Showing posts with label techkatha. Show all posts
Showing posts with label techkatha. Show all posts

Sunday, April 20, 2014

// // 4 comments

techkathaOffliner Protable 2014


techkathaOffliner Portable 2014 ලෙස Episode 120 දක්වා Update අඩංගු Version එක ඔබට දැන් Download කර ගැනීමට පුලුවනි.

techkathaOffliner?
කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් Podcast එකක්. ) ඔයාලට විසඳගන්න බැරි පරිගනක ගැටලුවක් මතුවුනොත් මතක්වෙන එකම තැන ටෙක්කතානේ. ඉතින් ඒ ගැටලුව කලින් කතාකරපු ගැටලුවක් නම් ටෙක්කතා සයිට් එකේ සර්ච් කරල විසඳුම අහන්න පුලුවන්නෙ. ඉතින් මේකට ඕනවෙලාවට නෙට් යන්න පුලුවන්වෙනන් ඕන. ඒවගේම වැඩේට ඩේට කොහොම වැයවෙයිද දන්නෙත් නෑනේ. කොහොමවුනත් කට්ටිය ටෙක්කතා එපිසොඩ් ටික බාගෙනනේ තියෙන්නේ. ඉතින් මේ බාගත්තු  ටිකෙන් ප්‍රයෝජන ගන්නන Offline විසදුමක් තමයි techkathaOfflinner සොෆ්ට්වෙයා එක. ඔයාලට එන ගැටලුව සර්ච් කරල එන විසදුම් ටිකෙන් අහන්න ඕන ප්‍රශ්න ටික සෙලෙක්ට් කරල ප්ලේ කරන්න විතරයි තියෙන්නෙ. අදාල Title ටික ඔටෝමැටිකලිම Play වෙනව. 

කොහොමද ස්තාපනය කරගන්නෙ.
1) Download
2) මුලින් techkathaOffliner-Portable 2014.rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්. ඔබට අවශ්‍ය තැනක කැමති නමකින් ෆෝල්ඩරයක් සකසා ඩවුන්ලෝඩ් කරගත්තු techkathaOffliner-Portable 2014.rar ෆයිල් එක එයට කොපි කරගන්න. පසුව එය මත රයිට් ක්ලික් කර Extract Hear කරන්න. 



3) ඉන්පසුව ඔබ ඩවුන්ලෝඩ් කරගත්තු සියළු ටෙක්කතා එපිසොඩ් ටික එහි “Episode” Folder එකට කොපි කරගන්න. පහත විදියට එපිසොඩ් ටික නාමකරනය කරගන්න.

4) උදා :- Techkatha-EP77-RealAudio  කියන නම 77 ලෙස නම් කරන්න
(මෙහෙම කරන්නෙ එක එක එපිසොඩ් වල එක එක නාම කරනයන් තියෙන නිසා)

File ෆෝමැට් එක මොකක් වුනත් කමක් නෑ (mp3/ ram/ ogg).
තව මුලදි නාමකරනයේ තිබුන ගැටලුවට විසදුමක් ලෙස හදුන්වාදීමේ වැඩසටහන 1 ලෙසද නම් කරන්න දෙවන වැඩසටහන 2 ලෙස නම් කරන්න. එතකොට 6-7 කියල එක වැඩසටහනක් නොව 6, 7 කියල වැඩසටහන් දෙකක් නම් වෙයි. එතකොට 55-56 කියන වැඩසටහන 55 කියල නම් කරන්න.


5) ඔයාල ram Format එකන් එපිසොඩ් ඩවුන්ලෝඩ් කරල තිබේනම් ඒවා Play වීම සඳහා PC එකේ Player එකක්ද Install කර තිබිය යුතුය. එසේ නැතිනම් techkathaOffliner මගින් එම Episode Play නොකරයි. ram File Support  කරන Player එකක් Install කරල නැතිනම් RealAlternativ Player එක ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් Run කරන්න සියල්ල සූදානම්.
6) techkathaOffliner.exe එක මත Double Click කරන්න.


මෙන්න Fetchers ටික.
  • කීබෝඩ් එකේ N” Press කිරීමෙන් Next Record එක Play කරන්න පුලුවන්.
  • B” Press කිරීමෙන් පෙර Record එක Play කරන්න පුලුවන්.
  • P” Press කිරීමෙන් Play/ Pause කරන්න පුලුවන්.
  • Up / Down Arrow Key මගින් ලිස්ට් එක තුල උඩට / පහලට යන්න පුලුවන්.
  • Space Bar එක මගින් list එකේ Record Select/ Deselect කරන්න පුලුවන්.
  • Ctrl + Enter මගින් එම Record එකට අදාල Web Page එක බලන්න පුලුවන් (එහි ඇති කමෙන්ට් කියවීමට).
  • Shift + Enter මගින් “Play Selected” Command එක දෙන්න පුලවන්.
  • Left/Right Arrow Key මගින් Play Record වන එකේ ඉදිරියට ගමන් කරන්න පුලුවන්.(මෙවිට Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මතනම් 5 Second වලින් ඉදිරියට ගමන් කරන අතර Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මත නොවේ නම් 1 Second වලින් ඉදිරියට කරයි ). මවුස් ස්ක්‍රෝල් එකත් ඒ සඳහා යොදාගන්න පුලුවන්.
  • Play Selected විදානය දුන් පසුද Select කරන ලද Record බැලීම සඳහා Scroll කිරීමට “< / >” Button දෙකක් ඇත.
  • ටෙක්කතා වල කතාකරන ලද මාතෘකා වලින් තමන් කැමතිම Item ටික Favorite ලෙස Add කරගන්නට පුලුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය Records ටික සෙලෙක්ට් කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන Add Selected to Favorite විදානය මත ක්ලික් කරන්න. එසේ Favorite වලට ඇඩ් කරන ලද Records බැලීම සඳහා techkathaOffliner Icon එක මත ක්ලික් කරන්න. එම ලිස්ට් එකෙන් ඔබට අනවශ්‍ය එකක් Delete කිරීම සඳහා ඒවා Select කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන විදානය මත ක්ලික් කරන්න.

මේ සමගම කියන්න ඕනෙ මම හදපු ඩේටබේස් එක ඕනකෙනෙක්ට ඕන වැඩසටහනකට යොදාගන්න පුලුවන්. එය rar ෆයිල් එක තුල අඩංගු වෙනව.


ඉතින් මේ වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙනස්ම Software දෙකකින් ඔයාල හමුවෙන්න බලාපොරොත්තු වෙනව. ඔයාලගෙ කමෙන්ට් මෙම වැඩසටහන් දියුණු කරන්න වැදගත් වෙනව. අමතක නොකර හොඳ/වැරදි/චෝදනා/නව අදහස් මොනව හරි Comment කරල යන්න පුලුවන් නම් බොහොම ස්තුතියි


යාළුවො කාටත් දැනගන්න Share කරන්න.

අලුත් දේ මග නොහැරීමට Like කරන්න.
Read More

Sunday, February 24, 2013

// // 6 comments

techkathaOfflinder Downloads 1000+


tekkathaOffliner තමා මම මුලින්ම නාමල් යාය හරහා මගෙ යාළුවන්ට ලබාදීපු පලවෙනි Software එක. මම ඒක කලේ techkatha කරන අයියලාට කරන උපහාරයක් විදියට. මම මේ App එක දාන කොට ටෙක්කතා Fanpage එකෙත් හිට්යෙ 500ට අඩු පිරිසක්. දැන් නම් ඒක 4000ට කිට්‍ටුයි නේ.

ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවනම් අයිත් කියන්න තියෙන්නෙ ටෙක්නොලොජි වලට ආසනම් ඒවායෙ ප්‍රශ්න තියේනම් ගොඩවදින්න www.techkatha.com සතියකට වරක් දෙන Audio එක Download කරල අහන්න පුරුදුවන්න. ඔබගේ ගැටලුවටත් පිළිතුරු හොයාගන්න උදවු ගන්න.

ඔන්න මම කියන්න හැදුවෙ techkathaOffline Software එක ඩවුන්ලෝඩ් කරගැනීම් 1000 පසුකරල තියෙනව.

ඔයාලට ටෙක්කතා පොඩ්කාස්ට් ටික මැනේජ් කරගෙන පහසුවෙන් ප්‍රශ්නවලට පිළිතුරු අහන්න වුවමනාවක් තියේනම් මේ Software එක අනුමත කරන්න පුලුවන්.






Read More

Monday, July 30, 2012

// // Leave a Comment

Techකතා Offline Trix - Video Tutorial

ටෙක්කතා කිව්වම කවුරුත් දන්නවනේ ටෙක්නොලොජි ගැන සිංහලෙන් කියල.
ඒ තරම්ම නැතත්, ටෙක්කතා සඳහා මම හදපු ටෙක්කතා ඕෆ්ලයින් සොෆ්ට්වෙයා එක ගැනත් කට්ටිය දන්නවනේ.

2011 දී Techkatha Offline Application එකේ Beta Virsion එක Release කලා.
සුපුරුදු ලෙස එහි තිබ්බ ගොඩක් අඩුපාඩු හැදුව. වැඩි දවසක් නොගිහින් Full Version එක Release කලා.

මාස කීපයකට පසුව එහි Portable Version එකක් Release කලා. එතකොට Install කර කර ඉන්න ඕනෙ නෑ නේ. DVD එකක වුනත් ඔක්කොම TK Episode ට්කත් එක්ක Write කරල Potable Techkatha DVD එකක් හදාගන්න පුලුවන් නේ.

මේ අවුරුද්දෙදී මම TKOffline  එකහි Source Code එක Release කරල Open Source තත්වයට පත් කලා.

දැනට මම TKOffline එකෙ අලුත් වැඩසටහන් සඳහා Update දෙකක්ද ලබා දීල තියෙනව.

ටෙක්කතා 100 වෙනුවන් මගෙන්.
Download TechkathaOffline Update Ep100 - 120

TKOffline එක Open Source නිසා ඕනම කෙනෙක්ට අවසර තියෙනව Update හදල දාන්න.

ඉතින් නිවාඩු ටිකේ පුලුවන් වුනා TKOffline එක බාවිතා කරන ආකාරය ගැන Video Tutorial එකක් හදාගන්න. ඉතින් මෙන්න ඒ වීඩියෝ එක.

Read More

Saturday, July 21, 2012

// // Leave a Comment

Download TechkathaOffline Update Ep100 - 120

TechකතාOffline වැඩසටහන ගැන දන්න ඔයාලට වැදගත් දෙයක් නේ එහි Update එක. ඉතින් අද වෙනකොට ටෙක්කතා වැඩසටහන් 131ක් පමන පවත්වල තියෙනවනේ. එයින් 99 වනකම් Update කලින් නිකුත් කලානේ. එතකොට තව 32ක Update දෙන්න තියෙනව. මේ දවස්වල කැම්පස් නිවාඩු නිසා යන්තම් වෑඩසටහන් 20ක  ඩේට යොදල Update ඩේටබේස් එක හදාගත්ත. ලඟ ලඟම BIT Exam එකත් තියෙන නිසා ඉතිරියට පසුව මහන්සි වෙන්නම්. ඉතින් Episode 100 - 120 දක්වා Update එක පහල ලින්ක් එකෙන් බාගන්න. Update කරන ආකාරය දන්නෙ නැති කට්ටිය මේ ලින්ක් එකෙන් බලාගන්න. තව දෙයක් කියන්න තියෙනව, මම දැනටමත් TechkathaOfflin App එක Open Source කරල තියෙන නිසා මේ Update එක ඕනම කෙනෙක්ට හදන්න අවසර තියෙනව. ඉතින් දැනට Update එක හදන්න Show Note එක හදල දාපු සචිත්ට, ගයන්තට, චම්ලිට, දුෂාන්ට, චානකට කාටත් බොහොම ස්තුතියි.

Read More

Tuesday, December 27, 2011

// // Leave a Comment

Now techkathaOffliner is Open Source.

ඔන්න කලින් තිබ්බ තීම් එක වෙනස් කරල දාන පලමු පෝස්ට් එකෙන් ඩිවලොපින් ඉගෙන ගන්න අයට වැදගත් දෙයක් දෙන්න යන්නෙ. අන්තර්ජාලයේ යාළුවො ඔයාල දන්නවනේ මම පසුගිය කාලෙ ඕපන්සෝස් කරනව කියල ඔයාලට දුන්න සොෆ්ට්වෙයා එක ගැන. ඒ තමා techkathaOffliner. ඔන්න එහෙනම් මේ ඉෂ්ඨකරන්න යන්නෙ ඒ පොරොන්දුව තමා.



ඉතින් මම ඒ දීපූ සොෆ්ට්වෙයා එකෙන් ප්‍රයෝජන ගන්න අය ඔන තරම්, බව ඒ සඳහා ලැබුන කමෙන්ට් වලින් සතුටුවෙන්න පුලුවන්. මහන්සිය වතුරෙගිහින් නෑ කියල හිතෙන්න කමෙන්ට් විතරයි අන්තිමට. ආ එක නෙමේ අලුත් නිවුස් එකකුත් තියේනෙ කියන්න. ඒ තවත් ඔයාලට වැදගත් සොෆ්ට්වෙයා එකක් තමා.

ඉංගිරිසිය තෙරුම් ගන්නකොට පහසුවෙන්න එහෙම නැත්නම් ඉංගිරිසිය ඉගෙන ගන්න උන තියෙනවනම් ඔයාල කාටත් වැදගත් වෙයි. ඒ මොකක්ද කියල හෝම් පේජ් එක බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි. එහෙනම් ඔන්න මේ පහල ලින්ක් එකෙන් techkathaOffliner Open Source Project එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ දේ ප්‍රයෝජනයට ගෙන අලුත් නිර්මාණයක් කරන්න වාසනාව ලැබේවා කියල පතනව!

http://www.planet-source-code.com/vb/scripts/ShowCode.asp?txtCodeId=74227&lngWId=1

කමෙන්ට් එකක් දාන්න හිතෙනවනම් ඔය ලින්ක් එකෙන් ලැබෙන පෙජ් එකට දාන්න පුලුවන්නම් වටිනව.
Read More

Sunday, October 16, 2011

// // Leave a Comment

ටෙක්කතා 100ම.


               ටෙක්කතා ගැන දන්න ගොඩක් අය ඒක අහන්නෙ ඩවුන්ලෝඩ් කරගෙනනේ. ඉතින් සමහර අය ඒ ෆයිල් එක අහල ඉවරවෙලා ඩිලීට් කරල දාලත් තිබ්බ. ඉතින් TechkathaOffliner නිසා කට්ටියට ඩවුන්ලෝඩ් කරපු ෆයිල් වල වටිනාකම තේරුනානේ. ඉතින් ඒ අයත් වගේම මුල් එපිසොඩ් බා නොගත්තු ගොඩක් අය ටෙක්කතා එපිසොඩ් ඔක්කොම බාගන්න ලේසි ක්‍රමයක් ඕන කියල ඉල්ලීම මටත් ටෙක්කතා එකටත් යොමුකරල තිබ්බ නේ. ඉතින් මෙන්න ඒ සඳහා විසදුමක්. ඔයාලට පුලුවන් මේ ලින්ක් ටික Copy කරල Download Manager එකකට දාල ඩවුන්ලෝඩ් වෙන්න හරින්න. 1.2 GB විතර තමා ඔක්ක්කොම සයිස් එක.



http://dl.techkatha.com/Techkatha-EP100-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP99-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP98-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP97-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP96-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP95-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP94-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP93-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP92-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP91-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP90-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP89-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP88-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP87-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP86-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP85-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP84-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP83-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP82-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP81-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP80-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP79-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP78-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP77-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP76-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP75-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP74-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP73-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP72-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP71-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP70-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP69-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP68-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP67-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP66-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP65-RealAudio.zip
http://dl.techkatha.com/TechkathaUnplugged-Realaudio.zip
http://dl.techkatha.com/Techkatha-Ep64-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP63-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP62-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP61-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP60-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP59-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP58-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP57-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP56-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP54-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP53-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP52-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP51-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP50-RealAudio.zip

http://dl.techkatha.com/Techkatha-EP49-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP48-RealAudio.zip
http://dl.techkatha.com/Techkatha-EP47-RealAudio.zip
http://www.archive.org/download/TechkathaEP46/Techkatha-EP46-RealAudio.zip
http://ia341310.us.archive.org/1/items/TechkathaEP45/Techkatha-EP45-ACC.zip
http://www.archive.org/download/TechkathaEP44/Techkatha-EP44-RealAudio.zip
http://www.archive.org/download/TechkathaEP43/Techkatha-EP43-RealAudio.zip
http://www.archive.org/download/TechkathaEP42/Techkatha-EP42-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP41-RealAudio.zip
http://www.techkatha.com/download/Techkatha-EP40-RealAudio.zip

http://www.techkatha.com/download/Techkatha-EP39-RealAutio.zip
http://techkatha.com/download/Techkatha-EP38-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP37-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP36-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP35-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP34-RealAudio.zip
http://www.techkatha.com/download/Techkatha-EP33-RealAudio.zip
http://www.techkatha.com/download/Techkatha-EP32-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP31-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP30-RealAudio.zip
http://techkatha.com/download/Techkatha-EP30-RealAudio.zip

http://www.archive.org/download/TechkathaEp29/Techkatha-EP29-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp28/Techkatha-EP28-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp27/Techkatha-EP27-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp26/Techkatha-EP26-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp25/Techkatha-EP25-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp24/Techkatha-EP24-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp23/Techkatha-EP23-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp22/Techkatha-EP22-32kbps.mp3
http://www.archive.org/download/techkatha_ep_21_32kbps/Techkatha-EP21-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp20/Techkatha-EP20-32kbps.mp3

http://www.archive.org/download/TechkathaEp19/Techkatha-EP19-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp18/Techkatha-EP18-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp17/Techkatha-EP17-24kbps.mp3
http://www.archive.org/download/TechkathaEp16/Techkatha-EP16-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp15/Techkatha-EP15-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp14/Techkatha-EP14-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEp13/Techkatha-EP13-Live-Show-64kbps.mp3
http://www.archive.org/download/TechkathaEp12/Techkatha-EP12-32kbps.mp3
http://www.archive.org/download/TechkathaEP11/TechKatha-Episode11-full-32khz-32kbit.mp3
http://www.archive.org/download/TechkathaEP10_427/Techkatha-ep10-32kbps-Full.mp3

http://www.archive.org/download/TechkathaEP9/TechKatha-Episode9-full-16khz-32kbit.mp3
http://www.archive.org/download/TechkathaEP8/TechKatha-Episode8-full-16khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp7/TechKatha-Episode7-full-16khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp6/TechKatha-Episode6-full-44.1khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp5/TechKatha-Episode5-full-44.1khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp4-2/TechKatha-Episode4-full-16khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEp3/TechKatha-Episode3-full-32khz-32kbit_64kb.mp3
http://www.archive.org/download/TechkathaEpisode2Part1/TechkathaEpisode2Part1_64kb.mp3
http://www.archive.org/download/TechEp1/TechEp1_64kb_mp3.zip
Read More

Monday, October 10, 2011

// // 2 comments

ටෙක්කතා 100 වෙනුවන් මගෙන්.



තාක්ශනික් ගැටලු තනියම විසදගන්න ආස කවුරුත් වගේ නොදන්න තැනක් නෙවෙයි ටෙක්කතා කියන්නෙ. Podkasting -> Live Streaming -> Live Video Streaming හරහා ටෙක්කතා 100 වෙනකොට ලොකු ගමනක් ඇවිත් තියෙනව. ටෙක්කතා දැනට නිකුත්ව තියෙන වැඩසටහන් 99ම අහපු කෙනෙක් හැටියට මට ඒ හරහා ලොකු දැනුම් සම්බාරයක් ගන්න පුලුවන් වෙලා තියෙනව. ඉතින් ටෙක්කතා 100 වෙනුවෙන් මගේ උනුසුම් සුබ පැතුම් කාලිංග අයියා, තිලින අයියා, බුද්දික අයියා, සදීප අයියා ඇතුළු අයියලා සියළු දෙනාටම.

වැඩසටහන් 99 වෙනකොට ටෙක්කතා තුල මාතෘකා + ප්‍රශ්න = 2966 ක් කතා කරල තියෙනව. ඉතින් 100වෙනි වැඩසටහනෙන් 3000 පසුකරන්න පුලුවන් වේවි. ඒ වගේම ඔයාලට මේ 99ම අහනවනම් අඩුමතරමෙ පැය 130ක් වත් වෙයකරන්න වෙනව.

ඒ වගේම ටෙක්කතා අසන්නන් වෙනුවෙන් මගේ අතින් නිර්මාණය වුන techkathaOffliner එක ගැනත් ඔයාල දන්නවනේ. එහි ප්‍රගතිය අනුව කියන්න පුලුවන් ටෙක්කතා අසන්නන් ටෙක්කතා බොහොම සතුටෙන් වැලදගෙන තියෙන බව. techkatha Offliner එකේ දැනට තියෙන එකම අඩුපාඩුව තමා වැඩසටහන් 59ක ඩේට විතරයි ඩේට බේස් එකේ තියෙන්නෙ. ටෙක්කතා 100 වෙනුවෙන් ලොකු ලොකු වැඩ කොටසක් සිදුවන මේ වෙලාවෙ මට හිතුන මගෙන් සිදුවිය යුතු යුතුකමකුත් ඔයාල වෙනුවෙන් ඉෂ්ඨ කරන්න.
ඒ අනුව ලබන මාසෙ කැම්පස් එකේ Exam කටඋඩ තියාගෙන මම ඉතීරි වැඩසටහන් 60ක ඩේට ඩේටබේස් එකට එකතු කලා. වැඩසටහන් 21-46 දක්වා ටෙක්කතා වෙබ් එකේවත් ටයිමින් ඩේට නැති නිසා ඒ වෙනුවෙන් තාමා කාලය වැය කරන්න වුනේ. සමහරක් වැඩසටහන් වල ටයිමින් හදල දාන්න උනන්දු වුන අයත් ඉන්නව. ඒක මටත් උදව්වක් වුනා. ඒ අයටත් බොහොම ස්තුතියි.

ඉතින් යන්තම් ඩේටබේස් එක දැන් කම්ප්ලීට්, ඒ ගැන සතුටුයි. ටෙක්කතා ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ඔයාලට පුලුවන් මේ ඩේට සහිත Update එක අරගෙන Update කරගන්න. අලුතෙන් ඩවුන්ලෝඩ් කරන කට්ටිය App එක සහ Update එකයි දෙක Download කරගන්න.මුලින්ම ඩවුන්ලෝඩ් කරපු කට්ටිය මම හිතන්නෙ තාමත් ඇත්තෙ techkathaOffliner 1.0 - Beta Virsion එකේ (Look Title Bar), ඒකටනම් මේ Update එක වැඩකරන්නෙ නෑ.

ඒ හින්ද techkathaOffliner 1.0 - Portable / Full Virsion වලින් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. 6mb තමයි වැයවෙන්නෙ.

මේකට මම කාපු කට්ට අනුව හිතෙනව ටෙක්කතා අයියල ටෙක්කත වැඩසටහන 100 දක්වා ගේන්න කොච්චරනම් කට්ටක් කන්න ඇත්දකියල. ඉතින් මේ වගේ සුවිසාල දැනුමක් ගෙනදෙනවට ඒ කාටත් ගොඩක් පිං.ඇත්තටම් කියනවනම් මේ ඩේටබේස් එක හදන වැඩේ හින්ද මම ටෙක්කතා වැඩසටහන් 99 න් ගොඩක් ඒව දෙපාර්ක් වත් අහල තියෙනව. දෙවැනි සැරේටත් වැඩසටහන් අහද්දි එක සැරයක් අහල තිබිලත් මට සමහර මාතෘකා වලදී හිතුන මේවත් කතා කරල තියෙනව නේද කියල. ඒ තරමට ලොකු පරාසයක් තියෙනව ටෙක්කතා වැඩසටහන් තුල තියෙනව නේද..

Update Here


"Web" Folder එකේ තියෙන වෙබ්පේජ් ටික techkatha Offliner  එක අඩංගු ෆෝල්ඩර් එකේ තිබෙන "Web" Folder එකට Copy කරගන්න. Update කරන ආකාරය විස්තර මුල් ලිපියෙ තියෙනව. Update Click කරල File එක තෝරල Open කරන්න විතරයි තියෙන්නෙ.

ඉතින මේ ලෙසම මට "ටෙක්කතා 200 වෙනුවෙන් මගෙන්" කියන ලිපියක් ලියන්න ලැබේවා පතමින් ඒ සඳහා ටෙක්කතා කරන අයියලාට සුබ පත්මි.

"ටෙක්කතා 100 වෙනුවෙන් මගෙන්" ලිපියට ඔයාලට දැනෙන දේවල් ලියල යන්වනම් මම කැමතියි.
Read More

Saturday, September 24, 2011

// // Leave a Comment

ටෙක්කතා අසන්නන්ගේ උපකාර

Tehkaha Desktop කියන්නෙ අපේ සහෝදරයකුගෙ අතින් නිර්මාණය වුන ඔයාල කාටත් වැදගත් වෙන අපූරු නිර්මාණයක්. ඒ සඳහා අයිඩියා එක ලැබුනෙ මම නිර්මාණය කරපු techkatha Offlner එක කියල දැනගන්න ලැබීමත් බොහොම සතුටුයි. ඉතින් මේක නෙවෙයි අද මාතෘකාව.



අද මම Tehkaha Episode 97 බාගන්න කියල Tehkaha සයිට් එකට ගියාම දැක්ක සයිට් එකේ අලුත් වෙනසක්. ඒකනම් ඔයාලත් දකින්න ඇති "ටෙක්කතා අසන්නන්ගේ උපකාර" මේ යටතේ තිබ්බෙ මම ඔය සඳහන් කරල තිබ්බ සොෆ්ට්වෙයා දෙකට සැබැදුම් තමයි. ඉතින් මේ මගින් අපගේ නිර්මාණ සමාජයට ගෙනියන්න මහගු අත්වැලක් වෙනව.

මම නිතරම ආස කරන්නෙ මම කරපු නිර්මාණයකින් සමාජය ප්‍රතිඵල ගන්නව දැකීමයි. ඒ හින්ද මම මේ ලිපිය ලියන්නෙ techkatha Offlner හදපු වෙලාවෙ Techkatha කරන අයියලා මට ස්තුති කලාට සහ ඉහත කිව්ව විදියට අපගේ නිමාණ වලට ඉඩක් වෙන් කිරීමත් වෙනුවෙන් ටෙක්කතා කරන සියළුම අයියලාට ස්තුති කරන්නයි.
Read More

Sunday, August 21, 2011

// // 5 comments

techkathaOffliner 1.0 – Portable





             ඔන්න යාළුවනේ සුබ ආරන්චියක් අරගෙන තමයි ආවෙ. ඔයාල දන්නවෙන techkathaOffliner වැඩසටහන ගැන, අද මම ආවෙ එහි පොර්ටබල් වැඩසටහන අරගෙන. විතරක් නෙවෙයි එහි අලුත් Fetchers රාශියක්ම Add කරල තියෙනව. ඒ වගේම කලින් වැඩසටහනේ තිබ්බ ගොඩක් Errors එහෙමත් හදල තියෙනව.

කලින් වැඩසටහනට යොදාගත්තු යුනිකෝඩ් කොන්ට්‍රෝල එක ඩිමෝ වැඩසටහනක්. ඉක්මනට සෙටප් එක දෙන්න ඕන හින්ද techkathaOffliner එක Run කරන්න වුනේ පසුගිය දිනයක් ලෙස. ඒත් සමහර PC වල වර්තමාන දිනය හරියාකාරව සැකසුනේ නෑ. එහෙම පරන දිනයක් PC එකේ තියනකොට සමහර වෙබ් පේජ් ලෝඩ් වෙන්නෙ නෑ කියල දන්නවනේ. Portable වැඩසටහන පසුගිය දිනයක් ලෙස Run වෙන්නෙ නෑ. ඒ හින්ද ඒ ගැටලුවත් විසදිලා. කලින් ලිපියෙන් දීපූ සෙටප් ෆයිල් එක Beta Virsion එකේ සිට Full Virsion එකට මාරු කලා. කැමතිනම් එතනින් techkathaOffliner-1.0 Setup File එක Download කරගන්න පුලුවන්.

මම පෝර්ටබල් එක තමයි ඔයාලට මුලින්ම දෙන්න කියල හිතාගෙන හිටියෙ. ඒත් පොඩි පොඩි ප්‍රශ්න කීපයක් තිබ්බ (අම්මෝ, වින්ඩෝස් 7 වලටත් වැඩකරන විදියට පෝටබල් එක හදන්න ගිහින් ඔක්කොම එපාවුනා වගේ, ඉදිරියෙදි ඒ අත්දැකීමුත් බෙදාගන්න එකතුවන්න). ටික විසද විසද ඉන්නකොට University එකේ ලෙක්චර්ස්ලගෙ වැඩවර්ජනය ඉවරවෙලා University පටන්ගන්නව කියල ආරන්චිය ආව. ඊටපසෙදි ඉතින් වැඩ ගොඩගැහෙනවනේ. අස්සෙ techkathaOffline ඔයාලට දෙන්න පරක්කු වෙයි කියල හිතල Setup File එක දුන්නෙ. නමුත් පෝටබල් වැඩසටහනටන් වලටනම් කවුරුත් කැමති ඇති. මමත් එහෙමම තමයි. Install කර කර ඉන්න නම් අකමැතියි. මේ වැඩසටහ ඩවුන්ලෝඩ් කරගත්තම ඔයාලට හැමදාම ඩවුන්ලෝඩ් කරගත්ත Techkatha Episode සමගම තියාගන්න පුලුවන්නෙ. ඕන වෙලාවක Use කරන්න පුලුවන්.

මෙම පෝටබල් වැඩසටහන දෙන්න සෑහෙන්න කල් යයි කියලයි හිතුවෙ. නමුත් කමෙන්ට් කරපු අය මාව දිරිමත් කරන්න දීපු ප්‍රතිචාරවලින් මට හිතුන ඉක්මනින්ම පෝටබල් එකත් දෙන්න ඕනෙ කියල. ඒ සඳහා මට ලැබෙන සෑම විවේකයක්ම යෙදෙව්ව කීවොත් නිවැරදියි.



මෙන්න අලුත් Fetchers ටික.

  • කීබෝඩ් එකේ N” Press කිරීමෙන් Next Record එක Play කරන්න පුලුවන්.
  • B” Press කිරීමෙන් පෙර Record එක Play කරන්න පුලුවන්.
  • P” Press කිරීමෙන් Play/ Pause කරන්න පුලුවන්.
  • Up / Down Arrow Key මගින් ලිස්ට් එක තුල උඩට / පහලට යන්න පුලුවන්.
  • Space Bar එක මගින් list එකේ Record Select/ Deselect කරන්න පුලුවන්.
  • Ctrl + Enter මගින් එම Record එකට අදාල Web Page එක බලන්න පුලුවන් (එහි ඇති කමෙන්ට් කියවීමට).
  • Shift + Enter මගින් “Play Selected” Command එක දෙන්න පුලවන්.
  • Left/Right Arrow Key මගින් Play Record වන එකේ ඉදිරියට ගමන් කරන්න පුලුවන්.(මෙවිට Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මතනම් 5 Second වලින් ඉදිරියට ගමන් කරන අතර Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මත නොවේ නම් 1 Second වලින් ඉදිරියට කරයි ). මවුස් ස්ක්‍රෝල් එකත් ඒ සඳහා යොදාගන්න පුලුවන්.
  • Play Selected විදානය දුන් පසුද Select කරන ලද Record බැලීම සඳහා Scroll කිරීමට “< / >” Button දෙකක් ඇත.
  • ටෙක්කතා වල කතාකරන ලද මාතෘකා වලින් තමන් කැමතිම Item ටික Favorite ලෙස Add කරගන්නට පුලුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය Records ටික සෙලෙක්ට් කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන Add Selected to Favorite විදානය මත ක්ලික් කරන්න. එසේ Favorite වලට ඇඩ් කරන ලද Records බැලීම සඳහා techkathaOffliner Icon එක මත ක්ලික් කරන්න. එම ලිස්ට් එකෙන් ඔබට අනවශ්‍ය එකක් Delete කිරීම සඳහා ඒවා Select කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන විදානය මත ක්ලික් කරන්න.

කොහොමද ස්තාපනය කරගන්නෙ.


මුලින් techkathaOffliner-Portable.rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්. ඔබට අවශ්‍ය තැනක කැමති නමකින් ෆෝල්ඩරයක් සකසා ඩවුන්ලෝඩ් කරගත්තු techkathaOffliner-Portable.rar ෆයිල් එක එයට කොපි කරගන්න. පසුව එය මත රයිට් ක්ලික් කර Extract Hear කරන්න. 






            ඉන්පසුව ඔබ ඩවුන්ලෝඩ් කරගත්තු සියළු ටෙක්කතා එපිසොඩ් ටික එහි “Episode” Folder එකට කොපි කරගන්න. කලින් ලිපියේ සඳහන් විදියටම එපිසොඩ් ටික නාමකරනය කරගන්න.





ඔයාල ram Format එකන් එපිසොඩ් ඩවුන්ලෝඩ් කරල තිබේනම් ඒවා Play වීම සඳහා PC එකේ Player එකක්ද Install කර තිබිය යුතුය. එසේ නැතිනම් techkathaOffliner මගින් එම Episode Play නොකරයි. ram File Support  කරන Player එකක් Install කරල නැතිනම් RealAlternativ Player එක ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් Run කරන්න සියල්ල සූදානම්.


මේ සමගම කියන්න ඕනෙ මම හදපු ඩේටබේස් එක ඕනකෙනෙක්ට ඕන වැඩසටහනකට යොදාගන්න පුලුවන්. එය rar ෆයිල් එක තුල අඩංගු වෙනව.




මම වැඩසටහන අත්හදාබැලුවෙ Windows 7 / Windows Xp Virtual PC එකක. ඒ හින්ද සාර්ථක/ අසාර්ථක බව කියන්න පුලුවන්නම් බොහොම ස්තුතියි.

ඉතින් මේ වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙනස්ම Software දෙකකින් ඔයාල හමුවෙන්න බලාපොරොත්තු වෙනව. ඔයාලගෙ කමෙන්ට් මෙම වැඩසටහන් දියුණු කරන්න වැදගත් වෙනව. අමතක නොකර හොඳ/වැරදි/චෝදනා/නව අදහස් මොනව හරි Comment කරල යන්න පුලුවන් නම් බොහොම ස්තුතියි (Comment සිස්ටම් එක ගැනදන්නෙ නැත්ද).

On Facebook NamalYaya.
Thanks...

Read More

Wednesday, August 17, 2011

// // Leave a Comment

ටෙක්කතා; වැදගත්ම ලිපියට පසුව.

ඔන්න ඉතින් techkathaOffliner රිලීස් කරල සති තුනකට විතර පසුව තමයි මේ පෝස්ට් එක දාන්න ටයිම් හොයාගත්තෙ. ඉතින් ඔන්න මම මේ ලිපියෙන් බලාපොරොත්තුවන්නෙ කෙටියෙන් ටෙක්කතාඕෆ්ලයිනර් රිවීව් ටිකක් ගෙන එන්න. මුලින්ම කියන්න ඕන කවුරුත් දන්නවනේ techkathaOffliner ගැන techkatha 90 වෙනි වැඩසටහනේ කතා කලා. ඊට පසුව techkatha 91 වැඩසටහනට මටත් සහබාගි වෙන්න ලැබුන. නමුත් මයික් එකේ දෝශයක් හින්ද ඔයාලට ඒ කතාකල දේවල් පැහැදිලිද මන්ද. බොහොම ස්තුතියි ඒ වෙනුවෙන් කාලිංග අයියා ප්‍රමුක අයියල සෙට් එකට.

මෙන්න රිවීව් ටික (මුල් සති තුනක කාලය සඳහා.)




ලොව වටා ඩවුන්ලොඩ් කරගැනීම්.















techkathaOffliner ලිපිය කියවන්න ආපු පිරිස  (මුල් සති තුනක කාලය සඳහා.) = 761


                                      2011.07.23                      2011.08.13
Followers                               6                                     17
Facebook like                        1                                     32
Page view                           2075                                3785

මෙම කාලය තුල කමෙන්ට් 31ක් ලැබී තියෙනව. කමෙන්ට් සිස්ටම් එක වෙනස් වෙච්චි නිසා කමෙට් කිරීමට කම්මැලි වුන අයත් ඉන්නව. මේ කමෙන්ට් සිස්ටම් එක දැම්මෙ ඔයාලගෙ පහසුව බලලම තමයි. මොකද යම් යම් ගැටලු මතුවුවහොත් එම ගැටලු වලට විසදුම කමෙන්ට් එකක් දැම්ම අයට නිරතුරුව දැනගන්න ලැබෙන නිසා. මෙම් කමෙන්ට් සිස්ටම් එක ගැන දීප්'ස් අක්කිත් හොද ලිපියක් දාල තිබ්බ.

එක් අවස්තාවකදි මේ හරහා කමෙන්ට් කරාම වෙනත් සයිට් එකක ඇති මේ කමෙන්ට් සිස්ටම් එකකට වුනත් පහසුවෙන් කමෙන්ට් කරන්න පුලුවන්.

කොහොම වුනත් කමෙන්ට් කරපු අයට බොහොම ස්තුතියි. ඒ අය මාව දිරිමත් කෙරෙව්ව ඔයාලට තවත් වැදගත් දේවල් ගෙන ඒමට. ඉතින් ඒ අයට ස්තුති වෙන්න මම techkathaOffliner Portable වැඩසටහන ඉක්මන් කරන්න තීරනය කරල ලැබෙන හැම විවේකයක්ම ඒ වෙනුවෙන් යෙදෙව්ව. ඉතින් ඇතිවුන ගැටලු ඉක්මනින් විසදගන්න පොට පෑදුනා කීවොත් නිවැරදියි. ඉතින් මම ඊලගට එන්නෙ ඔයාලට එම ප්‍රතිඵලය අරගෙන තමයි. ඒ වැඩසටහනේ තව ගොඩක් ෆීචර්ස් ඇඩ් කලා. තිබුන Errors සැකසුව.

ඒකෙන් පසුවත් ඔයාලට සෑහෙන්න වැදගත් සොෆ්ට්වෙයා 2ක් විතර දෙන්න හිතාගෙන ඉන්නව. මේකෙන් පසුව ඒ ප්‍රොජෙක්ට්ස් පටන්ගන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක රැදිල උන්නට.
ඉදිරියෙදි හමුවෙමු.
Read More

Saturday, July 23, 2011

// // 62 comments

techkathaOffliner



ඔන්න එහෙනම් කවුරුවත් දන්නෙ නැති නිවුස් එකක් තමයි කියන්න යන්නෙ. මේ සොෆ්ට්වෙයා
එකක් ගැන නිවුස් එකක්. කවුරුවත් දන්නෙ නැති සොෆ්ට්වෙයා නිවුස් එකක් කොහෙද කියල
කට්ටිය බලනව ඇති නේ. මේ සොෆ්ට්වෙයා එක ගැන කියනවනම් නම තමයි techkathaOffliner [ටෙක්කතාඕෆ්ලයින(ර්)].


[කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් කමියුනිටි එකක්. )]

techkathaOfflinner වැදගත් වෙන්නෙ හිතුණු හිතුණු වෙලාවා ඉන්ටර්නෙට් යන්න බැරි අයට තමයි එහෙම කියල නොකියව ඉන්න එපා. ඔයාලගෙ නෙට් පැකේජ් එකේ ඩේට ඉතිරි කරගන්නත් කාලය ඉතිරි කරගන්නත් මේක වැදගත් වෙයි.

කරන්න පුලුවන් දේ කිවුවොත් මෙහෙමයි. ඔයාලට විසඳගන්න බැරි පරිගනක ගැටලුවක් මතුවුනොත් මතක්වෙන එකම තැන ටෙක්කතානේ. ඉතින් ඒ ගැටලුව කලින් කතාකරපු ගැටලුවක් නම් ටෙක්කතා සයිට් එකේ සර්ච් කරල විසඳුම අහන්න පුලුවන්නෙ. ඉතින් මේකට ඕනවෙලාවට නෙට් යන්න පුලුවන්වෙනන් ඕන. ඒවගේම වැඩේට ඩේට කොහොම වැයවෙයිද දන්නෙත් නෑනේ. තව ටයිම් එක හොයාගෙන සීක් කර කර ඉන්නත් එපාය නේ. කොහොමවුනත් කට්ටිය ටෙක්කතා එපිසොඩ් ටික බාගෙනනේ තියෙන්නේ. ඉතින් මේ බාගත්තු  ටිකෙන් ප්‍රයෝජන ගන්නනම් ටිකක් මහන්සිවෙලා බාගත්තු වෙබ් පේජ් ටික බල බල කාලය වැය කරල ගොඩක් ඒව අහන්න වෙනවනේ. මේ ඔක්කොටම ඕෆ්ලයින් විසදුමක් තමයි techkathaOfflinner සොෆ්ට්වෙයා එක. ඔයාලට එන ගැටලුව සර්ච් කරල එන විසදුම් ටිකෙන් අහන්න ඕන ප්‍රශ්න ටික සෙලෙක්ට් කරල ප්ලේ කරන්න විතරයි තියෙන්නෙ. අදාල Title ටික ඔටෝමැටිකලිම ප්ලේ වෙනව. සිම්පල්ද?

මාත් ඉතින් කැම්පස් කොල්ලෙක් වුනාට තාම ඩොන්ගල්නම් යාලුවන්ගෙ පිහිට තමයි නැත්නම් කැෆේ තමයි.. ඉතින් නෙට් ප්‍රශ්නේ මට තියෙන හින්ද හදාගත්තු සොෆ්ට්වෙයා එක තමයි මේ. ඉතින් කාත් එක්කත් බෙදාගන්න කියල ඔන්න දෙනව.

කොහොමද බාවිතාකරන්නෙ.  (How to Use It)
මේහෙමයි පහල download ලින්ක් එකට ගිහිල්ල techkatha_Setup.exe බාගන්න. ඊට පස්සෙ Install කරගන්න.( Install එකක් කරන ආකාරය දන්නෙ නැත්නම් මේ මත ක්ලික් කරන්න.)

Install කරද්දි F:\ ඩ්‍රයු එක පාත් එක ලෙස තෝරාගත්තොත් ෆුල් පාත් එක වෙන්නෙ F:\Techkatha කියන පාත් එකයි.
Install එකෙන් පස්සෙ ෆෝලඩර් එක මෙහෙම තමයි පේන්නේ.


දැන් ඔයාල බාගෙන තියෙන ටෙක්කතා එපිසොඩ් ඔක්කොම Episode කියල තියෙන ෆෝල්ඩර් එකට කොපි කරන්න. පස්සෙදි ඔයාලගෙ එපිසොඩ් වල නම් අදාල වැඩසටහනේ අංකෙන් නම් කරගන්න.
උදා :- Techkatha-EP77-RealAudio  කියන නම 77 ලෙස නම් කරන්න
(මෙහෙම කරන්නෙ එක එක එපිසොඩ් වල එක එක නාම කරනයන් තියෙන නිසා)


File ෆෝමැට් එක මොකක් වුනත් කමක් නෑ (mp3/ ram/ ogg).

තව මුලදි නාමකරනයේ තිබුන ගැටලුවට විසදුමක් ලෙස හදුන්වාදීමේ වැඩසටහන 1 ලෙසද නම් කරන්න දෙවන වැඩසටහන 2 ලෙස නම් කරන්න. එතකොට 6-7 කියල එක වැඩසටහනක් නොව 6, 7 කියල වැඩසටහන් දෙකක් නම් වෙයි. එතකොට 55-56 කියන වැඩසටහන 55 කියල නම් කරන්න.

හරි දැන්Setup එක ඉවරයි. (මරු Setup එක නේද ) දැන් techkathaOffliner එක අරගෙන (Start --> techkathaoffliner --> techkathaoffliner) තමාගේ ගැටලුවට අදාල කීවර්ඩ් ටික ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ටයිප් කරල සර්ච් කරල බලන්න.
සර්චින් ඔප්ෂන් 2ක් තියෙනව "All Text", "Any Text" කියල. දෙකෙන්ම ට්‍රයි කරල බලන්න.


අහන්න ඕන කියල හිතෙන Title එක මත Double කිරීමෙන් හෝ එය සෙලෙක්ට් කර Enter Key එක Press කිරීමෙන් ඒ අදාල ප්‍රශ්නයේ විසදුමට සවන්දිය හැක.

සිංහල ටයිප් කරන්න Real Time Unicode Converter එක බාවිතාකරන්නත් පුලුවන්.
ඒ සදහා Serch Box එක තුලදී Ctrl + Enter key Press කරන්න.
සින්ග්ලිෂ් ක්‍රමයට ටයිප් කරල එන්ටර් කරල සර්ච් කිරීමටද එන්ටර් කරන්න.



ඊටපස්සෙ අදාල මාතෘකා ටික ආවම තමාට වැදගත් නැති මාතෘකා තියේනම් Select කරල ලිස්ට් එකෙන් ඩිලීට් කරල දාන්න.


දැන් මුල් මාතෘකාව සෙලෙක්ට් කරල ප්ලේ කරන්න. එතකොට අදාල විසදුම් ටික ප්ලේ වෙයි. ඔයාට
තියෙන්නෙ නිදහසේ අහගෙන ඉන්න විතරයි.

එහෙම නැත්නම් අදාල ටික Select කරල Play Selected දෙන්න. OK,

ඉතින් මේ සොෆ්ට්වෙයා එක දැන්යාලගෙ නිසා හොඳ/චෝදනා වගේම Error කොමෙන්ට් එකක් දාල එහෙම සප් එකක් දෙන්නකෝ. තව වැඩිදියුනු වෙන්න ඕන විදිය එහෙමත් කියන්නකෝ.

මුල් එපිසොඩ් වල කතා කරපු මාතෘකා වෙබ් පේජ් එකේ දාල තිබුනෙ පිලිවෙලට නෙවෙයි. මට ඒක මීටර් වුනේ පස්සෙදි. එක හින්ද සමහර ඒවගේ (Episode 5ක 6ක) ටයිම් එක වැරදියි. ඒවගේ මාතෘකාවට අදාල නැති දෙයක් කාතා කරන තැනක් සෙට් වුනොත් කමෙන්ට් එකකින් දන්වන්න.



සමහර එපිසොඩ් ෆෝමට් (ram)  File Play වෙන්න නම් VLC Player එක install කරල තියෙන්න ඕන.
ඒත් ප්ලේ වෙන්නෙ නැත්නම් මෙන්න මේ Real Alternativ Player එක Install කරල බලන්න.
(Rar Password = realalt122) (පාස්වර්ඩ් එක ෆයිල් එකේ නමමයි.)


වැඩසටහන් 21 සිට 46 දක්වා වැඩසටහන් වල දත්තනම් නෑ,  ඒ ටිකේ ටයිම් හදන්න තාම පටන් ගත්තෙවත් නෑ. එහෙම කිවුවට කීපයක කරන්න පුලුවන් වුනා. හැබෑයි ටයිමින් අදාල මාතෘකා එක්ක ගැලපෙනවද කියල බල එකම දේ Episode එකේ තැන් කීපයක කතාකරල තියෙනවද බලල නිවැරදිව දාන්නත් ඕනනේ. ඒ ටික දාලා Full Version එක ඉක්මනට දෙන්න ට්‍රයි කරන්නම්. ඒ වගේම episode 3ක් විතර අලුතෙන් එකතු වුනාම ඒවට අදාල Timing, Title සහිත Update එක ලබාදෙන්නම්.

Update කරන්න Update ෆයිල් එක බාගෙන Update Button එක ක්ලික් කරල Update ෆයිල් එක සෙලෙක්ට් කරල Open කරන්න එච්චරයි.


ඔයාලට යම් Episode එකක කන්ටෙන්ට් විතරක් ලෝඩ් කරගෙන අහන්න ඕනනම් Search Box එකේ අදාල Episode අංකය ටයිප් කරල Go to Episode Buttopn එක Press කරන්න .


Random QS කියන Button එක Press කලොත් ටෙක්කතාවල කතා කරපු දේවල් වලින් ටිකක් Randomly තෝරාගෙන ඔබට ඉදිරිපත් කරනව.

Portable Software එකක් තමයි ඔයාලට දෙන්න හිතාගෙන හිටියෙ. ඒත් Windows 7 වල ආපු Error කීපයක් හදන්න කල්යයි වගේ. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනය ඉවරවෙලා ලබන සදුද විතර කැම්පස් පටන්ගන්න නිසා තව වැඩ ගොඩගැහෙයි. ඒ  හින්ද Setup එක හනික හදල දැම්ම.

New Idea.
කට්ටිය ටෙක්කතා එපිසොඩ් අහන්නෙ ෆෝන් එකට දාගෙන යන එන ගමන් නේ. ඉතින් මේ වගේ වැඩසටහනක් ෆෝන් එකටත් තිබුණොත් ටෙක්කතා පෝර්ටබල් කරන්න පුලුවන්. ඒකත් මට කරන්න පුල්වන් වුනානම් ආසයි, සතුටුයි(මමයි කලේ කියන්න නෙවෙයි, දැණුම තිබීම ගැනයි සතුටු වෙන්න තිබ්බෙ. ) ඒත් මට එකනම් බෑ. මේ ටික කලෙත් කෝස් එහෙම කරල නෙවෙයි. ගූගල් දෙවියන්ගෙ පිහිටෙන්. මම ඉතින් පිසිකල් සයන්ස් නේ. ඒ හින්ද පුලුවන් කාටහරි ආරාධනා කරනව වැඩේ බාරගෙන කරන්න කියල. නමුත් 2GB විතර ඉඩක් යන හින්ද කට්ටිය කැමතිද දන්නෙ නෑ නේ. හැබැයි amr/3gp Format  එකට කන්වර්ට් කලොත් 50mb දක්වා විතර එපිසොඩ් වල සයිස් එක අඩු වේවි. ෆෝන් සොෆ්ට්වෙයා එකකුත් තියේනම් හොඳයි කියල හිතෙන කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න කෝ. එතකොට පුලුවන් කෙනෙක් මුල් වෙලා වැඩේ ගොඩදායි. මගේ වැඩසටහනට මම හදපු ඩේටබේස් එක යූස් කරන්න පුලුවන්,  අඩුපාඩු ඉවරයක් කරල ෆුල් රිලීස් එක දෙන කොට Database ඒකත් දෙන්නම් කෝ.


බලාපොරොත්තුව...
 විශේෂය තමයි මම VB Programing ඉගෙන ගත්තේ පොත්,සීඩීස්,ඉන්ටර්නෙට් ෆලෝ කරල. කොම්පියුටර් කෝස් එකක් දෙන්න ඔයාලගෙ දෙමව්පියන්ටත් හැකියාවක් නැත්නම් කනගාටු වෙන්න එපා. මගේ ක්‍රමේ ගොඩක් හොදයි. හැබැයි ඉතින් කලය නම් ටිකක් වැඩිපුර වැයකරන්න වෙනව. ඒක ගනන් ගන්න එපා. මම මේ ප්‍රොජෙක්ට් එක කරන්න ගිහින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. VB වලට කොහොමද සිංහල යුනිකෝඩ් බාවිතා කරන්නෙ. ඩේට බේස් යූස් කරන ආකාරය.
ඒ වගේම හොදම සර්චින් ඇල්ගොරිදමයක් නෙට් එකෙන් හොයාගන්න කාලය වැය කලා. තව ඩේට බේස් එක හදන්නත් කලය ගොඩක් වැය කලා. මොකද මුල් එපිසොඩ් 46යේම ටයිම් තිබුනෙ නෑ. ඉතින් මම මේ ඉගෙනගත්තු දේවල් යොදාගත්තු Resource එක්ක පෝස්ට් ටිකකුත් දාන්න බලාපොරොත්තු වෙනව. ඒක VB ඉගෙන ගන්න ආස අයට ප්‍රයෝජනවත් වෙයි.

ස්තුතිය
ඒ වගේම මට මේ දේ කරන්න ගොඩක් අයගෙන් උදව් ලැබුන. විශේෂයෙන් ටෙක්කතා නිර්මාණය අයියලාට. ටෙක්කතා ගෘප් එකට. බ්ලොග් කරුවන්ට (ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ) තව රුහුණ ව්ශ්ව විද්‍යාලයේ පරිඝනක ලෙක්චර්ස්ලටත් ස්තුතියි. මම පිසිකල් නිසා කැම්පස් එකෙන් ඉගෙන ගත්තු දෙවල් ටික වුනත් බොහොම වැදගත් වුනා.  දෙමවුපියන්ටත් පවුලේ අයටත් ඒලෙස උදවු කරපු කාටත් බොහොම ස්තුතියි බොහොම පිං.

ප්‍රාර්තනය !
ඒ වගේම ටෙක්කතා  කමියුනිටි එක කවුරුත් එක්ක එකතු වෙලා දියුණු කරමු.
අපේ රටේ ලොකු තාක්ෂනික දියුණුවකට අඩිතාලම ටෙක්කතා කමියුනිටි එක කරමු.
ඒ සඳාහා එක සිතින් සුබ පතමි!




ෆේස්බුක් පැත්තට යං එනවාද.




මේ techkathaOffliner එකට හදපු බැනර් එක කැමතිනම් ඔයාලගෙ බ්ලොග් එකට දාල සප් එකක් දෙන්න පුලුවන්.

<a href="http://namalyaya.blogspot.com/2011/07/techkathaofflinner.html" alt"NamalYaya" target="_blank"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhW9IRxEkWalROwq1w0ib-curK6rJklGhwuEGVtgEYa0Sa9YcHs6q1mG4cNP7ONKPUNVsHDYZYlV-iarceQ8N_ExFQ2ZMMzEomCX8MtDbYWEEr-hEt67ov9FRt3ldD6zfHMooReI6tXIWd6/s320/new.gif" /></a>


Comment එකක් දාන්න අමතක කරන්න එපා යාළු.
(Disqus වලින් Comment කරන්න දන්නෙ නැද්ද.)
Thanks.

ප.ලි 
techkathaOffliner Portable වැඩසටහ දැන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.




ටෙක්කතා 100යෙම Data සහිත Update එකත් ගන්න.


ටෙක්කතා 100ම බාගන්න.








Read More