Tuesday, July 31, 2012

// // 5 comments

සියළු File Extension එක සැරෙන් Rename කරගන්න.

අද කාලෙ විශාල ලෙස දියුනු වී තිබෙන OS එකක් වන වින්ඩෝස් OS එක වෙතට ඒමට මූලික අඩිතාලම දාපු Dos තාමත් අලුත් වින්ඩෝස් OS වලත් තියෙන්නෙ ඒකෙන් තවමත් ලොකු ලොකු ප්‍රයෝජන ගන්න පුලුවන් නිසා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හොඳයි මම අද කියන්න යන්නෙ මේ Dos භාවිතා කරල කරගන්න පුලුවන් යම් දෙයක් පිළිබඳවයි. මොකක්ද මේ, මේ ක්‍රියාවලියේ මූළික ප්‍රයෝජනය නම් File කීපයක Extension එක ලෙහෙසියෙන්ම එක පාරින් Rename කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන.

(File එකක Extension එක ගැන නොදන්න කෙනෙක් නම් ඒ ගැන පහල තියෙනව.)

ඒ විදියට අපිට පුලුවන් Video වගේ ෆයිල් සගවල තියන්නත්. එතකොට Video File Search  කරද්දි අහුවෙන්නෙත් නෑ.

උදාහරනයක් ලෙස ඔයාගෙ ගාව පින්තූර(.jpg) 100ක් තියෙනව ඒක ඔයාලට ඕන ඔක්කොම ".dll" බවට පරිවර්තන කරගන්න. මේ සඳහා File ඔක්කොම Select කරල Rename දුන්නට හරියන්නෙ නෑනේ. ඒ හින්ද අපිට සිද්ධ වෙනව File ඔක්කොමගෙම Extension එක වෙන වෙනම Rename කරන්න. හපෝ ඒ හින්දම තමයි Dos ඉගෙන ගන්න ඕන වුනෙ. ඇත්තටම මේ ක්‍රමයට අපිට පුලුවන් අපේ File කීපයක් කාටවත් හොයන්න බැරිවිදියට හන්ගන්න වගේම ඕපන් කරන්න බැරිවිදියටත් හදන්න. බලමු ඒක කොහොමද කරන්නෙ කියල.

මුලින්ම Extension වෙනස් කරන්න ඕන ෆයිල් තියන ෆෝල්ඩර් එකට ගොස් (එම ෆයිල් ඔක්කොම එකම ෆෝල්ඩර් එකේ තිබිය යුතුයි.) එම ෆයිල් වල Extension එක බලා ගන්න. දැන් note book එක ඕපන් කරල පහල තියන විදියට ටයිප් කරන්න.

ren *.Extension *.Extension

EX:
ren *.jpg *.dll

(මෙහි ren යනු Dos තුල ෆයිල් රීනේම් කිරීමට යොදා ගන්නා කොමාන්ඩ් එක. දෙවන Extension එක පරිවර්තනය විය යුතු ෆයිල් ෆෝර්මැට් එකයි.)

දැන් සේව් කරන්න යන්න එවිට File Name එක විදියට නමක් දීල පසුව .bat කියලත් ටයිප් කරන්න (name.bat). Save as Type එක විදියට All Files යන්න ලබාදීල Save කරන්න. සේව් පාත් එක විදියට පින්තූර ටික තියෙන ෆෝල්ඩර් එක ලබාදෙන්න. දැන් ඒ සේව් වෙච්ච Bat ෆයිල් එක Double Click කරල බලන්න. ඕන ෆෝල්ඩර් එකකට Bat ෆයිල් එක කට්කරල අරගෙන වැඩ කරවගන්න පුලුවන්.

උදාහරනයක් විදියට පින්තූර ටිකක් අදුන ගත නොහැකි ෆයිල් බවට පත් කිරීමට ඉහත කමාන්ඩ් එක යොදා ගන්න පුලුවන්. මේ විදියට ෆයිල් ටික පරිවර්තනය කරල ඒව C:\Windows ෆෝල්ඩර් එක තුල ෆෝල්ඩර් එකක් හදල ඒකට කොපි කරන්නකෝ දැන් ඒ ෆයිල් ගොඩක් දුරට ආරක්ෂිතයි. මේ ෆයිල් නැවත පින්තූර බවට පත් කරන්න අර Extension දෙක මාරු කරන්නකෝ.

ren *.dll *.jpg

ආ.. ඔයාලට Dos වැඩකෑල්ල අල්ලල ගියාද, ඔයාල ආස Dos වැඩ කෑලි ඉගෙන ගන්නද Dos මුල ඉදල තියරි ටික අල්ල ගන්නද කියල Comment කරන්නකෝ. ඉල්ලුම අනුව සැපයුම දෙන්න එපාය.


Extension
Extension එකෙන් තමයි යම් File එක කුමන වර්ගයට අයත්දැයි කියල OS එකෙන් අදුනගන්න Name එක. ඒක ඉතින් හයිඩ් වෙලා තමයි තියෙන්නෙ. ඒක බලන්න ඕනෙනම් ෆෝල්ඩර් එකේ
Tools --> Folder Option --> View --> Hide Extension For.. ටික් එක අයින් කරල ok කරල බලන්න. හැබැයි ඉතින් ෆයිල් රීනේම් කරන්න කලින් තිබුන විදියට හදන්න. උදාහරනයක් විදියට Song File එකක් අදුන ගන්න එක් ක්‍රමයක් තමයි සින්දුවෙ නම අගට තියෙන .mp3 කියන නාමය. සින්දුවෙ නම Dasin_Pe නම් ඒක තියෙන්නෙ Dasin_Pe.mp3 ලෙසට. එම File මත Double Click කලාම Open වෙන්නෙ කුමන Software(Player) එකෙන්ද කියල OS එක දැනගන්නෙත් මේ නමින් තමයි.

5 comments :

  1. dos mula idala kiyala denna eka hodai...

    ReplyDelete
  2. Dos වලට Interest එකක් තියෙන කට්ටිය නැතිව ඇති කියල හිතුවෙ, පුලුවන් විදියට Post ටිකක් ලියන්නම්.

    ReplyDelete
  3. dos mula idalama yamu

    ReplyDelete