Sunday, June 10, 2012

// // 9 comments

බය නැතුව ගස් නගින්න කෙමක්.



මෙ දවස්වල කැම්පස් නිවාඩු හින්ද ගෙදර වැඩට් ටික් ට්ක සෙට් වෙනව. ඉතින් අද ගෙදර අඹ ගස්වල අඹ ටික කඩන්න සෙට් වුනා. ගස් වල දිමියො ඉන්න ආයිත් මදි නොකියන්න.  ඒත් ඒක නෙවෙයි ගේම, ගස් නගින්න හැටිත් දැන් මතක නෑ වගේ. ඉස්සරනම් පාරෙ ගස්වලමයි ගෙඩි හැදෙන කාලෙට. මාතෘකාවට එන්ටර් වෙලා ආපහු පහුකරගෙන ගිහිල්ල. ඇයි මේ ගස් වල දිමියො ඉන්න එක ගේමක් නෑ කිවුවෙ. අන්න ඒකට තමයි කෙමක් කිවුවෙ. දිමියො හිටියත් එකයි නොහිටියත් එකයි, ගානක් නෑ. කෙම ඉගෙන ගන්න කලින්නනම් (පොඩි කාලෙ ) යාලුවොත් එක්ක ගස් නගින්න කොට කීප දෙනෙක් ඉන්නව බිම කොල අතු ටිකක් සෙට් කරගෙන, මොකද ගහට නැගල හනි හනිකට ගෙඩිටික කඩල ගහෙන් පනිනකොටම බිම ඉන්න උන් අත්තෙන් ගස ගස දිමියො ගලවනව. ඉතින් දවසක් ඔය වැඩේ දැක්ක අපේ ගමට ආව ගිය මන්තරවලට, ගුරුකම් වලට ප්‍රසිද්ධ සීය කෙනෙක්, ඒ සීය තමා කියල දුන්නෙ. මොකක්ද දන්නවද කෙම.

ගහට නගින්න කලින් කොහොමත් අපි ගහට නමස්කාරය කරල එහෙමනෙ නගින්නෙ. ඉතින් එහෙම කරල ගහේ ඉන්න දිමියෙක් අරගෙන ඉනේ ගහගන්න ඕන. ගහේ ඉන්න තුරා ඌ නොමැරී ඉන්නත් ඕන. වැරදිලාවත් ඌ මැරුනොත් අපිටත් බඩුම තමයි. මතක ඇතිව දිමිය ආපහු ගහේම තියන්න ඕන. මොකද ආපහු ඒ ගහේ නගින්න ඕන නේ. ඒ කියන්නෙ අනිත් දවසෙ ඌම අල්ල ගන්න ඕන නෑ හොඳේ.

ඉතින් ඔය ක්‍රමෙට ගස් නගින්නව ගේමක් නැ. ඉතින් ඒ දවස් වල පන්ති ගියාම මම ඔය විදියට වැඩ්ඩ වගේ දිමියො ඉන්න ගස්වල නැගල කකුල් දෙකෙන් අත්තක එල්ලිලත් ඉන්නව. ඒ දවස් වල පංති තිබ්බ ගෙදර ජම්බො පේර ගහක් තියෙනව දිමියො හන්ඳ ගෙදර අයවත් ගහ ලගට කිට්‍ටු වෙන්නෙ නෑ. ඉතින් මම ඕක යාලුවන්ටත් කියල දීල කට්ටියත් එක්ක ඔය ගහ ඉවර කරනව. අපි කැඩුවම ඒ ගෙදර අයටත් දෙනව. හරියට ගහ අපේ වගේ. ඔය වෙනකොට දිමිය මගදි ගියොත්, බඩුම තමා කියල දන්නෙ නෑ. ඉතින් දිමිරජ දහනක් වන ඔය ගහේ ඉන්න දචසක මට දිමියොටික වටකරගෙන ගේම දුන්න, එකෙ තරම කියනවනම් මම ගහෙන් බිමට වටිල තමා නැවතුනේ. ඉතින් බැලින්නනම් දිමිය ඉනේ නැ. ඉතින් ඔය සිද්දියෙන් පස්සෙ පංති යනකොට සොපින් කවරයකුත් අරං යන්ව. දිමියෙක් අල්ලල සොපිං එකට දාගන්නව උඩ සාක්කුවට දාගන්නව.

ඉතින් කාලෙකට පස්සෙ ඔය කෙම උපයෝගී කරගෙන අද අඹ ටික කඩල දැම්ම. කට්ටිය දැන් වතු පාලු කරනව එහෙම නෙවෙයි හොඳේ.

9 comments :

  1. Ela ela heta idan ape peththe wathuth ne hari :)

    ReplyDelete
  2. මේවා තමා ලාංකිකයන් ගාව තියෙන හොඳ හොඳ සෙල්ලම්

    ReplyDelete
  3. සීය කියල නොදුන්න තව කොච්චර දේවල් ඇත්ද. අන්න එතන තමා වැ‍රැද්ද.

    ReplyDelete
  4. ඔන්න මම එහෙම ඕවට ගාව ගන්නව නෙවේ හොඳේ. කැකිල්ලෙ රජු හිටියනම් බයවෙන්න දේකුත් නෑ නේද?

    ReplyDelete
  5. ඉතින් ඇගේ ඉන්න දිමියා මැරෙන් නැතුව තියෙන්නේ කොහෙමෙයි..
    එ සතාව වැටෙන්නේ නැද්ද..පොඩි වෙන්නේ නැද්ද..

    ReplyDelete
  6. මැරුණු දිමියා ගෙන් පිටවෙන අපට නොදැනෙන සුවදක් නිසා ආක්‍රමණය සිදුවෙනවා වෙන්න ඕනෑ.

    ReplyDelete
  7. Biology නම් දන්නේ නෑ කතන්දරේ. ඔයා නම් දක්ෂ Blog ලියන්නෙක් නේද. Comment එකට ස්තුතියි.

    ReplyDelete
  8. සරමක වගේනම් දිමිය නොමැරී තියා ගන්න පුලුවන්. පොඩි උනාටනම් අවුලක් නෑ වගේ තමයි මතක.

    ReplyDelete