Saturday, March 9, 2013

// // 10 comments

Dictionary සම්ප්‍රධාය...?


ඇත්තටම මම පිළිගන්නව මිනිස්සු තමන් පුරුදු වෙලා ඉන්න දෙයින් මිදිල කොතරම් හොඳ දෙයක් වෙනුවෙන් වුවත් වෙනස් වෙන්න අකැමතියි කියන කතාව. එහෙමත් කෙනෙක් තමා මේ බැමිවලින් මිදිල ඉන්නෙ.  උදාහරන විදියට කියන්න පුලුවන් මිනිසුන්ට XP Windows OS එකේ ඉදල Windows 7 OS එකට මාරු වෙන්න කොතරම් කාලයක් ගියාද කියල. තවමත් XP Use කරන කොතරම් පිරිසක් ඉන්නවද!

මම The NDictinary කියන සංකල්පය ගෙනාවෙ මේ පවතින Dictionary සම්ප්‍රදාය වෙනස් කරන්න. මේ වෙනකොට එහි Downloads 5000ට කිට්‍ටු වෙන්න ප්‍රමාණයක් තිබ්බත් එහි බාවිතයන් පිළිබඳ මම තැබූ විශ්වාසය හොඳ මට්ටමක නැ.

රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ හොස්ටල් එක තමා මගේ වර්ථමාන නිවහන. මගේ යාලුවන් බුහුතරයක් මගේ නිර්මාණය බාවිතා කරන නිසා මගේ යාළුවෙක් හොස්ටල් එකේ සමීක්ෂනයක් කරල තිබ්බ පවතින වෙනත් Dictionary Application හා The NDictionary අතර පවතින පහසුකම් බාවිතය පිළිබඳව හා එහි තිබිය යුතු වෙනස් කම් පිළිබඳව.



1) කුඩා වින්ඩෝවක් බාවිතා කිරීම - යාලුවන් ගොඩක් අය කැමති වෙලා තිබුනේ පවතින අනෙකුත් Dictionary බාවිතා කරන ආකාරයේ විශාල Window එකකට. - ඇත්තෙන්ම ඇයි මම කුඩා වින්ඩෝ එකක් බාවිතා කලේ : එයට හේතුව නම් නිතරම පරිගනකයෙන් e-Book වැනි දේ කියවන පුද්ගලයකුට කුඩා ප්‍රමාණයේ වින්ඩෝවක් බාවිතය පහසු වීමයි. මොකොද මෙය මටනම් අත්‍යවශ වූ අංගයක් කියන්න පුලුවන්.

2) System Tray එක හරහා Access කරන්න සිදු වීම හා ඒ අසලින් Dictionary Window එක දර්ශනය වීම - ගොඩක් අය කැමති වෙලා තිබ්බෙ සුපුරුදු All Program List එකට තමා.- මට නම් ඇත්තටම ඕන උනේ Any Time මේ Application එක Open කිරීමටයි. ගොඩක් අයගෙ තර්කය උනේ System Tray එක ප්‍රදේශය මිනිසුන්ගේ අවදානය වැඩිය යොමු නොවේ යන්නයි. ඇත්තටම මම නම් මේ තර්කය එක හෙලාම ප්‍රතික්ෂේප කරනව. හරියට එම ප්‍රදේශය ගව් ගන්නක් ඈත වගේ නෙ...

කොහොම වුවත් අනෙකුත් Feature වලට නම් විරෝධයක් එල්ල වෙලා තිබ්බෙ නෑ. ඒකට හේතුව නම් ඒව වෙනත් Dictionary වල නැති අලුත් Feature වීමයි. ඒ කියන්නෙ ඒවට සම්ප්‍රධායක් නෑ. ඇත්තටම ඒකෙන් තහවුරු වෙන කාරනව නම් කවුරුත් අකමැතියි අලුත් වෙනසකට.

මෙහි බයානක කරුන නම් විශ්ව විද්‍යාලයක සිසුනුත් මෙවෙනි වෙනසකට යන්න අකැමති නම් සාමන්‍ය ජනතාව කෙසේ නම් අකැමති වනවා ඇත්ද යන්නයි. ඇත්තටම මට ඒ තර්කය බිදලන්නත් අදහසක් තියෙනවා, එනම් විශ්ව විද්‍යාල සිසුන් සම්ප්‍රධාය ‍රැක ගැනීමේ තෙලට (මොල සේදීමට ) ලක්ව ඉන්න පිරිසක් කියන සංකල්පයෙන්. ඉතින් එය එසේද යන්න තහවුරු කර ගැනීමට මට බ්ලොග් අවකාශයේ මගේ මිතුරන්ගේ උදව් අවශ්‍යයි. මේ ලිපිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් මට ඉතා වටිනව.

මොන තරක විතර්ක තිබ්බත් මිනිසුන් වෙනසට අකැමතියි යන්න මගේ පූර්ණ නිගමනය සාත්‍ය වේවි! ඒ නිසා බවිතා කරන්නන්ට තවදුරත් සම්ප්‍රධායික Customization එකකුත් හදුන්වා දීමට සිතා බැලිය යුතුයැයි මට හැගේ.

10 comments :

  1. මට ඔයාගේ අන්තිම කතාව නම් පැහැදිලි නැ. නමුත් මට තේරෙන විදිහට මිනිස්සු කොයි වෙලාවෙවත් අලුත් දෙයකට අකමැති වෙන්නේ නැ. හැබැයි එක අලුත් දෙයක් වෙන්න ඕන. ඒ වගේම මෙච්චර කාලයක් කරපු දේවල් වලට වඩා වැඩි දෙයක් වෙන්න ඕන. ඒ හැමදේටම වඩා ඔබ කවුරුන් උදෙසා එය සකස් කරන්නේද යන්න අවබෝද කර ගන්න ඕන. පහසු කම් ගොඩක් තිබුනත් වැඩක් නැ මිනිසුන් එහි සරල බවට කැමති නම්. අනිත් කාරණය තමයි දැනට තමන් හුරු පුරුදු දෙයින් තමන්ගේ අවශ්‍යතාව පිරිමහේනවන්ම් අයි වෙන එකක් වෙනුවෙන් කරදර වෙන්නේ කියන එක. උදා හරණයක් විදිහට මම තවම වැඩිපුර බාවිතා කරන්නේ මදුර dic එක මොකද මම clipboard එකට වචනය කොපි කරගත් විගසම එහි අර්ථය මදුර පෙන්නුම් කරනවා ඉතින් මම එකට හොඳටම පුරුදු වෙලා හිටියේ නමුත් ක්‍රෝම් සඳහා lktips plugin එක අවා විතරයි මදුරගේ අවශ්‍යතාව අවම උනා. ඔබට පුලුවන්නම් තිරයේ ඕනෑම තැනක් ඕනෑම මෘදුකාංගයක් මත ඇති වචනයක තේරුම lktips ආකාරයට පෙන්වන්න මම හිතනවා එය වෙනසක් වෙයි කියලා. ඒ විදිහට අලුත් දෙයක් උනොත් එය මිනිසුන් වැළඳ ගනීවි නමුත් තිබෙන දෙයකටම තව තව පහසුකම් එක්කර ලබා දී ජනප්‍රිය කරන්න පුළුවන් විනෝදාශ්වාද වරගයේ මෘදුකාංග විතරයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  2. මම නම් කැමතියි ඔබ කළ වෙනසට.. සිස්ටම් ට්‍රේ එක මමනම් නිතර භාවිතා කරන තැනක්.. කොටින්ම කිව්වොත් මගෙ ඔක්කොම අයිකොන් තියෙන්නෙත් යටම තියන ටාස්ක් බාර් එකේ..

    ඔබේ මෘදුකාංගයේ, මම නිරීක්ෂණය කළ අඩුපාඩු කිහිපයක්.

    1 Use Singlish Keyboard select කළාට පස්සෙ, වචනය ටයිප් කරන්න ඕනා තැන ක්ලික් කරන්න බෑ.. ආයෙ close කරලා එන්න ඕනා.

    2. චෙක් බොක්ස් එක උඩ ක්ලික් කරන්න බෑ.. ටිකක් දකුණට වෙන්න Use කියන වචනය උඩ ක්ලික් කරාම තමා චෙක් බොක්ස් එක වැඩ කරන්නෙ.

    වචන උච්චාරණය අහන්න පුළුවන් කිව්වට, මට ඒක තියන තැන තාම හොයා ගන්න බැරි වුනා..

    කොහොම වුනත්, ඔබේ උත්සහය ප්‍රශන්සනීයයි.. මේක තව තවත් දියුණු කරගෙන ඉදිරියටම යන්න හැකියාව පතනවා !

    ReplyDelete
  3. @itnishantha:
    Application සහ Windows Explorer එක තුලට නම් lktips ක්‍රමය ගේන්න පුලුවන්, ඒත් එය අපිට බාවිතා වනවා අඩුයි යන්නයි මගේ හැගීම. ඔබගේ අදහසට බොහොම ස්තුතියි.

    ReplyDelete
  4. @සෙන්නා:
    1) Use Singlish Click කල පසු Search Box එක නැවත් Click කරන්න අවශ්‍ය නෑ. ඔබට ඕන දේ Type කරන්න. එය Type වේවි.
    2) මේ ගැටලුව ටිකක් හොයල බලන්නම්.
    අදහසට බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. Gooood job, machan, But need some improment of speech function

    ReplyDelete
  6. ඔයාගේ වැඩේනම් අපුරුයි මට මළලසේකර ඇරුනම තියන හොදම හොදම එක ටමයි n dick 1
    sweet and easy

    ReplyDelete
  7. @akila - අහන්නත් සතු‍ටුයි, Thanks

    ReplyDelete
  8. පට්ට නියමයි!... :)
    තාම වැඩිය ප්‍රසිද්ධ වෙලානම් නෑ.... :(
    Singlish, English switch වෙන තැණ පොඩි අවුලක් තියනව, හරියට තේරෙන්නෙ නෑ click කරන කම්!

    ReplyDelete
  9. @itnishantha
    "මම clipboard එකට වචනය කොපි කරගත් විගසම එහි අර්ථය මදුර පෙන්නුම් කරනවා"
    ඉතින් මේකෙත් එහෙම නෙ....
    Dictionary එක Open කරල තියෙද්දි කොහොමත් වචනෙ තේරුම පෙන්නෙනව... වචන කීපෙක තේරුම වෙන වෙනමත් පෙන්නනව Dic එක expand කළාම... සහ ඒ වචනෙට කිට්ටුවෙන් යන අනෙක් වචන වලත්...
    හැම තිස්සෙම cipboard එක monitor කරන්න ඕනෙ නම් auto search එක tick කරන්න ඕනෙ...
    ඇත්තටම ඒ නැතත් හැම තිස්සෙම dic එක open වෙලා තිබ්බත් අවුලක නෑ නෙ, screen එක වැහෙන්නෙ නෑ නෙ!...
    කට්ටිය කැමති නැති හේතු තමයි මේකෙ හොඳම features!!!.... පොඩි කොටුවක (ලොකු කළ හැකි) open වීම තමයි මේකෙ හොඳම!.. (o)
    ඒත් කට්ටිය අකමැතිමත් ඒකට.... ලෝකෙ හදන්න ගිහින් සසර කළකිරෙනව ඔය වගේ වැඩ දැක්කම!... :D facepalm :-b

    ReplyDelete
  10. Test This Bro. This is better.
    http://sldictionarynew.blogspot.com/

    ReplyDelete