Sunday, August 21, 2011

// // 5 comments

techkathaOffliner 1.0 – Portable





             ඔන්න යාළුවනේ සුබ ආරන්චියක් අරගෙන තමයි ආවෙ. ඔයාල දන්නවෙන techkathaOffliner වැඩසටහන ගැන, අද මම ආවෙ එහි පොර්ටබල් වැඩසටහන අරගෙන. විතරක් නෙවෙයි එහි අලුත් Fetchers රාශියක්ම Add කරල තියෙනව. ඒ වගේම කලින් වැඩසටහනේ තිබ්බ ගොඩක් Errors එහෙමත් හදල තියෙනව.

කලින් වැඩසටහනට යොදාගත්තු යුනිකෝඩ් කොන්ට්‍රෝල එක ඩිමෝ වැඩසටහනක්. ඉක්මනට සෙටප් එක දෙන්න ඕන හින්ද techkathaOffliner එක Run කරන්න වුනේ පසුගිය දිනයක් ලෙස. ඒත් සමහර PC වල වර්තමාන දිනය හරියාකාරව සැකසුනේ නෑ. එහෙම පරන දිනයක් PC එකේ තියනකොට සමහර වෙබ් පේජ් ලෝඩ් වෙන්නෙ නෑ කියල දන්නවනේ. Portable වැඩසටහන පසුගිය දිනයක් ලෙස Run වෙන්නෙ නෑ. ඒ හින්ද ඒ ගැටලුවත් විසදිලා. කලින් ලිපියෙන් දීපූ සෙටප් ෆයිල් එක Beta Virsion එකේ සිට Full Virsion එකට මාරු කලා. කැමතිනම් එතනින් techkathaOffliner-1.0 Setup File එක Download කරගන්න පුලුවන්.

මම පෝර්ටබල් එක තමයි ඔයාලට මුලින්ම දෙන්න කියල හිතාගෙන හිටියෙ. ඒත් පොඩි පොඩි ප්‍රශ්න කීපයක් තිබ්බ (අම්මෝ, වින්ඩෝස් 7 වලටත් වැඩකරන විදියට පෝටබල් එක හදන්න ගිහින් ඔක්කොම එපාවුනා වගේ, ඉදිරියෙදි ඒ අත්දැකීමුත් බෙදාගන්න එකතුවන්න). ටික විසද විසද ඉන්නකොට University එකේ ලෙක්චර්ස්ලගෙ වැඩවර්ජනය ඉවරවෙලා University පටන්ගන්නව කියල ආරන්චිය ආව. ඊටපසෙදි ඉතින් වැඩ ගොඩගැහෙනවනේ. අස්සෙ techkathaOffline ඔයාලට දෙන්න පරක්කු වෙයි කියල හිතල Setup File එක දුන්නෙ. නමුත් පෝටබල් වැඩසටහනටන් වලටනම් කවුරුත් කැමති ඇති. මමත් එහෙමම තමයි. Install කර කර ඉන්න නම් අකමැතියි. මේ වැඩසටහ ඩවුන්ලෝඩ් කරගත්තම ඔයාලට හැමදාම ඩවුන්ලෝඩ් කරගත්ත Techkatha Episode සමගම තියාගන්න පුලුවන්නෙ. ඕන වෙලාවක Use කරන්න පුලුවන්.

මෙම පෝටබල් වැඩසටහන දෙන්න සෑහෙන්න කල් යයි කියලයි හිතුවෙ. නමුත් කමෙන්ට් කරපු අය මාව දිරිමත් කරන්න දීපු ප්‍රතිචාරවලින් මට හිතුන ඉක්මනින්ම පෝටබල් එකත් දෙන්න ඕනෙ කියල. ඒ සඳහා මට ලැබෙන සෑම විවේකයක්ම යෙදෙව්ව කීවොත් නිවැරදියි.



මෙන්න අලුත් Fetchers ටික.

  • කීබෝඩ් එකේ N” Press කිරීමෙන් Next Record එක Play කරන්න පුලුවන්.
  • B” Press කිරීමෙන් පෙර Record එක Play කරන්න පුලුවන්.
  • P” Press කිරීමෙන් Play/ Pause කරන්න පුලුවන්.
  • Up / Down Arrow Key මගින් ලිස්ට් එක තුල උඩට / පහලට යන්න පුලුවන්.
  • Space Bar එක මගින් list එකේ Record Select/ Deselect කරන්න පුලුවන්.
  • Ctrl + Enter මගින් එම Record එකට අදාල Web Page එක බලන්න පුලුවන් (එහි ඇති කමෙන්ට් කියවීමට).
  • Shift + Enter මගින් “Play Selected” Command එක දෙන්න පුලවන්.
  • Left/Right Arrow Key මගින් Play Record වන එකේ ඉදිරියට ගමන් කරන්න පුලුවන්.(මෙවිට Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මතනම් 5 Second වලින් ඉදිරියට ගමන් කරන අතර Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මත නොවේ නම් 1 Second වලින් ඉදිරියට කරයි ). මවුස් ස්ක්‍රෝල් එකත් ඒ සඳහා යොදාගන්න පුලුවන්.
  • Play Selected විදානය දුන් පසුද Select කරන ලද Record බැලීම සඳහා Scroll කිරීමට “< / >” Button දෙකක් ඇත.
  • ටෙක්කතා වල කතාකරන ලද මාතෘකා වලින් තමන් කැමතිම Item ටික Favorite ලෙස Add කරගන්නට පුලුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය Records ටික සෙලෙක්ට් කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන Add Selected to Favorite විදානය මත ක්ලික් කරන්න. එසේ Favorite වලට ඇඩ් කරන ලද Records බැලීම සඳහා techkathaOffliner Icon එක මත ක්ලික් කරන්න. එම ලිස්ට් එකෙන් ඔබට අනවශ්‍ය එකක් Delete කිරීම සඳහා ඒවා Select කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන විදානය මත ක්ලික් කරන්න.

කොහොමද ස්තාපනය කරගන්නෙ.


මුලින් techkathaOffliner-Portable.rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්. ඔබට අවශ්‍ය තැනක කැමති නමකින් ෆෝල්ඩරයක් සකසා ඩවුන්ලෝඩ් කරගත්තු techkathaOffliner-Portable.rar ෆයිල් එක එයට කොපි කරගන්න. පසුව එය මත රයිට් ක්ලික් කර Extract Hear කරන්න. 






            ඉන්පසුව ඔබ ඩවුන්ලෝඩ් කරගත්තු සියළු ටෙක්කතා එපිසොඩ් ටික එහි “Episode” Folder එකට කොපි කරගන්න. කලින් ලිපියේ සඳහන් විදියටම එපිසොඩ් ටික නාමකරනය කරගන්න.





ඔයාල ram Format එකන් එපිසොඩ් ඩවුන්ලෝඩ් කරල තිබේනම් ඒවා Play වීම සඳහා PC එකේ Player එකක්ද Install කර තිබිය යුතුය. එසේ නැතිනම් techkathaOffliner මගින් එම Episode Play නොකරයි. ram File Support  කරන Player එකක් Install කරල නැතිනම් RealAlternativ Player එක ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් Run කරන්න සියල්ල සූදානම්.


මේ සමගම කියන්න ඕනෙ මම හදපු ඩේටබේස් එක ඕනකෙනෙක්ට ඕන වැඩසටහනකට යොදාගන්න පුලුවන්. එය rar ෆයිල් එක තුල අඩංගු වෙනව.




මම වැඩසටහන අත්හදාබැලුවෙ Windows 7 / Windows Xp Virtual PC එකක. ඒ හින්ද සාර්ථක/ අසාර්ථක බව කියන්න පුලුවන්නම් බොහොම ස්තුතියි.

ඉතින් මේ වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙනස්ම Software දෙකකින් ඔයාල හමුවෙන්න බලාපොරොත්තු වෙනව. ඔයාලගෙ කමෙන්ට් මෙම වැඩසටහන් දියුණු කරන්න වැදගත් වෙනව. අමතක නොකර හොඳ/වැරදි/චෝදනා/නව අදහස් මොනව හරි Comment කරල යන්න පුලුවන් නම් බොහොම ස්තුතියි (Comment සිස්ටම් එක ගැනදන්නෙ නැත්ද).

On Facebook NamalYaya.
Thanks...

5 comments :