Friday, August 17, 2012

// // 5 comments

A\L කරමුද? කෙල්ලෙක් කරමුද?

ඔන්න ඉතින් මේ අවුරුද්දෙ A\L පටන් ගන්න සතියකට විතර කලින් වුන සිදුවීමක් නිසා ලියන්න හිතුන දෙයක් තමා මේක. කැම්පස් එකත් නිවාඩු නිසා ලඟදි දවසක යාළුවෙක්ගෙ ගෙදර යන්න කියල අපි යාළුවො ටික සෙට්වුනා මාතර Stand එකට. ඉතින් කට්ටිය හරියටම වෙලාවට සෙට්වෙන නිසා පැය දෙකක් විතර Stand එකට වෙලා ඉන්නත් වුනා. ඔය අතරෙ යාළුවෙක්ගෙ යාළුවෙකුත් ("පොර" කියල කියමුකො) සෙට්වුනා.

ඉතින් හමුවුන ගමන් යළුව ඇහුව "මොකද කරන්නෙ Stand එකේ" කියල.
පොර කියනව "මචන් කෙල්ල එනකන් ඉන්නව, පොඩ්ඩක් රවුමක් දාන්න කියල හැදුවෙ."

දැන් යාළුව උගේ දිහා කන්න වගේ ඇස් ලොකුකරගෙන බලාගෙන ඉන්නව. අපිටත් මේ මොකෝ කියල ප්‍රශ්ණයක්. උත්තර විදියට අපිටත් තරු විසුවුන කතා ටිකක් අහන්න උනා පොරගෙන්.

හරි හරි මචන් මේ පාර A\L කරනව තමයි. තව සතියයි තියෙන්න කියන එකත් හරි තමා ඒත් ඉතින් දැන් A\L කලා කියල ඇති වැඩක් තියෙනවද? ගිය සැරේ වගේ තමා මේ සැරෙත් කලින් සිලබස් එකෙන් කරන උන්ගෙ Z අඩුවෙනව අනිම තමා. කොහොම හරි කැම්පස් ගියා කියල Job හම්බවෙනවද? ඊට වඩා වටිනව මට මේ කෙල්ල කරගත්තොත්. දැන් උබ බලපන් කැම්පස් ගියා කියල උබ විදින දුක, දැන් මාස 3ක් විතර නිකන් ගෙදර නේ. තාමත් කෙල්ලෙක් නෑ උබට ආදරේ කරන. උබ දන්නවනේ මගේ තාත්තට පුලුවන් මට හොඳ ජොබ් එකක් හොයල දෙන්න. ඉතින් මොකටද මේ A\L නිසා ක‍ටුකාගෙන දුක් විදින්නෙ........

මම හිතන්නෙ යාළුව පොරට කලින්ම හොඳට A\L කරපන් කියල දේශනයක් දීල වගේ. ඒව කැපිල යන්න පොර කියපු කතා ටිකට යාළුවගෙ කටත් වැහුන. පොර අපෙන් සමුගත් පසු යාළුව කීව පරිදි පොරගෙ තාත්ත හොඳ දේශපාලන කප්පිත්තෙක්.

ඉතින් කොහොම හරි පොර කියපු කතා වලින් ඔබටත් මටත් හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරන්න ඇති.

අධ්‍යාපනය ලබනව කියන දේ A\L වලට මහන්සි වුන කවුරුත් කියාවි කට්ටක් කියල. ඒත් ඒක දුකක් කියල දකිනවනම්, එහෙම දකිය පරපුරක් නම් ඉදිරියෙදි බිහි වෙන්නෙ ඇත්තටම ලොකු ගැටලුවක්.

දේශපාලන බලය මගින් හෝ දැන ඇදුනුම් කම් මත ‍රැකියාවකට පිවිසෙන එක නවත්තන්න බෑ. ඒක එහෙම වුනාවෙ. ඒත් දේශපාලන බලය මගින් ‍රැකියාවක් හොයාගන්න ඉන්න කට්ටිය බොහෝවිට ඇතුලුවන්නෙ රජයේ රැකියාවකට. මොකද තමන්ට ‍රැකියාවට අදාල දැනුමක් නැතිනම් සාමන්‍යයෙන් ප්‍රයිවට් ‍රැකියාවාක වැඩිකල් නිරත වෙන්න බෑනේ. ඉතින් කොහොම හරි හොඳ ජොබ් එකක් ලැබෙනව කියල හිතාගෙන ඔහෙ ඉදල, අන්තිමේදී රජයේම ආයතනයකට දේශපාලන බලය මගින් ඇතුල් වෙලා කරන සේවාව නිසා තමයි අද රජයේ ආයතන බන්කොලොත් වෙන්නෙ. ඉතින් මොන ක්‍රමයකින් හරි ඕනම ජොබ් එකකට යන එකට නම් මොනවත් කියන්නෙ නෑ. ඒත් සමාජයට සේවයක් කරන එක හරියාකරව කරන්න කවුරුත් වගබලාගන්න ඕනෙ.

ඉතින් ඉදිරි පරම් පරාව අධ්‍යාපනය ගැන ඇතිකරගෙන සිටින ආකල්ප ඔය විදියනම්, ආසියාවේ අස්චර්යය කරා යන ගමනේ ගමන් මගේ අවසානය හිතාගන්න අමාරු නෑ නේද?

5 comments :

  1. දෙකම කරපන් මචං එතකොට කිසි අවුලක් නෑ

    ReplyDelete
  2. අත්දැකීම් තියෙනව වගේ.

    ReplyDelete
  3. A/L හොඳට කරත් කෙල්ලෙක් කරගන්න එක තමා අමාරු

    ReplyDelete
  4. hikzzz, ඒකනම් ඇත්ත තමා.

    ReplyDelete