ලැජ්ජයි ලැජ්ජයි කියන්න නම්, ඒත් ඉතින් කට්ටියට කැම්පස් සංස්කෘතිය පිළිබඳ ගන්න දේවල් ටිකක් මෙහි තියෙයි. ඒ හින්දම කියනව.
බ්ලොග් අවකාශයේ ඔයාල දන්නවනේ මම නවනිපැයුම් කරුවෙක් බව. ඉතින් පොඩිකාලේ ඉදල තියෙන ඒ උන හොඳ කරගන්න මොනවහරි හදාගෙන කම්පෙටිශන් වලට යන එක තමා රාජකාරිය. 2009 උ\පෙ කරල ඉන්න ගමන් හිතුන උ\පෙ හින්ද නවත්වල දාපු වැඩකිඩ ආයිත් පටන්ගන්න ඕන කියල.
මේ සිද්දිය උනේ මොරටුව කැම්පස් එකේදි. ඒ පත්තරේක තිබුන ඉනෝමෙච් 2009 කම්පෙටිශන් එක පවත්වනව කියල. මේ තරඟාවලිය සංවිදානය කරල තිබුණෙ මත්ක විදියට. යාන්ත්‍රික විද්‍යාපීඨයෙන්. පාසල් අංශයෙන් සහබාගි වෙන්න පුලුවන් අවසාන අවස්තාවත් ප්‍රයෝජනයට ගත්ත. කලබලේම හදාගත්තු ගැජමැටික් එකකූත් අරගෙන ගියා මොරටු. ඔයාල දන්නවනේ මම තංගල්ලේ ප්‍රදේශයෙ බව, නමුත් සුපුරුදු තැනක් නිසා තනියම තමයි ගියෙ. නැන්ද කෙනෙක්ගෙ ගෙදර තමා මම නවතින්නෙ.
ඔන්න ඉතින් දවස් දෙකක් තිබුණ එක්සිබිශන් එක අවසානෙ තමා කම්පෙටිශන් එක තියෙන්න තිබ්බේ.
එක්සිබිෂන් එක අවසන් වෙනකොට රාත්‍රී 8.00 විතර වෙනව. ඔන්න ඉතින් පාසල් ඇදුමින් සැරසිලා උදෙන්ම මොරටු ගිය කොල්ල හෙම්බත් වෙලා 8.30ට විතර බඩුටික පැක්කරල දාල පොර වගේ එක්සිබිෂන් එක බලල නිවෙස් බලා යන ජනතාව පීරගෙන ගේට්ටුව අසලට එනව. ඔන්න එනකොට කොල්ලො දෙන්නෙක් එනව මම ඉදිරයට, ඇවිත් කියනව මචන් ජොයින්ට් එකක් ගහන්න රු 50ක් දීපන්කො කියල. (අම්මට උඩු මේ මොකුන්ද?). මමත් ඉතින් ශේප් වෙන්න බලාගෙන උඩ සාක්කුවට ඇහැ දාල බැලුව කීයක් හරි තියේනම් දෙන්න. "නෑ සතයක්වත් නෑ" මම කිවුව. බොරු කියන්න එපා ගනින් බලන්න පර්ස් එක.
හරි හරි උන් කියන්න ඕනද ඒක මමත් දන්නව. ඒත් පර්ස් එක ඇද්දම ඒක අරන් දිවුවොත් මොනව කරන්නද. "මචන් බස් එකේ යන්න විතරයි තියෙන්නේ" මම කිවුව. දැන් මුන් දෙන්න කුණුහරුපත් කියනව මම බය කරන්න. මේ වෙන දේවල් බල බල මිනිස්සුත් සෑහෙන්න පිරිසක් ගානක් වත් නැතිව යනව. අපේ පැතිවලනම් එහෙම දෙයක් වෙනකොට ඒ දේ වලක් වන්න මිනිසුන් ඉදිරිපත් වෙනව. මොනව කරන්නද මේ කොළඹ නේ. මම තනිය ප්‍රශ්නෙට මුහුන් දෙනව. මේ වනකොට කැම්පස් වලින් අත්විදින්න පුලුවන් සොදුරු දේවල් විතරයි අහල තිබ්බෙ,
ඒ වගෙම මමත් නාහෙට අහනෙ නැති එකා නිසා මුන් දෙන්නගෙ තර්ජනය මැඩලන්න කියන්න පුලුවන් ඔක්කොම කියල "පුලුවන් දෙයක් කරපන් කියල" බස් හෝල්ට් ඒට ආව. එතනත් සෙනග අඩුවක් නෑ. වැඩිවෙලාවක් ගියේ නෑ එතනට දුවන් ආපු පොරක් අත මිටි කරල මූණට ගැහුව පාරක් නිසා මම විසිවෙලා ගිහින් ඇදගෙන වැටුන. ඒත් එක්කම ආපු කේන්තියෙන් නැගිටල බලන්නකොට ඌ එතන නෑ.( වෙලාවට ඌ එතන හිටියෙ නෑත්තෙ. මොකද නැත්නම් මට එන්න වෙන්නෙ අතපය එල්ලගෙන තමා). කොහොම හරි මම සංවිදායල්ක මඩුල්ලෙ අයිය කෙනෙක්ට කීවම ඌ කියනව "මචන් අනිත් පීඨවලින් මේ වගේ දේවල් කරනකොට වලියක් දාගන්න මොනව හරි කරනව" කියල
කොහොමින් කොහොම හරි බස් එකකට නෑගගෙන බම්බල පිටියට එන්න පිටත් උනා. එතකොට 9.30 විතර වෙලා. බස් එකේදී මේ දේවල් ගෑන හිත හිත එනකොට මම තනිවීම ගැන සහ ඇතිවුන කල කිරීම නිසා දන්නෙම නෑතුව ඇඬුන. පොඩ්ඩක් නේවෙයි හොඳටම ඇඬුන. අනිත් මඟීන්ට පේනවට ඔලුව බිමට හරවගෙනගලාගෙන ගලාගෙන ගිය කදුලුවලට නිදහස් වෙන්න ඉඩ හැරිය. බම්බල පිටියට එනකොට මගේ මූණ රතුවෙලා. දැන්ම නැන්දලගෙ ගෙදර යන්න බෑ වගේ. මූන ටිකක් හොදගෙන පිළිවෙලකට යන්න ඕන කියල හිතාගෙන ගියා තිඹිරිගස්යායට. බුදු අම්මෝ එක එක ජාතියෙ අක්කල එක එක විදියට මාව කන්න වගේ පේමන්ට් එක දිගේ බලාගෙන ඉන්නව. ඉක්මනට හොටලයකට ඇතුල් උනා. යොකෝ පාර හොඳයි වගේ. වෙලාවට පාසල් ඇදුමෙන් හිටියෙ. තව මොන් මොන මරාල ඇගට එයිද දන්නෙත් නෑනේ. ඒ හින්ද ආපු වැඩේ අතැරල දාල ආව.
පසු කාළෙකදි මම මොරටුව කැම්පස් ආපු මගේ යාලුවෙකුට මේ සිද්දිය කීව. ඌ මට කිව්වෙ සල්ලි ඉල්ලපු වෙලාවෙම සල්ලි නේද කියල අත් දිග ඇරල පාරක් ගැහුවනම් ආයි හොයාගන්නවත් නෑ කියල. ඒකනම් ඇත්ත මමත් දැන් කැම්පස් හින්ද දන්නව ඇතුලෙ ක්‍රමේ. කැම්පස් සෙලෙක්ට් වුනාට පස්සේනම් නාහෙට අහන්නැති වැඩකරල ඕනතරම් අයියලාගෙන් ගුටිකාල තියෙනව. දැන්නම් ඒ දේවලට ඇඬුවත් ඇඬෙන්නෙ නැති තරමට පුරුදු වෙලා. මට ඔයාලට කියන්න තියෙන්නෙ ගනුදෙනු කරන සමාජ ක්‍රමය පිළිබඳ නිතරම ටච් එකේ ඉන්න කියල.
Read More