Saturday, February 15, 2014

// // 14 comments

කෝටිපතියෙක් වෙන්න ආසද? (Do you want to be a Billionaire or Game Changer?)

ඔබ ඉංජිනේරු වරයෙක්ද? ගුරුවරයෙක්ද? වෛද්‍ය වරයෙක්ද? බස් ඩ්‍රයිවර් කෙනෙක්ද? ඔය විදියට තව කොච්චර නම් කිවුවත් අපේ රටේ බහුතරයක් ඔබ සියලු දෙනා කම්කරුවො. මාසෙ අන්තිමට පඩියක් ගන්නව. ඒක ඉවරවෙනකම් වියදම් කරනව, නැත්නම් ගොඩගහන් ඉන්නව. ඒ අපේ රටේ මිනිසුන්ගේ ආකාල්ප. ව්‍යාපාරයකට ආයොජනය කරන්නෙ කීයෙන් කී දෙනාද? එතකොට ඔය ඉහත කිවුව වෛද්‍යවරු, ගුරුවරු පුද්ගලිකව තමන්ගෙ දැනුමින් හම්බකරන ක්‍රම තියෙන්නෙ. එතකොට ඔවුන් ව්‍යාපාරිකයන් නෙවීද? ඔවු ව්‍යවසායකයො, ඒත් එකට ගරනව කියල විශේෂ පදයකුත් එකතු වෙන්නෙ නැත්නම් තමයි හොඳ. හැබැයි මේ කතාබහට අදාලවනම් ඔවුන් තාමත් කම්කරුවො.

ඇත්තටම රටක් දියුනු කරන්න නම් ඒ රටේ ඉන්න ඕනි ව්‍යවසායකයින්. ඔබට කොටිපතියෙක් එහෙමත් නැත්නම් Game Changer කෙනෙක් වෙන්න ඕනිනම් වෙන්න ව්‍යවසායකයෙක්. ඇමරිකන් මිනිසුන් බහුතරයකගේ සිතේ තියෙන්නෙ තමන් එකතු කල මුදල් ආයෝජනය කරන්න. බොහෝදුරට හම්බවෙන මුදල් මුලදී තමන් පටන්ගන්න ඉන්න දෙයහි පර්යේශන සඳහා වියදම් කරනව. පස්සෙ ඒ දේ මගින් ව්‍යාපාරය පටන් අරන් මුලු ලෝකයම හොල්ලනව. එහෙම මුලු ලෝකයම නැතත් මුලු ලංකාවම හොල්ලන ව්‍යවසායකයෙක් වෙන්න නම් ඔබ කලයුත්තේ නිෂ්පාදනයක් මගින් ව්‍යාපාරයක් පටන් ගැනීමයි.

මුලදී ඒ නිෂාපාදනය සාර්තකව ගොඩනගා ගන්න මුදල් කාලය යොදවන්න. ඒ දේවල් අසාර්තක වුනත් ඒ ඔස්සේ ඔබ තවත් අලුත් දෙයක් සොයාගැනීම සදහා ආකල්ප ගොඩනගාගෙන ඉවරයි. ඒ පර්යේෂනය කරන අතරේ ඔබට ඊට වඩා වටිනාකමකින් යුතු නිෂ්පාදනයක් සඳහා අදහස් පහල වෙන්න පුලුවන් බව මම වගකීමෙන් සහ මගේ අත් දැකීම් වලින් ප්‍රකාශ කරනව.

මේ ලිපිය කියවන ඔබට හිතෙනව ඇති මට අලුත් අදහස් පහල වෙන්නෙ නෑනේ කියල. ඔවු ඔබ ඔබගේ සිතට දවසේ පවතින ප්‍රශ්නවලින් මිදිල නිදහසේ ඉන්න කාලය ලබාදෙන්නෙ නැත්නම් ඒ දේ වෙන්නෙ නෑ තමයි. ඔබ සමාජයේ පවතින ප්‍රශ්න ඕනි තරම් දැක්කත් ඔබ ඒ ගැන සිතන්න සිතට කාලය ලබා නොදීම නිසා අලුත් අදහස් පහලවෙන්නෙ නෑ. ඒ නිසා හුදකලාව ඔබගේ සිතේ සිතුවිලි වලට නිදහසේ සමාජ ප්‍රශ්න පිළිබඳව සිතන්න ඉඩහරින්න. ඒ අතරතුර ඔබට අලුත් අදහසක් ඕනි බව යටිසිතට දැනෙන්න ඉඩ හරීන්න. මාස දෙක තුනක් ගෙවී යද්දී ඔබ නව අදහස් උපදවන්නකු බවට පත්වී හමාරයි.

දැන් ඔබගේ නිර්මාණය කිරීමේ කාලයනම් ඒ සඳහා ඔබට දැනුම තිබිය යු‍තුයි කොහොමද මෙය පටන් ගන්නෙ කියල. ඉහත මා සඳහන් කල සියලු දේ මාගේ අත්දැකීම් එක්ක කිවුවා මිස ඒවා චිදිමත්ව විශ්ලේශනය කල දේවල් නෙවි. නමුත් නව අදහස් ඔස්සේ ව්‍යවසායකත්වය කරා යන ගමනට ඉංග්‍රීසියෙන් කියන්නෙ Start-up කියල. ඒ පිලිබඳව මම අන්තර්ජාලයෙන් එකතු කරගත් ලින්ක් කීපයක් දෙනව. ඒව හොදින් කියවල තමන්ගේ ගමන යන්න පටන්ගන්න අනිවාර්යයෙන්ම. ඉතින් රටට ආනයනය කරන දෙයක් වුනත් වෙන්න පුලුවන් ඔබගේ නිෂ්පාදනය. ඒත් ඒක රටේ මුදල් ඉතුරු කරන ව්‍යාපාරයක් නිසා ඔබට වරදින්නේ නෑ.

හොඳින් මතක තියාගන්න බිල්ගේට්ස්ල, ස්ටිව් ජොබ්ස්ල උපාදි ධාරින් නෙවෙයි. ඒ වගේම ඔවුන්ට එම ආයතන දෙවියන් විසින් මවල දීපුව නෙවී. ඒත් ඒ ආයතනවල වාර්ෂික ආදායම අපේ රටේ වර්ෂික ආදායමටත් වඩා වැඩියි. එහෙවු ආයතන ඔය ඉහත කිවුව දෙක විතරක් නෙවී තව ඕන තරම් තියෙනව. ඔබ ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක් හෝ බස් ඩ්‍රයිවර් කෙනෙක් වුවත් ඔබගේ දැනුමින් විවසායකයෙක් වන්න උත්සාහ කරන්න. ඒ වගේම කියන්න ඕනි මේ ලිපිය කියවන ඔබ නව අදහස් ජනිත කරන්නෙකු වන්න කිසිම අදහසක් නැතිවන්නකු වෙන්න පුලුවන්. ඒත් ඔබට පුලුවන් එහෙවු අයට උදව් කරන්න. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නෙ රටේ නිශ්පාදන මිලට ගන්න පුරුදු වන එක. රටක් දියුනු වෙන්න බලපාන ප්‍රබල සාධකයක් තමා ඒක.

ව්‍යවසායකත්වය පිළිබඳව ඔබගේ දැනුම පහලින් Comment කරන්න නැතිනම් ඔබත් සංවදයක් ආරම්බ කරන්න. ඒ Blog එකකින් වෙන්න පුලුවන්, නැතිනම් වැඩපලේ, බස් එකේ ඕන තැනක ඒ සඳහා ඔබට නිදහස තියෙනව. ඒ ඔස්සේ ඔබගේ සිතට කාවද්දන්න ඔබට ව්‍යවසයකයෙකු වන්න අවශ්‍ය බව. ඔබ ව්‍යවසායකයකු වූ දවසට ඔබගේ ආයතනයේ සේවකයන් ඔබ නිසා ‍රැකියාවක් ලබාගෙන සිටීම දැකීමෙන් ලොකු සතුටක් බුක්ති විදින්න පුලුවන්. ඒ සතුට මුදල් ගොඩගසාගෙන සිටිනවාට වඩා සතුටක් විය යුතුයි නේද. ලිපිය අවසන් කරන්න කලින් කියන්නම් මම අහල තියෙන කතාවක්. දියුනු රටවල උගත් මිනිසුන් තම ළමයින්ට කියන්නෙ පුතේ හොඳ ‍රැකියාවක් හොයාගන්න කියල නෙවී, පුතේ හොඳ ‍රැකියා දෙන්නෙකු බවට පත්වන්න කියල. ඔබගේ දැනුමට අදාලව ‍රැකියාවක් ඔබට තාමත් නැද්ද? එහෙනම් මේ ලිපිය කියවල ඔබගේ දැනුමින් ව්‍යවසායකයකු වෙන්න උත්සාහ කරන්න. ඉතින් මේ ලිපිය නවත්වන ගමන් පහලින් Start-up Resource වල ලින්ක් හොදින් කියවන්න.

How to Start a Startup.
මිනිසුන් ආදරය කරන දෙයක් නිර්මාණය කරන්න.

Startups in 13 Sentences.
ඔබගේ Customers ලාව අදුනගන්න.

Hiring is Obsolete.
ව්‍යාපාරිකයාට වඩා මාර්කට් එක විපරම් සහිතයි.

How to Make Wealth.
පොහොසත් වෙන්න තනියම අවබෝද කරගන්න measurement and leverage ගැන.

You Weren't Meant to Have a Boss.
මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩ කිරීම තමයි Start-up කියන්නෙ.

Why to Not Not Start a Startup.
ඔබ එය නොකල යුත්තේ ඇයි.

Why to Start a Startup in a Bad Economy.
ඔහු තමයි ගනන් ගන්න ඔන පුද්ගලයා.

A Student's Guide to Startups.
Starting a startup.

Ideas for Startups.
අදහස සැලැස්මක් නෙවී.

Why Smart People Have Bad Ideas.
නිර්මාණ කරන්න ඉගෙනගත් පුද්ගලයා විශේෂයි.

Be Relentlessly Resourceful.
උත්සාහා කරන්න අලුත් යමක්.

The 18 Mistakes that Kill Startups.
වරදින තැන් ඉගෙන ගන්න.

The Hardest Lessons for Startups to Learn
Start-up ගැන.

How to Fund a Startup.
අවදානම ගන්න ඉගෙන ගන්න.

The Hacker's Guide to Investors.
පොඩි දේ ලෝකය වෙනස් කරන හැටි ගැන ඔබ දන්නෙ නෑ.

How to Present to Investors.
ඔබ කරන දේ ගැන පැහදිලි කරන්න ඇයි ඒ දේ වැදගත් කියන ගමන්.

The Equity Equation.
සාදරන දේ කිරීමෙන් ඔබ පොහොසත් බව සිතට ගන්න.

A Fundraising Survival Guide.
අනතුරු දායක ක්‍රියාවලි.

The Venture Capital Squeeze.
නිර්මාණ කරුවා ලක්ෂපතියෙක්ද?

The Other Road Ahead.
මයික්‍රොසොෆ්ට් ඔබව බය කරනවා.

How Not to Die.
ධෛර්යයෙන් දියුනුවෙන්න.

What Business Can Learn from Open Source.
ඔබුන් ඔබට වදයක්ද, ඒත් ගනන් ගන්න එපා.

What the Bubble Got Right.
කුඩාවට පටන්ගන්න.

The High-Res Society.
අනාගත ව්‍යාපාර කුඩා ජාලයක් මත රදා පවතීවි.

They Would Be Gods.
Silicon Valley.

The New Boom.
වර්ථමාන Company පොඩියට පටන්ගෙන ඉහලට ගමන් කරනව.

For Start-Ups, Web Success on the Cheap.
Internet start-ups.

ArsDigita: From Start-Up to Bust-Up.
මට ශක්තියක් නෑ සියලු දේටම?

The Cult of the NDA.
ව්‍යාපාර රහස්.

Ten Rules for Web Startups.
සියලුවම නිෂ්පාදන මිනිසුන්ගේ අදහස්.

Valuation.
much better to think.

A Lesson on Elementary Worldly Wisdom.
සල්ලි නැතුව පටන්ගන්න?

Elements of Sustainable Companies
VC firm looks?

How to write a killer deck, and get funded.
අදහස සංධානගත කිරීමට කලින්.

Books

Dale Carnegie: How to Win Friends and Influence People

Edward Tufte: The Visual Display of Quantitative Information

Paul Graham: Hackers and Painters

Jessica Livingston: Founders at Work

Individuals

Chris Anderson

John Battelle

Steve Blank

David Cowan

Paul Graham

David Hornik

Guy Kawasaki

Paul Kedrosky

Tim O'Reilly

Joel Spolsky

Fred Wilson

යාළුවො කාටත් දැනගන්න Share කරන්න.


Startu-up ගැන ඉදිරි ලිපි කියවීමට Like කරන්න.

14 comments :

  1. පස්සේ මුල ඉදන්ම කියවන්න ඕන..දැන් වෙලා නැහැ..පට්ට පොස්ට් එක

    ReplyDelete
  2. ගොඩක් තියෙනවා කියවන්න, ස්තුතියි බෙදා ගත්තට

    ReplyDelete
  3. atthatama me post eka liewwa kena monawa hari karala kotipathiyek wechchi kenekda???????????

    ReplyDelete
    Replies
    1. mmm.... වැදගත් ප්‍රශ්නයක්!

      Delete
  4. ගොඩක් වටින ලිපියක් Start-up Resource ලින්ක් වල මුලික කරුණු සිංහලේන් එකතු කරන්න පුලුවන් උනානම් තවත් වටිනවා දිගටම ලියන්න

    ReplyDelete
  5. අවංකවම හිතන්න දෙයක්,ගන්න දෙයක් ඔබේ කරුනු වල තියෙනවා. ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. ඔබ විශිෂ්ඨයි. ඔබට ස්තූතී

    ReplyDelete
  7. ගොඩක් හොඳ ලිපියක්. කටත් වැදගත් දෙයක්. ඉතාම අගය කරනවා මේ ලිපිය.
    එත්! ලිනක්ස් තියෙන්නේ ඉංග්‍රීසියෙන් නිසා ගොඩක් අයට කියවන්න අමාරුයි.. ඒවත් පරිවර්තනය කරානම් මේකේ වටිනාකම නිමකරන්න බැහැ

    ReplyDelete