Tuesday, June 19, 2012

// // 2 comments

Fixed Error for 2012 Stable - njDic

ඩික්ෂනරියේ බීට වර්ෂන් එක නිකුත් කරල දැන් මාස 6ක් විතර වෙනව. ඒ කාලය අතරෙදී එහි තිබ්බ ගොඩක් Errors හදුනගන්න පුලුවන් වුනා. ඉතින් ඒ සඳහා කැම්පස් එකේ යාළුවො, Blog එක හරහා ඔයාල වගේ නාමල් යායට එන යන ගොඩක් අය Comment හරහා ඊ-මේල් හරහා උදව් කලා ඉතින් ඒ කාටත් අලුත් ස්ටේබල් වර්ෂන් එකේ ගැටලු නැති කිරීමට සහභාගි වන්න පුලුවන් වුනා කීවොත් නිවැරදියි. ඉතින් එලෙස උදව් කල කටාත් ගොඩක් ස්තුතියි. ඒ අය වෙනුවෙන් වෙනම Post එකක් දාන්නත් බලාපොරොත්තු වෙනව.

අද මාතෘකාව යටතේ ඩික්ෂනරියේ තිබ්බ Errors ගැන හා ඒවා විසදපු ආකාරය ගැන කතා කරන්න සූදානම් වෙන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතාගෙන.

1 - Auto Clipoard එක සර්ච් කරද්දී ගැටලුවක් තිබ්බ. ඒකට හේතුව වුනේ Widows Explorer හරහා Text එකක් නැතිව File එකක් Copy කලවිට එය Neglect කිරීමට Code නොලියා තිබීමයි.

2 - ඩික්ෂනරි එක ඕපන් වීමේදී හා Top 10 Word ගෙනහැර දැක්වීමේදී Screen එක blink වීම. මේකට හේතුව වුනේ Visible False වීම Delay වීම. ඒ නිසා එම Code නිවැරදි ලෙස ස්තානගත් කලා.

3 - යම් Function එකක් ක්‍රියා කරන අතරතුර ඩික්ෂනරියේ System Tray Icon එක මත ක්ලික් කලොත් ඩික්ෂනරි එක Crash වීම. මේ සඳහා කල පිලියම ලෙස කලේ ක්‍රියාකරන Functiona එක Errors නොවන ආකාරයට නවතා දැමීමයි.

4 - ඩික්ෂනරි එක නිවැරදිව Unistall කිරීමේ ගැටලුවයි. මෙම ගැටලුවට හේතුව වූයේ Uninstall කිරීමේදී Registry එකේ Startup එකට අදාල ලින්ක් එක Remove නොවීමයි. ඒක Setup Factory එකෙහි සිදුකලයුතුව තිබූ Programing කොටසක්. එය මට අමතක ගොස් තිබුනා. නමුත් Uninstall කිරීමට කලින් නිවැරදිව ඩික්ෂනරි එකෙන් Exit වී තිබුනි නම් එම ගටලුව මතුවන්නේ නෑ.  මොකද Uninstall කිරීමේදී Run  වන Program Close කරන්න Program කරල තිබ්බෙ නෑ.

5 - Optical Charactor Rcognize System එක වැඩ කිරීමට අදාල Active X Setup Factory වලට ගැනීමේ දොෂයක් නිසා එම ක්‍රියාවලිය Install වීමේදීම Error එකක් පෙන්වීමයි. මේ ගැටලුව විසදගන්න තමා මම ගොඩක් කාලය වැය කලේ. අන්තිමේදී විසදුම ලෙස කරන්න වුනේ VMware යොදාගෙන සකසන ලද Portabel App එකක් ලෙස එම System එක යොදා ගැනීමයි. එහිදීත් ගොඩක් ගැටලු මතු වුනා. c:\progrm file වලට ඩික්ෂනරි එක Install කලොත් සහ වෙනත් පාත් එකකට Install කලොත් යන අවස්තා දෙක් ලෙස ගෙන Portabel App එක පිස්සු කෙලීම කීවොත් නිවෑරදියි. ඒ විතරක් නම් කමක් නෑ. Windows 7 වලදී තව විදියකට තමා Portabel App එක වැඩ කරන්නෙ. ඕව දැනගන්න ගොඩක් Experiment කරන්න වුනා කීවොත් නිවැරදියි. ඉතින් Os කීපයක ඩික්ෂනරි එක Run කරල බලන්න Virtula Box තමා Use කලේ.
 මෙහි තවත් ගැටලුවක් වුනේ Xp වලදී User Account වලට Folder එක තුල Writting Protet කරල තිබීම කියල හදුන ගන්නත් පුලුවන්. ඒක විසඳගන්න Xcalc කියන Scrypt එක Use කරන්න පුලුවන් කියල Internet එකෙන් සොයාගන්න පුලුවන් වුනා.

6 - Seting වලින් Startup නොවීමට Seting හැදුවත් එය ක්‍රියාත්මක නොවීම. හේතුව වූයේ Setup Factory වලින් Startup Folder එකේද Shortcut එකක් සාදා තිබීමයි.

7 - Subtitle Translate Add-on for KMPlayer එක Run වීමේදී යම් හෙයිකින් Subtitle එක load කර ගැනීමට නොහැකි වූවොත් වෙනත් තෑනකින් Subtitle එක Load කිරීමට ලබාදෙන Option එක Cancel කලද ඉවත් නොවීම. මෙයට හේතුව Programing දන්න කෙනෙක් නම් දැනටනම් හිතාගෙන ඇති. Loop එකක් Define කරල තියෙන වැරද්දක්.

ඉතින් ඔය වගේ ගොඩක් Errors විසදල සාර්ථක ඩික්ෂනරි එකක් ගොඩනගාගන්න පුලුවන් වුනා. ඉතින් ඒ ගැන ලොකු සතුටක් මට තියෙනව.
නැවතත් සුතුතියි Comment දුන්න සියලු දෙනාට.

2 comments :

  1. Ela ela. Patta. Wish u all the best for your future.
    Thanks for giving this software free.
    Ubata puluwannam subtitles search eke ena wachana walin a, i, is, the , at, on, in wage ewa ayin karapan machan. Wachana wadi unama adala eka hoyaganda amarui. Nice work!!!!!!!

    ReplyDelete
  2. අයිඩියා එකට බොහොම ස්තුතියි. ඊලඟ වර්ෂන් එකේදි කරන්න බලන්නම්.

    ReplyDelete