Friday, February 24, 2012

// // 3 comments

SL 1st Inventors Forum.

2012.02.24 එනම් ඊයේ දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Inventor Forum එකක් සංවිධානය කිරීමට Sri Lanka Inventor Commission (SLIC) එකට හැකිවුනා. දීපාල් සූරිය ආරච්චි මහතාගේ අලුත් නායකත්වයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ නවවිපැයුම් කරුවන්ගේ කොමිසම සාර්ථකත්වය කරා ගමන් කරන බවනම් මනාවට පැහැදිලි වේ. ඉහත වැඩසටහනේ සම්පූර්ණ දායකත්වය දරමින් වැඩසටහන පැවත්වීම සිදුකලේ Sri Lanka Institute of Marketing (SLIM) අයාතනයේදීය.



මෙහිදී කතාබහට භාජනය වූයේ "නව නිපැයුමක් මුදල් බවට පත් කරන අකාරයන්ය". මේ සඳහා දේශකයන් ලෙස සහභාගි වුයේ ලකී යෝගට් සමාගමේ නිර්මාතෘ ලාල් කීර්ති මහතා හා SLIM ආයතනයේ දේශකයකු වන අමිත ගමගේ මහතාත්ය. ලංකාවේ දෙසීය ගනනක් වන පේටන්ට් බලපත්‍ර ඇති නව නිපැයුම් කරුවන් පිරිසෙන් සීයක් පමණ මෙම Forum එක සහබාගි වූවා. මේ සඳහා මාද සහබාගි වූ  අතර එහිදී ලබාගත් වටිනා දැනුම් සම්බාරය ඔබ සියළු දෙනාටම දැනගැනීම පිනිස ඉදිරියේදී නාමල් යාය හරහා ඉදිරිපත් කිරීමට මා බලාපොරොතු වෙනවා.

ඒ දැනුම් ඔබගේ නව නිර්මාණයන් උදෙසාම නොව ජීවිතය සාමාන්‍ය ජීවිතයක් කරගෙන සාමාන්‍ය ජනතාව ලෙස ජීවත් වනවාට වඩා ඉහලට ගමන් කරන්න ආසාවක් ඇති සියළු දෙනාට එය වැදගත් වනු ඇත. මොකද යත් මිහිපිට මිනිසකු ලෙස ඉපදෙන ඔබට ඕනෑම දෙයක් කල හැකි මුත් ඒ ඔබ නොදන්නවා වීම ඇති ප්‍රධානම ගැටලුව වන බැවිනි.

3 comments :

  1. post more info on this pls

    ReplyDelete
  2. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන   http://ads.sasroo.com  හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි  පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල  වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින්  දන්වා සිටිමු.
     

    ReplyDelete