Showing posts with label The NDictionary. Show all posts
Showing posts with label The NDictionary. Show all posts

Friday, November 9, 2012

// // 3 comments

English-English Dictionary - The NDictionary

සති මාස ගනන් නොදැනුවත්වම ගෙවී යමින් දැන් නොවැම්බරයත් ගෙවෙමින් යනව. ඊලගට දෙසැම්බර්, කැම්පස් එකේ වැඩ වර්ජයනය නිසා ලැබුනු කාලයෙන් ප්‍රයොජන ගනිමින් සාදමින් සිටි කාටත් ගොඩක් වැදගත් වන සොෆ්ට්වෙයා එකක් රිලීස් කරන්න හිතාගෙන හිටියෙත් දේසැම්බර්. ඒත් දැන් නම් කරමුලටම ලෙක්චර් දාල. ප්‍රොජෙක්ට්ස්, ටියුට්ස් ගොඩගැහිල. ඉතින් තව කල් යන පාටයි අලුත් වැඩේට. ඒ කොහොම වුනත් දැන් තව Continue කිරීමකුත් කරන්න තියෙනව නේ. ඒ තමා The NDicitionary 2013 Version එක Release කරන එක. රීට කලින් අලුත් Version එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන අලුත් Options ගැන කතා කරල ඉන්න ඕනෙ නේ. ඒ නිසා මෙ ලිපි සීරිස් එක ඒ සඳහා වෙන් කරනව. මේ වෙනකොට 2012 Version එකේ Download 2000 කට කිට්‍ටුවෙන්න ප්‍රමාණයක් ගිහිල්ල තියෙන්ච. හොඳයි අලුත් විස්තර කතා කරන්න කලින් 2013 Beta Version එක කැමතිනම් Download කරගන්න පුලුවන්. එහි අඩුපාඩු කම් කියල මහ ලොකු ඒව නැතුව ඇති කියල විස්වාස කරන්ව. 

1) English-English Dictionary
                                                    කලින් දාපු ලිපියට අනුව, ඒ පිළිවෙලට අපි කතා කරගෙන යමු. එයට අනුව මුලින්ම කතා කරන්න වෙන්නෙ English-English Dictionary Option එක ගැන. මුලිකව ගත් කල NDictionary මගින් අපේක්ෂා කලේ සිංහල-English Dictionary කියන සංකල්පය. ඒත් දැන් එහි සංකල්පය ටිකක් Advance කරල English Learning Tool එකක් ලෙස ඩිචලොප් කරගෙන යන්න තමා අදහස. ඒ නිසාවෙන්ම තීරනය කලා English-English Dictionary Option එකත් එකතු කලොත් හොඳයි කියල. මෙහි ඇති විශේෂත්වය නම් කෙනෙක් සිංහල හෝ English වචනයක් Search කලපසු එහි English භාවිතය කෙලෙසද යන්න උදාහරණ සහිතව දැකගන්න පුලුවන් වීමයි. ඒ සඳහා අවශ්‍ය චිදානය ඉතා පහසුවෙන් ඔබට ලබා දෙන්න පුලුවන් වෙන්නේ More Button එක හරහායි. Search Box එකෙහි යම් වචනයක් Type කර පසුව More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එවිට ඔබට දැකගන්න පුලුවන් ඔබගේ වචනයට අදාල English Definition එක සහ එය යොදාගන්නා ආකාරය.




 English ගුරුවරුන් කියනා දෙයක් තමයි English ඉගෙන ගන්න විට English - English Dictionary එකක් බවිතා කරන්න කියන කාරනය. ඒ නිසා ඔබට English ඉගෙන ගන්න උවමනාවක් තිබෙනම් බවිතා කරන්න පුලුවන් හොඳ option එකක් තමා මෙය. ඒ නිසා Default ලෙස පවතින English-සිංහල Dictionary එක වෙනුවට ඔබට පූලුවන් Option හරහා එය English - English Dictionary ලෙස වෙනස් කරගන්න.



එවිට More Button එක හරාහා ඔබට පුලුවන් යම් English වචනයක සිංහල තේරුම ගැනීමට Sinhala Definition යන්න සෙලෙක්ට් කරන්න. මෙම option එක නිසා NDictionary එක සඳහා ලැබී ඇති වාසියක් නම් යම් English වචනයක් සිංහල තේරුම ඩේටබේස් එකේ නැතිනම් එහි තේරුම ඉහත ක්‍රමය මගින් බලා යම් තාක් දුරට හෝ අවබෝද කරගැනීමට පුලුවන් වීමයි.




Read More

Sunday, September 16, 2012

// // 6 comments

English Sinhala Dictionary 2013


කාලෙකින් Post එකක් දාන්නත් බැරි වුනා, ඒකට හේතුව උනේ ඩොන්ගල් එක මාරාන්තික අසනීප තත්වයකට බදුන් වීමයැයි කෙටියෙන් කියන්න පුලුවන්. පස්සෙ ඉතින් එක එක බෙහෙත් අත්හදා බලල යන්තම ඩොන්ගල් එක ගොඩ දාගත්ත. දැන් මාතෘකාවට බහිමු, ඊට කලින් කියන්න දෙයකුත් තියෙනව නේ. මම දැනට "The නාමල් Dictionary" ලෙස වර්ශන් දෙකකින්ම රිලීස් කරල තියෙන ඩික්ශනරි මෘදුකාංගය 2013 Version එකත් සමග "The NDictionary" ලෙස නම් කරන්න තීරනය කරල තියෙනව. ඉතින් ඒ සමග ඩික්ශනරියේ කරන්න යන්න ඉන්න විශාලම වෙනස තමා ඩික්ශනරිය English Learning Tool එකක් ලෙස දියුනු කරන්න ඉන්න බලාපොරොත්තුව. 2013 Version එකට එකතු කරන්න ඉන්න ඒ අලුත් දේවල් ටික පිළිබඳ පොඩි අදහසක් තමා මේ ලිපියෙන් දෙන්න හදන්නෙ.

1) විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙත්ඩ් එකක්ද එකතු කරන්න බලාපොරොත්තු වීම. සමහර ගුරුවරු කියනව ඉංග්‍රීසි ඉගෙන ගන්නවිට English-සිංහල Dictionary Use කරන්න එපා කියල. ඒ නිසා Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න. ඒ වගේම යම් වචනය සිංහල තෙරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුල්වන් English වලින් දී ඇති තේරුම ලබාගන්න. එහි උදාහර පවා දැකගන්නට පුලුවන්.






2) English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබීම.

3) Top 10 Sentences, මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුල්වන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

4) Top 10 Words Game මෙය කලින් ලබාදීල තියෙන Top 10 Words of the Day සමග වැදගත් වන Option එකක් කීවොත් නිවැරදියි. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්.

5) Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.

6) Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

7) Real Time Search ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

8) Subtitle Translator එකෙහි පොඩි අංගයක් එකතු කරන්න බලාපොරොත්තු වනෙව, දැනට තිබෙන වර්ශන් වලදි subtitle එක Auto තමා Detect කරගන්නෙ. එය Manually Add කරගන්න පුලුවන් ලෙස හදන්න කියලත් ඉල්ලල තිබ්බ. ඉතින් ඒ Option එක එකතු කරන්න පුලුවන්.

9) Theme එකේ වෙනස් කමක් විදියට විවිද Theme කීපයක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනව. එක එක්කෙනා කැමති ආකාර වෙනස් කියන එක මට මගේම යාළුවන්ගෙන් තේරුනා. Default Theme එක ලෙස ලාපාට Theme එකක් දාන්න තමා ඉන්නෙ.


Read More

Monday, August 6, 2012

// // 4 comments

The NDictionary Downloads 1000+

WOW, මේ ගැන නම් හරිම සතු‍ටුයි. මම හිතුවෙ නෑ මෙච්චර ඉක්කමනට මේ කඩඉමට ලගාවෙන්න පුලුවන් වෙයි කියල. මාතෘකාව කාටත් පැහැදිලියි නේ. ඒ කිවුවෙ මම නිර්මාණය කරපු ඩික්ෂනරි එක (The NDictionary - njDic) එක අද උදේ වෙනකොට Downloading 1000 සම්පූර්ණ කරල තියෙනව.


Dictionary ඔබට පහත ලින්ක් දෙකෙන්ම ඩචුන්ලොඩ් කරන්න පූලුවන්. ඩික්ෂනරියක් වශයෙන් Userට තියෙන්න ඕන ගොඩක් පහසුකම් එහි තියෙන්ව.

www.njDic.tk

http://namalyaya.blogspot.com/2012/06/thenamaldictionary2012.html


ඉතින් මේ දචස් වල එහි 2013 Version එක නිර්මාණය කරමිනුයි ඉන්නෙ. එමගින් උත්සාහ කරනව English Learning Tool එකක් විදියට ගොඩක් දුර යන්න පියවරක් තවන්න. Dictionary එක Use කරන ඔයාලට ස්තුතියි. ඔයාලට පුලුවන් නම් ඩික්ෂනරි මෘදුකාංගය ඔයාලගෙ යාලුවොත් එක්ක Share කරන්න ඒකට ගොඩක් ස්තුතියි.




Read More

Sunday, July 15, 2012

// // 4 comments

Subtitle Translator

ගොඩක් අය දැනටමත් දන්නව නේ නාමල් ඩික්ෂනරිය මගින හදුන්වා දුන් Subtitle Translator Option එක ගැන. ඉංග්‍රීසි ඉගෙන ගන්න උන තියෙන කෙනෙක්ට බොහොම වැදගත් Tool එකක් කියලත් දන්නවනේ. මේ ගැන සරලව කියනව නම් Film එකක් බලද්දී Space Bar එක Press කල සැනින්  Film  එකට අදාලව KMPlater එකේ දර්ශනය වන English Subtitle වල තේරුම් අරන් දෙන මෙතොඩ් එකක් (වැඩි විස්තර සඳහා). ඉතින් ඒ සමබඳ Trix එකක් තමා මේ කියන්න යන්නෙ



ඔන්න ඉතින් Dictionary Application එකේ වැඩ ඉවරවුනත් එක දිගට ඒකට උන මහන්සිය නැතිවෙන්න විවේකයක් ගන්න ඕන කියල හිතුවත් හිතට සැරින් සැරේ වද දෙන සමහර අතීත සිදුවීම මතක් වෙන්න ආයිත් පටන් ගත්ත. ඉතින් විවේකය පැත්තක තියල අයිත් වැඩකට බහින්න හිතුව. කරන්න පටන් ගත්තු Projects නම් Folder පිටින් ගොඩගැහිල තමා තියෙන්නෙ. ඒත් එකක් පටන් ගත්තොත් කොටිවලිගෙ අල්ල ගත්ත වගේ ඒකමනේ මම කරන්නෙ, ඒ නිසා පොඩි වැඩක් තමා හෙවුවෙ. Application එකේ වැඩ නිසා පරිගනකයත් ගොඩක් අචුල් වෙලා තිබ්බෙ, එක එක Service ගන්න Install කරපු Software නිසා හා App Testing වැඩ නිසාත්. ඉතින් හිතුන PC එක ටිකක් පිලිවෙල කරන වැඩේ කරල දාන්න. ඉතින් අලුතින් OS එක ගහල ඕන කරන App ඒව ටික දාල Backup එකක් අරගෙන ඔන්න ඉතින් ෆයිල් ටික පිළිවෙලක් කරමින් ඉන්න කොට ගෙදරට යාළුවො ටිකක් කඩා වැදුන, ඉතින් උන් එක්ක Film එකක් බලන්න කියල සෙට්වෙලා Subtitle Translator එකත් ඕපන් කරගෙන Film එක බලද්දි Space Bar එක Press කලත් Subtitle Translator එක නෙවේ වැඩ කලේ. අවුල කිවුවට ලොකු අවුලකුත් නෙවේ Full Screen තියෙන වෙලාවට Searched Result එක On Top අවෙ නෑ. කොහොම වුනත් Minimize කර කර බලන් එකත් කරදර නිසා හේතුව හොයාගෙන යනකොට තමා දැක්කෙ ඒක ඩික්ෂනරි එක ගැටලුවක් නෙවේ කියල. ඉතින් මොකද වෙලා තිබ්බෙ.

හේතුව තමා KMPlater එකේ Default Settings වලදි Video එක Play වන අතර තුරදි කිසිම App එකකට On Top එන්න දෙන්නෙ නැති ප්‍රශ්නෙ. මම ගොඩක් කල් ඉදල ඔය Setting එක අයින් කරල තිබ්බ නිසා Dictionary එක හදද්දී මට ඒක අහුවුනේ නෑ. ඉතින් මේක ගොඩ දා ගන්න කරන්න තියෙන්නෙ බොහොම පහසු ක්‍රමයක්.

මුලින්ම KMPlater එක Open කරගන්න.
ඉන්පසු F2 Key Press කරන්න.
ලැබෙන Window එකෙහි General --> Screen --> General Tab එක යටතේ ඇති  On Top --> Video:  ඉදිරියෙන් Never යන්නෙ Select  කරන්න.



දැන් ගටලුවක් නැතිව Full Screen  දාපු වෙලාවට්ත් Subtitle Translator එක වැඩ.
Read More

Friday, July 13, 2012

// // 2 comments

The NDictionary 2012 ගැන දැනගත්තේ නැතිනම්.

The NDictionary 2012 මෘදුකාංගය නිකුත් කරල දැන් සති 3ක් විතර වෙනව. නමුත් එලෙස ඉදිරිපත් කල ලිපියේ ලින්ක් එක Application එකට ගැනීමට තිබූ අවශ්‍ය නිසා එම ලිපිය ලියන්නත් කලින් එය Publish කරල තමයි ලිපිය සම්පූර්ණ කලේ. ඒ නිසා නිල මට්ටමේ මුදාහැරීමේදී එහි RSS Feed Link සමහර Syndi වලට නොලැබී තිබුනා. ඒ නිසා පහල ලින්ක් එකෙන් ඔබට පුලුවන් එම ලිපිය කියවා අලුත් වර්ෂන් එක Download කරගන්න.


ඩික්ෂනරි ඇප්ලිකේෂන් එකේ බාවිතය ගැන කල වීඩීයෝ වැඩසටහන.


Read More

Thursday, June 21, 2012

// // 36 comments

The NDictionary 2012 Stable Version - Download


මාස 3ක පමණ කාළයක් Program කරල Beta Version එක Release කරල User Rivews ලබාගෙන, තවත් මාස 3ක කාළයක් Experiment සහ Developing කරල NDictionay Software එක 2011 Beta Version එකේ සිට 2012 Stable Version එක දක්වා ගෙන ඇවිත් ඔබ වෙත නොමිලයේම ලබා දෙන්න පුලුවන් වීම ගැන බොහොම සතුටියි.

අඩු-පාඩු ගොඩක් එක්ක මේ දක්වා ඩික්ෂනරි Beta Version එක 500කට ආසන්න Download ප්‍රමාණයක් කරල තියෙනව. මම ඒක දැම්මෙ එහි වැඩි දියුණු කටයුතු වලට End User Reviews ලබාගැනීමෙන් අදිටනින් නිසා වැඩි ප්‍රචලිත කිරීමකුත් කලේ නෑ. ගොඩක් අයගෙ Reviews මතින් දැන් ඩික්ෂනරිය Windows ඕනම OS එකක සාර්ථකව වැඩකරනව කියල අනුමත කරන්න පුලුවන්. ඉතින් Reviews ලබා දුන්න සියලු දෙනාට බොහොම ස්තුතියි.


Dictionary Software එක ගැන කල Tutorial Video එක බලන්න.


NDictionary 2012 Stabel Version එක Download කරන්න.

ඩික්ෂනරි Software එකට කැමතිනම් Facebook යහළුවන්ට දැනගන්නත් එක්ක Like කරන්න.



Beta Version එක Install කරල තියේනම් 2012 Version එක Install කරන්න කලින් Beta Version එක නිවැරදිව Uninstall කරන්න ඕන. නමුත් එහි යම් Uninstall error එකක් තියෙනව. ඒ නිසා එය 2011 Beta හරියාකාරව Uninstall කරන ආකාරය (How to Uninstall njDic Beta Version, Correctly) මේ ලින්ක් එකෙන් බලාගන්න.

ඩික්ෂනරි එක ගැන කෙටියෙන් හැදින්වීමක්.


විස්තර දන්න අය පහලටම ගමන් කරන්න.



1) Searching Window
ඩික්ෂනරිය Run කල පසු එය System Tray එකෙහි "N" අකුරක ආකාරයේ Icon එකකින් Dictionary Application එක දක්නට ලැබේ. ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් (Like SMS Typing System) එකද බාවිතා කල හැක. View --> About NDictionary වින්ඩෝවේ "Singlish Key Board Layout" Button එක කිරීම මගින් Singlish Scheme එක බලාගන්න පුලුවන්. දිග වාක්‍යයක වුවද එහි ඇති වචන සියල්ලගේම තේරුම් වෙන වෙනම බලාගත හැක.


System Tray Icon එක මත Right Clik කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත මෙනු එක දැකගන්නට පුලුවන්.


Searching Window එක Show වෙලා තිබෙන අතරතුර යම් වචනයක් Copy කල විගස තේරුම ගෙනහැර දක්වයි. ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Enable Auto Search විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත් තේරුම ඉදිරිපත් කරයි.

2) Get Word From Image (Text Capture - Optica Charactor Recognize)
Web Page එකක, Data Protected e-book, Google Book, Error Massage වල තියෙන Image එකක වචනයක තේරුම දැනගන්න ඕන උනොත් කරන්න තියෙන්නෙ ඩික්ෂනරියක ටයිප් කරල හොයාගන්න එක. ඒත් ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචනය ගැනීම. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ "Text Captur" Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ.

මෙම ක්‍රියාවලිය කිරීම සඳහා මා විසින් යොදාගන්නා ටෙක්නොලොජි එක සම්පූර්ණයෙන් භාවිතා කිරීමට අවසර නැහැ. ඒ හින්ද ඔක්කොම පහසුකම් බාවිතාකරන්න බෑ. ඒ දේවල් ටිකත් ඩික්ෂනරියට එකතු කරන්න. ලොකු මුදලක් OCR Technology එක දෙන සමාගමට ගෙවන්න වෙනව.

3) Substitle Translator for KMPlayer
මේ ටූල් එක කඩ්ඩ(ඉංග්‍රීසි ) හදාගන්න උණ(උවමනාව ) තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව කඩ්ඩ හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා මම කියන දේවල් ගොඩක් තේරුම ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසවත් බාවයත් නැතිවෙලා යනව. ඒ සඳහා විසදුමක් විදියට KMPlater එකට මේ Add-On එක හැදුවෙ.


ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක KMplayer එකෙන් ඕපන් කරගන්න. දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Translator (KMPlayer) මත ක්ලික් කරන්න.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි. ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල, දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි. එසේත් නැතිනම් System Tray Icon එක මත Double Click කරන්න.

4) Top Word of The Day
ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක.

5) Multi Clip Board.
ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තාවකදී ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.


6) Auto Text Grab.
ලොකු ඩෙට ප්‍රමාණයක් ( Text ) එක් තැනකින් ගෙන තව ෆයිල් එකකට වරග කරල Sorted File එකක් හදන්න තියෙන වෙලාවකට එම කාර්ය්‍ය ස්වයංක්‍රීයව කරගන්න පහසු කරන ඇප් එකක් තමා


7) English Sinhala Word Database Community.
නාමල් ඩික්ෂනරිය හරහා ඔයාල වචනයක් සර්ච් කිරීමේදී එම වචනය නැත්නම් ඒ වචනය ඩෙටබේස් එකට ඇඩ් කිරීමට බටන් එකක් පෙන්වීම හා ඒ හරහා ඔයාලට වචන එකතු කිරීමට වින්ඩෝවක් දක්නට ලැබේ. එයට වචන එකතු කල හැක, ඔබ වචන 10ක් පමන එකතු කල පසු ඔබට පුලුවන් එම වචන අප්ලෝඩ් කරන්න. එලෙස ඔබට පුලුවන් මම චිසින් වැඩි දියුණු කර Community Base Open Source Database එක ලෙස හදුන්වා දුන් සිංහල-English Word Database එකෙහි Developing කටයුතුවලට සහාභාගි වන්න.



අලුතින් එකතු කරන ලද දේවල්.
දෑන් Subtitle Translator (KMPlayer) එක ඕනම Subtitle File එකකට වැඩ කරනව. වෙනමම Download කරන්න ඕන වෙන්නෙ නෑ.


8) More Seting For Your Desire
9) Serched History
කලින් Search කරන ලද වචන ලබාගැනීමට.


මෙම මෘදුකාංගය පිළිබඳව වන සියළුම Update, Facebook මගින් දැන ගැනීමට පහල ඇති නාමල් යාය Fan Page එක Like කරන්න.


පහල Facebook Cover Picture එක මත ඇති Sharing Buttons භාවිතයෙන් Picture එක Share කරන්න පුළුවනි.


free counters
Read More
// // Leave a Comment

Correctly Unistall 2011 Beta - njDic

The NDictionary 2011 Beta Version එක Install කරල තියේනම් 2012 Stabele Version එක Install කරන්න කලින් Beta Version එක නිවැරදිව Uninstall කරන්න ඕන. නමුත් එහි (2011 Beta) යම් Uninstall error එකක් තියෙනව. එයට හේතුව ඩික්ෂනරි Application  එකහි Process එක Unistall එකේදි Kill නොවීම. ඒ නිසා එය හරියාකාරව Uninstall කරන ආකාරය බලමු.


Method 1
මුලින්ම ඩික්ෂනරි System Tray Icon එක මත Right Click කරල ලැබෙන මෙනු එකේ Exit Click කරන්න. දැන් Program File වල ඇති The NDictionary ලින්ක් එක තුල ඇති Uninstall The NDictionary මගින් Unistall කරන්න. එහෙමත් නැතිනම් Control Pannel වලින්ද කරන්න.





Method 2
Dictionary එක හරියට Unistall වෙලා නැතිනම්  පරිගනකය Start වීමේදී පහත පරිදි Window එකක් දර්ශනය වේවි. ඒ නිසා පලමුව රූපයේ ඇති Window එකේ Ok ක්ලික් කරන්න. ඊට පසුව Taskbar එක මත Right Click කරල Task Manager එක ලබාගන්න. එහි Processes Tab එක ගන්න. එහි NDictionary.exe එක Select කරල End Process ක්ලික් කරන්න. ඊට පසුව C:\Program File  (ඩික්ෂනරිය Install කල තැන) Folder එකට ගොස් එහි ඇති The NDictionary Folder එක Delete කරන්න.



දැන් Beta Version එක නිවැරදිව Unistall වී ඇත.
ලඟදීම නිකුත් කරන NDictionary 2012 Stabele Version එක Install කරන්න දැන් ඔබ සූදානම්.
Read More

Wednesday, June 20, 2012

// // 2 comments

NDictionary on Windows 7 - njDic

Windows 7 මතදී නාමල් ඩික්ෂනරියේ System Tray Icon එක Hide වී අතිනම් Icon එක නිතරම පෙනෙන්නට සලස්වාලීම සඳහා

Task Bar එක මත Right Click කර Properties ලබාගන්න. එහි Notification Area යටතේ ඇති Behavior වල NDictionary එකට අදාලව Show Icon and Notification යන්න Select කර Ok කරන්න.




ඒ වගේම Windows 7 වල Security Option වැඩි නිසා Text Capture Option එක භාවිතයේදී Permission Denied ලෙස Error එකක් ලැබුනොතින්,

Dictionary System Tray Icon එක මත Right Click කර View --> Run as Administrator Click කරන්න. එවිට Open වන Folder එක මත ඇති NDictionary Application එක මත Right Click කර Run as Administrator Click කරන්න. එවිට Open වන ඩික්ෂනරි එකහි Text Capture මෘදුකාංගය නිවැරදිව වැඩකරනවා ඇත.



Read More
// // Leave a Comment

Setting for Your Desire - njDic



1, 2, 3, 4 - ලෙස අංක කර ඇති Setting ගැන නම් කලින් කතාකරල තියෙනව වගේම ඒවා නම් කර ඇති ක්‍රමයෙන්ද කුමක්ද කියා වටහා ගත හැකි නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ.

5 - මගින් දැක්වෙන්නේ Subtitle Translator හිදී බාවිතා කරන Subtitle File එක අදාල Film එකත් සමග නොගැලපේනම් එය KMPlayer මගින් Sync කරයි නම්, එවිට ඩික්ෂනරියටද ඒ Value ලබා දීමට ඇති Setting එකයි.

6, 7, 8, 9 - මගින් දැක්වෙන්නේ ඩික්ෂනරියේ පාටට අදාල තැන්වලින් පෙන්නුම් කරන Font වල Font Size එක අඩු වැඩි කිරීමට ලබාදී ඇති Setting ටිකයි.

9 - Optical Characto Recognize System (OCR) එකහි සාර්ථකත්වය පරිගනකයේ ඇති Font මත රදා පවතින නිසා පරිගනයකයට අලුතින් Font Add කරයි නම් නැවතත් Font Scanning එක කිරීමට විදාන දීම මෙයින් කරනු ලබයි.

10 - OCR System එක භාවිතයේදී Path එක වැරදි බවට හඟවමින් යම් Error එකක් ලැබුනොත් එම තත්වය විසදීම සඳහා මෙම බටන් එක බාවිතා කරන්න පුලුවන්.
Read More
// // Leave a Comment

Searched History - njDic

                         
                                                   අපි යම් ලිපියක් කියවමින් සිටියදී නොදන්න චචනයක තේරුම දැන ගත්තත් ගොඩක් වෙලාවට ටික වේලාවකින් ඒ වචනය අමතකයි. ඊට පස්සෙ ආපහු කලින් වචනය හොයන්න හෝ ටයිප් කර කර ඉන්නෙ නැතිව කලින් සර්ච් කරපු වචන History එකක් තියේනම් කොච්චර හොඳද කියල මට හිතුන වාරගනන නම් අනන්තයි. ඉතින් ඒ ප්‍රශ්නයටත් විසදුමක් තමා Serch History එක




ඔය විදියට More Button එක ක්ලික් කිරීම මහින් ලැබෙන මෙනු එකේ Previous click කිරීමෙන් එම වචන ලබාගන්න පුලුවන්. Post මගින් ආපහු ඉදිදිරියට එන්නත් පුලුවන්.  මේ විදියට වචන 5ක් මතකයේ තබා ගැනීමට මෙම ක්‍රමවේදයට පුලුවන්.

හොඳයි මෙහිනම් Developing ගැන කතාකරන්න පුලුවන්.
මෙහි මම භාවිතා කරපු ටෙක්නික් එක තමා Stack කියන ටෙක්නික් එක. Circular Queue එක වගේ Stack එකක් හදාගත්ත හරියට Circulat Stack එකක් කීවොත් නිවැරදියි.. Circular විදියට නැතුව කරන්නත් පුලුවන්. එතකොට වචනයක් සර්ච් කරන විට කලින් වචන 5ත් තියෙන තැනින් එක Blog එක ගනනෙ පස්සට යවන්න වෙනව. නමුත් Circular විදියට Stack එකක් යූස් කරද්දි අලුතෙන් සර්ච් කරන වචනය පමනක් ඇඩ් කිරීම කරන්න පුලුවන්. Index ටික හැසිරවීම තමා කරන්න තියෙන්නෙ.
Read More

Tuesday, June 19, 2012

// // 2 comments

Fixed Error for 2012 Stable - njDic

ඩික්ෂනරියේ බීට වර්ෂන් එක නිකුත් කරල දැන් මාස 6ක් විතර වෙනව. ඒ කාලය අතරෙදී එහි තිබ්බ ගොඩක් Errors හදුනගන්න පුලුවන් වුනා. ඉතින් ඒ සඳහා කැම්පස් එකේ යාළුවො, Blog එක හරහා ඔයාල වගේ නාමල් යායට එන යන ගොඩක් අය Comment හරහා ඊ-මේල් හරහා උදව් කලා ඉතින් ඒ කාටත් අලුත් ස්ටේබල් වර්ෂන් එකේ ගැටලු නැති කිරීමට සහභාගි වන්න පුලුවන් වුනා කීවොත් නිවැරදියි. ඉතින් එලෙස උදව් කල කටාත් ගොඩක් ස්තුතියි. ඒ අය වෙනුවෙන් වෙනම Post එකක් දාන්නත් බලාපොරොත්තු වෙනව.

අද මාතෘකාව යටතේ ඩික්ෂනරියේ තිබ්බ Errors ගැන හා ඒවා විසදපු ආකාරය ගැන කතා කරන්න සූදානම් වෙන්නේ කාටහරි වැදගත් වෙයි කියල හිතාගෙන.

1 - Auto Clipoard එක සර්ච් කරද්දී ගැටලුවක් තිබ්බ. ඒකට හේතුව වුනේ Widows Explorer හරහා Text එකක් නැතිව File එකක් Copy කලවිට එය Neglect කිරීමට Code නොලියා තිබීමයි.

2 - ඩික්ෂනරි එක ඕපන් වීමේදී හා Top 10 Word ගෙනහැර දැක්වීමේදී Screen එක blink වීම. මේකට හේතුව වුනේ Visible False වීම Delay වීම. ඒ නිසා එම Code නිවැරදි ලෙස ස්තානගත් කලා.

3 - යම් Function එකක් ක්‍රියා කරන අතරතුර ඩික්ෂනරියේ System Tray Icon එක මත ක්ලික් කලොත් ඩික්ෂනරි එක Crash වීම. මේ සඳහා කල පිලියම ලෙස කලේ ක්‍රියාකරන Functiona එක Errors නොවන ආකාරයට නවතා දැමීමයි.

4 - ඩික්ෂනරි එක නිවැරදිව Unistall කිරීමේ ගැටලුවයි. මෙම ගැටලුවට හේතුව වූයේ Uninstall කිරීමේදී Registry එකේ Startup එකට අදාල ලින්ක් එක Remove නොවීමයි. ඒක Setup Factory එකෙහි සිදුකලයුතුව තිබූ Programing කොටසක්. එය මට අමතක ගොස් තිබුනා. නමුත් Uninstall කිරීමට කලින් නිවැරදිව ඩික්ෂනරි එකෙන් Exit වී තිබුනි නම් එම ගටලුව මතුවන්නේ නෑ.  මොකද Uninstall කිරීමේදී Run  වන Program Close කරන්න Program කරල තිබ්බෙ නෑ.

5 - Optical Charactor Rcognize System එක වැඩ කිරීමට අදාල Active X Setup Factory වලට ගැනීමේ දොෂයක් නිසා එම ක්‍රියාවලිය Install වීමේදීම Error එකක් පෙන්වීමයි. මේ ගැටලුව විසදගන්න තමා මම ගොඩක් කාලය වැය කලේ. අන්තිමේදී විසදුම ලෙස කරන්න වුනේ VMware යොදාගෙන සකසන ලද Portabel App එකක් ලෙස එම System එක යොදා ගැනීමයි. එහිදීත් ගොඩක් ගැටලු මතු වුනා. c:\progrm file වලට ඩික්ෂනරි එක Install කලොත් සහ වෙනත් පාත් එකකට Install කලොත් යන අවස්තා දෙක් ලෙස ගෙන Portabel App එක පිස්සු කෙලීම කීවොත් නිවෑරදියි. ඒ විතරක් නම් කමක් නෑ. Windows 7 වලදී තව විදියකට තමා Portabel App එක වැඩ කරන්නෙ. ඕව දැනගන්න ගොඩක් Experiment කරන්න වුනා කීවොත් නිවැරදියි. ඉතින් Os කීපයක ඩික්ෂනරි එක Run කරල බලන්න Virtula Box තමා Use කලේ.
 මෙහි තවත් ගැටලුවක් වුනේ Xp වලදී User Account වලට Folder එක තුල Writting Protet කරල තිබීම කියල හදුන ගන්නත් පුලුවන්. ඒක විසඳගන්න Xcalc කියන Scrypt එක Use කරන්න පුලුවන් කියල Internet එකෙන් සොයාගන්න පුලුවන් වුනා.

6 - Seting වලින් Startup නොවීමට Seting හැදුවත් එය ක්‍රියාත්මක නොවීම. හේතුව වූයේ Setup Factory වලින් Startup Folder එකේද Shortcut එකක් සාදා තිබීමයි.

7 - Subtitle Translate Add-on for KMPlayer එක Run වීමේදී යම් හෙයිකින් Subtitle එක load කර ගැනීමට නොහැකි වූවොත් වෙනත් තෑනකින් Subtitle එක Load කිරීමට ලබාදෙන Option එක Cancel කලද ඉවත් නොවීම. මෙයට හේතුව Programing දන්න කෙනෙක් නම් දැනටනම් හිතාගෙන ඇති. Loop එකක් Define කරල තියෙන වැරද්දක්.

ඉතින් ඔය වගේ ගොඩක් Errors විසදල සාර්ථක ඩික්ෂනරි එකක් ගොඩනගාගන්න පුලුවන් වුනා. ඉතින් ඒ ගැන ලොකු සතුටක් මට තියෙනව.
නැවතත් සුතුතියි Comment දුන්න සියලු දෙනාට.
Read More

Saturday, June 16, 2012

// // 3 comments

New Interface - njDic

                                                ගිය අවුරුද්දේ නොවැම්බ්ර් මාසෙ වැඩ පටන් අරගෙන මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ නිකුත් කල නාමල් ඩික්ෂනරී බීට වර්ෂන් එකේ තිබ්බ අඩුපාඩු හදාගන්න සෑහෙන්න කාලයක් ගන්න වුනා. ඒ අතරතුර එක එක ප්‍රශ්න නිසා සම්පූර්ණයෙන් ඒ සඳහා අවදානය යොමුකරන්නත් බැරි වුනා. ඉතින් මේ දවස්වල Non Acadamic අයගෙ වැඩ වර්ජනය නිසා නිවාඩු මුලු කාලයම ඒ සඳහා යොමු කරන්න පුලුවන් වුනා. Dictionary එක Windows 7 Compatibility කරන්න තමයි සෑහෙන්න වෙහෙසෙන්න වුනේ. ඇත්තටම මේ වැඩවර්ජනය නොතිබුනා නම් මට ඊලඟ වර්ශන් එකක් මේ අවුරුද්දෙ නම් හිතන්නවත් බෑ. ඔන්න එහෙනම් තව සුළු සුළු වැඩ කටයුතු ටිකක් අතර අලුතෙන් හදුන්වාදෙන Option වල Developing Side එක ගැන ටිකක් කතාකරන පෝස් ටික දාන්න හිතුන. මේ විදියට කලිනුත් කලා මතක ඇතිනේ.

කොහොම උනත් අද හදුන්වාදෙන Option එකෙහි Developing එක ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මොකද අද කියන්නෙ අලුත් interface එක සහ එහි Shortcut කීපයක් ගැන




අලුත් Interface එක ඔන්න ඔය වගේ තමා.  අලුතෙන් Del, More Buttons දෙක හදුන්වා දී තියෙනවා. Del Button එක මගින් දැනට Search Box එකෙහි ඇති වචන ටික Delete කරල දාන්න පුලුවන්. More Button එක මගින් තවත් අමතර Option ට්කක් ගන්න පුලුවන් මෙනු එකක් තමා ලබා දීල තියෙන්න.




1 - Expand View එක ගන්න 2න් පෙන්වන Box එකේ ඉදල Enter කරන්නත් පුලුවන්.
2 - Search Result එක පෙන්වන්නෙ මෙහිදී, මෙහි වචනයක් මත ඩබල් ක්ලික් කිරීමෙන් එම වචනයට අදාල තේරුම ගන්නත් පුලුවන්
5 - Singlish (SMS) Keyboard එක තමා ඔය Use කරල තියෙන්නෙ.





1 - මෙතනදී සිට Enter කලොත් නැවතත් විශාල Expand View එකක් ලබාගන්න පුලුවන්. එවිට අපහු ඔය View එක ගන්න නැවත Enter කරන්න පුලුවන්. මේ සඳහා 5 ලෙස දැක්වෙන Button එක Use කරන්නත් පුලුවන්
2 - මෙහිදී සෙලෙක්ට් වී ඇති සෙන්ටෙන්ස් එක කොපි කරන්න පුලුවන් අතර වචනයක් මත ඩබල් ක්ලික් කිරීමෙන් එම වචනයට අදාල වචනය Search කරන්න පුලුවන්
3 - තවත් සර්ච් Option එකක්
4 - වචන කීපයක් Search කරල තියෙන විදිය තමා ඔය.
Read More

Wednesday, June 6, 2012

// // Leave a Comment

Fixed Database Access Deny - njDic

නාමල් Dictionary Program එක XP පරිගනක සඳහා Install කිරීමේදී User Account වලදී Database Access Deny ලෙස Error එකක් සමහර අයට මුහුණ පාන්න සිදුවෙලා තිබෙනවා.  මෙම ගැටලුවට හේතුව User Account වලට අදාල Folder එක Access කරන්න අවසර නොතිබීමයි (Admin Account වලට බලපෑමක් නැත).

මෙම ගැටලුව විසදීමට පහත උපදෙස් පිළිපදින්න.

මුලින්ම ඔබ නාමල් Dictionay Install කල Folder එකට සොයාගන්න
(Default Path is "C:\Program Files\The NDictionary").
දැන් "The NDictionary" Folder එක මත Write Mouse Button එක Click කර Properties ලබාගන්න.



එහි Security Tab එක යටතේ අදාල User Acount එක ‍තෝරාගෙන Permissions යටතේ Full Controll සඳහා Tick එක ලබාදී Apply කර Ok කරන්න.

Read More

Tuesday, March 6, 2012

// // Leave a Comment

The NDictionary 2012 - Comment Bugs\Idea


The NDictionary  කියන්නෙ මොකක්ද කියල දැන් ගොඩක් දෙනෙක් දන්නවනේ. කෙටියෙන් කිවුවොත් English  ඉගෙනගන්න පහසු කරන විශේෂ tool රාශියක් සමග  නිර්මාණය වූ English Sinhala Dictionary එකක් කීවොත් නිවැරදියි කියල එය Download කල සැම දන්නවා ඇති. හොදයි මම තාම ඔයාලට දීල තියෙන්නෙ එහි Beta Virsion එක නේ. ඉතින් තවත් මාසයක වගේ කාලයක් තුල 2012 Virsion එක Release කරන්න වැඩකටයුතු මේ දවස් වල නිමකරමින් තමා ඉන්නෙ. එහිදී අලුත් Features කීපයක් සහ කලින් පැවැති දැනගත් Bugs අයින් කරන්න පුලුවන් කම ලැබුන.

ඉතින් The NDictionary  භාවිතා කල ඔයාලට තවත් අලුත් Idea තියෙන්න පුලුවන් මෙයට Add වෙන්න ඕන තව පහසුකම් මොනවද කියල, ඒ වගේම ඔයාලට අපහසුවක් දැනුන Bugs එහෙම තියේනම් ඒවත් පහල Comment කරන ලෙස ඉල්ලා සිටින්න තමා මේ ලිපිය දාන්නෙ. Add Word to SEWdbC  හරහා ඔයාල Database  එකේ දැනට නැති වචන එහෙමත් Update කලානම් ඒවත් පුලුවන් තරම් ඉක්මනට Upload කරන ලෙසද ඉල්ලා සිටිමි. Upload කිරීමට අපහසුනම් අලුත් වචන ටික අඩංගු text file  එක namalyaya@gmail.com ලිපිනයට mail  කරන ලේසද කාරුණිකව ඉල්ලා සිටිමි.

ඒ වගේම Bugs එකක් නම් එය ඉදිරිපත් කල කෙනාගේ හා New Idea  එකක් නම් New Virsion එක Release කිරීමේදී අලුත් Features එක ඉදිරියේ එය ලබාදුන් කෙනාගේ ID එකක් ලෙස ඔබගේ Web Site  එක හෝ Facebook URL එක ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වනවා. එයට අකමැත්තක් නොමැතිනම් ID එකට කැමති යමක් ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

මෙම නිර්මාණයේ දියුණුවට කරයුතු කරන ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.

Read More

Saturday, January 28, 2012

// // Leave a Comment

Download Tha NDictionary 2011 Beta - (2nd Release)







නාමල් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගන්න දුන්නට පසු දැනගන්න ලැබුන එහි Copy-Paste ගැටලුවක් මතුවන බව. ඒක පොඩි ගැටලුවක් නෙවෙයි. ඒ සඳහා විසදුවමක් ඉදිරිපත් කරන තුරු පොඩි විකල්පයක් ඉදිරිපත් කලාට එය සාර්ථක මදි, මොකද එතකොට ඩික් එකේ ඔක්කොම ප්‍රයෝජන නැති නිසා. ඉතින් 2012 Version  එක Release කරන්න කලින් 2011-Beta 2nd Release එක අද කරන්න පුලුවන් වුනා. තාම 2011 Beta විදියට කරන්න උනේ තව වැදගත් ටූල් ටිකක් ඩික් එකට එකතු කරල 2012 Version එක Release කරන්න බලාපොරොත්තුවක් තියන නිසා.

හොඳයි දැන් ඔයාලට පහල ලින්ක් එකෙන් Copy-Paste ගැටලුව නැති නාමල් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.



තව දෙයක් කියන්න තියෙනව. කට්ටිය අවබෝධ කරගෙන තිබ්බෙ නෑ කොහොමද Singlish Keyboard එක භාවිතා කරන්නෙ කොහොමද කියල.



ප්‍රථමයෙන් Use Singlish Keyboard ලෙස දැක්වෙන තැනට ටික් එක දාන්න. පසුව Search Box එකේ සෙවිය යුතු වචනයට අදාලව සින්ග්ලිෂ් වලින් ටයිප් කරන්න. උදාහරනයක් ලෙස "යනවා" යන වචනයේ English Meaning ගැනීමට "yanavaa" ලෙස ටයිප් කරල Enter කරන්න.
තවත් යෝජනා යෝජනා එහෙම තියේනම් කරන්න.
Read More

Tuesday, January 24, 2012

// // Leave a Comment

Error solve of njDic

ඔයාලට NDictionary 2011-Beta Virsion එක Download කරගන්න දුන්න නේ. Download කරගත්ත යාළුවන්ගෙ පරිගනක කීපයක njDic එක Install කල පසු Copy & Paste කිරීමට බැරුව ගිහින් තිබ්බ. වැරදිලාවත් ඔබේ පරිගනකයෙත් එම Error එක පෙන්නුවොත් පහත උපදෙස් පිළිපදින්න.

මුලින්ම Setting වලට ගිහින් Enable Auto Search වලට ඇති ටික් එක ඉවත් කොට Ok කරන්න.



දැන් njDic එක Exit කරන්න.



දැන් ආපහු njDic එක ගන්න. දැන් ප්‍රශ්නය විසදිලා ඇති. තව දෙයක් කියන්න තියෙනව ඒ තමා njDic එක On top තියෙන වෙලාවට ෆයිල් එහෙම Copy කරන්න යන්න එපා. Text විතරයි හොදද. Close Button Click කරල හෝ නැවත njDic Tray Icon එක Left Click කරල njDic එකේන් ඉවත් වී File Copy කරන්න පුලුවන් හොදේ. අයීත් මතු උනොත් njDic එකෙන් Exit වී නැවත ඕන වෙලාවට ගන්න. අනිත් Tool වල දැනටනම් ප්‍රශ්නයක් නෑ. හොදට වැඩ.

මේ ප්‍රශ්නයට හේතුව යුනිකෝඩ් Controller එකේ ප්‍රශ්නයක්, ඒ නිසා මෙම ගැටලුව Full Version එකේදී විසදල දෙන්නම්. යුනිකෝඩ් Controller එකේම ගැටලුවක් නිසා තමා වෙනමම Subtitle හදන්න ඕන උනෙත්.
Read More

Sunday, January 22, 2012

// // 1 comment

Download The NDictionary.

Read More
// // 16 comments

The NDictionary 2011 Beta - Download


English හෝ සිංහල වචනයක තේරුම දැනගන්න ඕන කොතනින්ද, කොහොමද, කොයි මොහොතෙද දැන් ප්‍රශ්නයක් නෙවෙයි. නාමල් ඩික්ෂනරිය ලෙස ඔබට ලබාදෙන මගේ අලුත්ම නිර්මාණය පිළිබඳ පසුගිය ලිපි 7කින් ඔබ වෙත ඉදිරිපත් කලානේ. ඔන්න අද දින මම ඔයාලට එම මෘදුකාංගය බාගන්න ලබා දෙනව.


හොඳයි ලිපි 8 කින් ඉදිරිපත් කල නාමල් ඩික්ෂනරියේ විස්තර ටිකෙන් වැදගත්ම දේවල් ටික කෙටියෙන් පහල ඉදිරිපත් කරනව. දීර්ග ලිපිවල ගොඩක් විස්තරාත්මකව පැහැදිලි කරන අතර ඒ ඒ Option නිර්මාණය කල අකාරය වගේ දේවලුත් කතා කලා. ඒ ඒ ලිපිවලට මාතෘකාව ඔස්සේ ලින්ක් දාල තියෙනව. නොකියූ අයට කැමතිනම් කියවන්න පුලුවන්.





1) Searching Window
ඩික්ෂනරිය ඔපන් කල පසු එය Sistem Tray එකෙහි පහත ආකාරය දක්නට ලැබේ.


ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. වෙබ් ලින්ක් ආදිය කොපි වී තිබේනම් එය ස(ර්)චින් එක මගහරී.


ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් එකද බාවිතා කල හැක.
About වින්ඩෝවේ Singlish Key Board Layout Button එක කිරීම මගින් Singlish Scheme  එක බලාගන්න පුලුවන්.



සින්ග්ලිශ් බාවිතා කරන ආකාරය.


1 ලෙස ඇති බටන් එක ක්ලික් කිරීම මගින් අදාල වචනයට වචනයේ මුල් කොටසට සමාන කමක් ඇති සියලුම වචන පහත ආකාරයේ විශාලනය වූ වින්ඩෝවකින් දැක ගන්නට පුලුවන. එවිට දක්නට ලැබෙන "*WORD" බටන් එක ක්ලික් කිරීම මගින් අදාල වචනයේ ඕනෑම ස්තානයකින් සමානකම් ඇති වචන දැකගන්නට පුලුවන.

5, 6 Button ක්ලික් කිරීම මගින් වින්ඩෝව් එකෙහි ට්‍රාන්ස්පේරන්සි එක අඩු වැඩි කරගැනීමට පුලුවන්.
ටයිප් කල හෝ කොපි කරගත් වාක්‍යයකම ඇති එක් එක් වචනයේ තෙරුම් එක සැරයෙන් ලබා ගත හැක.



විශාලනයවූ වින්ඩෝ එක කුඩා කිරීමට 1 ලෙස දක්වා ඇති බටන් එක නැවත් ක්ලික් කිරීම හෝ Esc Key එක Press කිරීම මගින් කල හැක. නැවත් වරක් System Tray Icon එක මත ක්ලික් කල විට ස(ර්)චින් වින්ඩෝ එක Close වී යයි. ඒ සඳහා Close Button එක Click කිරීම හෝ Esc Key එක Press කිරීම මගින් කල හැක.

System Tray Icon එක මත Right Clik කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත Main Menu එක දැකගන්නට පුලුවන්. එහි අඩංගු අනෙකුත් සියලුම විදානයන් ගැන ඉදිරියේදී කතා කරමු. ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Auto Search සර්ච් විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත් තේරුම ඉදිරිපත් කරයි.



2) Get Word From Imag
Web Page එකක, e-book, Google Book වල තියෙන Image එකක වචනයක තේරුම, නැතිනම් වින්ඩෝස් මත කොපි කරන්න බැරි වචනයක (Error Masage එකක) තේරුම දැනගන්න දැනගන්න ඕන උනොත් කරන්න තියෙන්නෙ ඩික්ෂනරියක ටයිප් කරල හොයාගන්න එක. ඒත් ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචන ගැනීම. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ Text Capture Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ. මෙවිට Zoom ටූල් එක බාවිතා නොවේ.

ඉමේජ් එකක් Capture කිරීමේදී හරියාකාරව කල යුතුය. නැතහොත් වචනය තෝරා බේරා ගත නොහැක.
යම් ඉමේජ් එකක/වින්ඩෝ එකක ඇති වචනය ඉතා කුඩා නම් එය Capture කිරීම හරියාකාරව සිදු නොවේ. මේ කාර්ය හරියට කරගැනීමට Main Menu එකෙහි ඇති Capture With Zoom විධානය ක්ලික් කීරීම මගින් Zoom වින්ඩෝව ලබා ගත හැක. එලෙස ලබාගත් වින්ඩෝ එකෙන් බලාගෙන වචනය නිවැර්දිව Capture කරගන්න. එලෙස ලබාගත් ටූල් එකෙන් ඉවත් වීමට ඕනෑම තැනක Right Click කිරීම Esc Key Press කිරිම මගින් කලහැක.


මෙම ක්‍රියාවලිය සිංහල වචන සඳහා බාවිතා කල නොහැකි බව කරුනාවෙන් සලකන්න. මෙම ක්‍රියාවලිය කිරීම සඳහා මා විසින් යොදාගන්නා ටෙක්නොලොජි එක Trial Virsion. ඒ හින්ද ඔක්කොම පහසුකම් බාවිතාකරන්න ඔයාලට බෑ. ඒ දේවල් ටිකත් ඩික්ෂනරියට එකතු කරන්න ඔයාලගෙන් තමා උදව් ඉල්ලන්නෙ. පුලුවන් කට්ටිය ඉන්නවනම් පුලුවන් විදියට උදව් කරන්න ඉහත ලින්ක් එක ක්ලික් කරල ලිපිය කියවන්න.


3) Substitle Word Search
මේ ටූල් එක කඩ්ඩ(ඉංග්‍රීසි ) හදාගන්න උණ(උවමනාව ) තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව කඩ්ඩ හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා මම කියන දේවල් ගොඩක් තේරුම ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසත් නැතිවෙලා යනව. ඒ සඳහා විසදුමක් විදියට Player එකක් හදන්න හිතුවත් අන්තිමට KMplayer ගැලපෙන Plugin එකක් හදල ඩික්ෂනරියට Add කරා. හොදයි කඩ්ඩ හදාගන්න කැමතිනම් විතරක් මේ කියන කරුනු ඔයාලට වැදගත් වෙයි.


ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක KMplayer එකෙන් ඕපන් කරගන්න. VLC Player/Windos Player වලටනම් වැඩ කරන්නෙ නෑ.

දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Word Search මත ක්ලික් කරන්න. එවිට එය මත Tick එකක් ඇඩ් වේවි. ඒ කියන්නෙ Subtitle Search Option එක ක්‍රියාත්මක වී අති බවයි. මෙවිට English Subtitle එක අදාල ෆෝල්ඩරයේ තිබ්බෙ නැත්නම් තියෙන තැනකින් ලෝඩ කරගන්න අවස්තාව දෙනව. DVD එකකින් ෆිල්ම් එක බලනවනම් ඒ දේ වැදගත්.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි. නැවත් Space Bar එක Press කරල අදාල වින්ඩෝ එක ඉවත් කරගන්න. එවිටම KMplayer එකෙහි Film එක නැවත් Play වන්නටත් පටන් ගනීවි. ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි.

මේ ඇප් එකට ගැලපෙන ලෙස සකස් කල Substitels File ඔයාලට www.njDic.tk  සයිට් එකෙන් Download කරගන්න පුලුවන්. අලුත් ෆිල්ම් වල Subtitle ඉක්මනින් අප්ඩෙට් කරනව. එම අලුත් විස්තර ගැන දැනගන්න The NDictionary Facebook Page එක Like කරන්න. එලෙස ලබාගත් Subtitle එකක් ඔයාලගෙ ෆිල්ම් ෆෝමැට් එකට ගැලපෙන්නෙ නැතිනම් කරන්න ඕන Trix එක මෙතනින් බලන්න. (සිංහල Subtitle වලටත් කරන්න පුලුවන් දෙයක්)

4) Top Word of The Day
ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක.

මේ ඇප් එක මගින් සෑම දවසකටම Randomly වචන 10ක් තෝරාගන්නව.
එම වචන 10 සෑම පැය බාගයකටම වරක් විනාඩියක පමන කාලයක් Tray Notification එකක් විදියට ඔබට  English Word ටික විතර්ක් දර්ශනය කරනව පහත ආකාරයට.


එම වචන වලට අදාලව තෙරුම් ටික දැකගන්න ඕනනම් ඉහත රූපයේ දක්නට ලැබෙන කහ පැහැති Tray Icon එක මත ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝවකින් එම තෙරුම් ටික දර්ශනය කරාවි.
ඒ වගේ අවශ්‍ය විටක දවසේ වචන 10 බලන්න ඕන නම් Main Menu එක තුල ඇති Top Word of The Day මත ක්ලික් කරන්න.

5) Multi Clip Board
යම් මාතෘකාවක් ඔස්සේ ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තා තිබීම. බොහෝ විට වචන් 6ක් 7ක් තිබ්බ. ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.

කරන්න තියෙන්නෙ Main Menu එක මත ඇති Multi Clip Board ක්ලික් කරල එම වින්ඩෝව ගෙන ටෙක්ස්ට් බොක්ස් වල අදාල වචන ටයිප් කිරීම. නැත්නම් වචනය කොපි කරගෙන නම් තියෙන්නෙ ටෙක්ස්ට් බොක්ස් එක මත ඩබල් ක්ලික් කලත් හරි. එවිට එම ටෙක්ස්ට් බොක්ස් එක තුල අදාල වචනය දක්නට ලැබේ.

දැන් ඔබ යමක් ටයිප් කරන විට Ctrl Key එක සමග එලෙස දැමූ වචනය ඇති ටෙක්ස්ට් බොක්ස් එකේ අංකය ප්‍රෙස් කරන්න. එවිට ඔබ ටයිප් කරන ලිපියේ කර්සර් එක ඇති තැනට අදාල වචනය Copy වනු ඇත.



6) Auto Text Grab
ඇප් එක හදන්න හේතු වුන කාරනය නැවත දාන්නෙ නෑ. හොදයි ඇප් එකෙන් වෙන්නෙ මේකයි.
ලොකු ඩෙට ප්‍රමාණයක් ( Text ) එක් තැනකින් ගෙන තව ෆයිල් එකකට වරග කරල Sorted File එකක් හදන්න තියෙන වෙලාවකට එම කාර්ය්‍ය ස්වයංක්‍රීයව කරගන්න පහසු කරන ඇප් එකක් තමා. කරන අයුරු සඳහා ලිපිය කියවන්න.


7) English Sinhala Word Database Community.
මේ ඩේටබෙස් එකේ තියෙන්නෙ ඉංග්‍රීසි-50,000/ සිංහල-80,000 පමණ වචන ප්‍රමාණයක් තමා. ඉතින් මම තීරණය කලා නාමල් ඩික්ෂණරිය හරහා බාවිතා කරන්නන්ගේත් උදව් ඇතිව මේ ඩේටබෙස් එක දියුණු කරන්න ක්‍රමයක් හදන්න සහ ඕන කෙනෙක්ට මේ ඩේටබේස් එක බාවිතා කරන්න පුලුවන් විදියට වෙබ් එකට දාන්න.එලෙස වචන ඩේටබෙස් එක දියුණු කරන ඔබ SEWdb Community එකෙහි සාමාජිකයකු බව දන්වා සිටිමි. එය ඔබට Download කරගන්න පුලුවන්.





8) Settings
නාමල් ඩික්ෂනරියට මම සරලව දාල තියෙන Settings ටිකක් තමා පහල පේන්න තියෙන්නෙ.


* Start on system startup:                                  -               මෙම ටික් එක දාල ඇත්නම් පරිගනකය Start වන විටම නාමල් ඩික්ෂනරියත් Open වෙනු ඇත.

*Active top word of the Day at Every 30 min:-            මෙම ටික් එක දාල ඇත්නම් සෑම විනාසි 30කටම වරක් Top Words -of The Day පෙන්වනු ලබයි.
*Enable Auto Search:                                                      -Auto Search වීම ඔබට අනවශ්‍ය නම් මෙම ටික් එක ඉවත් කර තබන්න.
*If You Added New Font:                                 -               ඉමේජ් වලින් වචන හදුනා ගැනීමට බාවිතා කරන ක්‍රම වේදය පරිගනකයේ ඇති ෆොන්ට් මතත් රදා පවතින නිසා ඔබ පරිගනකයට අලුතින් ෆොන්ට් ඉන්ස්ටෝල් කලේනම් එහි Update නාමල් ඩික්ෂනරියටත් ලැබිය යුතු නිසා Font Install කලායින් පසු මෙම Update Font Database Button එක ක්ලික් කරන්න.
Settings වලින්නම් සෑහීමකට පත් වන්න බෑරිනම් ඕනකරන Settings ගැන කියන්න. ඊලග වර්ෂන් එකෙන් ඉදිරිපත් කරන්නම්.

Instalation එක අවසානයේ Taskbar එක මත රයිට් ක්ලික් කර Properties ගන්න. එහි Notification Area වල Customize බටන් එක Click කලවිට ලැබෙන වින්ඩෝවෙන් NDictionary යටතෙ වන Show Alwais යන්න සෙලෙක්ට් කරන්න.

Windows7 සඳහා පහත පරිදි වේ.







XP සඳහා පහත පරිදි වේ.

Image Recognize වලට Use කරල තියෙන ටෙක්නොලොග්ය් එක අඩංගු ටූල් එක Trial Virsionඑකක්. ඒ නිසා එහි By-passing කරන්න යොදාගත් ක්‍රම නිසා එහිම ActiveX Control එක සමහර පරිගනක වල වැඩ කලේ නෑ. (Image Recognize එක විතරයි වැඩ නැත්තෙ. අනිත් ඔක්කොම වැඩකරනව.) මගේ වැඩකල නිසා ඊයෙ වෙනකන්ම දන්නෙ නෑ. ඒ ගැටලුව විසදන්න එහි ෆුල් Virsion එක ගන්න වෙයි. ඊට පස්සෙ 2012 Virsion එකෙන් කාටත් Image Recognize Use කරන්න පුලුවන් වෙයි. Full Version එක ගන්න උදව් කරන්න පුලුවන්නම් Image Recognize-njDic ලිපිය කියවල පුලුවන් විදියට හෙල්ප් එකක් දෙන්න.

Add Word වලින් ලබාගන්න Text File එක Upload කරන්න මම යොදාගත් Mail Servise එකත් Trial (Hosting ගන්න විදියක් නොටිබුන නිසා), එකපාරක් විතරයි වගේ යොදාගන්න පුලුවන්. ඊට වැඩි වාරගන්නක සහබාගිත්වයක් SEWdbC එකට ඔබට කරන්න පුලුවන් නම් ඒ ෆයිල් එක namalyaya@gmail.com එකට මේල් කරන මෙන් ඉල්ල සිටිමි.

ඒ වගේම මේ 2011 Beta Virsion එකේ ඇති දෝෂ අඩුපාඩු වගේ අලුත් අදහස් තියේනම් කියන්න මතක කරන්න එපා. ඒ සියළු කාරනා සමග ඊළග Virsion එක (2012) ඉතා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනව. (Comment Bug/New Idea). Errors වල ලබාගත් Snapshot සමග Errors ඉදිරිපත් කිරීමට නාමල් යාය Facebokk Group එකට එකතුවන්න කියල ආරාධනා කරනව.

හොදයි එහෙනම් මේ නිර්මාණයත් සමග, කරන්න පුලුවන් මට්ටමේ තියෙන්න තව එක පොඩි නිර්මාණයක් විතරයි. ඒකට ඩොමේන් එකක්, හොස්ටින් ප්ලෑන් එකක් ගන්න ඕන නිසා කල් යනව. ඒකත් වල්ඩ් වයිල්ඩ් අලුත්ම දෙයක් වෙයි.  අනිත් ඒව කරන්න එක්කො දැනුම නෑ එක්කො මුදල් නෑ අඩුමගානෙ රිසෝසස් හොයන්න හොඳ ඩේටපැකේජ් එකක් වත් නැතුව තමා ඉන්නෙ. ඒ පොඩි නිර්මාණ සම්බඳව, ඒ කියන්නෙ ලොකු නිර්මාණ දෙක තුනකුත් තියෙනව. ඒවනම් තාම හීන විතරයි, රුහුණ යුනිවර් සිටි එකට තේරීමත් සමග ඒ ගමනට මග විවර උනා කීවොත් නිවැරදියි. අන්තිම වශයෙන් මේ නිර්මාණය දක්වා එන මග මට උදව් කල සියලු දෙනාටම මේ ලිපිය හරහා ස්තුති වන්ත වෙනව (මම ප්‍රෝග්‍රැමින් වලට ආපු හැටි). ඉතින් රුහුණ යුනිවර්සිටි එකෙන් ඉගෙන ගත් දේවලට යුනිවර්සිටි එකේ පරිගනක අධ්‍යන අංශයටත් ස්තුති වන්ත වෙන්න ඕන.

අලුත් දැනුම බෙදාගන්නට නාමල්යාය සමග රැදී ඉන්න. අලුත් ලිපි ගැන ෆේස්බුක් සිටම දැනගන්න මෙහි ලයික් එකක් දාන්න (Namal Yaya on Facebook). ඒවගේම පහල HTML Code එක ඔබේ අඩවියක දමා මෙම නිර්මාණය සිලු දෙනා සමග බෙදාගන්න.

<a title="නාමල් ඩික්ෂනරි - njDic" href="http://namalyaya.blogspot.com/2011/12/namaldictionary.html"><img style="border:none;" src="http://lh3.googleusercontent.com/-31w3yDJaHUg/Txo5634xdCI/AAAAAAAAAe0/mmTYUMuEzzI/s800/njdic_namal_dictionary.gif" width="2600" alt="www.njDic.tk" /></a>

මෙම ලින්ක් මගින් ඔබේ යහලුවන් සමග මෙම ලිපිය Share කරන්නත් පුලුවන් (Click Send).


මේ නිර්මාණයට ප්‍රෝග්‍රැමින් වලට මාස දෙකක් වගේ ගියා, හැබැයි ඊට වඩා  කාලයක් රිසෝසස්/දැණුම හොයන ගත කරන්න උනා. ඒ වුනාට ඒ සඳහා එකදිගට කාලය ගියේ නෑ. නමුත් ප්‍රෝග්‍රැමින් කරද්දිනම් සෑම මිනිත්තුවක්ම ප්‍රයෝජනයට ගත්ත. ගොඩක් දේවල් මග අරින්න උනා. ලොකුම දේ කීයක් හරි හොයාගන්න සෙට්වුන ස(ර්)වේ එකකුත් මග ඇරිය. ඉතින් මේ නිර්මාණය අන්තර්ජාලයේ ඔයාලට වැදගත්නම් තමා සතුටු.

9.0 MB


free counters
Free counters
Read More