Tuesday, July 31, 2012

// // 5 comments

සියළු File Extension එක සැරෙන් Rename කරගන්න.

අද කාලෙ විශාල ලෙස දියුනු වී තිබෙන OS එකක් වන වින්ඩෝස් OS එක වෙතට ඒමට මූලික අඩිතාලම දාපු Dos තාමත් අලුත් වින්ඩෝස් OS වලත් තියෙන්නෙ ඒකෙන් තවමත් ලොකු ලොකු ප්‍රයෝජන ගන්න පුලුවන් නිසා කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හොඳයි මම අද කියන්න යන්නෙ මේ Dos භාවිතා කරල කරගන්න පුලුවන් යම් දෙයක් පිළිබඳවයි. මොකක්ද මේ, මේ ක්‍රියාවලියේ මූළික ප්‍රයෝජනය නම් File කීපයක Extension එක ලෙහෙසියෙන්ම එක පාරින් Rename කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන.

(File එකක Extension එක ගැන නොදන්න කෙනෙක් නම් ඒ ගැන පහල තියෙනව.)

ඒ විදියට අපිට පුලුවන් Video වගේ ෆයිල් සගවල තියන්නත්. එතකොට Video File Search  කරද්දි අහුවෙන්නෙත් නෑ.

උදාහරනයක් ලෙස ඔයාගෙ ගාව පින්තූර(.jpg) 100ක් තියෙනව ඒක ඔයාලට ඕන ඔක්කොම ".dll" බවට පරිවර්තන කරගන්න. මේ සඳහා File ඔක්කොම Select කරල Rename දුන්නට හරියන්නෙ නෑනේ. ඒ හින්ද අපිට සිද්ධ වෙනව File ඔක්කොමගෙම Extension එක වෙන වෙනම Rename කරන්න. හපෝ ඒ හින්දම තමයි Dos ඉගෙන ගන්න ඕන වුනෙ. ඇත්තටම මේ ක්‍රමයට අපිට පුලුවන් අපේ File කීපයක් කාටවත් හොයන්න බැරිවිදියට හන්ගන්න වගේම ඕපන් කරන්න බැරිවිදියටත් හදන්න. බලමු ඒක කොහොමද කරන්නෙ කියල.

මුලින්ම Extension වෙනස් කරන්න ඕන ෆයිල් තියන ෆෝල්ඩර් එකට ගොස් (එම ෆයිල් ඔක්කොම එකම ෆෝල්ඩර් එකේ තිබිය යුතුයි.) එම ෆයිල් වල Extension එක බලා ගන්න. දැන් note book එක ඕපන් කරල පහල තියන විදියට ටයිප් කරන්න.

ren *.Extension *.Extension

EX:
ren *.jpg *.dll

(මෙහි ren යනු Dos තුල ෆයිල් රීනේම් කිරීමට යොදා ගන්නා කොමාන්ඩ් එක. දෙවන Extension එක පරිවර්තනය විය යුතු ෆයිල් ෆෝර්මැට් එකයි.)

දැන් සේව් කරන්න යන්න එවිට File Name එක විදියට නමක් දීල පසුව .bat කියලත් ටයිප් කරන්න (name.bat). Save as Type එක විදියට All Files යන්න ලබාදීල Save කරන්න. සේව් පාත් එක විදියට පින්තූර ටික තියෙන ෆෝල්ඩර් එක ලබාදෙන්න. දැන් ඒ සේව් වෙච්ච Bat ෆයිල් එක Double Click කරල බලන්න. ඕන ෆෝල්ඩර් එකකට Bat ෆයිල් එක කට්කරල අරගෙන වැඩ කරවගන්න පුලුවන්.

උදාහරනයක් විදියට පින්තූර ටිකක් අදුන ගත නොහැකි ෆයිල් බවට පත් කිරීමට ඉහත කමාන්ඩ් එක යොදා ගන්න පුලුවන්. මේ විදියට ෆයිල් ටික පරිවර්තනය කරල ඒව C:\Windows ෆෝල්ඩර් එක තුල ෆෝල්ඩර් එකක් හදල ඒකට කොපි කරන්නකෝ දැන් ඒ ෆයිල් ගොඩක් දුරට ආරක්ෂිතයි. මේ ෆයිල් නැවත පින්තූර බවට පත් කරන්න අර Extension දෙක මාරු කරන්නකෝ.

ren *.dll *.jpg

ආ.. ඔයාලට Dos වැඩකෑල්ල අල්ලල ගියාද, ඔයාල ආස Dos වැඩ කෑලි ඉගෙන ගන්නද Dos මුල ඉදල තියරි ටික අල්ල ගන්නද කියල Comment කරන්නකෝ. ඉල්ලුම අනුව සැපයුම දෙන්න එපාය.


Extension
Extension එකෙන් තමයි යම් File එක කුමන වර්ගයට අයත්දැයි කියල OS එකෙන් අදුනගන්න Name එක. ඒක ඉතින් හයිඩ් වෙලා තමයි තියෙන්නෙ. ඒක බලන්න ඕනෙනම් ෆෝල්ඩර් එකේ
Tools --> Folder Option --> View --> Hide Extension For.. ටික් එක අයින් කරල ok කරල බලන්න. හැබැයි ඉතින් ෆයිල් රීනේම් කරන්න කලින් තිබුන විදියට හදන්න. උදාහරනයක් විදියට Song File එකක් අදුන ගන්න එක් ක්‍රමයක් තමයි සින්දුවෙ නම අගට තියෙන .mp3 කියන නාමය. සින්දුවෙ නම Dasin_Pe නම් ඒක තියෙන්නෙ Dasin_Pe.mp3 ලෙසට. එම File මත Double Click කලාම Open වෙන්නෙ කුමන Software(Player) එකෙන්ද කියල OS එක දැනගන්නෙත් මේ නමින් තමයි.
Read More

Monday, July 30, 2012

// // Leave a Comment

Techකතා Offline Trix - Video Tutorial

ටෙක්කතා කිව්වම කවුරුත් දන්නවනේ ටෙක්නොලොජි ගැන සිංහලෙන් කියල.
ඒ තරම්ම නැතත්, ටෙක්කතා සඳහා මම හදපු ටෙක්කතා ඕෆ්ලයින් සොෆ්ට්වෙයා එක ගැනත් කට්ටිය දන්නවනේ.

2011 දී Techkatha Offline Application එකේ Beta Virsion එක Release කලා.
සුපුරුදු ලෙස එහි තිබ්බ ගොඩක් අඩුපාඩු හැදුව. වැඩි දවසක් නොගිහින් Full Version එක Release කලා.

මාස කීපයකට පසුව එහි Portable Version එකක් Release කලා. එතකොට Install කර කර ඉන්න ඕනෙ නෑ නේ. DVD එකක වුනත් ඔක්කොම TK Episode ට්කත් එක්ක Write කරල Potable Techkatha DVD එකක් හදාගන්න පුලුවන් නේ.

මේ අවුරුද්දෙදී මම TKOffline  එකහි Source Code එක Release කරල Open Source තත්වයට පත් කලා.

දැනට මම TKOffline එකෙ අලුත් වැඩසටහන් සඳහා Update දෙකක්ද ලබා දීල තියෙනව.

ටෙක්කතා 100 වෙනුවන් මගෙන්.
Download TechkathaOffline Update Ep100 - 120

TKOffline එක Open Source නිසා ඕනම කෙනෙක්ට අවසර තියෙනව Update හදල දාන්න.

ඉතින් නිවාඩු ටිකේ පුලුවන් වුනා TKOffline එක බාවිතා කරන ආකාරය ගැන Video Tutorial එකක් හදාගන්න. ඉතින් මෙන්න ඒ වීඩියෝ එක.

Read More

Monday, July 23, 2012

// // Leave a Comment

වයිරස් ගාඩ් මොකටද?

රනා දවසක් ප්‍රින්ට් 1ක් ගන්න කඩේකට ගිහිල්ල වෙච්ච ඇබැද්දිය ගැන මෙන්න මෙහෙම කියල තිබුන
(වයිරස්, වයිරස් ගාඩ් සහ කාලය ~ I Mean Time ). ඉතින් මම හිතුව බිල් අයියගෙ XP දාගෙන Communication කරන අක්කලාට/ අයියලට වයිරස් ගැන වැඩිය හිතන්නෙ නැතිව පාරිබෝගිකයින්ගෙ වෙලාව කන වයිරස් ස්කෑන් නොකර වයිරස් වලින් පරිගනකය අවුල් නොකරගෙන අදාල ෆයිල් එක ප්‍රින්ට් කරගන්න විදියක් ගැන. වයිරස් ගාඩ් දාගෙන හිටියට වැඩක් නෑ ඒක Update කරන්නෙ නැත්නම්. ඉතින් Update කරන්න විදියක් නැති අයටත් මේ ක්‍රමේ බොහෝදුරට ගැලපෙනව. හැබැයි Software Install  කරන්නෙත් නැති නම් හොදේ. මුලින්ම කියන්නම් කෝ පෙන් එකකින් වයිර්ස් ඇතුල් වෙන්නෙ කොහොමද කියල.

වයිරස් තියෙන පරිගනකයකට පෙන් ඒක ගැහුවම වයිරස් එකෙන් අදාල වයිරස් කොපියකුයි ඒක ඔටෝ රන් වෙන්න ෆයිල් එකකුයි හදනව. ඒ ෆයිල් එකේ නම Autorun.inf. ඒක ඇතුලෙ කෝඩින් කීපයක් තියෙනව පෙන් එක පරිගනකයට ගැහුව ගමන් හෝ පෙන් එක ඕපන් කරපු ගමන් වයිරස් එක රන් වෙන. අනෙක් ක්‍රමේ තමා Pen එකේ තියෙන Software වලට Infect වෙන එක. ඉතින් අපි මුලින්ම Autorun නවත්වමු.

ඒ සඳහා start --> run ගොස් gpedit.msc කියල type කරල ok කරන්න.
Group Policy --> Computer Configuration --> Administrative templates --> System --> Turn Off Autoplay



ඉහත පිළිවෙලට වැඩටික කරාම Turn Off Autoplay Properties ලැබෙනව.
එහි Enable කියන එකත් All Drives  කියන එකත් තෝරල Ok කරන්න.



දැන් ඉතින් පෙන් එක ගහනකොටම වයිරස් එක රන් නොවුනත් පෙන් එක Double Click කරල ඕපන් කරන කොට වයිරස් එක රන් වෙනව. ඒකට පිළියම තමයි පරිගනකයේ ඕනම ෆෝල්ඩර් එකක ඉදල Standard Tool Bar එකෙන් Folders කියන Button එකට කොටන එක. එතකොට Folder Explorer එක විවෘත වෙයි.



ඒකෙන් ඔබේ පෙන් ඒක තෝරා පෙන් එක තුළට ඇතුල් වන්න. දැන් ඉතින් තියෙන්නෙ අදාල ෆයිල් ඒක තෝරල ප්‍රින්ට් කරන්න වුවත් තවත් පරිස්සම් වෙන්න ඕන කරුනු ටිකක් කියන්න තියෙනව. ඒ තමයි ෆයිල් එක තියෙන්නෙ Folder එකක නම් බයානකයි මොකද කිව්වොත් සමහර වයිරස් තියෙනව ෆෝල්ඩර් එකක් ලෙස වෙස්වලාගෙන ඉන්න. මේක බලන්න නම් ක්‍රම දෙකක් තියෙනව ඕන විදියකට කරන්න.

ෆයිල් එක උඩ Right Click කරල එන Properties Window එකේ Type එකට "File Folder" කියල තියෙනවද බලන එක එහෙනම් ඒක ෆෝල්ඩර් එකක් තමයි. හැබැයි ඉතින් "Application" කියල තිබ්බොත් වයිරස්. මේ බොරුවට තියෙන ඔක්කොම ෆෝල්ඩර් ටික ඉවත් කරන්න ඕනනම් පෙන් එකේ ඉදන්ම Search Button එකට කොටා ලැබෙන Search Companion එකට ගිහිල්ල All File & Folders තෝරල ඒකට ගිහිල්ල File Name එක දෙන තැනට ".exe,.com,.msi" කියල Type කරල Search කරන්න.

(පරිගනකයෙ Excutable වන File වල Extensions තමයි ඔය ටයිප් කරල තියෙන්නෙ. ඒ කියන්නෙ Software කියල OS එකෙන් අදුනගන්න Name එක. ඒක ඉතින් හයිඩ් වෙලා තමයි තියෙන්නෙ. ඒක බලන්න ඕනෙනම් ෆෝල්ඩර් එකේ Tools --> Folder Option --> View --> Hide Extension For.. ටික් එක අයින් කරල ok කරල බලන්න.හැබැයි ඉතින් කලින් තිබුන විදියට හදන්න.)



එතකොට පෙන් එකේ තියෙන ඔක්කොම සොෆ්ට්වෙයා පෙන්වනව. වයිරස් කියන්නෙත් සොෆ්ට්වෙයා එකක්නේ. ඉන්පස්සෙ ඒ මෙනු එකෙන් ඔය ෆෝල්ඩර් අයිකන් තියෙන ඒව ටික Ctrl ඔබාගෙන සෙලෙක්ට් කරල ඩිලීට් කරල දාන්න (ඕනනම් ඒවගෙ Properties බලන්න Type එක Application කියල තමයි තියෙන්නෙ). ඔය ටික කරාම බය නැතුව ෆෝල්ඩර් ඕපන් කරන්න පුලුවන්. දැන් අදාල ෆයිල් එක ඕන තැනකට කොපි කරගෙන වයිරස් ස්කෑන් එකකුත් කරල බලන්න එතකොට මුළු පෙන් එකම ස්කෑන් කරන්නෙ නැති නිසා වැඩි වෙලාවක් යන්නෙ නෑ ( pdf නම් ස්කෑන් නොකලත් Word Document නම් ස්කෑන් කරන එක නුවනට හුරුයි.)  

ආ තව කියන්න දෙයකට තියෙන්නෙ Virus PC එකකට Pen එක ගැහුවම Pen එකේ තියෙන File සමහරවිට පේන්නෙ නැතිව යනව නේ ඒකට තියෙන විසදුම් ඔයාලට දැන ගන්න ඕන නම් කියන්න.

මම මේ කියල තියෙන්නෙ මම අත්හදා බලපු ක්‍රමයක් කරන්න බයවෙන්න එපා. මම නම් ඔය විදියට කලේ ඉන්ටර්නෙට් නැති කාලෙ. නමුත් දැන් වයිරස්, අපිට ෂුවර් සොෆ්ට්වෙයා වලටත් රින්ගන Injection Method නිසා Install එකක් කරන වෙලාවට වයිරස් ස්කෑන් එකක් කරල තමයි ගන්නෙ. පරිගනකයක් භාවිතා කරනකොට ලිමිටඩ් අකවුන්ට් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න, ඒක කෝකටත් හොදයිනේ.
 

Read More

Saturday, July 21, 2012

// // Leave a Comment

Download TechkathaOffline Update Ep100 - 120

TechකතාOffline වැඩසටහන ගැන දන්න ඔයාලට වැදගත් දෙයක් නේ එහි Update එක. ඉතින් අද වෙනකොට ටෙක්කතා වැඩසටහන් 131ක් පමන පවත්වල තියෙනවනේ. එයින් 99 වනකම් Update කලින් නිකුත් කලානේ. එතකොට තව 32ක Update දෙන්න තියෙනව. මේ දවස්වල කැම්පස් නිවාඩු නිසා යන්තම් වෑඩසටහන් 20ක  ඩේට යොදල Update ඩේටබේස් එක හදාගත්ත. ලඟ ලඟම BIT Exam එකත් තියෙන නිසා ඉතිරියට පසුව මහන්සි වෙන්නම්. ඉතින් Episode 100 - 120 දක්වා Update එක පහල ලින්ක් එකෙන් බාගන්න. Update කරන ආකාරය දන්නෙ නැති කට්ටිය මේ ලින්ක් එකෙන් බලාගන්න. තව දෙයක් කියන්න තියෙනව, මම දැනටමත් TechkathaOfflin App එක Open Source කරල තියෙන නිසා මේ Update එක ඕනම කෙනෙක්ට හදන්න අවසර තියෙනව. ඉතින් දැනට Update එක හදන්න Show Note එක හදල දාපු සචිත්ට, ගයන්තට, චම්ලිට, දුෂාන්ට, චානකට කාටත් බොහොම ස්තුතියි.

Read More

Tuesday, July 17, 2012

// // 13 comments

Download English-සිංහල ඩේටබෙස් 2012.

නාමල් ඩික්ෂන්රිය සඳහා බාවිතා කරන English-සිංහල ඩේටබෙස් එක (නිර්මාණය කල අයුරු) Open Source තත්වයෙන් තබාගැනීමට මචිසින් තීරනය කලේ එය සමාජගතකොට එමගින අලුත් නිර්මාණ බිහිකරන පිරිසක් සිටීචි යන්න බලාපොරොත්තුවෙන් සහ සමාජයේ සියළු දෙනාගේ දායකත්වය මගින් එම ඩේට බෙස් එක දියුණු වේයැයි බලාපොරොත්තුවෙන්. ඒ අනුව දෙවැනි කාරනාව පහසු කිරීම පිනිස ඩික්ෂනරිය සඳහා අලුතින් වචන එකතු කිරීම සඳහාද ක්‍රම වේදයක් ඉදිරිපත් කර ඇතිබව ඩික්ෂනරිය බාවිතා කරන සියළු දෙනාම දන්නා කරුනක්.




ඩික්ෂනරියේ අලුත් වර්ෂන එකත් සමග එහි ඩේටබේස් එකේද Developing ටිකක් කරන්න පුලුවන් කම ලැබුනා. ඒ අනුව ඩේටබේස් එකේ තිබුන සමහර Empty Space ඉවත් කිරීම කෙරුන. සමහර වචන දෙපාරක් බැගින් යෙදුන අවස්තාත් තිබුනා, එවැනි තැන් කීපයක් සකස් කරන්නට පුලුවන් කම ලැබුනා. ඊට අමතරම අලුත් වචන කීපයක් ඇඩ් කිරීමටත් පුලුවන් කම ලැබුනා. එසේ කරන ලද Developing සහිත ඩේටබේස් එක නිල වශයෙන් මෙසේ රිලීස් කරමි.


එසේ අලුත් වර්ෂන් එකට කරන ලද Developing සියල්ල මචිසින් කරන ලද ඒවා වන අතර Community Project එකක් ලෙස ඩේටබේස් එක ඉදිරිපත් කලද එයින් ලද සංවර්ධනයක් නැති බවද දැනුම් දෙමි. එහෙයින් තවදුරටත් මම චිසින් මෙම ඩේටබේස් එකහි කරන Developing Open තත්වයේ තබා ගන්නවාද යන්න සිතිය යුතු තත්වයට පත්ව ඇත.
Read More

Sunday, July 15, 2012

// // 4 comments

Subtitle Translator

ගොඩක් අය දැනටමත් දන්නව නේ නාමල් ඩික්ෂනරිය මගින හදුන්වා දුන් Subtitle Translator Option එක ගැන. ඉංග්‍රීසි ඉගෙන ගන්න උන තියෙන කෙනෙක්ට බොහොම වැදගත් Tool එකක් කියලත් දන්නවනේ. මේ ගැන සරලව කියනව නම් Film එකක් බලද්දී Space Bar එක Press කල සැනින්  Film  එකට අදාලව KMPlater එකේ දර්ශනය වන English Subtitle වල තේරුම් අරන් දෙන මෙතොඩ් එකක් (වැඩි විස්තර සඳහා). ඉතින් ඒ සමබඳ Trix එකක් තමා මේ කියන්න යන්නෙ



ඔන්න ඉතින් Dictionary Application එකේ වැඩ ඉවරවුනත් එක දිගට ඒකට උන මහන්සිය නැතිවෙන්න විවේකයක් ගන්න ඕන කියල හිතුවත් හිතට සැරින් සැරේ වද දෙන සමහර අතීත සිදුවීම මතක් වෙන්න ආයිත් පටන් ගත්ත. ඉතින් විවේකය පැත්තක තියල අයිත් වැඩකට බහින්න හිතුව. කරන්න පටන් ගත්තු Projects නම් Folder පිටින් ගොඩගැහිල තමා තියෙන්නෙ. ඒත් එකක් පටන් ගත්තොත් කොටිවලිගෙ අල්ල ගත්ත වගේ ඒකමනේ මම කරන්නෙ, ඒ නිසා පොඩි වැඩක් තමා හෙවුවෙ. Application එකේ වැඩ නිසා පරිගනකයත් ගොඩක් අචුල් වෙලා තිබ්බෙ, එක එක Service ගන්න Install කරපු Software නිසා හා App Testing වැඩ නිසාත්. ඉතින් හිතුන PC එක ටිකක් පිලිවෙල කරන වැඩේ කරල දාන්න. ඉතින් අලුතින් OS එක ගහල ඕන කරන App ඒව ටික දාල Backup එකක් අරගෙන ඔන්න ඉතින් ෆයිල් ටික පිළිවෙලක් කරමින් ඉන්න කොට ගෙදරට යාළුවො ටිකක් කඩා වැදුන, ඉතින් උන් එක්ක Film එකක් බලන්න කියල සෙට්වෙලා Subtitle Translator එකත් ඕපන් කරගෙන Film එක බලද්දි Space Bar එක Press කලත් Subtitle Translator එක නෙවේ වැඩ කලේ. අවුල කිවුවට ලොකු අවුලකුත් නෙවේ Full Screen තියෙන වෙලාවට Searched Result එක On Top අවෙ නෑ. කොහොම වුනත් Minimize කර කර බලන් එකත් කරදර නිසා හේතුව හොයාගෙන යනකොට තමා දැක්කෙ ඒක ඩික්ෂනරි එක ගැටලුවක් නෙවේ කියල. ඉතින් මොකද වෙලා තිබ්බෙ.

හේතුව තමා KMPlater එකේ Default Settings වලදි Video එක Play වන අතර තුරදි කිසිම App එකකට On Top එන්න දෙන්නෙ නැති ප්‍රශ්නෙ. මම ගොඩක් කල් ඉදල ඔය Setting එක අයින් කරල තිබ්බ නිසා Dictionary එක හදද්දී මට ඒක අහුවුනේ නෑ. ඉතින් මේක ගොඩ දා ගන්න කරන්න තියෙන්නෙ බොහොම පහසු ක්‍රමයක්.

මුලින්ම KMPlater එක Open කරගන්න.
ඉන්පසු F2 Key Press කරන්න.
ලැබෙන Window එකෙහි General --> Screen --> General Tab එක යටතේ ඇති  On Top --> Video:  ඉදිරියෙන් Never යන්නෙ Select  කරන්න.



දැන් ගටලුවක් නැතිව Full Screen  දාපු වෙලාවට්ත් Subtitle Translator එක වැඩ.
Read More

Friday, July 13, 2012

// // 2 comments

The NDictionary 2012 ගැන දැනගත්තේ නැතිනම්.

The NDictionary 2012 මෘදුකාංගය නිකුත් කරල දැන් සති 3ක් විතර වෙනව. නමුත් එලෙස ඉදිරිපත් කල ලිපියේ ලින්ක් එක Application එකට ගැනීමට තිබූ අවශ්‍ය නිසා එම ලිපිය ලියන්නත් කලින් එය Publish කරල තමයි ලිපිය සම්පූර්ණ කලේ. ඒ නිසා නිල මට්ටමේ මුදාහැරීමේදී එහි RSS Feed Link සමහර Syndi වලට නොලැබී තිබුනා. ඒ නිසා පහල ලින්ක් එකෙන් ඔබට පුලුවන් එම ලිපිය කියවා අලුත් වර්ෂන් එක Download කරගන්න.


ඩික්ෂනරි ඇප්ලිකේෂන් එකේ බාවිතය ගැන කල වීඩීයෝ වැඩසටහන.


Read More

Tuesday, July 3, 2012

// // 9 comments

මගේ පළවෙනි Hack කිරීම සහ නාගැනීම 01.

මේ කියන්න යන Hack කිරීම නම් මගේ ජීවිතේට අමතක නොවන සහ මතක් වෙනකොටත් හිනායන සුපිරි සිදුවීමක්. මුලින්ම කියන්න ඕනේ  Hack කිරීම කියන වචනයටත් අකමැති අයට, මම නම් Programming වලින් ඉදිරියට එන්න හේතුව වුනේ  Hacking Concept ඉගෙන ගන්න යොමුවීම කියන එක. Programmin Language එකක් ඉගෙන ගන්නව කියන එක ටිකක් බෝරින් වැඩක් නේ. නමුත් එහි Fun එක තියාගන්න සහ කුතුහල රදව ගන්න Hacking කරන්න Application ලියන එකනම් ටිකක් අල්ලල ගියපු වැඩක් වුනා. අද මාතෘකාවත් ඒ වගේ දෙයක් තමා.



මේ සිදුවීම වුනේ මම 12 වසරෙදි විතර. ඒ දවස්වල ගමේ තිබ්බ ඔක්කොම පරිගනක වල Repair කිරීම මට බාරදීල වගේ තමා තිබ්බෙ. පරිගනක ගැන ඒ කාලෙ මහලොකු දෙයක් දැනගෙන හිටපු නිසා නම් නෙවෙයි, පරිගනක වලට බය නොමැති කම. ගමේ හිටිය අයිය කෙනෙක් ලොකු Company එකක වැඩ කරන. පොර ගෙදරදි ඉන්ටර්නෙට් ලොග් වෙන්නෙ Company එකේ Account එකෙන් කියල පොරගෙ Network එක Setup කරන්න ගිහින් දැනගත්ත. ඉතින් දැන් පොඩි අසාවක් ඇතිවුනා User Name එකයි Password එකයි උස්සන්න. ඒකට හේතුවක් තිබ්බ, නමුත් සාධාරනයි කියලනම් කියන්නෙ නම් නෑ.

ඔය 2005 හේ විතර. අද කාලේ වගේ නෙවෙයි, තිබ්බෙ Dial-up ක්‍රමේට ඉන්ටර්නෙට්. ඒ විදියට ඉන්ටර්නෙට් වැඩ කරපු අයනම් දන්නව ඇති ඒකෙ තරම. පට්ටම Slow Connection එකක්. පැය 10කට නෙට් ලොග්වෙලා ඉන්නවට රු.200 යි. ඒ අතරදි Phone බිලයි, පට්ට වියදම්. ඉතින් මම නම් Images බ්ලොක් කරල Internet log වෙන්නෙ. Phone බිලත් යන නිසා ගෙදරට හොරාට Network Cable එකක් කවුලු අස්සෙන් දාල Phone එකට Connect කරල තමා Network එක හදා ගත්තෙ.ඉතින් ඩේට ගන්න ටික Company එකට පැවරුවනම් එල නේ කියල හිතල, Plan කලා ඊලග පාර Network එක Setup කරද්දි Hacking ගේම දෙන්න.

කොහොම නමුත් A/L වැඩ අස්සෙ ඕක කරන්න ඕන Application එක නම් හදා ගන්න බැරි වුනා. හදීසියේම දවසක ඒ අයිය අවිල්ල කිවුව "මල්ලි Windows දාගන්න ඕන යමුද කියල". දැන් ඉතින් වැඩේ Plan කරලත් නැති නිසා කොහොමද යන්නෙ. ඉතින් යන්තම බොරුවක් කියල වැඩේ කල්දමා ගත්ත දවසකට.  ඊට පස්සෙ කලේ හනිකට Application එක හදන එක. එකට කලේ Internet එකෙන් හොයාගත්ත Dial-up Connection  එකකින් Connect වෙන්න Dial කරන්න යොදාගන්න පුලුවන් Code ටිකක්. ඊටපස්සෙ Windows Dial-Up Application එක වගේ Interface එක හදල එතනදි User Name, Password ගහල Enter කලාම Network එක Connect වෙනවට අමතරව  User Name, Password  ට්ක Application එක තියෙන තැන Save වෙන විදියට Programming ටික කලා.

හරි ඉතින් දචස උදාඋනා ගිහින් Windows දාල Netework Setup කරල වැඩ කරනවද බලන්න Connect කරල බලමුද කියල මම හදපු Application එක අරගෙන දුන්න. ඉතින් දැන් අයිය User name එක ගැහුව, අවුලක් නෑ. ඔන්න දැන් Passeord එක ගහනව. අම්මටසිරි මෙන්න යකෝ එන්ටර් කරන පස්වර්ඩ් එක   පේනව. "අයියෝ" කියල මම ඔලුවට අතගහගත්ත. පාස්වර්ඩ් එක බාගෙට ගහල අයිය මගේ දියා බලල කියන්ව "මල්ලි මම පස්සෙ Check කරන්නම් කියල." අහ් ඉතින් මොකද කරන්නෙ. මට කලබලේට අමතක වුනානේ අදාල Text Box එකේ Password Character Properties වෙනස් කරන්න. අපරාදෙ ලැබිච්ච චන්ස් එක. ඊටත් වැඩිය අයිය මොනව හිතුවද දැන්නෙ නෑ.

ඉතින් ඔන්න ඔහොම තමා Hacking වලින් ඇදගෙන නෑවේ. හැක්, Hack කරන්න ගිහිල්ල සාර්ථක වුන අවස්තා වගේම නාගත්තු තව තැනුත් තියෙනව. ඉතින් පෝස්ට එක නැගල ගියොත් ඊලඟ ඒවත් කියන්නම් කෝ.
Read More

Thursday, June 21, 2012

// // 36 comments

The NDictionary 2012 Stable Version - Download


මාස 3ක පමණ කාළයක් Program කරල Beta Version එක Release කරල User Rivews ලබාගෙන, තවත් මාස 3ක කාළයක් Experiment සහ Developing කරල NDictionay Software එක 2011 Beta Version එකේ සිට 2012 Stable Version එක දක්වා ගෙන ඇවිත් ඔබ වෙත නොමිලයේම ලබා දෙන්න පුලුවන් වීම ගැන බොහොම සතුටියි.

අඩු-පාඩු ගොඩක් එක්ක මේ දක්වා ඩික්ෂනරි Beta Version එක 500කට ආසන්න Download ප්‍රමාණයක් කරල තියෙනව. මම ඒක දැම්මෙ එහි වැඩි දියුණු කටයුතු වලට End User Reviews ලබාගැනීමෙන් අදිටනින් නිසා වැඩි ප්‍රචලිත කිරීමකුත් කලේ නෑ. ගොඩක් අයගෙ Reviews මතින් දැන් ඩික්ෂනරිය Windows ඕනම OS එකක සාර්ථකව වැඩකරනව කියල අනුමත කරන්න පුලුවන්. ඉතින් Reviews ලබා දුන්න සියලු දෙනාට බොහොම ස්තුතියි.


Dictionary Software එක ගැන කල Tutorial Video එක බලන්න.


NDictionary 2012 Stabel Version එක Download කරන්න.

ඩික්ෂනරි Software එකට කැමතිනම් Facebook යහළුවන්ට දැනගන්නත් එක්ක Like කරන්න.



Beta Version එක Install කරල තියේනම් 2012 Version එක Install කරන්න කලින් Beta Version එක නිවැරදිව Uninstall කරන්න ඕන. නමුත් එහි යම් Uninstall error එකක් තියෙනව. ඒ නිසා එය 2011 Beta හරියාකාරව Uninstall කරන ආකාරය (How to Uninstall njDic Beta Version, Correctly) මේ ලින්ක් එකෙන් බලාගන්න.

ඩික්ෂනරි එක ගැන කෙටියෙන් හැදින්වීමක්.


විස්තර දන්න අය පහලටම ගමන් කරන්න.



1) Searching Window
ඩික්ෂනරිය Run කල පසු එය System Tray එකෙහි "N" අකුරක ආකාරයේ Icon එකකින් Dictionary Application එක දක්නට ලැබේ. ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් (Like SMS Typing System) එකද බාවිතා කල හැක. View --> About NDictionary වින්ඩෝවේ "Singlish Key Board Layout" Button එක කිරීම මගින් Singlish Scheme එක බලාගන්න පුලුවන්. දිග වාක්‍යයක වුවද එහි ඇති වචන සියල්ලගේම තේරුම් වෙන වෙනම බලාගත හැක.


System Tray Icon එක මත Right Clik කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත මෙනු එක දැකගන්නට පුලුවන්.


Searching Window එක Show වෙලා තිබෙන අතරතුර යම් වචනයක් Copy කල විගස තේරුම ගෙනහැර දක්වයි. ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Enable Auto Search විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත් තේරුම ඉදිරිපත් කරයි.

2) Get Word From Image (Text Capture - Optica Charactor Recognize)
Web Page එකක, Data Protected e-book, Google Book, Error Massage වල තියෙන Image එකක වචනයක තේරුම දැනගන්න ඕන උනොත් කරන්න තියෙන්නෙ ඩික්ෂනරියක ටයිප් කරල හොයාගන්න එක. ඒත් ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචනය ගැනීම. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ "Text Captur" Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ.

මෙම ක්‍රියාවලිය කිරීම සඳහා මා විසින් යොදාගන්නා ටෙක්නොලොජි එක සම්පූර්ණයෙන් භාවිතා කිරීමට අවසර නැහැ. ඒ හින්ද ඔක්කොම පහසුකම් බාවිතාකරන්න බෑ. ඒ දේවල් ටිකත් ඩික්ෂනරියට එකතු කරන්න. ලොකු මුදලක් OCR Technology එක දෙන සමාගමට ගෙවන්න වෙනව.

3) Substitle Translator for KMPlayer
මේ ටූල් එක කඩ්ඩ(ඉංග්‍රීසි ) හදාගන්න උණ(උවමනාව ) තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව කඩ්ඩ හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා මම කියන දේවල් ගොඩක් තේරුම ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසවත් බාවයත් නැතිවෙලා යනව. ඒ සඳහා විසදුමක් විදියට KMPlater එකට මේ Add-On එක හැදුවෙ.


ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක KMplayer එකෙන් ඕපන් කරගන්න. දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Translator (KMPlayer) මත ක්ලික් කරන්න.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි. ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල, දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි. එසේත් නැතිනම් System Tray Icon එක මත Double Click කරන්න.

4) Top Word of The Day
ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක.

5) Multi Clip Board.
ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තාවකදී ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.


6) Auto Text Grab.
ලොකු ඩෙට ප්‍රමාණයක් ( Text ) එක් තැනකින් ගෙන තව ෆයිල් එකකට වරග කරල Sorted File එකක් හදන්න තියෙන වෙලාවකට එම කාර්ය්‍ය ස්වයංක්‍රීයව කරගන්න පහසු කරන ඇප් එකක් තමා


7) English Sinhala Word Database Community.
නාමල් ඩික්ෂනරිය හරහා ඔයාල වචනයක් සර්ච් කිරීමේදී එම වචනය නැත්නම් ඒ වචනය ඩෙටබේස් එකට ඇඩ් කිරීමට බටන් එකක් පෙන්වීම හා ඒ හරහා ඔයාලට වචන එකතු කිරීමට වින්ඩෝවක් දක්නට ලැබේ. එයට වචන එකතු කල හැක, ඔබ වචන 10ක් පමන එකතු කල පසු ඔබට පුලුවන් එම වචන අප්ලෝඩ් කරන්න. එලෙස ඔබට පුලුවන් මම චිසින් වැඩි දියුණු කර Community Base Open Source Database එක ලෙස හදුන්වා දුන් සිංහල-English Word Database එකෙහි Developing කටයුතුවලට සහාභාගි වන්න.



අලුතින් එකතු කරන ලද දේවල්.
දෑන් Subtitle Translator (KMPlayer) එක ඕනම Subtitle File එකකට වැඩ කරනව. වෙනමම Download කරන්න ඕන වෙන්නෙ නෑ.


8) More Seting For Your Desire
9) Serched History
කලින් Search කරන ලද වචන ලබාගැනීමට.


මෙම මෘදුකාංගය පිළිබඳව වන සියළුම Update, Facebook මගින් දැන ගැනීමට පහල ඇති නාමල් යාය Fan Page එක Like කරන්න.


පහල Facebook Cover Picture එක මත ඇති Sharing Buttons භාවිතයෙන් Picture එක Share කරන්න පුළුවනි.


free counters
Read More
// // Leave a Comment

Correctly Unistall 2011 Beta - njDic

The NDictionary 2011 Beta Version එක Install කරල තියේනම් 2012 Stabele Version එක Install කරන්න කලින් Beta Version එක නිවැරදිව Uninstall කරන්න ඕන. නමුත් එහි (2011 Beta) යම් Uninstall error එකක් තියෙනව. එයට හේතුව ඩික්ෂනරි Application  එකහි Process එක Unistall එකේදි Kill නොවීම. ඒ නිසා එය හරියාකාරව Uninstall කරන ආකාරය බලමු.


Method 1
මුලින්ම ඩික්ෂනරි System Tray Icon එක මත Right Click කරල ලැබෙන මෙනු එකේ Exit Click කරන්න. දැන් Program File වල ඇති The NDictionary ලින්ක් එක තුල ඇති Uninstall The NDictionary මගින් Unistall කරන්න. එහෙමත් නැතිනම් Control Pannel වලින්ද කරන්න.





Method 2
Dictionary එක හරියට Unistall වෙලා නැතිනම්  පරිගනකය Start වීමේදී පහත පරිදි Window එකක් දර්ශනය වේවි. ඒ නිසා පලමුව රූපයේ ඇති Window එකේ Ok ක්ලික් කරන්න. ඊට පසුව Taskbar එක මත Right Click කරල Task Manager එක ලබාගන්න. එහි Processes Tab එක ගන්න. එහි NDictionary.exe එක Select කරල End Process ක්ලික් කරන්න. ඊට පසුව C:\Program File  (ඩික්ෂනරිය Install කල තැන) Folder එකට ගොස් එහි ඇති The NDictionary Folder එක Delete කරන්න.



දැන් Beta Version එක නිවැරදිව Unistall වී ඇත.
ලඟදීම නිකුත් කරන NDictionary 2012 Stabele Version එක Install කරන්න දැන් ඔබ සූදානම්.
Read More