Wednesday, August 17, 2011

// // Leave a Comment

ටෙක්කතා; වැදගත්ම ලිපියට පසුව.

ඔන්න ඉතින් techkathaOffliner රිලීස් කරල සති තුනකට විතර පසුව තමයි මේ පෝස්ට් එක දාන්න ටයිම් හොයාගත්තෙ. ඉතින් ඔන්න මම මේ ලිපියෙන් බලාපොරොත්තුවන්නෙ කෙටියෙන් ටෙක්කතාඕෆ්ලයිනර් රිවීව් ටිකක් ගෙන එන්න. මුලින්ම කියන්න ඕන කවුරුත් දන්නවනේ techkathaOffliner ගැන techkatha 90 වෙනි වැඩසටහනේ කතා කලා. ඊට පසුව techkatha 91 වැඩසටහනට මටත් සහබාගි වෙන්න ලැබුන. නමුත් මයික් එකේ දෝශයක් හින්ද ඔයාලට ඒ කතාකල දේවල් පැහැදිලිද මන්ද. බොහොම ස්තුතියි ඒ වෙනුවෙන් කාලිංග අයියා ප්‍රමුක අයියල සෙට් එකට.

මෙන්න රිවීව් ටික (මුල් සති තුනක කාලය සඳහා.)




ලොව වටා ඩවුන්ලොඩ් කරගැනීම්.















techkathaOffliner ලිපිය කියවන්න ආපු පිරිස  (මුල් සති තුනක කාලය සඳහා.) = 761


                                      2011.07.23                      2011.08.13
Followers                               6                                     17
Facebook like                        1                                     32
Page view                           2075                                3785

මෙම කාලය තුල කමෙන්ට් 31ක් ලැබී තියෙනව. කමෙන්ට් සිස්ටම් එක වෙනස් වෙච්චි නිසා කමෙට් කිරීමට කම්මැලි වුන අයත් ඉන්නව. මේ කමෙන්ට් සිස්ටම් එක දැම්මෙ ඔයාලගෙ පහසුව බලලම තමයි. මොකද යම් යම් ගැටලු මතුවුවහොත් එම ගැටලු වලට විසදුම කමෙන්ට් එකක් දැම්ම අයට නිරතුරුව දැනගන්න ලැබෙන නිසා. මෙම් කමෙන්ට් සිස්ටම් එක ගැන දීප්'ස් අක්කිත් හොද ලිපියක් දාල තිබ්බ.

එක් අවස්තාවකදි මේ හරහා කමෙන්ට් කරාම වෙනත් සයිට් එකක ඇති මේ කමෙන්ට් සිස්ටම් එකකට වුනත් පහසුවෙන් කමෙන්ට් කරන්න පුලුවන්.

කොහොම වුනත් කමෙන්ට් කරපු අයට බොහොම ස්තුතියි. ඒ අය මාව දිරිමත් කෙරෙව්ව ඔයාලට තවත් වැදගත් දේවල් ගෙන ඒමට. ඉතින් ඒ අයට ස්තුති වෙන්න මම techkathaOffliner Portable වැඩසටහන ඉක්මන් කරන්න තීරනය කරල ලැබෙන හැම විවේකයක්ම ඒ වෙනුවෙන් යෙදෙව්ව. ඉතින් ඇතිවුන ගැටලු ඉක්මනින් විසදගන්න පොට පෑදුනා කීවොත් නිවැරදියි. ඉතින් මම ඊලගට එන්නෙ ඔයාලට එම ප්‍රතිඵලය අරගෙන තමයි. ඒ වැඩසටහනේ තව ගොඩක් ෆීචර්ස් ඇඩ් කලා. තිබුන Errors සැකසුව.

ඒකෙන් පසුවත් ඔයාලට සෑහෙන්න වැදගත් සොෆ්ට්වෙයා 2ක් විතර දෙන්න හිතාගෙන ඉන්නව. මේකෙන් පසුව ඒ ප්‍රොජෙක්ට්ස් පටන්ගන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක රැදිල උන්නට.
ඉදිරියෙදි හමුවෙමු.

0 comments :

Post a Comment