Thursday, April 12, 2012

// // 2 comments

ජීවිතය අලුත් නිර්මාණයකින් ජයගන්න කැමතිද?



මගේ ජීවිතයේ වීරයි දෙන්නෙක් ඉන්නව. ඒ Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සහ  Apple නිර්මාතෘ ස්ටිව් ජොබ්ස්. එයිනුත් මාර්ක් නම් ගොඩක් වැදගත් පොරක්. පොරගෙ Facebook  නිර්මාණයේ කතා දකිනකොට අමුතු උද්වේගයක් දැනෙනව. කවුරුත් දන්නවනේ ඒ film එක, The Social Network. අවුරුදු 22 වන විට පොර Facebook නිර්මාණය කරල ඉවරයි. මම ඒ අයව Follow  කරන්නෙ ඒ වගෙ ඊට වෙනස් නිර්මාණයක් කරන්න මට ආසාවක් තියෙන නිසා. ඉතින් ඒ අය ගැන විස්තර කියන්න නෙවෙයි මම මේ සැරසෙන්නෙ. එවැනි Target එකක් Follow කරන අයට වැදගත් යමක් දෙන්න.

ඇමෙරිකාවෙ මාර්ක්ලට වගේ නෙවෙයි ලංකාවෙ අපිට ඔය වගේ Target එකක් Follow කරන එක පහසු නෑ. මේ වගේ අලුත් දෙයක් කරනවනම් ඒකට English  වලින් කියන්නෙ Startup Project කියල. ඒ වගේ දේවල් සඳහා ඇමෙරිකාවෙනම් විශේෂ සංවිධාන හා ක්‍රමවේද තියෙනව උදව් ගන්න. ලංකාවෙ අපිට කොයින්ද ඕව. ඒ නිසා අවුරුදු 22 බැරිවුනත් මම මගේ Target එක Follow කරන එකනම් නවත්තනෙ නෑ.

ඉතින් Startup Project ගැන අධ්‍යනය කරන එක මගේ දින චර්යාවෙම අංගයක් වෙලා. ලගකදී Internet එකේ මේ ගැන හොයනකොට හම්බ වුනා ශිරා පොතක්. ශිරා කියල හිතනව තාම සම්පූර්ණයෙන් කියවන්න Time එකක් නම් ලැබුනෙ නෑ. ඉතින් Startup  ඒකක් ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට පුලුවන් මේ පොත කියවන්න, කියවල තමාගෙ Target එක Follow කරන්න. පොතේ නම තමා The Lean Startup කතුවරය Eric Ries. ඔහුට පින් සිද්ද වෙන්න ඕන.

මුලින්ම හොද Inovation Idea එකක් හොයාගන්න. ඊට පසුව මේ පොත කියවන්න. තව Startup  ගැන අධ්‍යනය කරන්න.කොහොම හරි සාර්තකත්වය කරා යන්න. පහල ලින්ක් එකෙන් පොත Download කරගන්න. පුලුවන් කෙනෙක් ඉන්නවනම් පොත සිංහලයට පරිවර්තනය කරන්න. ගොඩක් අයට වැදගත් වෙයි. මට Typing  වලට වෙලාව තමා නැත්තෙ. පුලුවන් වුනොත් සිංහල  Audio Book එකක් හදල දාන්නම්. ඔන්න එහෙනම් මම නවතිනව

http://www.filestube.com/b26dc57a8b058cbf03eb/go.html

2 comments :

  1. සැහෙන්න වැදගත් වැඩක්.. සුබ පතනවා.. ඒ වගේ ම ස්තුතියි!

    ReplyDelete
  2. එල මචන්, ස්තුතියි.

    ReplyDelete