත් සියළු දෙනාටම එම සමාජ සත්කාරයේ පිං හිමිවනු නිසැකැයි. වීශේෂයෙන් zoom.lk සහ allsevennet.blogspot.com අඩවි ඒ පිළිබඳව ලිපි ලියා තිබුනේ මෙසේයි.

http://www.zoom.lk/forums/showthread.php?t=8266

මධුර ඩික්ෂනරියට සමුදෙමු... !! නාමල් ඩික්ෂනරිය සමග එක්වෙමු... !! 

ඒ වගේම NDictinary දියුනුව සඳහා අඩුපාඩු හා අදහස් Comment කල සියළු දෙනාට ස්තුතියි.

කෙසේ නමුත් Exam අස්සේ NDictionary 2014 Developing කරන අතරතුර සමාජය පිළිබඳව කලකිරීමක්ද නැතුවා නොවේ. මා NDictioanry සඳහා සාර්ථක Database එකක් සාදාගැනීමට UCSC මගින් ලබාගත් English-සිංහල Database එකක් Develop කරන ලදී. එමගින් සිංහල-English Database එකක් සාදාගැනීමට දින ගනනක් වෙහෙස විනි. පසුව එය Open Source කරන ලද්දේ English-සිංහල Language Barrier එක අවම කිරීමට Software එකක් Develop කිරීමට එය කාට හෝ වැදගත් වනු ඇතැයි සිතූ නිසාවෙන් හා Database එකෙහි දියුනුවට සමාජය උදව් ලැබේයැයි සිතූ නිසාවෙනි. ඒ සඳහා Database එකට නව වචන Update කිරීමට Tool එකක්ද NDictinary සඳහා අඩංගු කරන ලදී. නමුත් ඒ සඳහා මගේ විද්‍යාලයේ එක් යාළුවකු හැරෙන්නට කාගේවත් සහයෝගයක් නොලැබිනි. නමුත් Database එකෙහි Download 3500ක් පමන තිබේ. තමුන් උදෙසා සැකසී නොමිලයේම ලැබෙන Software එකෙහි අඩුපාඩු හෝ නව අදහස් Comment කර ඇත්තේ කීයෙන් කී දෙනාද.

ඒ දේවල් ඒ විදියට සිද්ද වූවද NDictionary නව වසරේ EN Dictionary 2014 නමින් තවත් නව විශේෂාංග රාශියක් සමගින් ඔබ වෙත ගෙන ඒමට සතුටෙන් වැඩ කරමි. ජනවාරි පලමුවෙනිදා දීමට සැලසුම් කර සිටියද University එකේ පවතින Exam නිසා දින කීපයක් පරක්කු වනු ඇති බව කරුණාවෙන් සලකන්න. ජන්වාරි 10ට පෙර හෝ ලබාදීමට පියවර ගනිමි.

ඔබ NDictionary බාවිතායේදී එහි නොමැති වචන Update කිරීම කර ඇත්නම් ඒවා මාහට e mail කරන මෙන් ඉල්ලා සිටිමි. Update සඳහා Free Server  එකක් සකසා තිබුනද එය දැන් වැඩ නොකරයි. ඒ නිසා පහත ක්‍රමය අනුගමනය කරමින් එම වචන ["namalyaya@gmail.com"] ලිපිනයට e-mail කරන්න.

NDictionary Tray Icon එකෙහි Right  Click කොට View --> Add Word to Dictionary ‍තෝරන්න. එවිට එන Window එකේ ඇති "Updated Words" Button එක Click කරන්න. එවිට එන වචන Copy  කර e-Mail කරන්න.  ස්තුතියි.



Read More

Wednesday, November 27, 2013

// // 15 comments

NDictionary 2014 කොහොම වෙයිද?

ඉතාමත් ඉක්මනට 2014ටත් ලංවුනා. ඒ කියන්නෙ නාමල් යායට නම් ගොඩක් Busy. NDictionary 2014 දෙන්නත් එපයි. ඉතින් මේ සැරේ අලුතින් ගොඩක් Function එකතු කලා කියල බොහොම සතුටෙන් ඔයාලට කියන්න පුලුවන්. මෙන්න මේව තමයි ඒව

1)  Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ ඩින්ගට KMPlayer එකේ පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තෙරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව.

2) Subtitle Translator එකේ  '.srt' File Open  වීමේ ගැටලුවක් තිබ්බ. ඉතින් Subtitle Read කරන Algorithm එක වෙනස් කලා. දැන් නම් ඕනම Subtitle File එකක් Open වෙනව කියල ප්‍රකාශ කරන්න පුලුවන්.

3) Searching Algorithm එකෙත් ගොඩක් වෙනස් කම් කලා. යම් වචනයක තේරුම නැත්නම් ඒ වචනයට ආසන්න වචනවල තේරුම් සොයාගන්න දැන් පහසුකම් වැඩියි.

4) කලින් අවස්තාවලදි සමහර අයට System Tray එකේ Right Click කලාම ලැබෙන Main menu එක හොයාගන්න බැරිවෙලා තිබුන. ඒ නිසා Main Menu එක UI එක තුලම අඩංගු කලා.

5) යම් වචනයක තේරුම සොයාගැනීමට අපහසු වෙලාවට එම කාර්ය්‍ය කර ගැනීමට Online Solution එකකට යාමට පහසු වෙන්න 'WORLD' Link එකක් එකතු කලා.

6) NDictionary එක Use කරන Processing Cycle අඩු කරන්න Algorithm එකතු කලා.

7) ඔබ සෙවු වචනයක් හෝ වාක්‍යක් Favorite  ලෙස Save කර තැබීමට දැන් ඔයාලට පුලුවන්. ඒ මගින් ඔයාල අදාල වචනය හෝ වක්‍ය අමතක වුවහොත් නැවතත් මතක් කරගැනීමට පුලුවන්. විශේෂයෙන් Subtitle Translator එක Use කරද්දි ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි.

8) ඒ වගේම අලුත් UI එකක් ඔයාලට පහලින් දැක ගන්න පුලුවන්. මෙය Responsive ගුනයෙන්ද යුක්තයි.



මේ අවුරුද්ද මගේ University Life එකේ Final Year එක. ඉතින් Final Project දෙකක් එක්ක බොහොම කාර්ය්‍ය බහුලයි. ඒ වගේම Final Exam එකේ Schedule එක නොසිතූ විදියට වෙනස් වුනා. ඉතින්  ඔයාලට බොහොම වැදගත් වන Function දෙකක Testing මට හරියට කරගන්න බැරි වුනා. ඒ නිසා එම Function පසුව කාලෙකදි ලබා දෙන්න තමා වෙන්නෙ. එම Function ගැන පසුව දැනුවත් කරන්නම්. ඒ වගේම කියන්න ඕනි Dictionary ඉතිහාසයේ English Learning යටතේ ඔයාලට වැදගත්ම වන තවත් Function තුනක් හා Dictionary යටතේ Function දෙකක් ඉදිරියේදි එකතු වේවි. ඒව තාම Pending වෙලා තියෙන්නෙ මම තාම ඉගෙන ගන්න සිසුවෙක් නිසා. ‍රැකියාවක් කරන කාලෙක මම ඒ වෙනුවෙන් මුදල් යොදවල මෙම සමාජ සත්කාරය දිගටම පවත්වාගෙන යන්න කටයුතු කරන බව සතුටෙන් කියන්න කැමතියි.

ඉතින් අලුත් Version එකේ වැඩ දැන් ගොඩක් දුරට ඉවරයි. මේ දවස්වල Beta Version එකේ Testing වලට මගේ යාලුවන් කීප දෙනෙක්ට දීලයි තියෙන්නෙ. 2014 Version එක ගැන ඔයාලට මොකද හිතෙන්නෙ? වගේම චෝදනා සහ යෝජනා බය නැතුව ප්‍රකාශ කරන්නත් පුරුදු වෙන්න, අදහස් දක්වල යන්න. ඉක්මනටම NDictionary 2014 Download සමග හමුවෙමු.
Read More

Friday, October 4, 2013

// // 7 comments

VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද?

Projects ගොඩකට හිරවෙලා ඉන්න අතරෙ යන්තමට බ්ලොග් එක මතක් වුනා.. ඉතින් මේ පාර බ්ලොග් එක හරහා මගෙන් ඉල්ලිම් කර තිබූ දෙයක් පිළිබඳව ලියන්න ඕන කියල හිතුන. ඒ තමා VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද කියල.

ලොකූ Technical දේවල් එකෙ නෑ. මම Use කරල තියෙන Library එකක් තමා Uni-tool Box. http://unitoolbox.soft112.com/download.html Site එකෙන් ඔයාලට පුලුවන් ඒක Download කරගන්න. ඒත් ගැටලුව තමා Uni Toolbox Commercial Version එකක්. ඒත් Google පාරක් දැම්මොත් ඕකෙ Serial No එක හොයා ගන්න බැරිවෙන්නෙ නම් නෑ. නමුත් Serial No තියෙන්නෙ Uni-tool Box 1 වලට විතරයි. ඒ නිසා ඉහට Site එකෙන් Uni Toolbox 2 Version එක Download කරගෙන Uni Toolbox 1 වලට සොයාගත්ත Serial එක දාල වැඩ කරන්න. Uni Toolbox 1 වලට අදාල Features ටික Activate වෙයි.

මෙවැනි Library Use කරන්න ඔයාල දන්නවනේ. මොන්ව හරි ගැටලුවක් තියේනම් Comment කරන්නකෝ...

ඕකේ... එහෙනම් ඔන්න Unicode වලින් Software කරන්න පටා...න් ගමු.
Read More

Tuesday, August 13, 2013

// // 30 comments

ඔබ වෙනත් භාශා කීපයක් දන්න පුද්ගලයෙක්ද? (හෝ භාශා ප්‍රවීනයෙක්ද? )


කැම්පස් එකේ Project Presentation එකකට භාශාව සම්බඳව යම් තොරතුරු ටිකක් දැනගන්න තියෙනව. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනව. සිංහල දන්න පුද්ගලයකුට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන් ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඒ කිව්වෙ ව්‍යාකරන බේදයක් නැතිව වචන දැන ගැනීමෙන් පමනක් පහසුවෙන් සිංහල වාක්‍ය එම භශාවටත්, එම භශාවෙ වාක්‍ය සිංහලයෙනුත් තේරුම් ගන්න පුලුවන් විදියෙ ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඉතින් ඔබ භාශා ප්‍රවීනයෙක් හෝ යම් භාශා කීපයක් දන්න පුද්ගලයෙක් නම් ඔබට දැනෙන පරිදි අපගේ ප්‍රශ්නයට පිලිතුරක් දීල යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව. සිංහල බ්ලොග් අවකශයේ ඔයාලගේ උදව් බොහොම වටිනව. ස්තුතියි.
Read More

Sunday, May 19, 2013

// // 4 comments

Devකතා ජන‍ රැල්ලට සහබාගි වෙමු. ( Techකතා Group )



Developer Podcast එක ආරම්භ කිරීම කල් මරමින් සිටින බුද්ධික අයියාට එය හනි හනිකට ආරම්භ කරන ලෙස බල කරමින් හා උනන්දු කරමින් Comments 1000ක Status එකක් බාරදීමේ ජන ‍රැල්ලට එකතු වෙමු. ඒ සදහා පහලින් Comments කරමින් බුද්ධික අයියාට Cheer කරමු.

පහල link එක මගින් Techකතා Group එකෙහි ඇති, ඉහත පරිදි වූ Post එකට එකඟ නම් Comments  මගින් එකතු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

Click here.
http://www.facebook.com/groups/Tkatha/permalink/10151660410762082/

Note - ඇත්තෙන්ම කාලිංග, බුද්ධික, තිලිණ සහ අනෙකුත් අයියලා දහසකුත් වැඩ රාජකාරී මැද Techkatha Podcast එක වැනි දෙයක් කිරීම වෙනුවෙන් හදවතින්ම ස්තුති වන්ත වෙමු. නමුත්... දුන් පොරොන්දු ඉෂ්ට කරන්නට ලබාදුන් කාලය හොදටම ඇත. ඒ නිසාවෙන් මෙවන් ජන‍ රැල්ලකට මේ හොඳම කාලයයි. මෙයටද චිසදුමක් නැතිනම් ඉදිරි ක්‍රියා මාර්ග වඩා දරුණු වනු ඇති බව කරුණාවෙන් සලකන්න. :-)



Read More

Saturday, April 20, 2013

// // 2 comments

Building Your First MongoDB App

Read More

Saturday, March 9, 2013

// // 10 comments

Dictionary සම්ප්‍රධාය...?


ඇත්තටම මම පිළිගන්නව මිනිස්සු තමන් පුරුදු වෙලා ඉන්න දෙයින් මිදිල කොතරම් හොඳ දෙයක් වෙනුවෙන් වුවත් වෙනස් වෙන්න අකැමතියි කියන කතාව. එහෙමත් කෙනෙක් තමා මේ බැමිවලින් මිදිල ඉන්නෙ.  උදාහරන විදියට කියන්න පුලුවන් මිනිසුන්ට XP Windows OS එකේ ඉදල Windows 7 OS එකට මාරු වෙන්න කොතරම් කාලයක් ගියාද කියල. තවමත් XP Use කරන කොතරම් පිරිසක් ඉන්නවද!

මම The NDictinary කියන සංකල්පය ගෙනාවෙ මේ පවතින Dictionary සම්ප්‍රදාය වෙනස් කරන්න. මේ වෙනකොට එහි Downloads 5000ට කිට්‍ටු වෙන්න ප්‍රමාණයක් තිබ්බත් එහි බාවිතයන් පිළිබඳ මම තැබූ විශ්වාසය හොඳ මට්ටමක නැ.

රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ හොස්ටල් එක තමා මගේ වර්ථමාන නිවහන. මගේ යාලුවන් බුහුතරයක් මගේ නිර්මාණය බාවිතා කරන නිසා මගේ යාළුවෙක් හොස්ටල් එකේ සමීක්ෂනයක් කරල තිබ්බ පවතින වෙනත් Dictionary Application හා The NDictionary අතර පවතින පහසුකම් බාවිතය පිළිබඳව හා එහි තිබිය යුතු වෙනස් කම් පිළිබඳව.



1) කුඩා වින්ඩෝවක් බාවිතා කිරීම - යාලුවන් ගොඩක් අය කැමති වෙලා තිබුනේ පවතින අනෙකුත් Dictionary බාවිතා කරන ආකාරයේ විශාල Window එකකට. - ඇත්තෙන්ම ඇයි මම කුඩා වින්ඩෝ එකක් බාවිතා කලේ : එයට හේතුව නම් නිතරම පරිගනකයෙන් e-Book වැනි දේ කියවන පුද්ගලයකුට කුඩා ප්‍රමාණයේ වින්ඩෝවක් බාවිතය පහසු වීමයි. මොකොද මෙය මටනම් අත්‍යවශ වූ අංගයක් කියන්න පුලුවන්.

2) System Tray එක හරහා Access කරන්න සිදු වීම හා ඒ අසලින් Dictionary Window එක දර්ශනය වීම - ගොඩක් අය කැමති වෙලා තිබ්බෙ සුපුරුදු All Program List එකට තමා.- මට නම් ඇත්තටම ඕන උනේ Any Time මේ Application එක Open කිරීමටයි. ගොඩක් අයගෙ තර්කය උනේ System Tray එක ප්‍රදේශය මිනිසුන්ගේ අවදානය වැඩිය යොමු නොවේ යන්නයි. ඇත්තටම මම නම් මේ තර්කය එක හෙලාම ප්‍රතික්ෂේප කරනව. හරියට එම ප්‍රදේශය ගව් ගන්නක් ඈත වගේ නෙ...

කොහොම වුවත් අනෙකුත් Feature වලට නම් විරෝධයක් එල්ල වෙලා තිබ්බෙ නෑ. ඒකට හේතුව නම් ඒව වෙනත් Dictionary වල නැති අලුත් Feature වීමයි. ඒ කියන්නෙ ඒවට සම්ප්‍රධායක් නෑ. ඇත්තටම ඒකෙන් තහවුරු වෙන කාරනව නම් කවුරුත් අකමැතියි අලුත් වෙනසකට.

මෙහි බයානක කරුන නම් විශ්ව විද්‍යාලයක සිසුනුත් මෙවෙනි වෙනසකට යන්න අකැමති නම් සාමන්‍ය ජනතාව කෙසේ නම් අකැමති වනවා ඇත්ද යන්නයි. ඇත්තටම මට ඒ තර්කය බිදලන්නත් අදහසක් තියෙනවා, එනම් විශ්ව විද්‍යාල සිසුන් සම්ප්‍රධාය ‍රැක ගැනීමේ තෙලට (මොල සේදීමට ) ලක්ව ඉන්න පිරිසක් කියන සංකල්පයෙන්. ඉතින් එය එසේද යන්න තහවුරු කර ගැනීමට මට බ්ලොග් අවකාශයේ මගේ මිතුරන්ගේ උදව් අවශ්‍යයි. මේ ලිපිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් මට ඉතා වටිනව.

මොන තරක විතර්ක තිබ්බත් මිනිසුන් වෙනසට අකැමතියි යන්න මගේ පූර්ණ නිගමනය සාත්‍ය වේවි! ඒ නිසා බවිතා කරන්නන්ට තවදුරත් සම්ප්‍රධායික Customization එකකුත් හදුන්වා දීමට සිතා බැලිය යුතුයැයි මට හැගේ.

Read More

Sunday, February 24, 2013

// // 6 comments

techkathaOfflinder Downloads 1000+


tekkathaOffliner තමා මම මුලින්ම නාමල් යාය හරහා මගෙ යාළුවන්ට ලබාදීපු පලවෙනි Software එක. මම ඒක කලේ techkatha කරන අයියලාට කරන උපහාරයක් විදියට. මම මේ App එක දාන කොට ටෙක්කතා Fanpage එකෙත් හිට්යෙ 500ට අඩු පිරිසක්. දැන් නම් ඒක 4000ට කිට්‍ටුයි නේ.

ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවනම් අයිත් කියන්න තියෙන්නෙ ටෙක්නොලොජි වලට ආසනම් ඒවායෙ ප්‍රශ්න තියේනම් ගොඩවදින්න www.techkatha.com සතියකට වරක් දෙන Audio එක Download කරල අහන්න පුරුදුවන්න. ඔබගේ ගැටලුවටත් පිළිතුරු හොයාගන්න උදවු ගන්න.

ඔන්න මම කියන්න හැදුවෙ techkathaOffline Software එක ඩවුන්ලෝඩ් කරගැනීම් 1000 පසුකරල තියෙනව.

ඔයාලට ටෙක්කතා පොඩ්කාස්ට් ටික මැනේජ් කරගෙන පහසුවෙන් ප්‍රශ්නවලට පිළිතුරු අහන්න වුවමනාවක් තියේනම් මේ Software එක අනුමත කරන්න පුලුවන්.






Read More

Wednesday, February 13, 2013

// // Leave a Comment

සුභ උපන්දියක් Valentine Day!


Oh, ඔන්න ඉතින් අද Valentine දීනේ ලු. මෙන්න මගෙන් පොඩි Gift එකක්.
ඉතින් මොකද ඔයාලට හිතෙන්නෙ. ආදරයක් විඳින අය, ආදරයෙන් විදවන අය, ආදරේ කරල බැඳපු අය, බැඳල ආදරේ කරපු අය, පරන මති මතාන්තර දරන අය, අලුත් මති මතාන්තර දරන අය,  ඔයා එක එක අය එක එක විදියට අද දවස දකින කොට මම හිතන්නෙ මොනවද?

සුභ උපන්දියක් Valentine Day!. අද Valentine Day කියන්නෙ අද වගේ දවසක නේ Valentine Day එක බිහි උනේ. ඒ කියන්නෙ Valentine Day ගෙ උපන් දිනේ අද? Happy Birthday Valentine!!!

ඔන්න එයාගෙ උපන් දීනේ සමරන්න පොඩි Gift එකක්. Click කරලම බලනකෝ.

http://on.fb.me/U3oNlO


ඔයාලගෙ යාලුවන්ගෙත් උපන්දිනේ සමරන්න මේ ලින්ක් එක Send කරලම සුභ පතමු.
එතකොට පොඩි ගතියක් තියෙයි නිකනම් සුභ පතනවට වඩා. මොකොද මේක මටත් ලොකු Surprise එකක්.

Link එක Copy කරගන්න, යාලුවගෙ Facebook Wall එකට Paste කරන්න. සුභ පතන්න. හරිම Simple.




Read More

Monday, February 11, 2013

// // 4 comments

The NDictionary was Awarded The e-Swabhimani from ICTA

ගොඩ කාලෙකට පස්සෙ අද ගමේ යාළුවන් එක්ක ටිකක් විනෝද වෙන්න අද අවස්තාව ලැබුන. පසුගිය මාසයක් පුරාම කැම්පස් එකේ Exam ලිවුව. ගෙදර ආවට පස්සෙ තවත් සෑහෙන්න වැඩ. ගමේ වැඩනොකරන පරිගනක් පහකට වඩා හදන්න උනා. ඔහ් ෂිට් මේ වැඩ අස්සෙ බ්ලොග් එක අමතක වෙලා ගිහිල්ල නේ. ඉතින් අද උදේ 2ට විතර නැගිටල Hutch Midnight Plan එක Active කරන්න ගියාම රු99ක් කැපුන, මල කෙලියයි මෙන්න 1gb ලු මට ලැබුනෙ, ඒකත් එක දවසලු.  හොයල බලන කොට hutch කට්ටිය ඒකටත් ගේම දීල. ඉතින් මොනව කරන්නද? වෙබ් Surf කිරිල්ල පැත්තක දාල Torrent එකක් දාල නිදා ගත්ත. ඔය පාර නිදි මරන්නෙ නැතුව නිදා ගන්න පුලුවන් වෙයි. හිමින් සීරුවෙ වෙන ලාබ පැකේජ් එකකට මාරු වෙන්න ඕන.

ඔන්න ඔහොම පසුගිය විස්තර කියාගෙන යනකොට මත්ක් වුනේ. NDictionary එක e-Swabhimani සම්මානයක් Win කලා නේ. Ceremony එක Exam දවස්වල  තිබ්බ නිසා යාලුවන්ට කියන්නත් බැරි වුනා. ඉතින් ලොකු අත්දැකීමක් ලැබුන. ලොකු Software Companies වල අය තමා ගොඩක් හිටියෙ. ඉතින් ගොඩක් සතු‍ටුයි. මේ කාලෙදිම මට ඔය සම්මනයක් ටච් කරන්න ලැබුනට. උත්සවය තිබ්බෙ කොළඹ Cinnamon Grand Hotel එකේ. සිංහලෙන්ම කියනවනම් පට්ටයි.



මේ සම්මාන උලෙල සඳහා නිර්මාණ ‍තෝරන ලද විනිශ්චය මණඩලය NDictionary එක ගැන අදහස් පල කල ආකාරය Magazine එකේ දාල තිබ්බෙ මෙන්න මේ විදියට.

"People learn a language best when they use it in their day to day activities  Therefore, NDictionary is a product developed to teach English 'on the go'. From browsing the web. to word processing to watching a movie, the NDictionary has built-in functions that enable words/sentences which cannot usually be copied to be translated into any of its three working languages.

NDictionary's "Real-time Subtitle Translating  feature is very useful tool that makes learning English effortless and interesting  With this feature people get the opportunity to watch and understand the script of their favorite English moves/dramas while learning English at the same time. Further, this feature can enable students to follow video based distance learning offered over the internet - thus promoting self - learning as well as English learning.

Other features such as the top 10 words/sentences for the day, daily English learning tips, language learning games and access to English chat network with an auto grammar correction tool make NDictionary an interactive tool promoting active language learning through many methods and forms.

The fact that this software is offered free of charge makes it accessible to all. Further achieving over 1500 downloads in a period of just there months is a clear indications of its popularity and a reflection that it satisfies a growing need."

ඉතින් NDictionary Software එක හොඳයි කියල හිතෙනවනම් ඔයාලගෙ යාලුවන්වත් දැනුවත් කරන්න, එකට බොහොම ස්තුතියි. ඒ වගේ පහල ලින්ක් එකෙන් Sourceforge Site එකේ NDictinary සඳහා Vote එක ලබා දෙන්න, Thank.

http://sourceforge.net/projects/namal-dic/reviews/



Read More

Saturday, January 5, 2013

// // 1 comment

S-R Flip-Flop ලිපි පෙළක් Sinhalen.


The NDictionary 2013 Version එකේ Beta Version එකෙන් පසුව ජනවාරි පලවෙනිද Stable Version එක රිලීස් කරල ටිකක් නිදහස්. තව අවුරුද්දක්ම තියෙනව නේ NDictionary 2014 Version එකේ වැඩකටයුතු සම්පූර්ණ කරන්න. ඊට කලින් තවත් ඔයාලට වැදගත් Software 2ක් රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනව. නිදහස් කියල කිවුවට කැම්පස් එකේ එක්සෑම් කට උඩටම ඇවිත්. මේ දවස් වල ඉලෙක්ට්‍රොනික් ප්‍රොජෙක්ට් එක හින්ද දවසෙම ඉලෙක්ට්‍රොනික් ලැබ් එකේ. ප්‍රොජෙක්ට් එක හින්දම S-R Flip-Flop එක ගැන ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ලබුන. ඒ හින්ද හිතුන S-R Flip-Flop ගැන ලිපි පෙලක් ලියන්න ඕන කියල හිතුන. S-R Flip-Flop  කියන්නෙ මොකක්ද? එහි ප්‍රයෝජන?  ඒ දැනුමෙන් කොහොමද ඔයාලට අවශය්‍ය දෙයක් වෙනුවෙන් පරිපතයක් ඩිසයින් කරගන්නෙ කියල?. ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. එහෙනම් සුපුරුදු පරිදි නාමල් යායෙන් තාක්ශනික ලිපි පෙළක් අරබමු.


මේ තියෙන්නෙ S-R Flip-Flo පරිපතය


S-R Flip-Flop එකකින් බලාපොරොත්තුවන ප්‍රයෝජනය තමා කුඩා මතකයක්. කලින් කලේ මොකක්ද කියල මතක  තබාගැනීම ඉලෙක්ට්‍රොනික් ප්‍රයෝජනයට ගන්න ගොඩක් වැදගත් වෙනව. උදාහරනයක් විදියට පහල පරිදි වතුර ටැංකියක් තියෙනව කියල හිතන්න.



මෙහි මට ඕනෙ B මට්ටමට වඩා වතුර මට්ටම පහල බැස්ස ගමන් වතුර මෝටරය ක්‍රියාත්මක වෙලා ටැංකිය Automatically පුරවන්න. ඒත් A මට්ටමට ආපු ගමන් මෝටරය නවතින්න. ඔය සඳහා අපට පුලුවන් මොකක් හරි ඇටවුමක් හදාගන්න. ඒත් එහිදි බොහෝදුරට වෙයි A මට්ටමට වඩා වතුර පහල බැස්ස ගමන් මෝටරය ක්‍රියාත්මක වෙලා යලිත් වතුර පිරෙන එක. එතකොට නිතරම මොටරය ක්‍රියාත්මක වෙලා තියෙන්න පුලුවන්. එහෙම නෙවෙයි A මට්ටමට වඩා අඩු උනත් B මට්ටමට වඩා අඩු වෙනකන් නැවත් මොටරය ක්‍රියාත්මක නොවී තියෙන්න එක මෙතනදි බොහොම වැදගත්.

හරි දැන් ඕකට අපිට Internet එකෙන් Circuit එකක් හොයාගන්න බැරිවෙයිද? ඒක නෙවෙයි වැදගත් අපිට මේ  S-R Flip-Flop  එක ගැන ටිකක් ඉගෙන ගෙන තියේනම් සාමන්‍ය බාවිතයෙ තියෙන 7476 IC එක බාවිතයෙන් ඔයාලට ඕනම ප්‍රයොජනවත් දෙයක් කරගන්න පුලුවන්.අපි ලොකු ප්‍රයෝජන ඉදිරියෙදි සාකච්චා කරමු.

අපි ටිකක් බලමු ඉහත ටැංකියට වතුර පුරවන්න මෙමරි එක වැදගත් වෙන්නෙ කොහොමද කියල.
මෙහෙමයි B මට්ටමට වඩා වතුර මට්ටම පහල බැස්ස ගමන් මෝටරය ක්‍රියාත්මක වෙනව. ඒ වගේම ඒ සිග්නල් එක මතක් තියාගෙන වතුර මට්ටම B මට්ටමට ලඟා උනත් Relay Switch එක දිගටම On කරගෙන තියාගන්නව. A මට්ටමට අපුවහාම වතුර මොටරය Off කරනව වගේම A මට්ටමට වඩා වතුර මට්ටම පහල බැස්සම කලින් මෝටරය Off කලා කියන එක මතක තියාගෙන Relay එක දිගටම Off කරල තියා ගන්නව B මට්ටමට වඩා පහල බහින කම්. ඔය ක්‍රියාවලි අපට වෙනත් දේකටත් ගේමක් නැතුව යොදා ගන්න පුලුවන්. ඒ වගේම ඔයිට වැඩිය සංකීර්න දේ වෙනුවෙනුත් පුලුවන් හොදේ.

Exam හින්ඳ අදට නවතිනව. මීලඟ ලිපියෙන් S-R Flip Flop එකේ ක්‍රියාවලිය අධ්‍යනය කරන්න ඉක්මනින් හමුවෙමු.


Read More