Saturday, July 23, 2011

// // 62 comments

techkathaOffliner



ඔන්න එහෙනම් කවුරුවත් දන්නෙ නැති නිවුස් එකක් තමයි කියන්න යන්නෙ. මේ සොෆ්ට්වෙයා
එකක් ගැන නිවුස් එකක්. කවුරුවත් දන්නෙ නැති සොෆ්ට්වෙයා නිවුස් එකක් කොහෙද කියල
කට්ටිය බලනව ඇති නේ. මේ සොෆ්ට්වෙයා එක ගැන කියනවනම් නම තමයි techkathaOffliner [ටෙක්කතාඕෆ්ලයින(ර්)].


[කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් කමියුනිටි එකක්. )]

techkathaOfflinner වැදගත් වෙන්නෙ හිතුණු හිතුණු වෙලාවා ඉන්ටර්නෙට් යන්න බැරි අයට තමයි එහෙම කියල නොකියව ඉන්න එපා. ඔයාලගෙ නෙට් පැකේජ් එකේ ඩේට ඉතිරි කරගන්නත් කාලය ඉතිරි කරගන්නත් මේක වැදගත් වෙයි.

කරන්න පුලුවන් දේ කිවුවොත් මෙහෙමයි. ඔයාලට විසඳගන්න බැරි පරිගනක ගැටලුවක් මතුවුනොත් මතක්වෙන එකම තැන ටෙක්කතානේ. ඉතින් ඒ ගැටලුව කලින් කතාකරපු ගැටලුවක් නම් ටෙක්කතා සයිට් එකේ සර්ච් කරල විසඳුම අහන්න පුලුවන්නෙ. ඉතින් මේකට ඕනවෙලාවට නෙට් යන්න පුලුවන්වෙනන් ඕන. ඒවගේම වැඩේට ඩේට කොහොම වැයවෙයිද දන්නෙත් නෑනේ. තව ටයිම් එක හොයාගෙන සීක් කර කර ඉන්නත් එපාය නේ. කොහොමවුනත් කට්ටිය ටෙක්කතා එපිසොඩ් ටික බාගෙනනේ තියෙන්නේ. ඉතින් මේ බාගත්තු  ටිකෙන් ප්‍රයෝජන ගන්නනම් ටිකක් මහන්සිවෙලා බාගත්තු වෙබ් පේජ් ටික බල බල කාලය වැය කරල ගොඩක් ඒව අහන්න වෙනවනේ. මේ ඔක්කොටම ඕෆ්ලයින් විසදුමක් තමයි techkathaOfflinner සොෆ්ට්වෙයා එක. ඔයාලට එන ගැටලුව සර්ච් කරල එන විසදුම් ටිකෙන් අහන්න ඕන ප්‍රශ්න ටික සෙලෙක්ට් කරල ප්ලේ කරන්න විතරයි තියෙන්නෙ. අදාල Title ටික ඔටෝමැටිකලිම ප්ලේ වෙනව. සිම්පල්ද?

මාත් ඉතින් කැම්පස් කොල්ලෙක් වුනාට තාම ඩොන්ගල්නම් යාලුවන්ගෙ පිහිට තමයි නැත්නම් කැෆේ තමයි.. ඉතින් නෙට් ප්‍රශ්නේ මට තියෙන හින්ද හදාගත්තු සොෆ්ට්වෙයා එක තමයි මේ. ඉතින් කාත් එක්කත් බෙදාගන්න කියල ඔන්න දෙනව.

කොහොමද බාවිතාකරන්නෙ.  (How to Use It)
මේහෙමයි පහල download ලින්ක් එකට ගිහිල්ල techkatha_Setup.exe බාගන්න. ඊට පස්සෙ Install කරගන්න.( Install එකක් කරන ආකාරය දන්නෙ නැත්නම් මේ මත ක්ලික් කරන්න.)

Install කරද්දි F:\ ඩ්‍රයු එක පාත් එක ලෙස තෝරාගත්තොත් ෆුල් පාත් එක වෙන්නෙ F:\Techkatha කියන පාත් එකයි.
Install එකෙන් පස්සෙ ෆෝලඩර් එක මෙහෙම තමයි පේන්නේ.


දැන් ඔයාල බාගෙන තියෙන ටෙක්කතා එපිසොඩ් ඔක්කොම Episode කියල තියෙන ෆෝල්ඩර් එකට කොපි කරන්න. පස්සෙදි ඔයාලගෙ එපිසොඩ් වල නම් අදාල වැඩසටහනේ අංකෙන් නම් කරගන්න.
උදා :- Techkatha-EP77-RealAudio  කියන නම 77 ලෙස නම් කරන්න
(මෙහෙම කරන්නෙ එක එක එපිසොඩ් වල එක එක නාම කරනයන් තියෙන නිසා)


File ෆෝමැට් එක මොකක් වුනත් කමක් නෑ (mp3/ ram/ ogg).

තව මුලදි නාමකරනයේ තිබුන ගැටලුවට විසදුමක් ලෙස හදුන්වාදීමේ වැඩසටහන 1 ලෙසද නම් කරන්න දෙවන වැඩසටහන 2 ලෙස නම් කරන්න. එතකොට 6-7 කියල එක වැඩසටහනක් නොව 6, 7 කියල වැඩසටහන් දෙකක් නම් වෙයි. එතකොට 55-56 කියන වැඩසටහන 55 කියල නම් කරන්න.

හරි දැන්Setup එක ඉවරයි. (මරු Setup එක නේද ) දැන් techkathaOffliner එක අරගෙන (Start --> techkathaoffliner --> techkathaoffliner) තමාගේ ගැටලුවට අදාල කීවර්ඩ් ටික ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ටයිප් කරල සර්ච් කරල බලන්න.
සර්චින් ඔප්ෂන් 2ක් තියෙනව "All Text", "Any Text" කියල. දෙකෙන්ම ට්‍රයි කරල බලන්න.


අහන්න ඕන කියල හිතෙන Title එක මත Double කිරීමෙන් හෝ එය සෙලෙක්ට් කර Enter Key එක Press කිරීමෙන් ඒ අදාල ප්‍රශ්නයේ විසදුමට සවන්දිය හැක.

සිංහල ටයිප් කරන්න Real Time Unicode Converter එක බාවිතාකරන්නත් පුලුවන්.
ඒ සදහා Serch Box එක තුලදී Ctrl + Enter key Press කරන්න.
සින්ග්ලිෂ් ක්‍රමයට ටයිප් කරල එන්ටර් කරල සර්ච් කිරීමටද එන්ටර් කරන්න.



ඊටපස්සෙ අදාල මාතෘකා ටික ආවම තමාට වැදගත් නැති මාතෘකා තියේනම් Select කරල ලිස්ට් එකෙන් ඩිලීට් කරල දාන්න.


දැන් මුල් මාතෘකාව සෙලෙක්ට් කරල ප්ලේ කරන්න. එතකොට අදාල විසදුම් ටික ප්ලේ වෙයි. ඔයාට
තියෙන්නෙ නිදහසේ අහගෙන ඉන්න විතරයි.

එහෙම නැත්නම් අදාල ටික Select කරල Play Selected දෙන්න. OK,

ඉතින් මේ සොෆ්ට්වෙයා එක දැන්යාලගෙ නිසා හොඳ/චෝදනා වගේම Error කොමෙන්ට් එකක් දාල එහෙම සප් එකක් දෙන්නකෝ. තව වැඩිදියුනු වෙන්න ඕන විදිය එහෙමත් කියන්නකෝ.

මුල් එපිසොඩ් වල කතා කරපු මාතෘකා වෙබ් පේජ් එකේ දාල තිබුනෙ පිලිවෙලට නෙවෙයි. මට ඒක මීටර් වුනේ පස්සෙදි. එක හින්ද සමහර ඒවගේ (Episode 5ක 6ක) ටයිම් එක වැරදියි. ඒවගේ මාතෘකාවට අදාල නැති දෙයක් කාතා කරන තැනක් සෙට් වුනොත් කමෙන්ට් එකකින් දන්වන්න.



සමහර එපිසොඩ් ෆෝමට් (ram)  File Play වෙන්න නම් VLC Player එක install කරල තියෙන්න ඕන.
ඒත් ප්ලේ වෙන්නෙ නැත්නම් මෙන්න මේ Real Alternativ Player එක Install කරල බලන්න.
(Rar Password = realalt122) (පාස්වර්ඩ් එක ෆයිල් එකේ නමමයි.)


වැඩසටහන් 21 සිට 46 දක්වා වැඩසටහන් වල දත්තනම් නෑ,  ඒ ටිකේ ටයිම් හදන්න තාම පටන් ගත්තෙවත් නෑ. එහෙම කිවුවට කීපයක කරන්න පුලුවන් වුනා. හැබෑයි ටයිමින් අදාල මාතෘකා එක්ක ගැලපෙනවද කියල බල එකම දේ Episode එකේ තැන් කීපයක කතාකරල තියෙනවද බලල නිවැරදිව දාන්නත් ඕනනේ. ඒ ටික දාලා Full Version එක ඉක්මනට දෙන්න ට්‍රයි කරන්නම්. ඒ වගේම episode 3ක් විතර අලුතෙන් එකතු වුනාම ඒවට අදාල Timing, Title සහිත Update එක ලබාදෙන්නම්.

Update කරන්න Update ෆයිල් එක බාගෙන Update Button එක ක්ලික් කරල Update ෆයිල් එක සෙලෙක්ට් කරල Open කරන්න එච්චරයි.


ඔයාලට යම් Episode එකක කන්ටෙන්ට් විතරක් ලෝඩ් කරගෙන අහන්න ඕනනම් Search Box එකේ අදාල Episode අංකය ටයිප් කරල Go to Episode Buttopn එක Press කරන්න .


Random QS කියන Button එක Press කලොත් ටෙක්කතාවල කතා කරපු දේවල් වලින් ටිකක් Randomly තෝරාගෙන ඔබට ඉදිරිපත් කරනව.

Portable Software එකක් තමයි ඔයාලට දෙන්න හිතාගෙන හිටියෙ. ඒත් Windows 7 වල ආපු Error කීපයක් හදන්න කල්යයි වගේ. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනය ඉවරවෙලා ලබන සදුද විතර කැම්පස් පටන්ගන්න නිසා තව වැඩ ගොඩගැහෙයි. ඒ  හින්ද Setup එක හනික හදල දැම්ම.

New Idea.
කට්ටිය ටෙක්කතා එපිසොඩ් අහන්නෙ ෆෝන් එකට දාගෙන යන එන ගමන් නේ. ඉතින් මේ වගේ වැඩසටහනක් ෆෝන් එකටත් තිබුණොත් ටෙක්කතා පෝර්ටබල් කරන්න පුලුවන්. ඒකත් මට කරන්න පුල්වන් වුනානම් ආසයි, සතුටුයි(මමයි කලේ කියන්න නෙවෙයි, දැණුම තිබීම ගැනයි සතුටු වෙන්න තිබ්බෙ. ) ඒත් මට එකනම් බෑ. මේ ටික කලෙත් කෝස් එහෙම කරල නෙවෙයි. ගූගල් දෙවියන්ගෙ පිහිටෙන්. මම ඉතින් පිසිකල් සයන්ස් නේ. ඒ හින්ද පුලුවන් කාටහරි ආරාධනා කරනව වැඩේ බාරගෙන කරන්න කියල. නමුත් 2GB විතර ඉඩක් යන හින්ද කට්ටිය කැමතිද දන්නෙ නෑ නේ. හැබැයි amr/3gp Format  එකට කන්වර්ට් කලොත් 50mb දක්වා විතර එපිසොඩ් වල සයිස් එක අඩු වේවි. ෆෝන් සොෆ්ට්වෙයා එකකුත් තියේනම් හොඳයි කියල හිතෙන කට්ටිය ඉන්නවනම් කමෙන්ට් කරන්න කෝ. එතකොට පුලුවන් කෙනෙක් මුල් වෙලා වැඩේ ගොඩදායි. මගේ වැඩසටහනට මම හදපු ඩේටබේස් එක යූස් කරන්න පුලුවන්,  අඩුපාඩු ඉවරයක් කරල ෆුල් රිලීස් එක දෙන කොට Database ඒකත් දෙන්නම් කෝ.


බලාපොරොත්තුව...
 විශේෂය තමයි මම VB Programing ඉගෙන ගත්තේ පොත්,සීඩීස්,ඉන්ටර්නෙට් ෆලෝ කරල. කොම්පියුටර් කෝස් එකක් දෙන්න ඔයාලගෙ දෙමව්පියන්ටත් හැකියාවක් නැත්නම් කනගාටු වෙන්න එපා. මගේ ක්‍රමේ ගොඩක් හොදයි. හැබැයි ඉතින් කලය නම් ටිකක් වැඩිපුර වැයකරන්න වෙනව. ඒක ගනන් ගන්න එපා. මම මේ ප්‍රොජෙක්ට් එක කරන්න ගිහින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. VB වලට කොහොමද සිංහල යුනිකෝඩ් බාවිතා කරන්නෙ. ඩේට බේස් යූස් කරන ආකාරය.
ඒ වගේම හොදම සර්චින් ඇල්ගොරිදමයක් නෙට් එකෙන් හොයාගන්න කාලය වැය කලා. තව ඩේට බේස් එක හදන්නත් කලය ගොඩක් වැය කලා. මොකද මුල් එපිසොඩ් 46යේම ටයිම් තිබුනෙ නෑ. ඉතින් මම මේ ඉගෙනගත්තු දේවල් යොදාගත්තු Resource එක්ක පෝස්ට් ටිකකුත් දාන්න බලාපොරොත්තු වෙනව. ඒක VB ඉගෙන ගන්න ආස අයට ප්‍රයෝජනවත් වෙයි.

ස්තුතිය
ඒ වගේම මට මේ දේ කරන්න ගොඩක් අයගෙන් උදව් ලැබුන. විශේෂයෙන් ටෙක්කතා නිර්මාණය අයියලාට. ටෙක්කතා ගෘප් එකට. බ්ලොග් කරුවන්ට (ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ) තව රුහුණ ව්ශ්ව විද්‍යාලයේ පරිඝනක ලෙක්චර්ස්ලටත් ස්තුතියි. මම පිසිකල් නිසා කැම්පස් එකෙන් ඉගෙන ගත්තු දෙවල් ටික වුනත් බොහොම වැදගත් වුනා.  දෙමවුපියන්ටත් පවුලේ අයටත් ඒලෙස උදවු කරපු කාටත් බොහොම ස්තුතියි බොහොම පිං.

ප්‍රාර්තනය !
ඒ වගේම ටෙක්කතා  කමියුනිටි එක කවුරුත් එක්ක එකතු වෙලා දියුණු කරමු.
අපේ රටේ ලොකු තාක්ෂනික දියුණුවකට අඩිතාලම ටෙක්කතා කමියුනිටි එක කරමු.
ඒ සඳාහා එක සිතින් සුබ පතමි!




ෆේස්බුක් පැත්තට යං එනවාද.




මේ techkathaOffliner එකට හදපු බැනර් එක කැමතිනම් ඔයාලගෙ බ්ලොග් එකට දාල සප් එකක් දෙන්න පුලුවන්.

<a href="http://namalyaya.blogspot.com/2011/07/techkathaofflinner.html" alt"NamalYaya" target="_blank"><img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhW9IRxEkWalROwq1w0ib-curK6rJklGhwuEGVtgEYa0Sa9YcHs6q1mG4cNP7ONKPUNVsHDYZYlV-iarceQ8N_ExFQ2ZMMzEomCX8MtDbYWEEr-hEt67ov9FRt3ldD6zfHMooReI6tXIWd6/s320/new.gif" /></a>


Comment එකක් දාන්න අමතක කරන්න එපා යාළු.
(Disqus වලින් Comment කරන්න දන්නෙ නැද්ද.)
Thanks.

ප.ලි 
techkathaOffliner Portable වැඩසටහ දැන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.




ටෙක්කතා 100යෙම Data සහිත Update එකත් ගන්න.


ටෙක්කතා 100ම බාගන්න.








62 comments :

  1. eth hariyanne ne machan.play wenne ne.

    ReplyDelete
  2. machan,mekanam great work 1k.patta.
    machan,samahara ewa play novima elanga kotasata maaru wenawane.ai mehema wenne.ehema digatama wela "play has completed"msg 1 enawa

    ReplyDelete
  3. ඔයා කරලා තියෙන්නේ ගොඩක් අගය කරන ඕනේ වැඩක..මට මන හදවතින්ම සතුටුයි සහෝදරයා..  :) මම නම තාම programing වලට අත නොතියපු,එත් ගොඩක් ආස කරන කෙනෙක්..ඒ නිසා මට ඔයා කරපු මේ දේ ගැන නම ගොඩක් සතුටුයි......ඇත්තමයි..මමත් download කරගෙන අනිවා දාල බලනවා...

    ReplyDelete
  4. මචන් Ocx එක රෙජිස්ටර් කරන්න මේ ක්‍රමයත් අනුගමනය කරල බලන්න. මේ ප්‍රශ්නය මට නැති නිසා ඔයාටම කරල බලන්න වෙනව.
    a. Click on Start; Click on All Programs.
    b. Click on Accessories.
    c. Right click on Command Prompt and run as administrator.
    පසුව පහල තියෙන විදියට ටයිප් කරල එන්ටර් කරන්න.
    regsvr32 c:\windows\system32\Codejock.Controls.v13.0.0.ocx

    Ocx එකේ පාත් එක ඔයවිදියට වෙන්න ඕන. කෝකටත් පාත් එක හරිද කියලත් බලන්න.

    ReplyDelete
  5. ඔයාගෙ pc එකේ ටෙක්කතාවලින් ඩව්න්ලොඩ් කරපු ram ෆයිල්ස් ඇති. ඒව ප්ලේ වෙන්න ප්ලේයර් එකක් ඉන්ස්ටෝල් කරලද තියෙන්නෙ. එම ram ෆයිල්ස් ප්ලේ කරන්න අවශ්‍ය කොඩෙක් නැතිඋනාම මෙහෙම වෙනව. ඔය පෝස්ට් එකේ දාල තියෙන විදියට Real Alternativ Player එක ඉන්ස්ටෝල් කරල බලන්න.

    ReplyDelete
  6. mama vlc player 1 install karala thiyenne machan.real player aniwaryen download karanna oneda machan?

    ReplyDelete
  7. ඇප්ස් මගින් .. අල්ලපු රටේ වුන් දැන් නිහඩව ආක්‍රමණය කරන වෙලාවේ ‍මෙවැනි දෙයක් ඉදිරිපත් කිරිම ගැන මම විතරක් නෙමේ අපි සියලු දෙනාම සතුටුවෙනවා..ඔබට සුභ පැතුම් මල්ලි තව තවත් ඇප්ස් හදන්න ශක්තිය ලැබේවා එක සිතින් මා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  8. ඇත්තටම හුගක් හොද වැඩක්

    ReplyDelete
  9. ඒ ගැන සතු‍ටුයි.

    ReplyDelete
  10. සහතික ඇත්ත අයිය, අපි කවුරුත් උනන්දු වෙමු ඒ දේට. ස්තුතියි.

    ReplyDelete
  11. එල වැඩක් අනිවා මාත් සෙට්වෙනව ස්තූතියි දැනුවත් කලාට සහෝ

    ReplyDelete
  12. මහසෝණා මහතාDecember 24, 2012 at 4:10 PM

    නියමයි...........!!

    ReplyDelete
  13. ඇත්තටම අගය කරන්න ඕන වැඩක්. ඉතාමත් වටිනවා. මමත් ආවේ ටෙක්කතා ගෘප් එකේ දාලා තිබ්බ ලින්ක් එක දැකල. මමත් ප්‍රෝගැමින් කියන දේ පොත පතින් ඉගෙන ගත්ත කෙනෙක් ඉතින් ඔයත් ඒ වගේ ඉගෙනගෙන මේ වගේ දෙයක් කරලා තියෙනවා දැක්කාම ලොකු සතුටක් දැනුනා.
    පොඩි යෝජනා කීපයක් තියෙනවා
    1. එපිසොඩ් වල ඩේටා දාන එකත් ඕන කෙනෙකුට දාන්න පුළුවන් විදිහට හැදුවා නම් අපි කට්ටියට එක එක එපිසොඩ් එක බෙදාගෙන හරි කරලා ඔයාට ඉක්මනට දෙන්න පුළුවන් නේද? එතකොට ඔයාටත් පහසු වෙයි කියලා හිතෙනවා.
    2. ඉස්සරහට එන එපිසෝඩ් වල ඩේටා + ඕඩියෝ ඔටෝ නෙට් එකෙන් අරගන්න විදිහට හදන්න පුළුවන් නේද/ සර්වර් පහසුකම නැත්නම් මට දෙන්න පුළුවන්.

    ReplyDelete
  14. maru software ekak
    gr8 work bro !

    ReplyDelete
  15. එල. නියම වැඩක්. සුභ පැතුම් !!!

    ReplyDelete
  16. මෙන්න නියම වැඩ. කාලිංග අයියලාගෙන් අවසරත් අරගෙන ඇති කියල හිතනවා. අගය කල යුතු නිර්මාණයක්

    ReplyDelete
  17. එල එල නියමයි....

    ReplyDelete
  18. Excellent work buddy! Really appreciate it. This will really become a hit. :)

    ReplyDelete
  19. Great Work.... Thanks for sharing !!

    ReplyDelete
  20. අගය කලයුතු වැඩක්.. සුබපතනවා :)

    ReplyDelete
  21. Well done. great work

    ReplyDelete
  22. එල කිරි වැඩක්තෙ කරල තියෙන්නෙ ජය වේවා

    ReplyDelete
  23. ela machoo elakiri wedak....jaya wewaaa

    ReplyDelete
  24. Niyama Wadak Bohoma Isthuthi

    ReplyDelete
  25. සුභ පැතුම්..! මරු වැඩක්..!

    ReplyDelete
  26. Dhanushka GunasingheDecember 24, 2012 at 4:10 PM

    නියම වැඩක්...බොහොම ස්තුතීයි

    ReplyDelete
  27. this is great work and solves a problem that most of us had. hats off bro !!

    ReplyDelete
  28. Maxxxxaaaaaaaaa Work!!!!!

    ReplyDelete
  29. amila pathum mahagamaDecember 24, 2012 at 4:10 PM

    එල එල මෙන්න රියල් වැඩ!

    ReplyDelete
  30. මාත් මේක run කරනකොට මේ අවුලම ආවා. හැබැයි run as admin කරනකොට error එක එන්නේ නැහැ. මාත් පාවිච්චි කරන්නේ win 7 32 bit එක

    ReplyDelete
  31. ඔව්, ඒක තමා විසදුම. ඒත් සෙලරුට විසදුමක් නැතිවම ප්‍රශ්ණෙ ගිය දුර පේනවනේ.

    ReplyDelete
  32. hai machan, app ekanam maru.... Macho mata thawa podi udawwak karanna puluwannam loku deyak. Math umbe meee method ekama follow karala mage movies manage karanna soft ekak heduwa, film eke nama hari act karana kenekge hari namak dunnama eka play wena widiye ekak, mata podi awlak thiyenawa search code eke, puluwannam oyage resourcesui source code ekai ewanna puluwanda? Loku udawwak wei,

    and keep up ur great work bro, u hav done a great thing, puluwan welawata uparima udawwak dennam.....
    If u can e-mail me those codes : madushan92@hotmail.com

    ReplyDelete
  33. අහන්නත් සතුටුයි. ටෙක්කතාඕෆ්ලයිනර් ෆුල් රිලීස් එකත් කරල එම වැඩසටහන හදපුවිදිය රිසෝසස් එක්ක දාන්න කියල තමා ඉන්නෙ. ඒත් කල් යන හින්ද ඔන්න මම සර්චින් වලට යොදාගත්ත කෝඩ් එක මේල් කලා. ඔයාට ගැලපෙන විදියට ඩිවලොප් කරල ගන්න. ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් කරන්නකෝ

    ReplyDelete
  34. ගොඩක් හොඳයි. ගොඩක් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්! ඉදිරියටත් මෙවැනි නිර්ඹාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  35. ඔන්න කාටත් කියන්නෙ, ටෙක්කතාOffලයිනර් පෝටබල් වැඩසටහන නිකුත් කලා.

    ReplyDelete
  36. sri lankan programers are challange for the indian programmers.... ;) great work bro....

    ReplyDelete
  37. Thanks, bro....
    කවුරුත් එක්ක එකතුවෙලා හොඳ අභියෝගයක් කරන්න ඕනෙ.

    ReplyDelete
  38. ඔව් ඔව් අවසර තියෙනව.

    ReplyDelete
  39. අනාවැකිය හරි bro. දැන් හිට් වෙලා වගේ හිතට දැනෙනවා.

    ReplyDelete
  40. බොහොම ස්තුතියි, යෝජනා වලට. ඉදිරියේදී ෆුල් රිලීස් එකේදී මේ දේවල් කරන්න ට්‍රයි එකක් දෙන්නම්. ෆුල් රිලීස් එකෙන් පසුව මෙය ඕපන්සෝර්ස් කරන්න හිතාගෙන ඉන්නෙ. එතකොට ඔයාට වුනත් කරන්න පුලුවන්නේ.

    ReplyDelete
  41. Thanks Deeps අක්කි, නාමල් යායට ආපු එකම ගැහැණු ළමය අක්කි නේ. අඳුනගන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  42. බොහොම ස්තුතියි කමෙන්ට් කරල සහයෝගය දක්වපු හැමදෙනාටම. දැනට ඩවුන්ලෝඩින් 77යි. ඔයාලගෙන් ප්‍රතිචාර විතරයි බලාපොරොත්තුවෙන්නෙ. එතකොටයි කලදේ හොඳද නැද්ද කියල දැනෙන්නෙ.

    ReplyDelete
  43. අහන්නත් සතුටුයි.

    ReplyDelete
  44. Thanks, තාම පටන්ගත්ත විතරයි.

    ReplyDelete
  45. මචං win7 වල මේක run කරද්දී run time err එකක් එනවා 339 කියල.
    screen shot එක්ක දැම්ම මෙතන.

    ReplyDelete
  46. මචං Program එක Open කරද්දි Run as Administrator විදියට Open කරල බලන්න. ඒත් Error එක ආවොත් කියන්න. Thanks.

    ReplyDelete
  47. එළනෙ, ගොඩක් හොඳ වැඩක්.සුභ පතුම්!.ඩවුන්ලෝඩ් කලා.වැරදි අහුවුනොත් කියන්නම්.

    ReplyDelete
  48. Run as Administrator විදියට run කලත් කිසිම වෙනසක් නෑ යාළුවා.
    මං පාවිච්චි කරන්නේ win7 x84 (32bit) මේ os එක තියෙන හැමෝටම මෙහෙමද දන්නේ නෑ.
    මං මේක uninstall කරලා ආයිත් install කරන්න බැලුවා. නමුත් uninstall කරද්දී පහත msg එක එනවා. එත් control panel එක හරහා uninstall උනා. ආයිත් install කරට කිසිම වෙනසක් නෑ.

    ReplyDelete
  49. ආයිත් install කරන්න. Open කරන්න කලින් Run Command Window එක අරගෙන පහල තියෙන Code එක Copy කරල Ok කරල බලන්න.
    regsvr32 c:\windows\system32\Codejock.Controls.v13.0.0.ocx

    Win 7 වලදි Run එක ගන්න ආකාරය දැනගන්න මේ ලින්ක් එකට යන්න. ප්‍රතිඵලය Reply කරන්න.
    http://www.howtogeek.com/howto/windows-vista/enable-run-command-on-windows-vista-start-menu/

    ReplyDelete
  50. මචං ඕක run කරහම err එකක් එනවා. පින්තුරයක් ඇමිණුවා.
    web එකේ search කරහම පහත පොට අහුවුනා. මට programming ගැන වැඩිය තේරුමක් නෑ.

    http://social.msdn.microsoft.com/Forums/en/vcgeneral/thread/e4256b55-3928-46a4-b80e-3ae10b7661ac

    ReplyDelete
  51. කැම්පස් පටන්ගත්ත නිසා මේ දවස් වල බිසී. ෆුල් වර්ෂන් එකේදී මේ ගැටලුව විසදනකම් ටිකක් ඉන්න වෙයි මචන්, සොරි. දැනුවත් කලාට ස්තුතියි.

    ReplyDelete
  52. එල එල.
    ස්තුතියි මචං. සුබපැතුම්!

    ReplyDelete
  53. RajapaksharomeshjeewanDecember 24, 2012 at 4:12 PM

    hoda wadak malle aa

    ReplyDelete
  54. Elakiri yaluwa.maru wadak.
    Puluwanam 120n pasu update denna.

    Idea-:-)puluwanam database 1ta aluth field ekak danna links kiyala.
    Ekarala puluwanam apita techkatha eken dena upakaraka puruk tikath program 1ta add karanna.
    Good luck

    ReplyDelete
  55. patta wadak machan.
    thawath me wage dewal karanna hakiyawa labewa.

    ReplyDelete