Thursday, March 29, 2012

// // 7 comments

මම ඉගෙනගත් ලොකුම පරිගනක පාඩමක්.

මේ දේ සිදු වුනේනම් මට පරිඝනකය ලැබුන මුල්ම දවස් වල වගේ. මුලින්ම පරිගනකයක් ලැබුනම කවුරුත් කරන්නෙ Game ගහන එකනේ. ඉතින් මමත් ඒ සම්ප්‍රදායෙන් බිදෙන්නෙ නැතුව Game  ගැහුව සොරි සොරි Game  මැරුව කීවොත් නිවැරදියි. හැම වර්ගයකම Game, ඒ කිවුවෙ Adult Game පවා... (දැන්නම් වැඩිහිටියෙක් කියල හිතන් හිටියට ඒ දවස් වලනම් 11 වසරෙ වැඩිහිටියෙක් නොවැ...). ඉතින් දැන්නම් Game ගහනවට වඩා අසාව තියෙන්නෙ මොකක් හරි Creative දෙයක් කරන එක තමයි.



හොඳයි මාතෘකාවට අදාල දේ කියන්නම් කෝ. ඒ දවස් වල අද කාලෙ Call of Deuty වගේ සුපිරිම Game නෑනේ. අසාවෙන් ගැහුව Army Game  එක තමයි Delta Fource  තිබ්බෙත් Virsion 3 ද කොහෙද. ඉතින් ඒකෙ හැටියට එක වෙඩිල්ලක් වැදුන ගමන් මැරෙනව නේ. ඉතින් Mission  එකක් ඉවර කරන්න ලේසි වැඩක් නේවෙයි.  ඔහොම දවසක් ඉන්නකොට  මගේ නෑදෑ අයියකෙනෙක් ආව අපේ ගෙදර, ඉතින් Game  එක දාල දීල මම කඩේට ගිහින් එන ඩින්ගට මේක Mission  බර ගානක් ඉවර කරල නොවැ. වස ලැජ්ජාවයි. ඉතින් බලන් හිටිය මොකක්ද උපක්‍රමේ කියල.  පොර ඉදල හිටල මිනිසුන් සොයන්න දුර දක්නයක් අරගෙන එකෙන් බලල තමයි වෙඩි තියන්නෙ. ඉතින් ඇහුව කොහොමද ඒක ගන්නෙ කියල. අයියගෙ උත්තරේ උනේ මල්ලි  මවුස් එකේ Right Button එක ක්ලික් කරන්න විතරයි නේ තියෙන්නෙ කියල. අපෝ ආයිත් වස ලැජ්ජාවයි. මාස ගානක් ගැහුවන නිකමටවත් Right එක ක්ලික් කරන්න හිතුනෙ නෑ නොවැ.

ඉතින් මුල් කාලෙදි අපි කරන බලපතල වැ‍රැද්දක් තමයි පරිගනකයට බය එක. තියෙන ඔක්කොම බය නැති කරගෙන ඔක්කොම අතපත ගානවනම් ඕනම දෙයක් ඉගෙන ගන්න එක තනියම කරන්න ඉතාම පහසු කාරනයක් කියල එදා තමයි ඉගෙන ගත්තෙ. ඉතින් ඒ පාඩමත් එක මම දැන් ලොකු ගමනක් ගිහිල්ල තියෙනව. Virus එකකටවත් බය නැති ගානට. Virus එකක් උනත් Crack කරන්න තරමට ඒ බය නෑ.
ඉගෙන ගත් ගොඩක් දේවල් තනියම තමා ඉගෙන ගත්තෙ. ඒ අත්දැකීම ඔයාලගේ ජීවිතයටත් ලගාකරගන්න. ලොකු ගමනක් තියේවි.

7 comments :

  1. මම නම් මීට ටිකක් වෙනස් විදියෙ පාඩමක් තමයි මුලින්ම ඉගෙන ගත්තේ....
    හැම දෙයක්ම ඔබලා කරල මගේ බය මුල්ම දවසෙම නැති උනා......
    බය විතරක් නෙවේ....OS ක් නැති උනා...
    මුල් සතිය ඇතුලත OS 1 (Crack නිසා අවුලක් නෑ) 5 වතාවක් අලුතින් දැම්මා....
    ජීවිතේ අමතක නොකරන්න ඕන පාඩම් වගයක් මම ඒ දවස්ටිකට ඉගෙන ගත්තා...
    ඒ ටිකත් එක්ක post 1කින් හමුවෙමුකෝ.....

    ReplyDelete
  2. right button, not write button :)

    ReplyDelete
  3. හෙලයෙකුගෙන් ලොවටDecember 24, 2012 at 4:11 PM

    පාඩම්නම් හැමදාම ඉගෙනගනී... ඒත් වැරදිලාවත් ඔය බොත්තම ‍එබෙන්න ඕනා.. ගේම් එකක් ගහනකොට මුලින්ම ඒකේ වැදගත්ම keys ටික මතක තියාගෙන ඊට පස්සෙ  එකින් එක වැඩි කරගන්න. මට නම් ඉස්සරම ඔය shortcut keys ව‍ගේත් වැඩකරලා තියනවා වැරදිලා :D

    ReplyDelete
  4. thanks. පුදුම වැරැද්දක් නේ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  5. ඔව්, මුල් කාලෙ නේ. දැන්නම් ගේමක් නෑ..

    ReplyDelete
  6. යාලුවා මම ඔයාගේ බ්ලොග් එක බැලුවා ටිකක්..මට ගොඩාක් සතුටුයි මචන් !!ඇත්තටම උබ නම් එල kollek.කොල්ලෙක්.මම පොඩි යොජනාවක් දෙන්නම් පුලුවන් නම් නාමල් යාය බ්ලොග් එක වෙබ් සයිට් එකක් විදියට දාන්න ..මම හෙල්ප් එකක් දෙන්නාම් !

    ReplyDelete
  7. Thank Yaluva, Tikak ida thiyena velavaka try karanna one.

    ReplyDelete