Sunday, December 1, 2013

// // 17 comments

NDictionary Developing with Sad Feeling About Our Socity

NDictionary යනු English එගෙන ගැනීමට පහසුකම් සලසන මෘදුකාංගයක් නැතිකල මා සිතේ හටගත් අදහසකි. මා එය Develop කලේ මාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදිය. Subtitle Translator ඉංග්‍රීසි සමග මුසුවෙන්න සාර්ථක Tool එකක් වූ නිසාවෙන් එය සමාජයේ සියළු දෙනා සමග බෙදාගන්නට සැලැස්වීය. නමුත් එය මාගේ Blog එකේ දැම්මා මිසක වඩා ප්‍රසිද්ද කිරීමට පියවර නොගත්තෙමි. ඒසේ වුවද NDictionary Downloads 20,000 කට වඩා සිදුවී ඇති බැවු සතුටින් ප්‍රකාශ කරමි. NDictionary Download කර එය හොදනම් තවත් එක් අයකුටවත් එහි වටිනාකම බෙදාගත් සියළු දෙනාටම එම සමාජ සත්කාරයේ පිං හිමිවනු නිසැකැයි. වීශේෂයෙන් zoom.lk සහ allsevennet.blogspot.com අඩවි ඒ පිළිබඳව ලිපි ලියා තිබුනේ මෙසේයි.

http://www.zoom.lk/forums/showthread.php?t=8266

මධුර ඩික්ෂනරියට සමුදෙමු... !! නාමල් ඩික්ෂනරිය සමග එක්වෙමු... !! 

ඒ වගේම NDictinary දියුනුව සඳහා අඩුපාඩු හා අදහස් Comment කල සියළු දෙනාට ස්තුතියි.

කෙසේ නමුත් Exam අස්සේ NDictionary 2014 Developing කරන අතරතුර සමාජය පිළිබඳව කලකිරීමක්ද නැතුවා නොවේ. මා NDictioanry සඳහා සාර්ථක Database එකක් සාදාගැනීමට UCSC මගින් ලබාගත් English-සිංහල Database එකක් Develop කරන ලදී. එමගින් සිංහල-English Database එකක් සාදාගැනීමට දින ගනනක් වෙහෙස විනි. පසුව එය Open Source කරන ලද්දේ English-සිංහල Language Barrier එක අවම කිරීමට Software එකක් Develop කිරීමට එය කාට හෝ වැදගත් වනු ඇතැයි සිතූ නිසාවෙන් හා Database එකෙහි දියුනුවට සමාජය උදව් ලැබේයැයි සිතූ නිසාවෙනි. ඒ සඳහා Database එකට නව වචන Update කිරීමට Tool එකක්ද NDictinary සඳහා අඩංගු කරන ලදී. නමුත් ඒ සඳහා මගේ විද්‍යාලයේ එක් යාළුවකු හැරෙන්නට කාගේවත් සහයෝගයක් නොලැබිනි. නමුත් Database එකෙහි Download 3500ක් පමන තිබේ. තමුන් උදෙසා සැකසී නොමිලයේම ලැබෙන Software එකෙහි අඩුපාඩු හෝ නව අදහස් Comment කර ඇත්තේ කීයෙන් කී දෙනාද.

ඒ දේවල් ඒ විදියට සිද්ද වූවද NDictionary නව වසරේ EN Dictionary 2014 නමින් තවත් නව විශේෂාංග රාශියක් සමගින් ඔබ වෙත ගෙන ඒමට සතුටෙන් වැඩ කරමි. ජනවාරි පලමුවෙනිදා දීමට සැලසුම් කර සිටියද University එකේ පවතින Exam නිසා දින කීපයක් පරක්කු වනු ඇති බව කරුණාවෙන් සලකන්න. ජන්වාරි 10ට පෙර හෝ ලබාදීමට පියවර ගනිමි.

ඔබ NDictionary බාවිතායේදී එහි නොමැති වචන Update කිරීම කර ඇත්නම් ඒවා මාහට e mail කරන මෙන් ඉල්ලා සිටිමි. Update සඳහා Free Server  එකක් සකසා තිබුනද එය දැන් වැඩ නොකරයි. ඒ නිසා පහත ක්‍රමය අනුගමනය කරමින් එම වචන ["namalyaya@gmail.com"] ලිපිනයට e-mail කරන්න.

NDictionary Tray Icon එකෙහි Right  Click කොට View --> Add Word to Dictionary ‍තෝරන්න. එවිට එන Window එකේ ඇති "Updated Words" Button එක Click කරන්න. එවිට එන වචන Copy  කර e-Mail කරන්න.  ස්තුතියි.



17 comments :

  1. එල කිරි මචං පුලුවන් සහයොගයක් දෙන්නම්

    ReplyDelete
  2. පෞද්ගලික මට්ටමින් තම තමන්ගේ ශබ්ද කෝෂය එඩිට් කරගන්න ක්‍රමයක් හදනවනම් වඩා හොඳයි
    සමහර වචන පොදු භාචිතයට ගැලපෙනවද කියල සැකයි
    උදාහරනයක් ලෙස guy වලට මම හදාගෙන තියෙන සිංහල වචනය බුවා

    ReplyDelete
  3. ෙපෟද්ගලිකව තම ශබ්දෙකාශය ඒඩිට් කරන ක්‍රමයක් හදන්න

    ReplyDelete
  4. NDictionary eke url ekak copy karapu gaman error ekak awilla close wenawa.ekagana poddak balanna.
    Wade Ela (h)

    ReplyDelete
  5. URL ekak copy karapu gaman NDictionary eke run-time error ekak awilla close wenawa.eka poddak balanna
    Wade ela bro
    (h)

    ReplyDelete
  6. පෞද්ගලික ශබ්ද කෝශයේ වචන එක් මවුස් කලික් එකකින් පොදු ශබ්ද කොශයට එක්වන ක්‍රමයක් පුලුවන්නම් හදන්න

    ReplyDelete
    Replies
    1. මට පහදිලි නෑ සහෝ. පොඩ්ඩක් විස්තර කරල කියන්න පුලුවන්ද?

      Delete
    2. ‍පෞද්ගලිකව වචන එක් කරලා upload වගේ නමක් තියෙන බටන් එකක් ඔබලා පොදු ශබ්ද කෝෂයට එක් වෙන්න හදන්න

      Delete
  7. හබ්ද කෝශයේ අමතර පහසුකම් පහසුවෙන් අක්‍රීය කර වඩා වේගවත්ව මූලික ශබ්දකොශ කාර්ය කලහැකිලෙසත් විකල්පයක් සාදන්න

    ReplyDelete
  8. සිංහල ඉංග්‍රීසි ශබ්ද මාලාවල හිඟකම මැකීමට ඔබ විසින් තනිව සහ වාණිජ අපේක්ෂාවෙන් තොරව කරන මෙම මහඟු මෙහෙය මහත් සේ අගය කරමි. මෙම ශබ්ද කෝෂය පිළිබඳ මා ද දැන ගත්තේ ඔබ සඳහන් කර ඇති බ්ලොග් අඩවියකට අහඹු ලෙස පිවිසි මොහොතක ය. ඒ මොහොතේම එය බාගෙන මගේ පරිගණකයේ ස්ථාපනය කළෙමි. ඔබගේ කාර්යය අධෛර්යය කිරීමට නොව තවත් සම්පූර්ණ කිරීමේ අදහස ඇතිව, මා මේ කෙටි කාලය තුළ වැඩි ආයාසයක් නොමැති ව නිරීක්ෂණ කළ අඩුපාඩුවක් මෙහි සඳහන් කළොත් අමනාප නොවේ යැයි ද සිතමි. ඔබ සකස් කරන්නේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක් බැවින් වෙනත් බිලොග් අඩවි සහ මුද්‍රිත/ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් ට වඩා අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම පිළිබඳ සැළකිලිමත් වන්නේ නම් යෝග්‍ය බව මගේ හැඟීමයි. උදාහරණයක් ලෙස නව වචනයක් එක් කිරීමට ඔබ සපයා ඇති අතුරුමුහුණතේ ම එවැනි වැරදි ගණනාවක් ඇත. දැන් දැන් බහුතර මාධ්‍යයන් හි සිංහල භාෂාවේ නිවැරදි අක්ෂර වින්‍යාසයන්. පද බෙදීම් සහ ව්‍යාකරණ යෙදුම් දැකීමට නොහැකි තරම් ය. විද්‍ය විෂය ධාරාවෙන් උසස් පෙළ කළ මේ ලියන මම ද ඒ පිළිබඳ විද්වතෙකු නො වෙමි. මේ සඳහා ඔබ විශ්ව විද්‍යාලය යේ සිංහල අංශයේ ආචාර්ය වරයකුගේ හෝ වෙනත් එවැනි විද්වතකුගේ සහය ගතහොත් නරක ද? (මම ද රුහුණ විශ්ව විද්‍යාලය යේ කෘෂි පීඨයේ උපාධිධරයෙකු බව සඳහන් කරනු කැමැත්තෙමි. ඔබගේ මෘදුකාංගයේ අප සරසවි ලාංඡනය දැක මම මහත් සතුටට පත් වූ යේ එබැවිනි). ඔබගේ කාර්යය වඩ වඩාත් සාර්ථක වේවායි යළිත් ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. Comment එක ගැන ස්තුති වන්ත වෙමි. ඔබගේ අදහස පිළිගනිමි. කෙසේ වුවත් තිබෙන වැඩ අස්සේ එවැන්නකට කාලය සොයා ගත නොහැකියි. එබැවින් ඔබ වැනි අයගේ උපකාරය බලාපොරොත්තු වෙමි. ස්තුතියි.

      Delete
  9. I installed it today(07/01/2014), it was given by my friend.
    I love this... (h)
    & I wish you all the best...

    ReplyDelete