Tuesday, July 3, 2012

// // 9 comments

මගේ පළවෙනි Hack කිරීම සහ නාගැනීම 01.

මේ කියන්න යන Hack කිරීම නම් මගේ ජීවිතේට අමතක නොවන සහ මතක් වෙනකොටත් හිනායන සුපිරි සිදුවීමක්. මුලින්ම කියන්න ඕනේ  Hack කිරීම කියන වචනයටත් අකමැති අයට, මම නම් Programming වලින් ඉදිරියට එන්න හේතුව වුනේ  Hacking Concept ඉගෙන ගන්න යොමුවීම කියන එක. Programmin Language එකක් ඉගෙන ගන්නව කියන එක ටිකක් බෝරින් වැඩක් නේ. නමුත් එහි Fun එක තියාගන්න සහ කුතුහල රදව ගන්න Hacking කරන්න Application ලියන එකනම් ටිකක් අල්ලල ගියපු වැඩක් වුනා. අද මාතෘකාවත් ඒ වගේ දෙයක් තමා.



මේ සිදුවීම වුනේ මම 12 වසරෙදි විතර. ඒ දවස්වල ගමේ තිබ්බ ඔක්කොම පරිගනක වල Repair කිරීම මට බාරදීල වගේ තමා තිබ්බෙ. පරිගනක ගැන ඒ කාලෙ මහලොකු දෙයක් දැනගෙන හිටපු නිසා නම් නෙවෙයි, පරිගනක වලට බය නොමැති කම. ගමේ හිටිය අයිය කෙනෙක් ලොකු Company එකක වැඩ කරන. පොර ගෙදරදි ඉන්ටර්නෙට් ලොග් වෙන්නෙ Company එකේ Account එකෙන් කියල පොරගෙ Network එක Setup කරන්න ගිහින් දැනගත්ත. ඉතින් දැන් පොඩි අසාවක් ඇතිවුනා User Name එකයි Password එකයි උස්සන්න. ඒකට හේතුවක් තිබ්බ, නමුත් සාධාරනයි කියලනම් කියන්නෙ නම් නෑ.

ඔය 2005 හේ විතර. අද කාලේ වගේ නෙවෙයි, තිබ්බෙ Dial-up ක්‍රමේට ඉන්ටර්නෙට්. ඒ විදියට ඉන්ටර්නෙට් වැඩ කරපු අයනම් දන්නව ඇති ඒකෙ තරම. පට්ටම Slow Connection එකක්. පැය 10කට නෙට් ලොග්වෙලා ඉන්නවට රු.200 යි. ඒ අතරදි Phone බිලයි, පට්ට වියදම්. ඉතින් මම නම් Images බ්ලොක් කරල Internet log වෙන්නෙ. Phone බිලත් යන නිසා ගෙදරට හොරාට Network Cable එකක් කවුලු අස්සෙන් දාල Phone එකට Connect කරල තමා Network එක හදා ගත්තෙ.ඉතින් ඩේට ගන්න ටික Company එකට පැවරුවනම් එල නේ කියල හිතල, Plan කලා ඊලග පාර Network එක Setup කරද්දි Hacking ගේම දෙන්න.

කොහොම නමුත් A/L වැඩ අස්සෙ ඕක කරන්න ඕන Application එක නම් හදා ගන්න බැරි වුනා. හදීසියේම දවසක ඒ අයිය අවිල්ල කිවුව "මල්ලි Windows දාගන්න ඕන යමුද කියල". දැන් ඉතින් වැඩේ Plan කරලත් නැති නිසා කොහොමද යන්නෙ. ඉතින් යන්තම බොරුවක් කියල වැඩේ කල්දමා ගත්ත දවසකට.  ඊට පස්සෙ කලේ හනිකට Application එක හදන එක. එකට කලේ Internet එකෙන් හොයාගත්ත Dial-up Connection  එකකින් Connect වෙන්න Dial කරන්න යොදාගන්න පුලුවන් Code ටිකක්. ඊටපස්සෙ Windows Dial-Up Application එක වගේ Interface එක හදල එතනදි User Name, Password ගහල Enter කලාම Network එක Connect වෙනවට අමතරව  User Name, Password  ට්ක Application එක තියෙන තැන Save වෙන විදියට Programming ටික කලා.

හරි ඉතින් දචස උදාඋනා ගිහින් Windows දාල Netework Setup කරල වැඩ කරනවද බලන්න Connect කරල බලමුද කියල මම හදපු Application එක අරගෙන දුන්න. ඉතින් දැන් අයිය User name එක ගැහුව, අවුලක් නෑ. ඔන්න දැන් Passeord එක ගහනව. අම්මටසිරි මෙන්න යකෝ එන්ටර් කරන පස්වර්ඩ් එක   පේනව. "අයියෝ" කියල මම ඔලුවට අතගහගත්ත. පාස්වර්ඩ් එක බාගෙට ගහල අයිය මගේ දියා බලල කියන්ව "මල්ලි මම පස්සෙ Check කරන්නම් කියල." අහ් ඉතින් මොකද කරන්නෙ. මට කලබලේට අමතක වුනානේ අදාල Text Box එකේ Password Character Properties වෙනස් කරන්න. අපරාදෙ ලැබිච්ච චන්ස් එක. ඊටත් වැඩිය අයිය මොනව හිතුවද දැන්නෙ නෑ.

ඉතින් ඔන්න ඔහොම තමා Hacking වලින් ඇදගෙන නෑවේ. හැක්, Hack කරන්න ගිහිල්ල සාර්ථක වුන අවස්තා වගේම නාගත්තු තව තැනුත් තියෙනව. ඉතින් පෝස්ට එක නැගල ගියොත් ඊලඟ ඒවත් කියන්නම් කෝ.

9 comments :

  1. he heeeeeee katha seen eka ...............

    ReplyDelete
  2. කැතයි නේන්නම්,

    ReplyDelete
  3. Mahesh Buddika DahanayakaDecember 24, 2012 at 4:09 PM

    ජය වෙවා.!

    ReplyDelete
  4. Mahesh Buddika DahanayakaDecember 24, 2012 at 4:09 PM

    mekata comment karannath bayayi mage PW eka ehema ussanawa newe bola>>!!

    ReplyDelete
  5. හික්ස්, අනේ එහෙම කැතවැඩ කරන්නෙ නෑ. ඊට වැඩිය කැතවැඩ තමා කරන්නෙ. :)

    ReplyDelete
  6. mageth oyawage wada tikak tiyanawa

    ReplyDelete
  7. අහන්නත් සතු‍ටුයි.

    ReplyDelete