Wednesday, February 29, 2012

// // 1 comment

ඇයි මේ රුහුණත් පේරත් - Why This Kolaveri University Version Song.



වර්ථමානයේ විශ්ව විද්‍යාල වල පවතින අර්බුදය කවුරුත් දන්නවනේ. එම ප්‍රශ්නය විහිදුන පැති රාශියක් තියෙනව. විශ්ව විද්‍යාල සිසුන් ඒ පිළිබඳ හොඳ අවබෝදයකින් තමා ඉන්නෙ. ඉතින් ඒ ගැන ලියවුන ගීතයක් ගැන කියන්න තමා මම මේ ලිපිය ලියන්නෙ.

පසු ගිය දිනවල අපේ ජූනියර් බැච් එක වෙනුවෙන් සංවිධානය වුන නවක සිසු සාදයේදී ප්‍රදර්ෂනය උදෙසා තමා අපි මේ නිර්මාණය කලේ. මේ ගීතයේ මූලිකව අදහස මම ගෙනාවත් මෙහි ගීතය රචනා කිරීමේ කාර්ය්‍ය කරන ලද්දේ ආට. Science සිසුවෙක් උනාට පොර Art වැඩ වලට කියාපු පොර. එතකොට ගීතය ගායනා කලේ නව්ව සහ බන්ටි. එතකොට Music සහ Video Concept, Video Editing (Produce) ටික කලේ මම. මේක කරන්නෙ අන්තර්ජාලෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගන්න වුනා. ඒක ලොකු දෙයක් මට මේ නිසා ලැබිච්ච.

ලෙක්චර්ස් මැනේජ් කරගෙන සතියක් ඇතුලත වගේ කෙටි කාලෙකින් තමා නිර්මාණය කලේ. ඒ නිසා මේ සඳහා මගේ උපරිමය යොදවන්න අමාරු උනා. ඒත් හොඳ මට්ටමකට ගීතය ගේන්න පුලුවන් වුනා. ඉතින් මිඩ් එක ඉවර වෙලා පටන් ගත්තු සතියෙම නවක සිසු සාදය පැවැත් වූ නිසා ඒ සතිය කාර්ය්‍ය බහුල වූ නිසා කට්ටිය එක්වන තැනට කට්ටිය ඉන්න වෙලාවට යන්නත් බැරි වුනා. ඉතින් ගීතයේ වැඩ නිසා ජූනියස්ල මාව හරියට අඳුනනෙත් නැති වීම වගේ අමිහිරි අත්දැකීමුත් ලැබුණ. මොකද ඔය සතියෙනේ ගොඩක් කට්ටිය අඳුනගන්න සෙට් වෙන්නෙ.

ඔන්න එහෙනම් කට්ටියම බලන්නකෝ රුහුණෙ සයන්ස් එකේ වැඩ. පණිවුඩයක් ගෙනියන්න තමා නිර්මාණය කලේ. ඒ නිසා ගීතය Share කරන්නත් අමතක කරන්න එපා.


Read More

Friday, February 24, 2012

// // 3 comments

SL 1st Inventors Forum.

2012.02.24 එනම් ඊයේ දින ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Inventor Forum එකක් සංවිධානය කිරීමට Sri Lanka Inventor Commission (SLIC) එකට හැකිවුනා. දීපාල් සූරිය ආරච්චි මහතාගේ අලුත් නායකත්වයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ නවවිපැයුම් කරුවන්ගේ කොමිසම සාර්ථකත්වය කරා ගමන් කරන බවනම් මනාවට පැහැදිලි වේ. ඉහත වැඩසටහනේ සම්පූර්ණ දායකත්වය දරමින් වැඩසටහන පැවත්වීම සිදුකලේ Sri Lanka Institute of Marketing (SLIM) අයාතනයේදීය.



මෙහිදී කතාබහට භාජනය වූයේ "නව නිපැයුමක් මුදල් බවට පත් කරන අකාරයන්ය". මේ සඳහා දේශකයන් ලෙස සහභාගි වුයේ ලකී යෝගට් සමාගමේ නිර්මාතෘ ලාල් කීර්ති මහතා හා SLIM ආයතනයේ දේශකයකු වන අමිත ගමගේ මහතාත්ය. ලංකාවේ දෙසීය ගනනක් වන පේටන්ට් බලපත්‍ර ඇති නව නිපැයුම් කරුවන් පිරිසෙන් සීයක් පමණ මෙම Forum එක සහබාගි වූවා. මේ සඳහා මාද සහබාගි වූ  අතර එහිදී ලබාගත් වටිනා දැනුම් සම්බාරය ඔබ සියළු දෙනාටම දැනගැනීම පිනිස ඉදිරියේදී නාමල් යාය හරහා ඉදිරිපත් කිරීමට මා බලාපොරොතු වෙනවා.

ඒ දැනුම් ඔබගේ නව නිර්මාණයන් උදෙසාම නොව ජීවිතය සාමාන්‍ය ජීවිතයක් කරගෙන සාමාන්‍ය ජනතාව ලෙස ජීවත් වනවාට වඩා ඉහලට ගමන් කරන්න ආසාවක් ඇති සියළු දෙනාට එය වැදගත් වනු ඇත. මොකද යත් මිහිපිට මිනිසකු ලෙස ඉපදෙන ඔබට ඕනෑම දෙයක් කල හැකි මුත් ඒ ඔබ නොදන්නවා වීම ඇති ප්‍රධානම ගැටලුව වන බැවිනි.
Read More

Wednesday, February 22, 2012

// // 2 comments

DIY : Circuit අත් පලදනාවක්.

ඔන්න The Namal Dictionary එක හැදුවට පස්සෙ ලොකු ගේමක් දීල වෙනස්ම විදියෙ පොඩි නිර්මාණයක් කලා. මේක ලස්සනට පලදින්න පුලුවන්. අපතෙ යන දේවලින් තමා නිර්මාණය කලේ. පින්තූර ටික දැකකම කට්ටියට පැහැදිලි ඇතිනේ මොකක්ද කියල. මේ නිර්මාණය හින්ද කැමප්ස් එකේ කොල්ලො සර්කිට් කියලත් කාඩ් එකක් දැම්ම. ඒ වගේම සමාජයේ ප්‍රතිචාරත් හොදයි, මොකද මේ වගේ අත් පලදනාවක් හදාගත්තොත් මිසක් කඩේ ගන්න නෑ නේ.




හොදයි හදාගන්න ආස අයට පොඩි හෙල්ප් එකකුත් දෙන්නම්කො.
අවශ්‍ය උපාංග, බවුත් එකක්, ඊයම් සකර් එකක්, සර්කිට් බෝඩ් ග්‍රිල් එකක්, වයර් අඩියක් පමන, ඊයම් වයර්, පීරක්, තව හොඳ සර්කිට් බෝඩ් එකක්. මම නම් මේකට භාවිතා කලේ පරිගනක පවර් සප්ලයි එකක සර්කිට් බෝඩ් එක.




පහල රූපයේ කපාගත් කොටස් වල පින්තූර ටික පේනව. කොටස් කපාගන්න කලින් සර්කිට් බොඩ් එකේ උපරිම ලෙස කොටස් ගන්න පුලුවන් ලෙස සැලසුම් කරගන්න. ලොකු උපාංග තියේනම් ඒව ඉවත් කරලත් බලන්න. කපාගත් කොටස් වල සයිස් පහත රූපයේම තියෙනව. තමාගෙ අතේ වටප් ප්‍රමානය අනුව කොටස් ගනන සකසාගන්න. මම  හදපු එකේනම් කොටස් හයයි තියෙන්නෙ. වටප් ප්‍රමානය ගන්න වයර් එකම බාවිතා කරන්න. යම් තරමක හිඩසක් පවතින ලෙස එම වයර් එකේ දිගට කොටස් ටික තියල පාස්සගන්න කලින් බලන්න.



කොටස් අමුනන වයර් කැබැල්ලක දිග 1.2 cm පමණ හොඳයි. වයර් සිදුරු වලට දමා පාස්සද්දි කම්බි පමණ නොව වයර් එකේ රබර් කොටසත් එක්කම පාස්සගන්න නැතිනම් වයර් එක ඉක්මනට කැඩෙන්න ඉඩ තියෙනව. පාස්සන වයර් සඳහා පුලුවන් නම් නෙට්වර්ක් කේබල් කෑබැල්ලක් හොයාගන්න පුලුවන්නම් හොඳයි. මොකද කල් පැවැත්ම වැඩියි නෙ. අතේ පැලදගන්න පහසු වෙන්න රූපයේ පරිදි කෙලවර කොටසට ලොකු සිදුරු දෙකක් තබන්න. අනිත් කෙලවරේ යම් තරමක් දිග වයර් කැබැලි දෙකක් ඉතුරු කරන්න. කපාගත් කොටස් වල මුලු පීරකින් අතුල්ලා රවුම් කරගන්න. ඒ වගේම ඊයම් තබා පාස්සගන්න ක්ලින් ඊයම් තබන ලද කොටස් වල කම්බි අඬුවකින් කපා පීරකින් අතුල්ලා සුමට කරගන්න.
පහත රූපයේ දැක්වෙන්නේ එලෙස ඉවත් කල යුතු කම්බි කොටස් සහිත යටි පැත්තයි.



කොටස් වල සිදුරු හදාගන්න ග්‍රිල් එකක් නැතිනම් කුඩා ඇණයක් යොදාගන්නත් පුලුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන වැඩක් ඒක.





හොඳයි එහෙනම් හදාගන්න කට්ටියට යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම කමෙන්ට් කරන්නකෝ.
Read More

Saturday, February 18, 2012

// // Leave a Comment

Ruhuna Science Faculty - 2011 Welcome Day - Intro Video

පෙවරවාරි 17 දිනට රුහුණ විද්‍යා පීඨයේ නවක සිසුන් වෙනුවෙන් සංවිදානය වූ නවක සිසු සාදය ඉතාමත් අලංකාරවත් ලෙස සංවිදානය කරන්නට අපට පුලුවන් වුනා. අති උත්කර්ෂවත් ලෙස පැවති එම උත්සවය නිමාව දක්වාම සාර්ථකව පැවත්ව වීමට 2010 මගේ සහෘදයන් මහත් වෙහෙසක් දැරුවා. ඒ උත්සවය නිසා බ්ලොග් එක පැත්තට එන්නත් වෙලාවක් තිබ්බෙ නෑ. හෙතුව උත්සවය වෙනුවෙන් song එකක් කලා, තෙම් එක සදහා intro එකක් කලා. දැන් intro එක ඔයාලටත් බලන්න පොසට් කරනව. හදපු song එකත් ඊලග පොස්ට් එකෙන් දෙන්නම් කෝ. song එක වර්තමාන කැම්පස් වල තත්වය කතාකරන නිර්මාණයක් කීවොත් නිවැරදියි

Sony Vegas 9 Pro යොදාගෙන තමා මේ Intoඑක කලේ. වලාකුළු අතර යන Background එක ගත්තෙ ‍යුටියුබ් වලින්.

Read More

Saturday, January 28, 2012

// // Leave a Comment

Download Tha NDictionary 2011 Beta - (2nd Release)







නාමල් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගන්න දුන්නට පසු දැනගන්න ලැබුන එහි Copy-Paste ගැටලුවක් මතුවන බව. ඒක පොඩි ගැටලුවක් නෙවෙයි. ඒ සඳහා විසදුවමක් ඉදිරිපත් කරන තුරු පොඩි විකල්පයක් ඉදිරිපත් කලාට එය සාර්ථක මදි, මොකද එතකොට ඩික් එකේ ඔක්කොම ප්‍රයෝජන නැති නිසා. ඉතින් 2012 Version  එක Release කරන්න කලින් 2011-Beta 2nd Release එක අද කරන්න පුලුවන් වුනා. තාම 2011 Beta විදියට කරන්න උනේ තව වැදගත් ටූල් ටිකක් ඩික් එකට එකතු කරල 2012 Version එක Release කරන්න බලාපොරොත්තුවක් තියන නිසා.

හොඳයි දැන් ඔයාලට පහල ලින්ක් එකෙන් Copy-Paste ගැටලුව නැති නාමල් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.



තව දෙයක් කියන්න තියෙනව. කට්ටිය අවබෝධ කරගෙන තිබ්බෙ නෑ කොහොමද Singlish Keyboard එක භාවිතා කරන්නෙ කොහොමද කියල.



ප්‍රථමයෙන් Use Singlish Keyboard ලෙස දැක්වෙන තැනට ටික් එක දාන්න. පසුව Search Box එකේ සෙවිය යුතු වචනයට අදාලව සින්ග්ලිෂ් වලින් ටයිප් කරන්න. උදාහරනයක් ලෙස "යනවා" යන වචනයේ English Meaning ගැනීමට "yanavaa" ලෙස ටයිප් කරල Enter කරන්න.
තවත් යෝජනා යෝජනා එහෙම තියේනම් කරන්න.
Read More

Tuesday, January 24, 2012

// // Leave a Comment

Error solve of njDic

ඔයාලට NDictionary 2011-Beta Virsion එක Download කරගන්න දුන්න නේ. Download කරගත්ත යාළුවන්ගෙ පරිගනක කීපයක njDic එක Install කල පසු Copy & Paste කිරීමට බැරුව ගිහින් තිබ්බ. වැරදිලාවත් ඔබේ පරිගනකයෙත් එම Error එක පෙන්නුවොත් පහත උපදෙස් පිළිපදින්න.

මුලින්ම Setting වලට ගිහින් Enable Auto Search වලට ඇති ටික් එක ඉවත් කොට Ok කරන්න.



දැන් njDic එක Exit කරන්න.



දැන් ආපහු njDic එක ගන්න. දැන් ප්‍රශ්නය විසදිලා ඇති. තව දෙයක් කියන්න තියෙනව ඒ තමා njDic එක On top තියෙන වෙලාවට ෆයිල් එහෙම Copy කරන්න යන්න එපා. Text විතරයි හොදද. Close Button Click කරල හෝ නැවත njDic Tray Icon එක Left Click කරල njDic එකේන් ඉවත් වී File Copy කරන්න පුලුවන් හොදේ. අයීත් මතු උනොත් njDic එකෙන් Exit වී නැවත ඕන වෙලාවට ගන්න. අනිත් Tool වල දැනටනම් ප්‍රශ්නයක් නෑ. හොදට වැඩ.

මේ ප්‍රශ්නයට හේතුව යුනිකෝඩ් Controller එකේ ප්‍රශ්නයක්, ඒ නිසා මෙම ගැටලුව Full Version එකේදී විසදල දෙන්නම්. යුනිකෝඩ් Controller එකේම ගැටලුවක් නිසා තමා වෙනමම Subtitle හදන්න ඕන උනෙත්.
Read More

Sunday, January 22, 2012

// // 1 comment

Download The NDictionary.

Read More
// // 16 comments

The NDictionary 2011 Beta - Download


English හෝ සිංහල වචනයක තේරුම දැනගන්න ඕන කොතනින්ද, කොහොමද, කොයි මොහොතෙද දැන් ප්‍රශ්නයක් නෙවෙයි. නාමල් ඩික්ෂනරිය ලෙස ඔබට ලබාදෙන මගේ අලුත්ම නිර්මාණය පිළිබඳ පසුගිය ලිපි 7කින් ඔබ වෙත ඉදිරිපත් කලානේ. ඔන්න අද දින මම ඔයාලට එම මෘදුකාංගය බාගන්න ලබා දෙනව.


හොඳයි ලිපි 8 කින් ඉදිරිපත් කල නාමල් ඩික්ෂනරියේ විස්තර ටිකෙන් වැදගත්ම දේවල් ටික කෙටියෙන් පහල ඉදිරිපත් කරනව. දීර්ග ලිපිවල ගොඩක් විස්තරාත්මකව පැහැදිලි කරන අතර ඒ ඒ Option නිර්මාණය කල අකාරය වගේ දේවලුත් කතා කලා. ඒ ඒ ලිපිවලට මාතෘකාව ඔස්සේ ලින්ක් දාල තියෙනව. නොකියූ අයට කැමතිනම් කියවන්න පුලුවන්.





1) Searching Window
ඩික්ෂනරිය ඔපන් කල පසු එය Sistem Tray එකෙහි පහත ආකාරය දක්නට ලැබේ.


ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. වෙබ් ලින්ක් ආදිය කොපි වී තිබේනම් එය ස(ර්)චින් එක මගහරී.


ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් එකද බාවිතා කල හැක.
About වින්ඩෝවේ Singlish Key Board Layout Button එක කිරීම මගින් Singlish Scheme  එක බලාගන්න පුලුවන්.



සින්ග්ලිශ් බාවිතා කරන ආකාරය.


1 ලෙස ඇති බටන් එක ක්ලික් කිරීම මගින් අදාල වචනයට වචනයේ මුල් කොටසට සමාන කමක් ඇති සියලුම වචන පහත ආකාරයේ විශාලනය වූ වින්ඩෝවකින් දැක ගන්නට පුලුවන. එවිට දක්නට ලැබෙන "*WORD" බටන් එක ක්ලික් කිරීම මගින් අදාල වචනයේ ඕනෑම ස්තානයකින් සමානකම් ඇති වචන දැකගන්නට පුලුවන.

5, 6 Button ක්ලික් කිරීම මගින් වින්ඩෝව් එකෙහි ට්‍රාන්ස්පේරන්සි එක අඩු වැඩි කරගැනීමට පුලුවන්.
ටයිප් කල හෝ කොපි කරගත් වාක්‍යයකම ඇති එක් එක් වචනයේ තෙරුම් එක සැරයෙන් ලබා ගත හැක.



විශාලනයවූ වින්ඩෝ එක කුඩා කිරීමට 1 ලෙස දක්වා ඇති බටන් එක නැවත් ක්ලික් කිරීම හෝ Esc Key එක Press කිරීම මගින් කල හැක. නැවත් වරක් System Tray Icon එක මත ක්ලික් කල විට ස(ර්)චින් වින්ඩෝ එක Close වී යයි. ඒ සඳහා Close Button එක Click කිරීම හෝ Esc Key එක Press කිරීම මගින් කල හැක.

System Tray Icon එක මත Right Clik කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත Main Menu එක දැකගන්නට පුලුවන්. එහි අඩංගු අනෙකුත් සියලුම විදානයන් ගැන ඉදිරියේදී කතා කරමු. ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Auto Search සර්ච් විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත් තේරුම ඉදිරිපත් කරයි.



2) Get Word From Imag
Web Page එකක, e-book, Google Book වල තියෙන Image එකක වචනයක තේරුම, නැතිනම් වින්ඩෝස් මත කොපි කරන්න බැරි වචනයක (Error Masage එකක) තේරුම දැනගන්න දැනගන්න ඕන උනොත් කරන්න තියෙන්නෙ ඩික්ෂනරියක ටයිප් කරල හොයාගන්න එක. ඒත් ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචන ගැනීම. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ Text Capture Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ. මෙවිට Zoom ටූල් එක බාවිතා නොවේ.

ඉමේජ් එකක් Capture කිරීමේදී හරියාකාරව කල යුතුය. නැතහොත් වචනය තෝරා බේරා ගත නොහැක.
යම් ඉමේජ් එකක/වින්ඩෝ එකක ඇති වචනය ඉතා කුඩා නම් එය Capture කිරීම හරියාකාරව සිදු නොවේ. මේ කාර්ය හරියට කරගැනීමට Main Menu එකෙහි ඇති Capture With Zoom විධානය ක්ලික් කීරීම මගින් Zoom වින්ඩෝව ලබා ගත හැක. එලෙස ලබාගත් වින්ඩෝ එකෙන් බලාගෙන වචනය නිවැර්දිව Capture කරගන්න. එලෙස ලබාගත් ටූල් එකෙන් ඉවත් වීමට ඕනෑම තැනක Right Click කිරීම Esc Key Press කිරිම මගින් කලහැක.


මෙම ක්‍රියාවලිය සිංහල වචන සඳහා බාවිතා කල නොහැකි බව කරුනාවෙන් සලකන්න. මෙම ක්‍රියාවලිය කිරීම සඳහා මා විසින් යොදාගන්නා ටෙක්නොලොජි එක Trial Virsion. ඒ හින්ද ඔක්කොම පහසුකම් බාවිතාකරන්න ඔයාලට බෑ. ඒ දේවල් ටිකත් ඩික්ෂනරියට එකතු කරන්න ඔයාලගෙන් තමා උදව් ඉල්ලන්නෙ. පුලුවන් කට්ටිය ඉන්නවනම් පුලුවන් විදියට උදව් කරන්න ඉහත ලින්ක් එක ක්ලික් කරල ලිපිය කියවන්න.


3) Substitle Word Search
මේ ටූල් එක කඩ්ඩ(ඉංග්‍රීසි ) හදාගන්න උණ(උවමනාව ) තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව කඩ්ඩ හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා මම කියන දේවල් ගොඩක් තේරුම ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසත් නැතිවෙලා යනව. ඒ සඳහා විසදුමක් විදියට Player එකක් හදන්න හිතුවත් අන්තිමට KMplayer ගැලපෙන Plugin එකක් හදල ඩික්ෂනරියට Add කරා. හොදයි කඩ්ඩ හදාගන්න කැමතිනම් විතරක් මේ කියන කරුනු ඔයාලට වැදගත් වෙයි.


ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක KMplayer එකෙන් ඕපන් කරගන්න. VLC Player/Windos Player වලටනම් වැඩ කරන්නෙ නෑ.

දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Word Search මත ක්ලික් කරන්න. එවිට එය මත Tick එකක් ඇඩ් වේවි. ඒ කියන්නෙ Subtitle Search Option එක ක්‍රියාත්මක වී අති බවයි. මෙවිට English Subtitle එක අදාල ෆෝල්ඩරයේ තිබ්බෙ නැත්නම් තියෙන තැනකින් ලෝඩ කරගන්න අවස්තාව දෙනව. DVD එකකින් ෆිල්ම් එක බලනවනම් ඒ දේ වැදගත්.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි. නැවත් Space Bar එක Press කරල අදාල වින්ඩෝ එක ඉවත් කරගන්න. එවිටම KMplayer එකෙහි Film එක නැවත් Play වන්නටත් පටන් ගනීවි. ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි.

මේ ඇප් එකට ගැලපෙන ලෙස සකස් කල Substitels File ඔයාලට www.njDic.tk  සයිට් එකෙන් Download කරගන්න පුලුවන්. අලුත් ෆිල්ම් වල Subtitle ඉක්මනින් අප්ඩෙට් කරනව. එම අලුත් විස්තර ගැන දැනගන්න The NDictionary Facebook Page එක Like කරන්න. එලෙස ලබාගත් Subtitle එකක් ඔයාලගෙ ෆිල්ම් ෆෝමැට් එකට ගැලපෙන්නෙ නැතිනම් කරන්න ඕන Trix එක මෙතනින් බලන්න. (සිංහල Subtitle වලටත් කරන්න පුලුවන් දෙයක්)

4) Top Word of The Day
ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක.

මේ ඇප් එක මගින් සෑම දවසකටම Randomly වචන 10ක් තෝරාගන්නව.
එම වචන 10 සෑම පැය බාගයකටම වරක් විනාඩියක පමන කාලයක් Tray Notification එකක් විදියට ඔබට  English Word ටික විතර්ක් දර්ශනය කරනව පහත ආකාරයට.


එම වචන වලට අදාලව තෙරුම් ටික දැකගන්න ඕනනම් ඉහත රූපයේ දක්නට ලැබෙන කහ පැහැති Tray Icon එක මත ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝවකින් එම තෙරුම් ටික දර්ශනය කරාවි.
ඒ වගේ අවශ්‍ය විටක දවසේ වචන 10 බලන්න ඕන නම් Main Menu එක තුල ඇති Top Word of The Day මත ක්ලික් කරන්න.

5) Multi Clip Board
යම් මාතෘකාවක් ඔස්සේ ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තා තිබීම. බොහෝ විට වචන් 6ක් 7ක් තිබ්බ. ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.

කරන්න තියෙන්නෙ Main Menu එක මත ඇති Multi Clip Board ක්ලික් කරල එම වින්ඩෝව ගෙන ටෙක්ස්ට් බොක්ස් වල අදාල වචන ටයිප් කිරීම. නැත්නම් වචනය කොපි කරගෙන නම් තියෙන්නෙ ටෙක්ස්ට් බොක්ස් එක මත ඩබල් ක්ලික් කලත් හරි. එවිට එම ටෙක්ස්ට් බොක්ස් එක තුල අදාල වචනය දක්නට ලැබේ.

දැන් ඔබ යමක් ටයිප් කරන විට Ctrl Key එක සමග එලෙස දැමූ වචනය ඇති ටෙක්ස්ට් බොක්ස් එකේ අංකය ප්‍රෙස් කරන්න. එවිට ඔබ ටයිප් කරන ලිපියේ කර්සර් එක ඇති තැනට අදාල වචනය Copy වනු ඇත.



6) Auto Text Grab
ඇප් එක හදන්න හේතු වුන කාරනය නැවත දාන්නෙ නෑ. හොදයි ඇප් එකෙන් වෙන්නෙ මේකයි.
ලොකු ඩෙට ප්‍රමාණයක් ( Text ) එක් තැනකින් ගෙන තව ෆයිල් එකකට වරග කරල Sorted File එකක් හදන්න තියෙන වෙලාවකට එම කාර්ය්‍ය ස්වයංක්‍රීයව කරගන්න පහසු කරන ඇප් එකක් තමා. කරන අයුරු සඳහා ලිපිය කියවන්න.


7) English Sinhala Word Database Community.
මේ ඩේටබෙස් එකේ තියෙන්නෙ ඉංග්‍රීසි-50,000/ සිංහල-80,000 පමණ වචන ප්‍රමාණයක් තමා. ඉතින් මම තීරණය කලා නාමල් ඩික්ෂණරිය හරහා බාවිතා කරන්නන්ගේත් උදව් ඇතිව මේ ඩේටබෙස් එක දියුණු කරන්න ක්‍රමයක් හදන්න සහ ඕන කෙනෙක්ට මේ ඩේටබේස් එක බාවිතා කරන්න පුලුවන් විදියට වෙබ් එකට දාන්න.එලෙස වචන ඩේටබෙස් එක දියුණු කරන ඔබ SEWdb Community එකෙහි සාමාජිකයකු බව දන්වා සිටිමි. එය ඔබට Download කරගන්න පුලුවන්.





8) Settings
නාමල් ඩික්ෂනරියට මම සරලව දාල තියෙන Settings ටිකක් තමා පහල පේන්න තියෙන්නෙ.


* Start on system startup:                                  -               මෙම ටික් එක දාල ඇත්නම් පරිගනකය Start වන විටම නාමල් ඩික්ෂනරියත් Open වෙනු ඇත.

*Active top word of the Day at Every 30 min:-            මෙම ටික් එක දාල ඇත්නම් සෑම විනාසි 30කටම වරක් Top Words -of The Day පෙන්වනු ලබයි.
*Enable Auto Search:                                                      -Auto Search වීම ඔබට අනවශ්‍ය නම් මෙම ටික් එක ඉවත් කර තබන්න.
*If You Added New Font:                                 -               ඉමේජ් වලින් වචන හදුනා ගැනීමට බාවිතා කරන ක්‍රම වේදය පරිගනකයේ ඇති ෆොන්ට් මතත් රදා පවතින නිසා ඔබ පරිගනකයට අලුතින් ෆොන්ට් ඉන්ස්ටෝල් කලේනම් එහි Update නාමල් ඩික්ෂනරියටත් ලැබිය යුතු නිසා Font Install කලායින් පසු මෙම Update Font Database Button එක ක්ලික් කරන්න.
Settings වලින්නම් සෑහීමකට පත් වන්න බෑරිනම් ඕනකරන Settings ගැන කියන්න. ඊලග වර්ෂන් එකෙන් ඉදිරිපත් කරන්නම්.

Instalation එක අවසානයේ Taskbar එක මත රයිට් ක්ලික් කර Properties ගන්න. එහි Notification Area වල Customize බටන් එක Click කලවිට ලැබෙන වින්ඩෝවෙන් NDictionary යටතෙ වන Show Alwais යන්න සෙලෙක්ට් කරන්න.

Windows7 සඳහා පහත පරිදි වේ.







XP සඳහා පහත පරිදි වේ.

Image Recognize වලට Use කරල තියෙන ටෙක්නොලොග්ය් එක අඩංගු ටූල් එක Trial Virsionඑකක්. ඒ නිසා එහි By-passing කරන්න යොදාගත් ක්‍රම නිසා එහිම ActiveX Control එක සමහර පරිගනක වල වැඩ කලේ නෑ. (Image Recognize එක විතරයි වැඩ නැත්තෙ. අනිත් ඔක්කොම වැඩකරනව.) මගේ වැඩකල නිසා ඊයෙ වෙනකන්ම දන්නෙ නෑ. ඒ ගැටලුව විසදන්න එහි ෆුල් Virsion එක ගන්න වෙයි. ඊට පස්සෙ 2012 Virsion එකෙන් කාටත් Image Recognize Use කරන්න පුලුවන් වෙයි. Full Version එක ගන්න උදව් කරන්න පුලුවන්නම් Image Recognize-njDic ලිපිය කියවල පුලුවන් විදියට හෙල්ප් එකක් දෙන්න.

Add Word වලින් ලබාගන්න Text File එක Upload කරන්න මම යොදාගත් Mail Servise එකත් Trial (Hosting ගන්න විදියක් නොටිබුන නිසා), එකපාරක් විතරයි වගේ යොදාගන්න පුලුවන්. ඊට වැඩි වාරගන්නක සහබාගිත්වයක් SEWdbC එකට ඔබට කරන්න පුලුවන් නම් ඒ ෆයිල් එක namalyaya@gmail.com එකට මේල් කරන මෙන් ඉල්ල සිටිමි.

ඒ වගේම මේ 2011 Beta Virsion එකේ ඇති දෝෂ අඩුපාඩු වගේ අලුත් අදහස් තියේනම් කියන්න මතක කරන්න එපා. ඒ සියළු කාරනා සමග ඊළග Virsion එක (2012) ඉතා ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනව. (Comment Bug/New Idea). Errors වල ලබාගත් Snapshot සමග Errors ඉදිරිපත් කිරීමට නාමල් යාය Facebokk Group එකට එකතුවන්න කියල ආරාධනා කරනව.

හොදයි එහෙනම් මේ නිර්මාණයත් සමග, කරන්න පුලුවන් මට්ටමේ තියෙන්න තව එක පොඩි නිර්මාණයක් විතරයි. ඒකට ඩොමේන් එකක්, හොස්ටින් ප්ලෑන් එකක් ගන්න ඕන නිසා කල් යනව. ඒකත් වල්ඩ් වයිල්ඩ් අලුත්ම දෙයක් වෙයි.  අනිත් ඒව කරන්න එක්කො දැනුම නෑ එක්කො මුදල් නෑ අඩුමගානෙ රිසෝසස් හොයන්න හොඳ ඩේටපැකේජ් එකක් වත් නැතුව තමා ඉන්නෙ. ඒ පොඩි නිර්මාණ සම්බඳව, ඒ කියන්නෙ ලොකු නිර්මාණ දෙක තුනකුත් තියෙනව. ඒවනම් තාම හීන විතරයි, රුහුණ යුනිවර් සිටි එකට තේරීමත් සමග ඒ ගමනට මග විවර උනා කීවොත් නිවැරදියි. අන්තිම වශයෙන් මේ නිර්මාණය දක්වා එන මග මට උදව් කල සියලු දෙනාටම මේ ලිපිය හරහා ස්තුති වන්ත වෙනව (මම ප්‍රෝග්‍රැමින් වලට ආපු හැටි). ඉතින් රුහුණ යුනිවර්සිටි එකෙන් ඉගෙන ගත් දේවලට යුනිවර්සිටි එකේ පරිගනක අධ්‍යන අංශයටත් ස්තුති වන්ත වෙන්න ඕන.

අලුත් දැනුම බෙදාගන්නට නාමල්යාය සමග රැදී ඉන්න. අලුත් ලිපි ගැන ෆේස්බුක් සිටම දැනගන්න මෙහි ලයික් එකක් දාන්න (Namal Yaya on Facebook). ඒවගේම පහල HTML Code එක ඔබේ අඩවියක දමා මෙම නිර්මාණය සිලු දෙනා සමග බෙදාගන්න.

<a title="නාමල් ඩික්ෂනරි - njDic" href="http://namalyaya.blogspot.com/2011/12/namaldictionary.html"><img style="border:none;" src="http://lh3.googleusercontent.com/-31w3yDJaHUg/Txo5634xdCI/AAAAAAAAAe0/mmTYUMuEzzI/s800/njdic_namal_dictionary.gif" width="2600" alt="www.njDic.tk" /></a>

මෙම ලින්ක් මගින් ඔබේ යහලුවන් සමග මෙම ලිපිය Share කරන්නත් පුලුවන් (Click Send).


මේ නිර්මාණයට ප්‍රෝග්‍රැමින් වලට මාස දෙකක් වගේ ගියා, හැබැයි ඊට වඩා  කාලයක් රිසෝසස්/දැණුම හොයන ගත කරන්න උනා. ඒ වුනාට ඒ සඳහා එකදිගට කාලය ගියේ නෑ. නමුත් ප්‍රෝග්‍රැමින් කරද්දිනම් සෑම මිනිත්තුවක්ම ප්‍රයෝජනයට ගත්ත. ගොඩක් දේවල් මග අරින්න උනා. ලොකුම දේ කීයක් හරි හොයාගන්න සෙට්වුන ස(ර්)වේ එකකුත් මග ඇරිය. ඉතින් මේ නිර්මාණය අන්තර්ජාලයේ ඔයාලට වැදගත්නම් තමා සතුටු.

9.0 MB


free counters
Free counters
Read More

Friday, January 20, 2012

// // Leave a Comment

Auto Text Grab - njDic

මෙතුවක් කල් නාමල් ඩික්ෂනරි ගැන ලිපි පෙලක් ගෙන ආවනෙ. මේ ලිපි පෙලේ අවසාන ලිපියයි. ඒ කියන්නෙ ඊලඟ ලිපියෙන් ඔයාලට පුලුවන් නාමල් ඩික්ෂනරි එක ඩවුන්ලොඩ් කරගන්න.

හොඳයි, අද ඇප් එකෙන් මොකක්ද කරන්නෙ කියල පුරුද්දටවගේ කවුරුත් හිතනව ඇති. මෙවන්නකට වෙන ඇප් නැතුවත් ඇති.සුපුරුදු ලෙසම මේකත් මගේ ගැටලුවක්. මම ගිය අවුරුද විතර වෙනකම් නෙට් සර්ෆ් කලේ කැෆේ හරහා, ඉතින් සතියකට සැරයක් වගේ තමා ඉන්ටෙර්නෙට් කැෆේ යන්න ගානක් සොයා ගන්නෙ. ඒ දවස්වල මම සාමාන්‍යයෙන් කරන්නෙ කාලය ඉතිරි කරගැනීමට සින්හල බ්ලොගර් වගේ සයිට් වල පේජ් කලින් සතියෙ කියවපු තැනට ඉදල ඩවුන්ලෝඩ් කරගෙන එක. එතකොට සින්හල බ්ලොගර් සයිටි එකෙන්ම සතියට පේජ් 10ක් විතර ගොඩ ගැහෙනව. ඉතින් ගෙදර ඇවිත් කියවල බලන්න ඕන ලින්ක් ටික ටෙක්ස්ට් ෆයිල් එකකට ගන්නව. එතකොට සෑම සතියකම කලින් සතියෙ ඒ වගේ ගත්ත බ්ලොග් පේජ් 100ක් විතර ඩවුන්ලෝඩ් කරගෙන එනව කියවන්න.  එවගෙත් ලින්ක් තියෙනව නේ සමහර ඩවුන්ලෝඩින් එහෙමත් නැත්නම් තවත් සයිට් එකකට ලින්ක්. ඉතින් මෙහෙම ලින්ක් එකතු කරගනිද්දි ලින්ක් කාන්ඩ 3ක් යටතෙ වර්ග වෙනව. ඒ තමා එවෙලෙ බැලිය යුතු බ්ලොග්/වෙබ් පේජ්, ඩවුන්ලෝඩ් ෆයිල්, පසු කාලේක ඩවුන්ලෝඩ් කලයුතු ෆයිල් ලෙස.

දැන් ප්‍රශ්නය තමා මෙච්චර ලින්ක් ප්‍රමාණය කොපි කර කර ටෙක්ස්ට් ෆයිල් එකකට වර්ග කර කර පේස්ට් කරන එක. මේ ක්‍රියාව ස්වයංක්‍රීයව කරගන්න ඇප් එකක් හදාගත්ත. අන්න ඒ ඇප් එක තමා ඔයාලට මේ දෙන්න යන්නෙ. මේ දේ ඔයාලට වෙන කාර්යය්‍යකට ප්‍රයෝජනවත් වේවි. මම ඩේට පැකේජ් එකක් ගත්තට ඒ සඳහා වියදම් කරන්න ගෙදරට හැකියාවක් නෑ, ඒ හින්ද 1GB පැකේජ් එකක් තමා. ඒ මහපොලට පින් සිද්ද වෙන්න. ඩෙට යූසේජ් එක අවම කරගන්න ඕන නිසා මටනම් තාමත් ඉහත කාරනේට ඇප් එක වැදගත්. ඒ හින්ද මම කියවන බ්ලොග් වල පින්තූරනම් මට දැකගන්න විදියක් නෑ. මොකද ඩවුන්ලෝඩ් වෙද්දී ඉමේජ් ඩවුන්ලෝඩ් වෙන්න නැති නිසා. හොද ඇති කියල හිතෙන ඉමේජ් එකක් තිබ්බොත් පස්සෙ ඩවුන්ලෝඩ් කරගෙන බලනව.

හොදයි ඇප් එකෙන් වෙන්නෙ මේකයි.



Main මෙනු එකේ Auto Text Grab විධානය ක්ලික් කල විගස ඉහත වින්ඩෝ එක දැකගන්න පුලුවන් වේවි. එමගින් ටෙක්ස්ට් සයිල් එකක් හාර්ඩ් ඩ්‍රයු එකේ සාදනව. ඒ ෆයිල් එක ඔයාල ඔතනින්ම ඕපන් කරගන්න පුලුවන්.

ටෙක්ස්ට් ෆයිල් එකට කොපි කරගත් ටෙක්ස්ට් දාගන්නෙ මෙහෙමයි.
ටෙක්ස්ට් එකක් කොපි කරගෙන Ctrl එක Press කරන්න ඉන්පසුව Shift Press කලහොත් එම ටෙක්ස්ට් එක Control+A යටතේ Save වනු ඇත.
ටෙක්ස්ට් එකක් කොපි කරගෙන Ctrl එක Press කරන්න ඉන්පසුව Alt Press කලහොත් එම ටෙක්ස්ට් එක Alt+A යටතේ Save වනු ඇත.

ටෙක්ස්ට් එකක් කොපි කරගෙන Shft එක Press කරන්න ඉන්පසුව Ctrl Press කලහොත් එම ටෙක්ස්ට් එක Shift යටතේ Save වනු ඇත.
ටෙක්ස්ට් එකක් කොපි කරගෙන Shft එක Press කරන්න ඉන්පසුව Alt Press කලහොත් එම ටෙක්ස්ට් එක Shift යටතේ කලින් SAve වූ ටෙක්ස්ට් එක ඉදිරියේ සමාන ලකුනක් සමග Save වනු ඇත. මෙය කමෙන්ට් එකක් ලෙස බාවිතා කල හැක.

එලෙසම Auto Save ලෙස ඇති ටෙක්ස්ට් එක මත ක්ලික් කර එයට ටික් එකක් දැමුවහොත් පහට වින්ඩෝව දැකගන්නට පුලුවන් වේවි. එහි දක්නට ලැබෙන රේඩියෝ බටන් වලින් දැනට Auto යන්න සෙලෙක්ට් වී ඇත. එයින් ඔබට අවශ්‍ය එක තෝරාගත හැක. එවිට සිදුවන කාර්ය නම් කී බොඩ් එකේ බටන් ප්‍රෙස් කර කර සිටිය යුතු නොවීමයි. ටෙක්ස්ට් එකක් කොපි කල විගස ඉහත වින්ඩෝ එකේ ඔබ තෝරා ඇති රේඩියෝ බටන් සෙලෙක්ෂන් එක යටතේ එම ටෙක්ස්ට් එක කොපි වනු ඇත. Auto යන්න තේරී ඇත්නම් Auto ෆීල්ඩ් එකක් යටතේ වචන Save වනු ඇත.

Read More
// // Leave a Comment

Multi Clip Board - njDic

ඉදිරි ලිපි දෙකින් ඉදිරිපත් කරන්නෙ නම් නාමල් ඩික්ෂනරියට ඇඩ් කලාට ඩික්ෂනරියකට කොහෙත්ම සම්බන්දයක් නැති ටූල් දෙකක්. මේ ඇප් එක මගේ බ්ලොග් ලිවීමේ කාර්ය්‍යට ගොඩක් වැදගත් වූ නිසා නිර්මාණය කරන ලද්දක්. මේකට විවිද වෙනත් ක්‍රමත් ඇති. නමුත් මට ඕන විදියට මම මේ ඇප් එක හදාගත කියල තමා කියන්න තියෙන්නෙ. ඔයාලගෙත් ප්‍රයෝජන ගන්න අය ඉදියි කියල හිතල දෙනව.

මේ ටූල් එක මම හදලනම් ගොඩක් කල්. හදන්න ගනිද්දි මම දන්නෙ නෑ VB6 වල යුනිකෝඩ් සපෝට් කරන්නෙ නෑ කියල. ඉතින් වැඩේ ඇන හිටිය. පස්සෙදි techkatha Offliner හදන්න උණක් හැදුන හින්ද ඒකට ඕන හින්ද VB6 වලට යුනිකෝඩ් ගන්න ක්‍රම හොයාගත්ත. ඊට පස්සෙ මම මේ නිර්මානේත් කලා. ඒත් ප්‍රශ්නයක් තිබ්බ යුනිකෝඩ් Clip Board එක හරහා ගන්න බැරි එක. නමුත් ඩික්ෂනරියටත් ඕන වෙන හින්ද යන්තම් ෆෝරම් ගානෙ රිංගල ඒකටත් විසදුමක් සොයාගත්ත.

මට තිබ්බ ගැටලුව තමා යම් මාතෘකාවක් ඔස්සේ ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තා තිබීම. බොහෝ විට වචන් 6ක් 7ක් තිබ්බ. ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.

කරන්න තියෙන්නෙ Main Menu එක මත ඇති Multi Clip Board ක්ලික් කරල එම වින්ඩෝව ගෙන ටෙක්ස්ට් බොක්ස් වල අදාල වචන ටයිප් කිරීම. නැත්නම් වචනය කොපි කරගෙන නම් තියෙන්නෙ ටෙක්ස්ට් බොක්ස් එක මත ඩබල් ක්ලික් කලත් හරි. එවිට එම ටෙක්ස්ට් බොක්ස් එක තුල අදාල වචනය දක්නට ලැබේ.



දැන් ඔබ යමක් ටයිප් කරන විට Ctrl Key එක සමග එලෙස දැමූ වචනය ඇති ටෙක්ස්ට් බොක්ස් එකේ අංකය ප්‍රෙස් කරන්න. එවිට ඔබ ටයිප් කරන ලිපියේ කර්සර් එක ඇති තැනට අදාල වචනය Copy වනු ඇත.
Read More