Friday, January 13, 2012

// // 12 comments

English Sinhala Word Database Community - njDic

ආයුබෝවන් කියල මගේ අලුත්ම නිර්මාණය පිළිබඳ විස්තර ගෙන එන ලිපිමාලාවට පිළිගන්නව. අලුත් යමක් දෙනව දෙනව කිය කිය ඉන්නව මොකක්ද ඒ කියල ඔයාල කාටත් දැන් කුතුහලයකුත් ඇති නේද. හොඳයි මේ නිර්මාණ‍යට මම දීපු නම තමා ද නාමල් ඩික්ෂනරි. හොඳයි දැන් වැටහෙන්න ඇතිනේ මොකක්ද කියල. ඒත් ඉතින් කියන්න ඕන විශේෂම දේ තමා මේ ඩික්ෂනරි එකනම් නිකම්ම එකක් නෙවේ කියන එක. මම මුහුණ දීපු ගොඩක් ගැටලුවලට විසදුම් සමග නවතම අදහස් කීපයකුත් සමග එන මෘදුකාංගයක්. එහි අඩංගු වන බාවිතයන් පිලිබඳ විස්තර ලිපි අටකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව. මේ එහි පලමු ලිපියයි.

හොඳයි මෙච්චර කාලෙකට මම බාවිතා කලෙත් ඔයා බාවිතාකරන ඩික්ෂනරි මෘදුකාංගය තමා. ඒ ඇතිවන ගැටලුවලට විසදුම් විදියට නිර්මාණයක් කරන්න තීරණය කලා. හැබැයි මට ඒකට ඇතුල් කලයුතු තවත් ප්‍රයෝජනවත් මෘදුකාංග කීපයක් නිර්මාණය කරන්න තරම් දැනුම සහ රිසෝසස් තිබ්බෙ නෑ. නමුත් වැඩේ අතෑරියෙ නෑ. පුලුවන් හැම වේලාවකම වෙබ් සහ ෆෝර්ම් ගානෙ තොරතුරු හෙව්ව. අන්තිමට ජයගන්න ලැබුන.

ඔය විදියට නිර්මාණය කරන්න හිතුන මුලින්ම ආපු ගැටලුව තමා සිංහල-ඉංග්‍රීසි වචන තියෙන ඩේටබෙස් එකක් කොහෙන්ද කියල. ගූගල් දෙයියනට කීවත් හරිගියේනම් නෑ. නමුත් ගොඩක් කාලෙකට කලින් කියවපු බ්ලොග් ලිපියක් ගැන මතක් වුනා. ඉතින් ඒ විදියට එන්සිටිප් වලින් ඩෙටබේස් එක පැන්නුව. හැබැයි ඉතින් ඒකත් මටඕන විදියට නෙවේ පහල විදියට තමා තිබ්බෙ.



ඒක ඔය ඉහල තියෙන විදියට හා සිංහල වචනය අඩංගු විදියටත් කන්වර්ට් කරගන්න ඕන වුනා. මුල් වැඩෙටනම් එක්සෙල් වලින් ගේම දෙන්න පුලුවන් උනා. නමුත් දෙවැනි වැඩේනම් ලේසි නෑ. ඒකටනම් ලිව්ව විබී සොෆ්ට්වෙයා එකක්. බාවිතා කලේ ලීනියර් සර්ව් ක්‍රමය. පැය 3ක් විතර වෙද්දි තෙරුම් ගියා ඒ ඇල්ගොරිතමය විදියට උනොත් දවස් 5ක් වත් යාවි කියල. ඉතින් ඇල්ගොරිතමය වෙනස් කරල ආයෙත් ලිව්ව. ඒ ඇල්ගොරිතමයට නම් නමක් දෙන්න මම දන්නෙ නෑ.සෙලෙක්ෂන් සොර්ට් ක්‍රමයට ටිකක් විතර සමාන ඇති. කොහොම උනත් විනාඩි 30කින් විතර ඕන කරන ෆෝමැට් එකට ලැබුන. ඔය මෙතඩ් එක හදන්න හිතුනෙ කැම්පස් එකෙන් ගත්ත දැනුමෙන් තමා.




ඉතින් ඔය විදියට තාමා ඩේටබේස් එක හදාගත්තෙ. නමුත් මේ ඩේටබෙස් එකේ තියෙන්නෙ ඉංග්‍රීසි-50,000/ සිංහල-80,000 පමණ වචන ප්‍රමාණයක් තමා. ඉතින් මම තීරණය කලා නාමල් ඩික්ෂණරිය හරහා බාවිතා කරන්නන්ගේත් උදව් ඇතිව මේ ඩේටබෙස් එක දියුණු කරන්න ක්‍රමයක් හදන්න සහ ඕන කෙනෙක්ට මේ ඩේටබේස් එක බාවිතා කරන්න පුලුවන් විදියට වෙබ් එකට දාන්න.


හොඳයි මෙහෙමයි ක්‍රමවේදය. නාමල් ඩික්ෂනරිය හරහා ඔයාල වචනයක් සර්ච් කිරීමේදී එම වචනය නැත්නම් ඒ වචනය ඩෙටබේස් එකට ඇඩ් කිරීමට බටන් එකක් පෙන්වීම  හා ඒ හරහා ඔයාලට වචන එකතු කිරීමට පහත ආකාරයේ වින්ඩෝවක්  දක්නට ලැබේ. එයට වචන එකතු කල හැක, ඔබ වචන 10ක් පමන එකතු කල පසු ඔබට පුලුවන් එම වචන අප්ලෝඩ් කරන්න.


වචන එකතු කිරීමේදී විශේෂයෙන් එම වචනයට අදාලව පැහැදිලි සිංහල තේරුමක් නැති නම් එම වචනයට අදාල අදහස ඩබල් කොටේෂන් තුල එකතු කරන්න පුලුවන්.

වචන අප්ලෝඩ් කිරීමේදී ඔබගේ විස්තර කීපයක් බලාපොරොත්තු වන බවද කරුණාවෙන් දන්වා සිටිමි. ඒ ඩේටබේස් එක ඩිවලොප් කරපු අය ඉදිරිපත් කිරීම සඳහා බව දන්වන්නට කැමැත්තෙමි.


එලෙස වචන ඩේටබෙස් එක දියුණු කරන ඔබ SEWdb Community එකෙහි සාමාජිකයකු බව දන්වා සිටිමි. මෙලෙස දියුණු කිරීමට බලාපොරොත්තුවන ඩේටබේස් එක ඔබට පහත ලින්ක් එකෙන් ඩවුන්ලොඩ් කරගත හැක.



ඔබ එම ඩෙටබේස් එක නිර්මාණයක් සඳහා බාවිතාකරන්නේනම් කමියුනිටි එකෙහි ප්‍රසාරනය උදෙසා ඩේටබෙස් එකට දී ඇති SEWdb නම වෙනස් නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ඉතින් මෙම ඩේටබෙස් එක ඔයාලට ලබා දෙන්නේ හැමොටම ඩික්ෂනරි හදන්න ලැබේවා කියල පතලනම් නොවේ. ඊටවඩා වෙනස් හොඳ නව නිර්මාණයක් කරන්න ලැබේවා කියල පතල. උදාහරනයක් විදියට භාශා පරිවර්තන මෘදුකාංගයක් වගේ දෙයක්. ගොඩක් ගැබුරට නොවුනත් කමක් නෑ.

12 comments :

  1. ඇත්තටම මට ඔයා ගැන ආඩම්බරයි යාලුවා.

    ReplyDelete
  2. ලිපිය එල .. වැඩේට සුබ පතනවා ... මට නම් තාම ඔය එක එක වචන හරියටම තේරෙන්නේ නැහැ .. "
    ලීනියර් සර්ව් ක්‍රමය
    .සෙලෙක්ෂන් සොර්ට්" 

    ReplyDelete
  3. Data Structure යටතෙ ඉගෙන ගන්න තියෙන මාතෘකා ටිකක් තමා ඔය කියල තියෙන්නෙ. බල්මු වෙලාවක ඒ ගැනත් ලිපියක් දාන්න.

    ReplyDelete
  4. මචන් උබ මාර කොල්ලෙක් නෙ ඔයි (h) :>)

    ReplyDelete
  5. උපරිමයි. Unicode නෙ...

    ReplyDelete
  6. නාමල් අයියේ උබ නම් බුදුවෙනවා මේ database file එකේ link එක
    දුන්නාට

    ReplyDelete
  7. SEWdb password ekak illanawa open karanna

    ReplyDelete
  8. machan umba nm supiri bn. math database 1 use krala dictionary 1k hadanna try 1k dunna. thanx...(Y)

    ReplyDelete