Sunday, April 20, 2014

// // 4 comments

techkathaOffliner Protable 2014


techkathaOffliner Portable 2014 ලෙස Episode 120 දක්වා Update අඩංගු Version එක ඔබට දැන් Download කර ගැනීමට පුලුවනි.

techkathaOffliner?
කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් Podcast එකක්. ) ඔයාලට විසඳගන්න බැරි පරිගනක ගැටලුවක් මතුවුනොත් මතක්වෙන එකම තැන ටෙක්කතානේ. ඉතින් ඒ ගැටලුව කලින් කතාකරපු ගැටලුවක් නම් ටෙක්කතා සයිට් එකේ සර්ච් කරල විසඳුම අහන්න පුලුවන්නෙ. ඉතින් මේකට ඕනවෙලාවට නෙට් යන්න පුලුවන්වෙනන් ඕන. ඒවගේම වැඩේට ඩේට කොහොම වැයවෙයිද දන්නෙත් නෑනේ. කොහොමවුනත් කට්ටිය ටෙක්කතා එපිසොඩ් ටික බාගෙනනේ තියෙන්නේ. ඉතින් මේ බාගත්තු  ටිකෙන් ප්‍රයෝජන ගන්නන Offline විසදුමක් තමයි techkathaOfflinner සොෆ්ට්වෙයා එක. ඔයාලට එන ගැටලුව සර්ච් කරල එන විසදුම් ටිකෙන් අහන්න ඕන ප්‍රශ්න ටික සෙලෙක්ට් කරල ප්ලේ කරන්න විතරයි තියෙන්නෙ. අදාල Title ටික ඔටෝමැටිකලිම Play වෙනව. 

කොහොමද ස්තාපනය කරගන්නෙ.
1) Download
2) මුලින් techkathaOffliner-Portable 2014.rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්. ඔබට අවශ්‍ය තැනක කැමති නමකින් ෆෝල්ඩරයක් සකසා ඩවුන්ලෝඩ් කරගත්තු techkathaOffliner-Portable 2014.rar ෆයිල් එක එයට කොපි කරගන්න. පසුව එය මත රයිට් ක්ලික් කර Extract Hear කරන්න. 



3) ඉන්පසුව ඔබ ඩවුන්ලෝඩ් කරගත්තු සියළු ටෙක්කතා එපිසොඩ් ටික එහි “Episode” Folder එකට කොපි කරගන්න. පහත විදියට එපිසොඩ් ටික නාමකරනය කරගන්න.

4) උදා :- Techkatha-EP77-RealAudio  කියන නම 77 ලෙස නම් කරන්න
(මෙහෙම කරන්නෙ එක එක එපිසොඩ් වල එක එක නාම කරනයන් තියෙන නිසා)

File ෆෝමැට් එක මොකක් වුනත් කමක් නෑ (mp3/ ram/ ogg).
තව මුලදි නාමකරනයේ තිබුන ගැටලුවට විසදුමක් ලෙස හදුන්වාදීමේ වැඩසටහන 1 ලෙසද නම් කරන්න දෙවන වැඩසටහන 2 ලෙස නම් කරන්න. එතකොට 6-7 කියල එක වැඩසටහනක් නොව 6, 7 කියල වැඩසටහන් දෙකක් නම් වෙයි. එතකොට 55-56 කියන වැඩසටහන 55 කියල නම් කරන්න.


5) ඔයාල ram Format එකන් එපිසොඩ් ඩවුන්ලෝඩ් කරල තිබේනම් ඒවා Play වීම සඳහා PC එකේ Player එකක්ද Install කර තිබිය යුතුය. එසේ නැතිනම් techkathaOffliner මගින් එම Episode Play නොකරයි. ram File Support  කරන Player එකක් Install කරල නැතිනම් RealAlternativ Player එක ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් Run කරන්න සියල්ල සූදානම්.
6) techkathaOffliner.exe එක මත Double Click කරන්න.


මෙන්න Fetchers ටික.
  • කීබෝඩ් එකේ N” Press කිරීමෙන් Next Record එක Play කරන්න පුලුවන්.
  • B” Press කිරීමෙන් පෙර Record එක Play කරන්න පුලුවන්.
  • P” Press කිරීමෙන් Play/ Pause කරන්න පුලුවන්.
  • Up / Down Arrow Key මගින් ලිස්ට් එක තුල උඩට / පහලට යන්න පුලුවන්.
  • Space Bar එක මගින් list එකේ Record Select/ Deselect කරන්න පුලුවන්.
  • Ctrl + Enter මගින් එම Record එකට අදාල Web Page එක බලන්න පුලුවන් (එහි ඇති කමෙන්ට් කියවීමට).
  • Shift + Enter මගින් “Play Selected” Command එක දෙන්න පුලවන්.
  • Left/Right Arrow Key මගින් Play Record වන එකේ ඉදිරියට ගමන් කරන්න පුලුවන්.(මෙවිට Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මතනම් 5 Second වලින් ඉදිරියට ගමන් කරන අතර Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මත නොවේ නම් 1 Second වලින් ඉදිරියට කරයි ). මවුස් ස්ක්‍රෝල් එකත් ඒ සඳහා යොදාගන්න පුලුවන්.
  • Play Selected විදානය දුන් පසුද Select කරන ලද Record බැලීම සඳහා Scroll කිරීමට “< / >” Button දෙකක් ඇත.
  • ටෙක්කතා වල කතාකරන ලද මාතෘකා වලින් තමන් කැමතිම Item ටික Favorite ලෙස Add කරගන්නට පුලුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය Records ටික සෙලෙක්ට් කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන Add Selected to Favorite විදානය මත ක්ලික් කරන්න. එසේ Favorite වලට ඇඩ් කරන ලද Records බැලීම සඳහා techkathaOffliner Icon එක මත ක්ලික් කරන්න. එම ලිස්ට් එකෙන් ඔබට අනවශ්‍ය එකක් Delete කිරීම සඳහා ඒවා Select කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන විදානය මත ක්ලික් කරන්න.

මේ සමගම කියන්න ඕනෙ මම හදපු ඩේටබේස් එක ඕනකෙනෙක්ට ඕන වැඩසටහනකට යොදාගන්න පුලුවන්. එය rar ෆයිල් එක තුල අඩංගු වෙනව.


ඉතින් මේ වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙනස්ම Software දෙකකින් ඔයාල හමුවෙන්න බලාපොරොත්තු වෙනව. ඔයාලගෙ කමෙන්ට් මෙම වැඩසටහන් දියුණු කරන්න වැදගත් වෙනව. අමතක නොකර හොඳ/වැරදි/චෝදනා/නව අදහස් මොනව හරි Comment කරල යන්න පුලුවන් නම් බොහොම ස්තුතියි


යාළුවො කාටත් දැනගන්න Share කරන්න.

අලුත් දේ මග නොහැරීමට Like කරන්න.

4 comments :