ආයුබෝවන් කියල 2013 වසරට සපැමිණි ඔබ සියලු දෙනා නාමල් යායට පිළිගන්නව. අලුත් අවුරුද්දේ ඔයාලට නාමල් යායෙන් The NDictionary 2013 Stable Version එක දෙන්න තමා මේ සූදානම.
සුපුරුදු පරිදි 2013 Version එක දෙන්න කලින් ගිය මාසය පුරාවට අලුත් Options ගැන සඳහන් කරමින් ලිපි කීපයක් පල කලා මතක ඇති නේ. අලුත් Options ගැන හොයා බලන්න කලින් The NDictionary Software එක ගැන නොදන්න කට්ටිය පහල Video එකෙන් එහි විශේෂත්වය හා පහසුකම් පිළිබඳ විස්තර බලල ඉන්නව නම් හොඳයි. නැතිනම් පහල ලින්ක් එකෙනුත් විස්තර දැනගන්න පුලුවන්. 2012 Version එකට හදපු Video එකක් තමා මේ. 2013 Version එකේ අලුත් Options පහල දාල තියෙනව.
(Screenshot of Right Click on System Tray "N" Icon)
2013 Version එකෙන් දෙන්න බලාපොරොත්තුවන දේ පිළිබඳ සාරංෂයක් පහලින් බලන්න. අදාල ලින්ක් වලින් ඒ ඒ යටතේ වන වැඩි විස්තර ගන්න පුලුවන්.
1) English-English Dictionary
විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙත්ඩ් එකක්ද එකතු කලා. යම් වචනය සිංහල තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුල්වන් English වලින් දී ඇති තේරුම ලබාගන්න, More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහර පවා දැකගන්නට පුලුවන්. Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනිනම් Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.
2) Subtitle Translator
Subtitle Translator එකෙහි දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය Manually Add කරගන්න පුලුවන් ලෙස සැකසුව.
3)English Learning Tools
English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබෙනව.
4) Top 10 Words Game
මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.
5) Question
Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.
6) Speech
Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.
7) Real Time Search
ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.
8) Top 10 Sentences
මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.
2013 Version එක 100% Responsible & 100% Virus Free Certificate එක Softpedia American Site එකෙන් ලාබාගත්ත බව සතුටින් සඳහන් කරන්න කැමතියි.
Download Link එක දෙන්න කලින් කියන්න සතුටු කාරනක් තියෙනව. ඒ තමා Sri Lanka Inventor Commission එකෙන් පවත්වන ලද සහසක් නිපැයුම් 2012 තරාඟාවලියේදී The NDictionary Software එකට National Significant Invention Award එක දිනාගන්න පුලුවන් උනා. ඒ වගේම ICTA එක මගින් පවත්වන e-Swabhimani සම්මානයටත් මේ අවුරුද්දෙ නාම යෝජනා ලබල තියෙනව.
ඩික්ෂනරි Software එකට කැමතිනම් Like එකක් දාන්න.
නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.
Subtitle Translator (Share This Picture)