Saturday, May 28, 2016

// // 16 comments

The Engrisi Dictionary 2016 (Free Download English Sinhala Dictionary - ICTA Awarded)

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ පහක් පමණ දැනට භාවිතයට ගන්නා දෙදහස් දොළහ වර්ෂයේ ICTA - e-Swhabhimani සහ SLIC - Dasis සම්මන හිමි කරගත් English-Sinhala Language Translation & English Learning සඳහා පහසුකම් ‍රැසක් සපයන Engrisi Dictionary 2016 මෘදුකාංගය ඔබට මෙහිදී Free Downlaod කරගත හැක.

අලුත් Version එකේ අලුත් වැඩක් කියල Google Translator එක කෙලින්ම එකතු කරගන්න පුලුවන් උනා. මේ Feature එකටනම් ගොඩක් අය කැමති වෙයි කියල මම හිතනව. මොකද එය Subtitle Translator එකටත් වැඩ හින්ද ඔයාලට පුලුවන් English Film එකක් බලන්න සිංහල Subtitle නැතුව. English ඉගෙන ගන්න ආස අයටනම් ඒක ගොඩක් ලොකු දෙයක් වෙයි. ඒ වගේම Dictionary එකේ තියෙන වැඩ ටික ගොඩක් අය හරියට දන්නෙ නෑ.. ඒ නිසා මම හිතුව Tutorial Video එකක් කරන්න ඕනි කියල. ඔන්න ඉතින් යන්තම් එකත් ගොඩ දා ගත්ත. Video Size: 15Min, 60MB.



සෑම අවුරුද්දකම ජනවාරි 1 අලුත් Version එක ලබා දුන්නද මේ අවුරුද්දේ අධික වැඩ සහ කරදර මධ්‍යයේ පරක්කු වූවාට සමාවෙන්න කියල මෙය බාවිතා කරන අයගෙන් මම ඉල්ලා සිටිනව. මොකද සෑහෙන්න Comments තිබ්බ ඉක්මනට ලබා දෙන්න කියල. ඉතින් මගේ උපන් දිනේ දවසටවත් මේක රිලීස් කරන්න ඕනි කියල හිතා ගත්ත. ඔන්න ඉතින් මගේ උපන් දිනේ වෙනුවෙන් නාමල් යායට යන එන පාඨකයන්ට මගෙන් තිලිණයක් විදියට The Engrisi Dictionary 2016. නව අදහස්, යෝජනා, චෝදනා, Errors ආදිය Comment කරල යන්න ඕනි හොඳද. ඔබේ යාළුවන්ටත් මේකෙ ප්‍රයෝජන ගන්න ලබාදෙන්න කාරුණික වෙන්න. ඒ සඳහා පහල Share Button එක Click කරන්න. පහල Share To Download link එක Click කරල Free Download කරගන්න.


ඔබේ හොඳම යාළුවාටත් දැන ගන්න Share කරන්න


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්. ඒ සඳහා පහල Like Button එක Click කරන්න.


ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එම මුදල සොයා ගැනීමට හැකි වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ඔබ කැමතිනම් ඒ සඳහා ඔබටත් දායක විය හැක.  
  

Advertisement එකක් මගින් ඔබගේ සහය පලකරන්න කැමතිනම් Subject එක Ads ලෙස යොදා e-Mail එකක් namalyaya[at]gmail.com වෙත යොමුකරන්න.
ස්තුතියි.

Features of the Engrisi Dictionary 2016



1) Subtitle Translator for KMPlayer
ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි භාවිතා කිරීමට අවස්තාවක් නොමැති වීම තමයි කාටත් තියෙන ප්‍රශ්නෙ. එහෙනම් English Subtitle විතර්ක් දාගෙන Film බලල ඒ අවස්තාව ලබාගනිමු. එම ක්‍රියාවලිය පහසු කරන්න තමයි මේ Tool එක.
2) Top 10 Words of The Day
ඉංග්‍රීසී භාශා විශේෂත්න්‍යයන් කියන්නෙ හොදින් ඉංග්‍රීසි කතා කිරීමට විශේෂ වචන 4000ක් දැනගත්තම ඇති කියල. ඒ විශේෂ වචන දවස ගානෙ පහසුවෙන් මෙනෙහි කිරීමට තමයි මේ Tool එක.
3) Web Browser & PDF Readers Support
Document එකක් කියවීමේදී English වචනයක තෙරුම දැනගන්න ගියාම වද විදින්න ඕනි නෑ. වචනෙ උඩ Double Click කරන්න විතරයි තියෙන්න.
4) Singlish Keyboard for Windows
සිංහල යුනිකෝඩ් ක්‍රමයට අකුරු සිංහල Type කරන්න Singlish (SMS) ක්‍රමය භාවිතා කරන්න පුලුවන් අවස්තාව ලබාදෙන Tool එකක්.
5) History & Favorite
Search History එක පහසුවෙන් Access කරන්න පුලුවනි.
6) Easy Search in the Web
7) Various Searching Options
8) Auto Search
9) Optical Character Recognize - OCR
10) Learning Tools
11) Learning Games
විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රම ඕනි තරම්.
12) English, Sinhala & Singlish (SMS Like) Typing
සිංහල වචනයක තේරුම හොයන්න හරිම පහසුයි.
13) English Meaning or Sinhala Meaning
කැමතිනම් Defenition එක English වලින්ම බලාගන්න.
14) Speech
15) Google Translator Support
16) Useful Settings for Customization

ඉහත සියළුම Features බාවිතා කරන අයුරු Engrisi Dictionary එකෙහි Main Menu එකේ ඇති "Help" ඔස්සේ ඉගෙන ගත හැකිය.


Flag Counter

Read More

Saturday, January 3, 2015

// // 50 comments

Free Download the Engrisi Dictionary 2015 (English Sinhala Dictionary)

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට අන්තර්ජාතික වශයෙන් පිළිගෙන ඇති English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.


ආයුබෝවන් කියල 2015 වසරේ නාමල් යායට සපැමිණි ඔබ සියලු දෙනා සාදරයෙන් පිලිගණිමි. ඔන්න සුපුරුදු පරිදි නාමල් යායෙන් ඔයාලට දෙන පලමු තෑග්ග Engrisi Dictionary 2015. අන්තර්ජාතික වශයෙන් පිළිගෙන  ඇති  English ඉගෙන ගන්නා ක්‍රම ශ්‍රී ලංකාවට හදුන්වා දෙමින් ඒ සඳහා පහසුකම් සලසන මෙම Learning Tool එක මාගේ Hobby එකක් විදියට කරගෙන ගියත් දැන් දැන් තිබෙන කාර්ය්‍ය බහුලත්වය නිසා අලුත් අංග එකතු කිරීමට ටිකක් අපහසු වී තිබෙන බව දැනුම් දෙන්න ඕනි. ඔබ සියලු දෙනාටම ඉතාම ප්‍රයෝජනවත් වන අලුත් අංග ටිකක් Engrisi Dictionary 2015 Version එකට එකතු කරන්න බලාපොරොත්තු උනත් ඒවා ටිකක් ප්‍රමාද වූ නිසා 2016 Version එකෙන් වත් දෙන්න උත්සාහ කරන්නම්.

Features of the Engrisi Dictionary 2015

1) Subtitle Translator for KMPlayer
ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි ඉංග්‍රීසි භාවිතා කිරීමට අවස්තාවක් නොමැති වීම තමයි කාටත් තියෙන ප්‍රශ්නෙ. එහෙනම් English Subtitle විතර්ක් දාගෙන Film බලල ඒ අවස්තාව ලබාගනිමු. එම ක්‍රියාවලිය පහසු කරන්න තමයි මේ Tool එක.
2) Top 10 Words of The Day
ඉංග්‍රීසී භාශා විශේෂත්න්‍යයන් කියන්නෙ හොදින් ඉංග්‍රීසි කතා කිරීමට විශේෂ වචන 4000ක් දැනගත්තම ඇති කියල. ඒ විශේෂ වචන දවස ගානෙ පහසුවෙන් මෙනෙහි කිරීමට තමයි මේ Tool එක.
3) Web Browser & PDF Readers Support
Document එකක් කියවීමේදී English වචනයක තෙරුම දැනගන්න ගියාම වද විදින්න ඕනි නෑ. වචනෙ උඩ Double Click කරන්න විතරයි තියෙන්න.
4) Singlish Keyboard for Windows
සිංහල යුනිකෝඩ් ක්‍රමයට අකුරු සිංහල Type කරන්න Singlish (SMS) ක්‍රමය භාවිතා කරන්න පුලුවන් අවස්තාව ලබාදෙන Tool එකක්.
5) History & Favorite
Search History එක පහසුවෙන් Access කරන්න පුලුවනි.
6) Easy Search in the Web
7) Various Searching Options
8) Auto Search
9) Optical Character Recognize - OCR
10) Learning Tools
11) Learning Games
විනෝදෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රම ඕනි තරම්.
12) English, Sinhala & Singlish (SMS Like) Typing
සිංහල වචනයක තේරුම හොයන්න හරිම පහසුයි.
13) English Meaning or Sinhala Meaning
කැමතිනම් Defenition එක English වලින්ම බලාගන්න.
14) Speech
15) Useful Settings for Customization

ඉහත සියළුම Features බාවිතා කරන අයුරු Engrisi Dictionary එකෙහි Main Menu එකේ ඇති "Help" ඔස්සේ ඉගෙන ගත හැකිය.

නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.




ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එම මුදල සොයා ගැනීමට හැකි වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ඔබ කැමතිනම් ඒ සඳහා ඔබටත් දායක විය හැක.  
 ස්තුතියි.


කොහොමද Download කරගන්නෙ?
ඔබගේ Download කර ගැනීමත් සමගම ඔබගේ යහළුවන්ටත් මෙම මෘදුකාංගයෙහි ප්‍රයෝජනයන් ලබාගැනීමට අවස්ථාව සැලසීමට පහත "Share To Download"  ලින්ක් එක Click කර Share කීරීමට පුලුවනි. ඉන් අනතුරුව Engrisi Dictionary 2015 Download වීම ස්වයංක්‍රීයව ඇරබෙනු ඇත.




Flag Counter

පහත දැක්වෙන්නේ  Engrisi Dictionary 2014 Version එකෙහි Screen Shot කීපයකි.





Read More

Sunday, April 20, 2014

// // 4 comments

techkathaOffliner Protable 2014


techkathaOffliner Portable 2014 ලෙස Episode 120 දක්වා Update අඩංගු Version එක ඔබට දැන් Download කර ගැනීමට පුලුවනි.

techkathaOffliner?
කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් Podcast එකක්. ) ඔයාලට විසඳගන්න බැරි පරිගනක ගැටලුවක් මතුවුනොත් මතක්වෙන එකම තැන ටෙක්කතානේ. ඉතින් ඒ ගැටලුව කලින් කතාකරපු ගැටලුවක් නම් ටෙක්කතා සයිට් එකේ සර්ච් කරල විසඳුම අහන්න පුලුවන්නෙ. ඉතින් මේකට ඕනවෙලාවට නෙට් යන්න පුලුවන්වෙනන් ඕන. ඒවගේම වැඩේට ඩේට කොහොම වැයවෙයිද දන්නෙත් නෑනේ. කොහොමවුනත් කට්ටිය ටෙක්කතා එපිසොඩ් ටික බාගෙනනේ තියෙන්නේ. ඉතින් මේ බාගත්තු  ටිකෙන් ප්‍රයෝජන ගන්නන Offline විසදුමක් තමයි techkathaOfflinner සොෆ්ට්වෙයා එක. ඔයාලට එන ගැටලුව සර්ච් කරල එන විසදුම් ටිකෙන් අහන්න ඕන ප්‍රශ්න ටික සෙලෙක්ට් කරල ප්ලේ කරන්න විතරයි තියෙන්නෙ. අදාල Title ටික ඔටෝමැටිකලිම Play වෙනව. 

කොහොමද ස්තාපනය කරගන්නෙ.
1) Download
2) මුලින් techkathaOffliner-Portable 2014.rar ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්. ඔබට අවශ්‍ය තැනක කැමති නමකින් ෆෝල්ඩරයක් සකසා ඩවුන්ලෝඩ් කරගත්තු techkathaOffliner-Portable 2014.rar ෆයිල් එක එයට කොපි කරගන්න. පසුව එය මත රයිට් ක්ලික් කර Extract Hear කරන්න. 



3) ඉන්පසුව ඔබ ඩවුන්ලෝඩ් කරගත්තු සියළු ටෙක්කතා එපිසොඩ් ටික එහි “Episode” Folder එකට කොපි කරගන්න. පහත විදියට එපිසොඩ් ටික නාමකරනය කරගන්න.

4) උදා :- Techkatha-EP77-RealAudio  කියන නම 77 ලෙස නම් කරන්න
(මෙහෙම කරන්නෙ එක එක එපිසොඩ් වල එක එක නාම කරනයන් තියෙන නිසා)

File ෆෝමැට් එක මොකක් වුනත් කමක් නෑ (mp3/ ram/ ogg).
තව මුලදි නාමකරනයේ තිබුන ගැටලුවට විසදුමක් ලෙස හදුන්වාදීමේ වැඩසටහන 1 ලෙසද නම් කරන්න දෙවන වැඩසටහන 2 ලෙස නම් කරන්න. එතකොට 6-7 කියල එක වැඩසටහනක් නොව 6, 7 කියල වැඩසටහන් දෙකක් නම් වෙයි. එතකොට 55-56 කියන වැඩසටහන 55 කියල නම් කරන්න.


5) ඔයාල ram Format එකන් එපිසොඩ් ඩවුන්ලෝඩ් කරල තිබේනම් ඒවා Play වීම සඳහා PC එකේ Player එකක්ද Install කර තිබිය යුතුය. එසේ නැතිනම් techkathaOffliner මගින් එම Episode Play නොකරයි. ram File Support  කරන Player එකක් Install කරල නැතිනම් RealAlternativ Player එක ඩවුන්ලෝඩ් කරගන්න.

දැන් Run කරන්න සියල්ල සූදානම්.
6) techkathaOffliner.exe එක මත Double Click කරන්න.


මෙන්න Fetchers ටික.
  • කීබෝඩ් එකේ N” Press කිරීමෙන් Next Record එක Play කරන්න පුලුවන්.
  • B” Press කිරීමෙන් පෙර Record එක Play කරන්න පුලුවන්.
  • P” Press කිරීමෙන් Play/ Pause කරන්න පුලුවන්.
  • Up / Down Arrow Key මගින් ලිස්ට් එක තුල උඩට / පහලට යන්න පුලුවන්.
  • Space Bar එක මගින් list එකේ Record Select/ Deselect කරන්න පුලුවන්.
  • Ctrl + Enter මගින් එම Record එකට අදාල Web Page එක බලන්න පුලුවන් (එහි ඇති කමෙන්ට් කියවීමට).
  • Shift + Enter මගින් “Play Selected” Command එක දෙන්න පුලවන්.
  • Left/Right Arrow Key මගින් Play Record වන එකේ ඉදිරියට ගමන් කරන්න පුලුවන්.(මෙවිට Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මතනම් 5 Second වලින් ඉදිරියට ගමන් කරන අතර Mouse Pointer එක ඇත්තේ ලිස්ට් එක මත නොවේ නම් 1 Second වලින් ඉදිරියට කරයි ). මවුස් ස්ක්‍රෝල් එකත් ඒ සඳහා යොදාගන්න පුලුවන්.
  • Play Selected විදානය දුන් පසුද Select කරන ලද Record බැලීම සඳහා Scroll කිරීමට “< / >” Button දෙකක් ඇත.
  • ටෙක්කතා වල කතාකරන ලද මාතෘකා වලින් තමන් කැමතිම Item ටික Favorite ලෙස Add කරගන්නට පුලුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය Records ටික සෙලෙක්ට් කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන Add Selected to Favorite විදානය මත ක්ලික් කරන්න. එසේ Favorite වලට ඇඩ් කරන ලද Records බැලීම සඳහා techkathaOffliner Icon එක මත ක්ලික් කරන්න. එම ලිස්ට් එකෙන් ඔබට අනවශ්‍ය එකක් Delete කිරීම සඳහා ඒවා Select කර ලිස්ට් එක මත Right Click කිරීමන් ලැබෙන විදානය මත ක්ලික් කරන්න.

මේ සමගම කියන්න ඕනෙ මම හදපු ඩේටබේස් එක ඕනකෙනෙක්ට ඕන වැඩසටහනකට යොදාගන්න පුලුවන්. එය rar ෆයිල් එක තුල අඩංගු වෙනව.


ඉතින් මේ වගේම ඔයාලට ගොඩක් වැදගත් වෙනස්ම Software දෙකකින් ඔයාල හමුවෙන්න බලාපොරොත්තු වෙනව. ඔයාලගෙ කමෙන්ට් මෙම වැඩසටහන් දියුණු කරන්න වැදගත් වෙනව. අමතක නොකර හොඳ/වැරදි/චෝදනා/නව අදහස් මොනව හරි Comment කරල යන්න පුලුවන් නම් බොහොම ස්තුතියි


යාළුවො කාටත් දැනගන්න Share කරන්න.

අලුත් දේ මග නොහැරීමට Like කරන්න.
Read More

Monday, March 24, 2014

// // 13 comments

දැනුම් දීමයි: Namal -> En -> Engrisi Dictionary

කෙටි දැනුම් දීමක් කරන්න තමයි මේ ආවෙ. ඔයාල දන්නව නේ නාමල් යාය මගින් දෙන English Sinhala Learning Dictionary එක ගැන. ඉතින් ඒක හැදුවට ගැලපෙන නමක් දාගන්න බැරිව කාලෙන් කාලෙට නම් වෙනස් කර කර ගියා. නමක් දැම්මොත් ඒකට මොන මොනව හරි ගැටලු ආව. ඉතින් ඔන්න දැන් ඒකෙ නම "Engrisi"  ලෙස නම් කලා.  එතකොට "Engrisi Dictionary" ලෙස Google Search කිරීමෙන් ඔයාලට පහසුවෙන් සොයාගන්න පුලුවන්. මේ පහල තියෙන්නෙ Engrisi Dictionary මගින් ඔයාලට කරගන්න පුලුවන් දේවල් වල පිංතූර ටිකක්. 

ඔයාල දැනටමත් Engrisi Dictionary එක Download  කරගෙන නැත්නම් පහල ලින්ක් එකෙන් ඒක Download කරගන්න.













Read More

Saturday, March 1, 2014

// // 4 comments

En Dictionary user Reviews - එන් ඩික්ෂනරි සඳහා ලැබුනු අදහස්.

Nandana
මමත් මෙච්චර කල් පාවිච්චි කලේ මධුර (MADURA) එක, දැන් තමා තේරෙන්නේ මෙච්චරකල් කාපු කට්ටේ තරම. ඇත්තටම මේක නම් නියම වැඩක්. හැබැයි තාම මේ ගැන අපේ අයගේ තියෙන දැනුවත් කම අඩු නිසා ගොඩදෙනෙක් පහසුකම් අඩු ඩික්ෂනරි පාවිච්චි කර කර දුක් විඳිනවා. එක නිසා හැමෝම මේක ෂෙයාර් කරලා අනිත් අයවත් දැනුවත් කරනවානම් ලොකු පිනක්. මේක ඩිවලොප් කරපු නාමල් මල්ලිට කියන්න තියෙන්නේ මේක තව වැඩිදියුණු කරන්නත් තව තව අලුත් නිර්මාණ කරන්නත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා තමයි.

AKILA DJ
වැදගත්!!!
කෙටියෙන් කිවුවොත් මට ලංකාවෙ කෙනෙක් මේ තරම් වැදගත්, මේ තරම් වැඩකිඩ තියන, මේ තරම් මහන්සි වෙලා හදපු හදපු software එකක් මතකෙට එන්නෙ නම් නෑ!...

Madhura Dictionary has done a great service, (Y)
was very useful years ago... MaduraOnline is still the best online Sinhala dictionary!... Tri-Lingual dictionary has online, but less words... But madura software is king of old.... This NDictionary is "10 times better!" than madhura... Comparing this one with Madura is like comparing Windows 98 and Windows 8... Comparing Pentium 4 and Core i3. :) all are great, the best at their times,... but now the new one is better as it is new and improved :d

මේ හදපු කෙනාවත්, එයා අඳුනන කෙනෙක් නෙමෙයි මම හිතන්නෙ. මම වුණත් NDictionary එක promote කරන්නෙත් පෞද්ගලික වාසියකට හෝ දැන ඇඳුනුම් කමකට නෙමෙයි. අලුතෙන් Touchscreen Ultrabook එකක ගත්තු කෙනෙක් ඒකට Windows 98 හෝ XP දාද්දි ඔබ කියන්නෙ නැද්ද එපා ඕව දාන්න එපා, Windows 8 හෝ 8.1 දාන්න කියල ;]

Shashi Kamal
මට නම් මේ වගෙ ෆන්ක්ෂන්ස් තියෙන සින්හල සොෆ්ට්වෙයාර් එකක් ගැන හිතාගන්නත් අමාරුයි. ගොඩක් මහන්සි වෙලා කරල තියෙනව. ඉස්සරහට තවත් අලුත් ෆීචර්ස් එකතු කරන්න යලුවා. ඔයාගෙ උත්සාහය ගොඩාක් අගය කරනව මම. මගේ යලුවොන්ටත් දැනගන්න මමත් ෂෙයාර් කලා ඔන්න.

Prymary Education
mama mage yaluwanta studen lata En dic shir kala use karana heti kiyaa dunna harima sthutuye mata oyage weda gena

Akila DJ
පොඩි කොටුවක (ලොකු කළ හැකි) open වීම තමයි මේකෙ හොඳම!.. (o)
ඒත් කට්ටිය අකමැතිමත් ඒකට.... ලෝකෙ හදන්න ගිහින් සසර කළකිරෙනව ඔය වගේ වැඩ දැක්කම!... :D facepalm :-b

akiladj
Great work!..... Great features!... :) ...... මට හිතාගන්න බෑ ඇයි මේක තාම එච්චර ප්‍රසිද්ධ නැත්තෙ කියල!... …ලංකාවෙ හැටි වගේ... අලුත් දේ වලට යන්න බයයි, අකමැතියි හෝ බෑ!... ..... …අද වුණත් නිකම්ම නිකම් window එකක් open වෙන database එකකට front-end එකක් විතරක් හදල දැම්මොත් වැඩිපුර දෙනා පාවිච්චි කරයි පාවිච්චි කරන්න අමාරු වුණත්, අකුරු ටයිප් කරන අමාරු වුණත්, කරගන්න පුලුවන් වැඩ ප්‍රමාණය අඩු වුණත්!... :( ..... පහසුකම් ගොඩක් දාල ඒ වගේම පාවිච්චි කරන්න ගොඩක් ලේසි විදිහට හදල තියන En Dictionary වගේ එකක් භාවිත කරන්න සහ ඒගෙන් ගන්න පුලුවන් වැඩ ගන්න තරම් වාසනාවන්තව ලබා උපන් අය අඩුයි!.. :/

Thilanka Senasinghe
නාමල් මචෝ !!!!!!!!!!!
මුලින්න්ම කියන්න ඕනේ මේක නියම වැඩක් (o), වැඩේ ෆ්‍රී දෙනවට (h) දෙන්නම ඕනේ. ලංකාව ඉක්මනින් දියුණු වෙනවා සිංහල දෙමළ ප්‍රශ්න නැති වෙනවා ඔක්කොමටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් උනා නම් ( හැබැයි මන් කියන්නේ නෑ තමන්ගේ මව් භාෂාව අමතක කරන්න කියලා. දන්නවාද හොදම සිංහල භාෂා රචකයෝ හා හොදම කෘති ලියුනේ ඉංග්‍රීසියෙන් සිංහල උගන්වද්දී කියලා )
OCR එක වැඩ කරන්නේ capture with zoom option එකෙන් විතරයි ?

Kalum
උපසිරැසි කරන කෙනෙක් විදියට ඔයාගේ ඩික්ෂණරිය මට ගොඩක් වැදගත් වුනා. මධුරටත් වඩා හොදයි. ස්තුතියි සහෝ.

දිනේෂ් දීපාල් (සත් සමුදුර)
ඉතාම ප්‍රයෝජනවත් සහ ඉතාම වැදගත් Tool එකක්. අකමැත්තක් නැත්නම් මම මේ ගැන මගේ බ්ලොග් එකෙන් පබ්ලිසිටියක් දෙන්නද? ඔබගේ මනාපය සටහන් කළාම මම ඒ ගැන ක්‍රියා කරන්නම්...

L. Nuwan Boralessa
On of the best Dictionaries machn.., super work, Carry on.....

Anonymous
Patta. mama 2013 indan N dic use karanne. Good luck.


Nandana Jayantha
මමත් ෙම්ක ගත්තා.බොහොම ස්තුතිය්. මෙවන් නිර්මාණ තව තවත් කිරිමට ශක්තිය ෙධෙර්්‍යය ලැෙබ්වා!

සෙන්නා
උබනම් සැබෑම දක්ෂයෙක් සහෝ.. බොහොම පින් මේක අපිට දුන්නට.. ඔන්න මමත් දාගත්තා..
උඹේ ශ්‍රමය, මහන්සිය අගය කරන්න වචන මදි..

Deeptha Samarasinghe
Actually, bro this is very help full application to me when reading English articles.

Anonymous
මෙච්චර කල් පාවිච්චි කලේ මධුර ඩික්ෂනරි එක ඒක ලංකාවේ සෑහෙන දෙනෙක්ට ගොඩක් උදවු වුනා
ඊට පස්සේ ඩික්ෂනරි කීපයක් ආවත් මධුර ඩික්ෂනරි එකට ගහන්න බැරිවුනා සමහරු කලේ මධුර එකේ
ඩේටා බේස් එක පාවිච්චි කරලා තමන්ගේ නම දාගත්ත එකයි. නමුත් මේකේ අළුත් අංග ගණනාවක් දැක්කා
ස්තූතියි සහෝ ඔබට ජය

Akila DJ
@Anonymous
එහෙමම කියන්න එපා...
"සමහරු කලේ මධුර එකේ
ඩේටා බේස් එක පාවිච්චි කරලා තමන්ගේ නම දාගත්ත එකයි" !!!
මම අහල තියන විදිහට ඔතනට database කතාව ඇදල ගත්තොත්, මධුර dic එකෙත් db එක original නෑ... මම හිතන්නෙ Thibus එකෙන් ගත්තු db එකක් ඒකෙත් තියෙන්නෙ! දන්නෝ නිවැරදි කරත්වා!
ඒ කාලෙ ඒකෙන් වුණු සේවය අති මහත්. තවමත් madura online unicode එක හොඳයි....
ඒත් පරණ මධුර, දෙරණ වගේ ඒව එක්ක මේක සසඳදි වෙනස අහසට පොළොව වගේ.... මධුර dic එක open කරන් වැඩ කරන window එක වහගෙන search කරන අය දැක්කහම මට හිනා ගිහින්, දුක හිතිල ඇඬෙනව!... =))

Kasun Chamara
සහෝදරයාගේ වැඩේ මම අගය කරනවා, ඔයා කරන සමාජ සත්කාරය රජයෙන් වත් කරන්නෙ නැති වැඩක්.

Warlock
Awesome work bro.i'm waiting for this thing long time.thx man

Nilaranjan
December 24, 2012 at 4:10 PM
ඔබේ ඩික්ෂනරි එක මම install අද කලා. ඉතාම ඉහල ගණයේ නිර්මාණයක්. තව නිර්මාණ බිහි කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !

Harsha
December 24, 2012 at 4:10 PM
මේක නම් මැක්සා වැඩක්.. එලස්

KOTUWA
පට්ට නියමයි!... :)
තාම වැඩිය ප්‍රසිද්ධ වෙලානම් නෑ.... :(
Singlish, English switch වෙන තැණ පොඩි අවුලක් තියනව, හරියට තේරෙන්නෙ නෑ click කරන කම්!

Tharinda Thisara
නියමයි බන්..next   virsion 1ta මේවත් පුලුවන්නම් add කරපන්...හුගක් sub ගානට වෙලාවට යන්නේ නැනේ බන් අපි පොඩ්ඩක් එහාට මෙහාට කරලනේ බලන්නේ එත් dic1 පෙන්නන්නේ හරි වෙලාවට තියන sub වල තේරුම නේ.එකත් පුළුවන් නම් හදපන්.පුලුවන්නම් අපිට manually add කරන්න ලේසි ක්‍රමයක් හදපන් නැත්තම් එකම folder1 තියාගන්න 1 ටිකක් අවුල්...තව දෙයක් අපි වචන type කරද්දී අකුරක් දෙකක් type කරහම එකට අදාළ වචන ටික දිග ඇරෙනවා නම් මරු.ඕවා හැදුවොත් මේක තමයි හොදම 1...

KOTUWA
Dic එක මරු!...
හැබැයි SpashScreen එක පොඩ්ඩක් අවුල් වගේ... ඒකෙ professional ගතිය අඩුයි!...
පාට අඩු කරල, අනවශ්‍ය design අයින් කරල, simple professional එකක් Web 3 style එකට හැදුවොත් නරකද?

ICTA Jurors' Evaluation on e-Swabhimani 2012

People learn language best when they use it in their day to day activities. Therefore, NDictionary is product developed to teach English ‘on the go’. From browsing the web, to word processing to watching a movie, the NDictionary has built-in functions that enable words/sentences which cannot usually be copied to be translated into any of its three working languages.
Dictionary’s ‘Real-time Subtitle Translating’ feature is a very useful tool that makes learning English effortless and interesting. With this feature, people get the opportunity to watch and understand the script of their favorite English movies/dramas while learning English at the same time. Further, this feature can enable students to follow video based distance learning offered over the internet – thus promoting self-learning as well as English learning.
Other features such as the top 10 words/ sentences for the day, daily English learning tips, language learning games and access to English cat network with an auto grammar correction tool makes NDictionary an interactive tool promoting active language learning through many methods and forms.

The fact that this software is offered free of charge makes it accessible to all. Further achieving over 1500 downloads in a period of just three months is a clear indicating of its popularity and a reflection that it satisfies a growing need.

අදහස් දැක්වීමෙන් හා යාළුවන්ට Share කරල සහය දක්වපු සැමදෙනාටම ගොඩක් ස්තුතියි. 

යාළුවො කාටත් දැනගන්න Share කරන්න.
අලුත් දේ මග නොහැරීමට Like කරන්න.
Read More

Thursday, January 9, 2014

// // 92 comments

Free Download the Engrisi Dictionary 2014 – ICTA and SLIC Awarded as Best English Learning Software

Engrisi Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි. ඒ බව සනාත කරමින් 2013 වසරේදී ICTA e-Swabhimani සම්මානයෙන් හා SLIC Dasis සම්මානයෙන්ද පිඳුම් ලබා ඇත.



Features of the Engrisi Dictionary
පහත සඳහන් Features බාවිතා කරන ආකාරය පිළිබඳව වැඩි විස්තර Engrisi Dictionary යෙහි Main Menu වේ ඇති Help (view --> help) ඔස්සේ බලාගත හැක.


1) Subtitle Translator for KMPlayer
මෙම ටූල් එක English ඉගෙන ගන්න උවමනාව තියෙන අයට වැදගත්ම ටූල් එකකි. English බාවිතය මගින් English ප්‍රගුණ කරන්න ඔබට මෙය පහසුකම් සලසාවි!

New :- සියළුම Subtitle Open කිරීමේ හැකියාව දැන් ඇත.

New :- Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ මොහොතට KMPlayer එකහි පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තේරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව Subtitle Navigation කියල.

2) Top 10 Words of The Day
New :- English භාෂා පර්යේෂක වරුන්ගේ සොයාගැනීම අනුව English හොඳින් ඉගෙන ගැනීමට වචන 4,000ක් ප්‍රමාණවත්. මෙම Tool එක මගින් ඔබට එම වචන වලින් වචන 10ක් දවසකට ගෙන දේවි. අනිවාර්යයෙන් ඒවා පාඩම් කරගන්න.

3) Web Browser & PDF Readers Support
New :- Chrome, Firefox, Adobe PDF Reader වැනි මෘදුකාංග වලින් විවෘත කරගත් File එකක ඇති වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම ගෙන හැර දැක්වීමට En Dictionary වලට දැන් පුලුවන්.

4) Singlish Keyboard for Windows
New :- Windows මතදී බාවිතා කරන ඕනෑම මෘදුකංගයක් මත සිංහලෙන් Type කිරීමට පහසුම ක්‍රමයක් ලබාදේ. Facebook වැනි වෙබ් අඩවි මත සිංහලෙන් Comment කිරීමට පසුවෙන් බාවිතා කල හැක.

5) History & Favorite
New :- History මගින් දිනය තුළ කලින් Search කල වචන නැවත බලා ගැනීමට පුලුවන්. Bookmark මගින් ඔබට අමතක වේ යැයි හැගෙන වචනයක් හෝ වාක්‍යයක් Save කර තබා ගැනීමට හා අවශ්‍ය විට View කිරීමටත් පුලුවන්.

6) Easy Search in Web
New :- දැනගැනීමට අවශ්‍ය වචනයේ තේරුම හෝ වැඩිදුර විස්තර Google, Wikipedia වැනි Site වලින් One Click එකකින් දැන ගැනීමට පහසුකම ඇත.

7) Various Searching Options
New :- විවිධාකාරයේ Searching සඳහා Searching Option කීපයක් හදුන්වා දී ඇත.

8) Auto Search
වචනයක් හෝ වාක්‍යයක් Copy කරන විටම එහි තේරුම දැන ගැනීමට පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට එහි Settings Manage කරගැනීමටද පුලුවනි.

New :- Copy කරගෙන සිටින වචනයේ තේරුම රහිතව Engrisi Dictionary Open විය යුතුනම් Middle Mouse Button එක මගින් Engrisi Dictionary Open කිරීමෙන් එය කරගත හැක.

9) Optical Character Recognize - OCR
Picture එකක, Error Massage එකක හෝ වචන Copy කල නොහැකි තැනක තියෙන English වචනයක හෝ වාක්‍යයක තේරුම දැනගන්න පහසුම ක්‍රමය තමයි Image එක Capture කරල තේරුම දැන ගැනීම. ඒ සඳහා මෙම Tool එක පහසුවෙන් බාවිතා කල හැක.

10) Learning Tools
Top 10 Sentences of The Day, English Tip වැනි Tools මගින් ඔබට English ඉගෙන ගන්න පහසුකම් සලසාවි!

11) Learning Games
Top 10 Words of The Day මගින් ඔබට පාඩම් කරන්න දුන් වචන ආවර්ජනය කිරීමට සහ English ප්‍රගුණ කිරීමට Games කීපයක් හදුන්වා දී ඇත.

12) English, Sinhala & Singlish Typing
English වලින්, සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලින් මෙන්ම Singlish (Like SMS Typing) යන සියලු ආකාරයටම මෙහි වචන සෙවීම කල හැක.

13) English Meaning or Sinhala Meaning
යම් වචනයක තේරුම ඔබට සිංහලෙන් දැන ගැනීමට මෙන්ම අවශ්‍ය නම් English වලින් දැන ගැනීමට පුලුවන් කම තියෙනව. English වලින් Meaning එක දැනගැනීමේදී එහි යෙදුම්ද දැන ගැනීමට පුලුවනි.

14) Speech
වචනයක් හෝ වාක්‍යයක් උච්චාරයන කරන ආකාරය ඇසීමට පහසුකම් ඇත.

15) Useful Settings for Customize
ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි Engrisi Dictionary මෘදුකාංගය බාවිතා කිරීමට අවශ්‍ය සියලුම Settings ඔබට සපයා ඇත.

 Download the En Dictionary

Engrisi Dictionary සඳහා Softpedia 100% Clean Certificate එක ලබාගත් බව සතුටෙන් ප්‍රකාශ කරමි.


නාමල් යාය ඔස්සෙ ඔබට සැමදාම අලුත් දේ ලබා දෙනව. ඒ පිළිබඳව විස්තර Facebook හරහා ලබාගැනීමට Namal-Yaya Page එක Like කිරීමෙන් ඔබට පුලුවන්.

ඊළග Version එකෙන් අලුත් විශේෂාංග කීපයක් සමග හමුවෙමු. ඒ සඳහා Grammar Correction Technology එකක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි.  ඒ සඳහා ලොකු මුදලක් වැයකිරීමට සිදුවේ. එය සාර්ථක වුවහොත් තවත් නවමු අත්දැකීම් කීපයක් ඔබට බුක්තිවිදීමට ඉඩකඩ ලැබේ යැයි මගේ විශ්වාසයයි. ස්තුතියි.

Subtitle Translator


Read More
// // 22 comments

Comments Bugs and Ideas to the En Dictionary 2014

En Dictionary 2014 :- Comment here Your Ideas or Bugs of the En Dictionary.
Read More

Tuesday, December 31, 2013

// // 6 comments

Now En Dictionary work as Add-on of Chrome, Firefox, PDF Readers

ආයුබෝවන් කියල 2014 වර්ෂය පිළිගන්න ගමන් නාමල් යායට යන එන ඔබටත් ලැබුවා වූ 2014 වර්ෂය සාර්ථක වර්ෂයක් වේවායි ප්‍රර්ථනා කරමි. 2014 වර්ෂයේ En Dictionary සමග එකතුවන ඔයාලට එයින් ලැබෙන තවත් පහසු කමක් පිළිබඳ විස්තර කියන්න තමා මේ ලෑස්තිය. මාතෘකාවෙන් කියවෙන දෙයහි අදහස තමයි Chrome, Firefox, Adobe PDF Reader සහ එනෙකුත් PDF Reader කීපයක් සඳහා En Dictionary 2014, Add-on එකක් ලෙස ක්‍රියා කරන බවයි. එනම් ඉහත මෘදුකාංග විවෘත කරගෙන සිටින අතරේ ඔබ එහි පෙනෙන්නට ඇති වචනයක් මත Double Click කලොත් එම චචනයේ තේරුම ගෙන හැර දක්වන්න දැන් En Dictionary වලට පුලුවන්. ඔබ ඒ සඳහා කල යුත්තේ System Tray එක මත ඇති "N" Icon  එක මත Click කොට En Dictionary එක Open කරගෙන PDF හෝ Web Access කිරීම පමණි. නොදන්න වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම දැකගන්න පුලුවන්. අනෙක් විදිය නම En Dictionary Open නොකර තිබියදීම එම පහසු කම ලබාගැනීමේ මගයි. ඒ සඳහා ඔබ කලයුත්තේ "N" Icon එක මත Right Click කොට Auto Search මෙනු එක Select කිරීම පමණි. එවිට En Dictionary Open වී නොතිබුනද ඉහත මෘදුකාග වල ඇති Content එකක් මත Double Click කරන විටම තේරුම ගෙනහැර දක්වාවි.



මේ දවස්වල කැම්පස් එකේ Final Exam එක ඉවර වුනා විතරයි. ඉතින් තව වැඩ කටයුතු කීපයක් තියෙනව En Dictionary 2014 Release කරන්න. අලුත් Version එකත් සමග ඉක්මනින් හමුවෙමු.


Read More

Wednesday, December 18, 2013

// // 10 comments

English භාෂා පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්, En Dictionary 2014 මගින් ඔබට ලැබෙන නව පහසුකම.

ඔයාල බොහෝවිට දන්නවත් ඇති English භාශාවෙ සාමන්‍යයෙන් බාවිතා වන වචන ගනන 200,000 පමන වන බව. වචන ගනන කෙසේ වුවත් English  සම්බන්ඳව පර්යේෂක වරුන් සොයාගෙන තියෙනව පුද්ගලයකුට තම එදිනෙදා අදහස් ප්‍රකාෂ කිරීමට English වචන 1000ක් හොදටම ප්‍රමාණවත් කියල. ඔයාල ඒ සම්බඳව අන්තර්ජාලයේ සොයා බැලුවොත් දැකගන්න පුලුවන් ඒ වචන දහස අතරෙ අප දන්නා වචන ලොකු ප්‍රමාණයක් තියෙනව කියල. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනව English භාශා ප්‍රවීනයෙකු වීමට තවත් වචන 4000ක් දැන ගැනීම ප්‍රමානවත් කියල. මේ සම්බඳව ITN Channel එකෙත් වැඩසටහනක් පසුගිය දවස්වල ප්‍රචාරය වුනා.

මේ සම්බඳව ප්‍රකාශයට පත් කර ඇති පොතක් වන The 4000 English Words Essential for an Educated Vocabulary පොතේ ඔය සම්බඳව ගොඩක් විස්තර තියෙනව. Google Search කලොත් ඔය පොත ඔයාලට සොයාගන්න පුලුවන් වේවි.

ඉතින් En Dictionary 2014 කොහොමද ඔයාලට මේ සම්බඳව පහසුකම් සලසන්නෙ?

En Dictionary 2013 බාවිතා කරන ඔබ සියළු දෙනාම දන්නව "Top 10 Words of The Day" කියන සංකල්පය. ඉතින් දැනට එමගින් පාඩම් කරගෙන Game එකට Play කිරීමට වචන අහඹු ලෙස ‍තෝරා ගනීමට වචන 80,000ක් පමන බවිතා කරනව. ඉතින් ඔය ක්‍රමය වඩා ප්‍රතිඵල දායක කිරීමට En Dictionary 2014 දියුනු කරල තියෙනව, ඉහත සඳහන් කල පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්. ඒ කියන්නෙ "Top 10 Words of The Day" මගින් ඔයාලට 2014 ඉදන් දවසට පාඩම් කරන්න ලැබෙන්නෙ මූලික වචන 5000න් බව මතක තියා ගන්න.

En Dictionary 2014 බාවිතයෙන් අනිවාර්යයෙන්ම දවසේ වචන 10ට අවදානය යොමු කරල ක්‍රමක් ක්‍රමයෙන් English  දනුම ගොඩ නංවා ගැනීමට ඔබට පුලුවන් වේවි!
Read More