Showing posts with label university. Show all posts
Showing posts with label university. Show all posts

Thursday, June 7, 2012

// // 2 comments

මදූෂා දිල්රුක්ෂි - 08




Derana Dream Star, යෞවනයේ ගී හැකියාවන්ට ‍තෝතැන්නක් කියන කාරනය අහඹුවක් නොවන යතාර්ථයක් වන්නේ එහි සංවිධානාත්මක, කලෝචිත ප්‍රබලත්වය නිසා බව ඔබත් මාත් දැනසිටි මතයක්. ඉතින් මම මේ සැරසෙන්නේ ඒ පිළිබඳ යලි යලිත් ලිපි ලියන්න නම් නොවේ.

එසේනම්, මාතෘකාව "මදූෂා දිල්රුක්ෂි"

මේ මගේ විශ්ව විද්‍යාලයේ (රුහුණ විශ්ව විද්‍යාලය ),
මගේ ෆැකල්ටි එකේ (Faculty of Science),
මගේ Senior Batch එකේ (3rd Year)
                                                                       ඉගෙනුම ලබන දක්ෂ ගීත ගායන හැකියාවක් ඇති අක්කා කෙනෙක්. ඉතින් මගේ මගේ මගේ හින්ද කියනව නෙවෙයි, විද්‍යාලයේ Function වලදී අක්කා ගී ගයනව කට ඇරන් බලං හිටපු හැටි මතක නිසා තමයි කියන්නෙ.

ඉතින් ඔන්න ඒ අක්කා  Derana Dream Star එකේ තම දක්ෂතා පෙන්වමින් ඉදිරියට යමින් ඉන්නව හරිම සතු‍ටුයි. ඉතින් මම කියන හින්ද නෙවෙයි, ඔයාලත්  Derana Dream Star බලනවනම් ඔයාලටත් පැහැදිලි වෙයි.

ඉතින් නාමල් යායට එන යන ඔයාලට කියන්න තියෙන්න මදූෂා දිල්රුක්ෂිගෙ දක්ෂතාවට ඔයාල එකඟනම් මදූෂා දිල්රුක්ෂිට සහයෝගයක් දෙන්න කියල, ඉතින් ඔයාලට කරන්න තියෙන්න

DDS [Space] අංක 08 යොදා 9900 ට SMS කරන්න
බොහොම ස්තුතියි.
Click "Like" to Share This With Your Facebook Friends
Read More

Saturday, May 19, 2012

// // Leave a Comment

Exam දෙකම ඉවරෝ... & What's next?

Wooooo..., Exam දෙකම ඉවරෝ... කියල කියන්න තරම් සතුටක්. Bit Exam  එක ඉවර වෙලා හුස්මක් ගන්න ලැබුනෙ නෑ University එකේ Exam  එකත් පටන් ගත්ත. මාස දෙකක විතර කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න උනා. වියදම් අදිකම සහ කාර්ය්‍ය බහුල ගිය සෙමෙස්ටර් එකත් එක්ක අලුත් Software මොනවත් කරන්න උනේ නෑ. Exam අස්සෙ කවුද මන්දන්නෙ නෑ සිංහල හින්දු අලුත් අවුරුද්දකුත් දාල. කොහොමින් කොහොම හරි වෙන සෙමෙස්ටර් වල නම් Exam කිට්‍ටු වෙනකොට මම CS කුප්පි ඔක්කොම කරන්න පුලුවන් තරමටම CS ටික ගොඩ දාගන්නව. ඒත් මේ පාර CS එක Subject එකයි සුපිරියට ගොඩදාගන්න පුලුවන් උනේ. ඉතින් Batch එකට සුපුරුදු පරිදි කලා ගොඩ දාගත්ත ඒ OS කුප්පිය. ඒ සොදුරු මතකයට නාමල් යායේ ඉඩක් වෙන් කරන්නත් හිතුන.



& What's Next 
නාමල් ඩික්ෂනරියේ Beata Virsion එකෙන් මිදිල Full Release එකක් කරන්න Developing කටයුතු ටික කලත් Video එකක් කරන හිතුන නිසා එක කරනකන් Release එක කල් ගියා. ඉතින් මාසයක් වගේ ඇතුලත ඒ ටිකත් කරල දාන්නත් ඕන. ඒ වගේම ඊලග සෙමෙස්ටර් එකේ තවත් අලුත්ම Software එකකට අත ගහන්න කියල තමා හිතා ගෙන හිටියෙ. ඒත් ඒක World wilde ගෙනියන්න පුලුවන් වෙයි කියල හිතුන නිසා ඉක්මන් නොවී ටිකක් Profesional විදියට කරන්න ඕන. ඒ හින්ද ඉකමනට කරන්න තිබ්බ අදහස වෙනස් කරගත්ත. කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල නම් ෂුවර් එකක් තියෙනව. කොහොම වුනත් Free ම තමා දෙන්නෙ. ඉතින් Software  එකකටත් අතගන්නෙ නැති නිසා ඊලග සෙමෙස්ටර් එක පුරාම නාමල් යායෙන් ඔයාලට Technology ගැන දැනුවත් කිරීම ලිපි  ගොඩක් දෙන්න කියල හිතාගෙන ඉන්නව. බලමු කාලය මැනේජ් කරගෙන කොහොම හරි ඒ දේත් කරන්න.
Read More

Wednesday, February 29, 2012

// // 1 comment

ඇයි මේ රුහුණත් පේරත් - Why This Kolaveri University Version Song.



වර්ථමානයේ විශ්ව විද්‍යාල වල පවතින අර්බුදය කවුරුත් දන්නවනේ. එම ප්‍රශ්නය විහිදුන පැති රාශියක් තියෙනව. විශ්ව විද්‍යාල සිසුන් ඒ පිළිබඳ හොඳ අවබෝදයකින් තමා ඉන්නෙ. ඉතින් ඒ ගැන ලියවුන ගීතයක් ගැන කියන්න තමා මම මේ ලිපිය ලියන්නෙ.

පසු ගිය දිනවල අපේ ජූනියර් බැච් එක වෙනුවෙන් සංවිධානය වුන නවක සිසු සාදයේදී ප්‍රදර්ෂනය උදෙසා තමා අපි මේ නිර්මාණය කලේ. මේ ගීතයේ මූලිකව අදහස මම ගෙනාවත් මෙහි ගීතය රචනා කිරීමේ කාර්ය්‍ය කරන ලද්දේ ආට. Science සිසුවෙක් උනාට පොර Art වැඩ වලට කියාපු පොර. එතකොට ගීතය ගායනා කලේ නව්ව සහ බන්ටි. එතකොට Music සහ Video Concept, Video Editing (Produce) ටික කලේ මම. මේක කරන්නෙ අන්තර්ජාලෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න වුනා. ඒක ලොකු දෙයක් මට මේ නිසා ලැබිච්ච.

ලෙක්චර්ස් මැනේජ් කරගෙන සතියක් ඇතුලත වගේ කෙටි කාලෙකින් තමා නිර්මාණය කලේ. ඒ නිසා මේ සඳහා මගේ උපරිමය යොදවන්න අමාරු උනා. ඒත් හොඳ මට්ටමකට ගීතය ගේන්න පුලුවන් වුනා. ඉතින් මිඩ් එක ඉවර වෙලා පටන් ගත්තු සතියෙම නවක සිසු සාදය පැවැත් වූ නිසා ඒ සතිය කාර්ය්‍ය බහුල වූ නිසා කට්ටිය එක්වන තැනට කට්ටිය ඉන්න වෙලාවට යන්නත් බැරි වුනා. ඉතින් ගීතයේ වැඩ නිසා ජූනියස්ල මාව හරියට අඳුනනෙත් නැති වීම වගේ අමිහිරි අත්දැකීමුත් ලැබුණ. මොකද ඔය සතියෙනේ ගොඩක් කට්ටිය අඳුනගන්න සෙට් වෙන්නෙ.

ඔන්න එහෙනම් කට්ටියම බලන්නකෝ රුහුණෙ සයන්ස් එකේ වැඩ. පණිවුඩයක් ගෙනියන්න තමා නිර්මාණය කලේ. ඒ නිසා ගීතය Share කරන්නත් අමතක කරන්න එපා.


Read More

Saturday, February 18, 2012

// // Leave a Comment

Ruhuna Science Faculty - 2011 Welcome Day - Intro Video

පෙවරවාරි 17 දිනට රුහුණ විද්‍යා පීඨයේ නවක සිසුන් වෙනුවෙන් සංවිදානය වූ නවක සිසු සාදය ඉතාමත් අලංකාරවත් ලෙස සංවිදානය කරන්නට අපට පුලුවන් වුනා. අති උත්කර්ෂවත් ලෙස පැවති එම උත්සවය නිමාව දක්වාම සාර්ථකව පැවත්ව වීමට 2010 මගේ සහෘදයන් මහත් වෙහෙසක් දැරුවා. ඒ උත්සවය නිසා බ්ලොග් එක පැත්තට එන්නත් වෙලාවක් තිබ්බෙ නෑ. හෙතුව උත්සවය වෙනුවෙන් song එකක් කලා, තෙම් එක සදහා intro එකක් කලා. දැන් intro එක ඔයාලටත් බලන්න පොසට් කරනව. හදපු song එකත් ඊලග පොස්ට් එකෙන් දෙන්නම් කෝ. song එක වර්තමාන කැම්පස් වල තත්වය කතාකරන නිර්මාණයක් කීවොත් නිවැරදියි

Sony Vegas 9 Pro යොදාගෙන තමා මේ Intoඑක කලේ. වලාකුළු අතර යන Background එක ගත්තෙ ‍යුටියුබ් වලින්.

Read More

Wednesday, September 21, 2011

// // 2 comments

university යන්නටත් පෙර යුනිවර්සිටියකදී ගුටිකෑවා.

ලැජ්ජයි ලැජ්ජයි කියන්න නම්, ඒත් ඉතින් කට්ටියට කැම්පස් සංස්කෘතිය පිළිබඳ ගන්න දේවල් ටිකක් මෙහි තියෙයි. ඒ හින්දම කියනව.

බ්ලොග් අවකාශයේ ඔයාල දන්නවනේ මම නවනිපැයුම් කරුවෙක් බව. ඉතින් පොඩිකාලේ ඉදල තියෙන ඒ උන හොඳ කරගන්න මොනවහරි හදාගෙන කම්පෙටිශන් වලට යන එක තමා රාජකාරිය. 2009 උ\පෙ කරල ඉන්න ගමන් හිතුන උ\පෙ හින්ද නවත්වල දාපු වැඩකිඩ ආයිත් පටන්ගන්න ඕන කියල.
මේ සිද්දිය උනේ මොරටුව කැම්පස් එකේදි. ඒ පත්තරේක තිබුන ඉනෝමෙච් 2009 කම්පෙටිශන් එක පවත්වනව කියල. මේ තරඟාවලිය සංවිදානය කරල තිබුණෙ මත්ක විදියට. යාන්ත්‍රික විද්‍යාපීඨයෙන්. පාසල් අංශයෙන් සහබාගි වෙන්න පුලුවන් අවසාන අවස්තාවත් ප්‍රයෝජනයට ගත්ත. කලබලේම හදාගත්තු ගැජමැටික් එකකූත් අරගෙන ගියා මොරටු. ඔයාල දන්නවනේ මම තංගල්ලේ ප්‍රදේශයෙ බව, නමුත් සුපුරුදු තැනක් නිසා තනියම තමයි ගියෙ. නැන්ද කෙනෙක්ගෙ ගෙදර තමා මම නවතින්නෙ.



ඔන්න ඉතින් දවස් දෙකක් තිබුණ එක්සිබිශන් එක අවසානෙ තමා කම්පෙටිශන් එක තියෙන්න තිබ්බේ.
එක්සිබිෂන් එක අවසන් වෙනකොට රාත්‍රී 8.00 විතර වෙනව. ඔන්න ඉතින් පාසල් ඇදුමින් සැරසිලා උදෙන්ම මොරටු ගිය කොල්ල හෙම්බත් වෙලා 8.30ට විතර බඩුටික පැක්කරල දාල පොර වගේ එක්සිබිෂන් එක බලල නිවෙස් බලා යන ජනතාව පීරගෙන ගේට්ටුව අසලට එනව. ඔන්න එනකොට කොල්ලො දෙන්නෙක් එනව මම ඉදිරයට, ඇවිත් කියනව මචන් ජොයින්ට් එකක් ගහන්න රු 50ක් දීපන්කො කියල. (අම්මට උඩු මේ මොකුන්ද?). මමත් ඉතින් ශේප් වෙන්න බලාගෙන උඩ සාක්කුවට ඇහැ දාල බැලුව කීයක් හරි තියේනම් දෙන්න. "නෑ සතයක්වත් නෑ" මම කිවුව. බොරු කියන්න එපා ගනින් බලන්න පර්ස් එක.
හරි හරි උන් කියන්න ඕනද ඒක මමත් දන්නව. ඒත් පර්ස් එක ඇද්දම ඒක අරන් දිවුවොත් මොනව කරන්නද. "මචන් බස් එකේ යන්න විතරයි තියෙන්නේ" මම කිවුව. දැන් මුන් දෙන්න කුණුහරුපත් කියනව මම බය කරන්න. මේ වෙන දේවල් බල බල මිනිස්සුත් සෑහෙන්න පිරිසක් ගානක් වත් නැතිව යනව. අපේ පැතිවලනම් එහෙම දෙයක් වෙනකොට ඒ දේ වලක් වන්න මිනිසුන් ඉදිරිපත් වෙනව. මොනව කරන්නද මේ කොළඹ නේ. මම තනිය ප්‍රශ්නෙට මුහුන් දෙනව. මේ වනකොට කැම්පස් වලින් අත්විදින්න පුලුවන් සොදුරු දේවල් විතරයි අහල තිබ්බෙ,

ඒ වගෙම මමත් නාහෙට අහනෙ නැති එකා නිසා මුන් දෙන්නගෙ තර්ජනය මැඩලන්න කියන්න පුලුවන් ඔක්කොම කියල "පුලුවන් දෙයක් කරපන් කියල" බස් හෝල්ට් ඒට ආව. එතනත් සෙනග අඩුවක් නෑ. වැඩිවෙලාවක් ගියේ නෑ එතනට දුවන් ආපු පොරක් අත මිටි කරල මූණට ගැහුව පාරක් නිසා මම විසිවෙලා ගිහින් ඇදගෙන වැටුන. ඒත් එක්කම ආපු කේන්තියෙන් නැගිටල බලන්නකොට ඌ එතන නෑ.( වෙලාවට ඌ එතන හිටියෙ නෑත්තෙ. මොකද නැත්නම් මට එන්න වෙන්නෙ අතපය එල්ලගෙන තමා). කොහොම හරි මම සංවිදායල්ක මඩුල්ලෙ අයිය කෙනෙක්ට කීවම ඌ කියනව "මචන් අනිත් පීඨවලින් මේ වගේ දේවල් කරනකොට වලියක් දාගන්න මොනව හරි කරනව" කියල

කොහොමින් කොහොම හරි බස් එකකට නෑගගෙන බම්බල පිටියට එන්න පිටත් උනා. එතකොට 9.30 විතර වෙලා. බස් එකේදී මේ දේවල් ගෑන හිත හිත එනකොට මම තනිවීම ගැන සහ ඇතිවුන කල කිරීම නිසා දන්නෙම නෑතුව ඇඬුන. පොඩ්ඩක් නේවෙයි හොඳටම ඇඬුන. අනිත් මඟීන්ට පේනවට ඔලුව බිමට හරවගෙනගලාගෙන ගලාගෙන ගිය කදුලුවලට නිදහස් වෙන්න ඉඩ හැරිය. බම්බල පිටියට එනකොට මගේ මූණ රතුවෙලා. දැන්ම නැන්දලගෙ ගෙදර යන්න බෑ වගේ. මූන ටිකක් හොදගෙන පිළිවෙලකට යන්න ඕන කියල හිතාගෙන ගියා තිඹිරිගස්යායට. බුදු අම්මෝ එක එක ජාතියෙ අක්කල එක එක විදියට මාව කන්න වගේ පේමන්ට් එක දිගේ බලාගෙන ඉන්නව. ඉක්මනට හොටලයකට ඇතුල් උනා. යොකෝ පාර හොඳයි වගේ. වෙලාවට පාසල් ඇදුමෙන් හිටියෙ. තව මොන් මොන මරාල ඇගට එයිද දන්නෙත් නෑනේ. ඒ හින්ද ආපු වැඩේ අතැරල දාල ආව.

පසු කාළෙකදි මම මොරටුව කැම්පස් ආපු මගේ යාලුවෙකුට මේ සිද්දිය කීව. ඌ මට කිව්වෙ සල්ලි ඉල්ලපු වෙලාවෙම සල්ලි නේද කියල අත් දිග ඇරල පාරක් ගැහුවනම් ආයි හොයාගන්නවත් නෑ කියල. ඒකනම් ඇත්ත මමත් දැන් කැම්පස් හින්ද දන්නව ඇතුලෙ ක්‍රමේ. කැම්පස් සෙලෙක්ට් වුනාට පස්සේනම් නාහෙට අහන්නැති වැඩකරල ඕනතරම් අයියලාගෙන් ගුටිකාල තියෙනව. දැන්නම් ඒ දේවලට ඇඬුවත් ඇඬෙන්නෙ නැති තරමට පුරුදු වෙලා. මට ඔයාලට කියන්න තියෙන්නෙ ගනුදෙනු කරන සමාජ ක්‍රමය පිළිබඳ නිතරම ටච් එකේ ඉන්න කියල.

Read More

Friday, June 17, 2011

// // 3 comments

ඔන්න යාලුවනේ මමත් දැන් කැම්පස්.

දාන්න කියල ලැහැස්ති කරගෙන හිටිය ලිපි ටිකක් අවුස්සනකොට මෙ ලිපියත් දකින්න ලැබුන. බලනකොට මේ ලිපිය මම ඔයාලට පොස්ට් කරල නැහැ නේ. එක හින්ද ඔන්න දැන් දානව. හැබැයි ඉතින් දැන් මම කැම්පස් ගිහින් මස 8ක් විතර වෙනව :-)  :-)  :-)
( තාම ඩොන්ගල් එකක් නම ගන්න බැරිවුනා )

ඔන්න එහෙනම් ඒ පෞරාණික ලිපිය.

"ඔන්න යාලුවනේ මමත් දැන් කැම්පස්. බෝට්ටුවක එල්ලිලා තමයි. දැන් ඇකඩමික් පවා පටන් ගෙන තියෙන්නෙ.
කියන්න කියල පෝස්ට් එක ලියල තිබුනත් දාන්න වුනේ නෑ. දැන්නම් ඩොන්ගල් එකක් ගන්න ඕන.
නැතුවනම් බෑ. කියන්න බැරි වුනානේ කැම්පස් එකනම් රුහුණ. Science Faculty එක. රැග් එකනම් නෑ.
ඒවුනත්...... ඒවුනත් කියපුව පසුව පෝස්ට් එකක දාන්නම්කෝ. කොහොම වුනත් කැම්පස් ජීවිතේ
තියෙන ආතල් එක ගන්න ලැබුන එකනම් වාසනාවක්. ඊටත් වඩා කැම්පස් නාවනම් ඉතින් තාත්තත්
එක්ක කුලී වැඩක් කරන් ඉන්න තමයි වෙන්නෙ.

ඩොන්ගල් එකක් ගත්තො නම් ක්‍රියාකාරිව බ්ලොග් එක කරන්න ටෙක්කතා වලට සහභාගිවෙන්න
ආසවක් නම් තියෙනව. බලමු ඒ අභියෝගය ජය ගන්න පුලුවන්ද කියල. කැම්පස් නොගියත් පරිගනක
සහ ඉලෙක්ට්‍රොනික් ක්ෂේස්ත්‍රය කුලීවැඩ කරල හරි ජය ගන්න අධිශ්ඨානයක් තිබ්බ. ඒකට අලුත්
අයිඩියා කීයපයකුත් මට තිබ්බ. ඉතින් කැම්පස් යන්න බැරිවුන අයට මම කියන්නෙ තමන්ගෙම කියල
නව සංකල්පනා ටිකක් සොයාගන්න. ඒ වෙනුවෙන් වෙහෙසී වැඩ කිරීමට අධිශ්ඨාන කරගන්න. කාටත්
සුබ අනාගතයක් වේවා!"
Read More

Thursday, April 22, 2010

// // 7 comments

Aptitude Test For Go To University

Aptitude Test For Go To University
සමහර විෂ්වවිද්‍යාලවල සමහර පඪමාලාවලට සිසුන් බධවා ගැනීමට යෝග්‍යතා
පරීක්ෂනයක් පවත්වන බව කවුරුත් දන්නවනෙ. මම මේ post එකේ ලියන්න යන්නෙ
ඒ පිළිබඳව මට ඇති අත්දැකීම් කීපයක්.ඒ පිළිබඳව දැන ගැනීමෙන් උ\පෙළ කරන
අයට පොඩිහරි උදව්වක් වෙයි.මට ඒ පිලිබඳව දැන ගැනීමට කවුරුවත් නොසිටි නිසා
ගැටලු කීපයකට මුහුණ දෙන්නත් සිද්ද වුනා.
විෂ්වවිද්‍යාලවලට සිසුන් බඳව ගැනීමට Aplication නිකුත්කරන දවස්වලම වගේ තමයි මෙම
යෝග්‍යතා පරීක්ෂනවලටත් Aplication නිකුත් කරන්නෙ.එම Aplication ප්‍රසිද්ධ පොත්හල්වලින්
කාටත් මිලදී ගන්න පුලුවන්. නැත්නම් පුවත්පත් වලත් Aplication පලවනව.

සමහර පාධමාලවලට සා\පෙළ ඉංග්‍රීසි වලට C සාමර්ථයක් ඉල්ලනව.එහෙම
නැත්නම් Test එකට කැඳවන්නෙ නෑ. ඒනිසා ඔයාලට කාළය තියේනම් කොහොම
හරි O\l ඉංග්‍රීසි වලට C එකක් ගොඩදාගන්න උත්සාහ කරන්න.
සබරගමුව විෂ්වවිද්‍යාලයෙ තියෙන Computer And Infomation System ( CIS ) වලට තියෙන
Test එක ලියන්න නම් සබරගමුව විෂ්වවිද්‍යාලයට යන්න වෙනව. ඒක Genaral Test එක වගේ තමයි,
ගණිතමය සමාන්‍ය දැනීම තමයි ගොඩක් තියෙන්නෙ, ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නෙ.
බයවෙන්න එපා අමරුනම් නැ. සාමාන්‍යයෙන් සිසුන් 500 වගෙ තමයි ඒකට එන්නෙ.

මොරටුව විෂ්වවිද්‍යාලයෙ Test ලියන් නම් මොරටුව විෂ්වවිද්‍යාලයට යන්න වෙනව.
එහි IT Test එකනම් Genaral Test එකවගේ තමයි.
එහි තියෙන Architecture/Design Architecture හා Fashion Design & Product Development පාධමාලවලට
තියෙන Test එකේ බලන්නෙ චිත්‍ර අදින්න පුලුව්න්ද කියල තමයි, ඒකත් සැරටම
බලනවලු. මොකද මෙම පාධමාලවලට හැම විෂයකින්ම ළමයි ගන්නවනේ.
සාමන්‍යයෙන් ළමයි 3000 විතර ටෙස්ට් එක ලියනව. මට මෙතෙන තමයි කෙලවුනේ.
මට චිත්‍ර බෑනේ.
අපි අයදුම් කරන සෑම පාධමාලවකටම රු 300-500 අතර මුදලක් ගෙවන්න සිද්ධ වෙනව

ඉතින් Test ඔක්කොම ලියන්න ගියොත් රු 3000 විතර වියදම් වෙනව.බුදුඅම්මෝ එච්චර
ගෙවන්න කෝ සල්ලි. ඒ හින්ද දැම්මෙ Test ටිකකටයි එයින් එකක් තමයි Architecture.
අපරාදෙ රු 300 විතර අපතෙ ගියා. ඒකෙන් මට කරන්න පුලුවන් Test එකක් අයදුම්
කරන්න තිබුණ.
දන්නවද ඌව විෂ්වවිද්‍යාලයෙ Test වලට නම් එන ළමයි පිරිස දන්නෙ නෑ.සෑහෙන්න
පිරිසක් ලියනව ඇති.මොකද එම ටෙස්ට් ලියන්න විෂ්වවිද්‍යාලයට යන්න ඕනෙ නෑ.
එක් එක් දිස්ත්‍රික්ක වලට වෙනමම මධ්‍යස්ථාන පිහිටවනව.හරිම පහසුයි.

මම ගණිත අංශයෙන් උ\පෙළ කරපු හින්ද කළා හා Bio විෂයන් කරපු අයට විතරක්
තියෙන Test ගැනනම් දන්නෙ නෑ. මම ඉදිරි ලිපි වලදී ඒ ඒ Test පිළිබඳවත් හොයල Post
එකක් දාන්නම්කො. ඒ වගේම මම ලියපු Test වල Test Peper ටිකකුත් දාන්නම්කො.
හැබැයි ඉතින් ටෙස්ට් ප්‍රේපර් එක ගෙදර ගේන්න නම් දෙන්නෙ නැ. ඉතින් ටිකක් කල් ඕන
මතක විදියට හදල තහවුරු කරගෙන දාන්න.
Read More