Saturday, September 24, 2011

// // Leave a Comment

ටෙක්කතා අසන්නන්ගේ උපකාර

Tehkaha Desktop කියන්නෙ අපේ සහෝදරයකුගෙ අතින් නිර්මාණය වුන ඔයාල කාටත් වැදගත් වෙන අපූරු නිර්මාණයක්. ඒ සඳහා අයිඩියා එක ලැබුනෙ මම නිර්මාණය කරපු techkatha Offlner එක කියල දැනගන්න ලැබීමත් බොහොම සතුටුයි. ඉතින් මේක නෙවෙයි අද මාතෘකාව.



අද මම Tehkaha Episode 97 බාගන්න කියල Tehkaha සයිට් එකට ගියාම දැක්ක සයිට් එකේ අලුත් වෙනසක්. ඒකනම් ඔයාලත් දකින්න ඇති "ටෙක්කතා අසන්නන්ගේ උපකාර" මේ යටතේ තිබ්බෙ මම ඔය සඳහන් කරල තිබ්බ සොෆ්ට්වෙයා දෙකට සැබැදුම් තමයි. ඉතින් මේ මගින් අපගේ නිර්මාණ සමාජයට ගෙනියන්න මහගු අත්වැලක් වෙනව.

මම නිතරම ආස කරන්නෙ මම කරපු නිර්මාණයකින් සමාජය ප්‍රතිඵල ගන්නව දැකීමයි. ඒ හින්ද මම මේ ලිපිය ලියන්නෙ techkatha Offlner හදපු වෙලාවෙ Techkatha කරන අයියලා මට ස්තුති කලාට සහ ඉහත කිව්ව විදියට අපගේ නිමාණ වලට ඉඩක් වෙන් කිරීමත් වෙනුවෙන් ටෙක්කතා කරන සියළුම අයියලාට ස්තුති කරන්නයි.

0 comments :

Post a Comment