Sunday, July 15, 2012

// // 4 comments

Subtitle Translator

ගොඩක් අය දැනටමත් දන්නව නේ නාමල් ඩික්ෂනරිය මගින හදුන්වා දුන් Subtitle Translator Option එක ගැන. ඉංග්‍රීසි ඉගෙන ගන්න උන තියෙන කෙනෙක්ට බොහොම වැදගත් Tool එකක් කියලත් දන්නවනේ. මේ ගැන සරලව කියනව නම් Film එකක් බලද්දී Space Bar එක Press කල සැනින්  Film  එකට අදාලව KMPlater එකේ දර්ශනය වන English Subtitle වල තේරුම් අරන් දෙන මෙතොඩ් එකක් (වැඩි විස්තර සඳහා). ඉතින් ඒ සමබඳ Trix එකක් තමා මේ කියන්න යන්නෙ



ඔන්න ඉතින් Dictionary Application එකේ වැඩ ඉවරවුනත් එක දිගට ඒකට උන මහන්සිය නැතිවෙන්න විවේකයක් ගන්න ඕන කියල හිතුවත් හිතට සැරින් සැරේ වද දෙන සමහර අතීත සිදුවීම මතක් වෙන්න ආයිත් පටන් ගත්ත. ඉතින් විවේකය පැත්තක තියල අයිත් වැඩකට බහින්න හිතුව. කරන්න පටන් ගත්තු Projects නම් Folder පිටින් ගොඩගැහිල තමා තියෙන්නෙ. ඒත් එකක් පටන් ගත්තොත් කොටිවලිගෙ අල්ල ගත්ත වගේ ඒකමනේ මම කරන්නෙ, ඒ නිසා පොඩි වැඩක් තමා හෙවුවෙ. Application එකේ වැඩ නිසා පරිගනකයත් ගොඩක් අචුල් වෙලා තිබ්බෙ, එක එක Service ගන්න Install කරපු Software නිසා හා App Testing වැඩ නිසාත්. ඉතින් හිතුන PC එක ටිකක් පිලිවෙල කරන වැඩේ කරල දාන්න. ඉතින් අලුතින් OS එක ගහල ඕන කරන App ඒව ටික දාල Backup එකක් අරගෙන ඔන්න ඉතින් ෆයිල් ටික පිළිවෙලක් කරමින් ඉන්න කොට ගෙදරට යාළුවො ටිකක් කඩා වැදුන, ඉතින් උන් එක්ක Film එකක් බලන්න කියල සෙට්වෙලා Subtitle Translator එකත් ඕපන් කරගෙන Film එක බලද්දි Space Bar එක Press කලත් Subtitle Translator එක නෙවේ වැඩ කලේ. අවුල කිවුවට ලොකු අවුලකුත් නෙවේ Full Screen තියෙන වෙලාවට Searched Result එක On Top අවෙ නෑ. කොහොම වුනත් Minimize කර කර බලන් එකත් කරදර නිසා හේතුව හොයාගෙන යනකොට තමා දැක්කෙ ඒක ඩික්ෂනරි එක ගැටලුවක් නෙවේ කියල. ඉතින් මොකද වෙලා තිබ්බෙ.

හේතුව තමා KMPlater එකේ Default Settings වලදි Video එක Play වන අතර තුරදි කිසිම App එකකට On Top එන්න දෙන්නෙ නැති ප්‍රශ්නෙ. මම ගොඩක් කල් ඉදල ඔය Setting එක අයින් කරල තිබ්බ නිසා Dictionary එක හදද්දී මට ඒක අහුවුනේ නෑ. ඉතින් මේක ගොඩ දා ගන්න කරන්න තියෙන්නෙ බොහොම පහසු ක්‍රමයක්.

මුලින්ම KMPlater එක Open කරගන්න.
ඉන්පසු F2 Key Press කරන්න.
ලැබෙන Window එකෙහි General --> Screen --> General Tab එක යටතේ ඇති  On Top --> Video:  ඉදිරියෙන් Never යන්නෙ Select  කරන්න.



දැන් ගටලුවක් නැතිව Full Screen  දාපු වෙලාවට්ත් Subtitle Translator එක වැඩ.

4 comments :

  1. දැනුම් දුන්නට ස්තුත්යි. සමහර Subtitiel වර්ග load වෙන්නෙ නෑ. මට Subtitle එක mail කරන්න පුලුවන් නම් ස්තුතියි. Address එක namalyaya@gmail.com

    ReplyDelete
  2. අප්පා නියම වැඩක් මේක නම්.. මට මාර වැදගත්...


    හැබැයි මට අවුලක් ආවනේ.. 
    කියපු විදියට කරගෙන ගියාට සබ් එක ලෝඩ් වෙන්නේ නෑනේ.. subtitles loading error කියලා එනවා.. එතන දෙනවා සබ් එක තියන තැනින් ලෝඩ් කරන්න.. නමුත් එතනින් ලෝඩ් කරාම "Run-time error '36500' " Index out of bounds කියලා එනවා.. මොකද දන්නේ නෑ එහෙම වෙන්නේ..? ඒක පොඩ්ඩක් බලනවද ?

    ReplyDelete
  3. ඔව්, කමෙන්ට් එකට බොහොම ස්තුතියි චිකී සහෝදරයා.

    ReplyDelete
  4. Tharindu Darshana (Wikiya)December 24, 2012 at 4:11 PM

    නියම වැඩක් සහෝදරයා..හුග දෙනෙක්ට ප්‍රයෝජනක් වේවි

    ReplyDelete