Friday, January 20, 2012

// // Leave a Comment

Auto Text Grab - njDic

මෙතුවක් කල් නාමල් ඩික්ෂනරි ගැන ලිපි පෙලක් ගෙන ආවනෙ. මේ ලිපි පෙලේ අවසාන ලිපියයි. ඒ කියන්නෙ ඊලඟ ලිපියෙන් ඔයාලට පුලුවන් නාමල් ඩික්ෂනරි එක ඩවුන්ලොඩ් කරගන්න.

හොඳයි, අද ඇප් එකෙන් මොකක්ද කරන්නෙ කියල පුරුද්දටවගේ කවුරුත් හිතනව ඇති. මෙවන්නකට වෙන ඇප් නැතුවත් ඇති.සුපුරුදු ලෙසම මේකත් මගේ ගැටලුවක්. මම ගිය අවුරුද විතර වෙනකම් නෙට් සර්ෆ් කලේ කැෆේ හරහා, ඉතින් සතියකට සැරයක් වගේ තමා ඉන්ටෙර්නෙට් කැෆේ යන්න ගානක් සොයා ගන්නෙ. ඒ දවස්වල මම සාමාන්‍යයෙන් කරන්නෙ කාලය ඉතිරි කරගැනීමට සින්හල බ්ලොගර් වගේ සයිට් වල පේජ් කලින් සතියෙ කියවපු තැනට ඉදල ඩවුන්ලෝඩ් කරගෙන එක. එතකොට සින්හල බ්ලොගර් සයිටි එකෙන්ම සතියට පේජ් 10ක් විතර ගොඩ ගැහෙනව. ඉතින් ගෙදර ඇවිත් කියවල බලන්න ඕන ලින්ක් ටික ටෙක්ස්ට් ෆයිල් එකකට ගන්නව. එතකොට සෑම සතියකම කලින් සතියෙ ඒ වගේ ගත්ත බ්ලොග් පේජ් 100ක් විතර ඩවුන්ලෝඩ් කරගෙන එනව කියවන්න.  එවගෙත් ලින්ක් තියෙනව නේ සමහර ඩවුන්ලෝඩින් එහෙමත් නැත්නම් තවත් සයිට් එකකට ලින්ක්. ඉතින් මෙහෙම ලින්ක් එකතු කරගනිද්දි ලින්ක් කාන්ඩ 3ක් යටතෙ වර්ග වෙනව. ඒ තමා එවෙලෙ බැලිය යුතු බ්ලොග්/වෙබ් පේජ්, ඩවුන්ලෝඩ් ෆයිල්, පසු කාලේක ඩවුන්ලෝඩ් කලයුතු ෆයිල් ලෙස.

දැන් ප්‍රශ්නය තමා මෙච්චර ලින්ක් ප්‍රමාණය කොපි කර කර ටෙක්ස්ට් ෆයිල් එකකට වර්ග කර කර පේස්ට් කරන එක. මේ ක්‍රියාව ස්වයංක්‍රීයව කරගන්න ඇප් එකක් හදාගත්ත. අන්න ඒ ඇප් එක තමා ඔයාලට මේ දෙන්න යන්නෙ. මේ දේ ඔයාලට වෙන කාර්යය්‍යකට ප්‍රයෝජනවත් වේවි. මම ඩේට පැකේජ් එකක් ගත්තට ඒ සඳහා වියදම් කරන්න ගෙදරට හැකියාවක් නෑ, ඒ හින්ද 1GB පැකේජ් එකක් තමා. ඒ මහපොලට පින් සිද්ද වෙන්න. ඩෙට යූසේජ් එක අවම කරගන්න ඕන නිසා මටනම් තාමත් ඉහත කාරනේට ඇප් එක වැදගත්. ඒ හින්ද මම කියවන බ්ලොග් වල පින්තූරනම් මට දැකගන්න විදියක් නෑ. මොකද ඩවුන්ලෝඩ් වෙද්දී ඉමේජ් ඩවුන්ලෝඩ් වෙන්න නැති නිසා. හොද ඇති කියල හිතෙන ඉමේජ් එකක් තිබ්බොත් පස්සෙ ඩවුන්ලෝඩ් කරගෙන බලනව.

හොදයි ඇප් එකෙන් වෙන්නෙ මේකයි.



Main මෙනු එකේ Auto Text Grab විධානය ක්ලික් කල විගස ඉහත වින්ඩෝ එක දැකගන්න පුලුවන් වේවි. එමගින් ටෙක්ස්ට් සයිල් එකක් හාර්ඩ් ඩ්‍රයු එකේ සාදනව. ඒ ෆයිල් එක ඔයාල ඔතනින්ම ඕපන් කරගන්න පුලුවන්.

ටෙක්ස්ට් ෆයිල් එකට කොපි කරගත් ටෙක්ස්ට් දාගන්නෙ මෙහෙමයි.
ටෙක්ස්ට් එකක් කොපි කරගෙන Ctrl එක Press කරන්න ඉන්පසුව Shift Press කලහොත් එම ටෙක්ස්ට් එක Control+A යටතේ Save වනු ඇත.
ටෙක්ස්ට් එකක් කොපි කරගෙන Ctrl එක Press කරන්න ඉන්පසුව Alt Press කලහොත් එම ටෙක්ස්ට් එක Alt+A යටතේ Save වනු ඇත.

ටෙක්ස්ට් එකක් කොපි කරගෙන Shft එක Press කරන්න ඉන්පසුව Ctrl Press කලහොත් එම ටෙක්ස්ට් එක Shift යටතේ Save වනු ඇත.
ටෙක්ස්ට් එකක් කොපි කරගෙන Shft එක Press කරන්න ඉන්පසුව Alt Press කලහොත් එම ටෙක්ස්ට් එක Shift යටතේ කලින් SAve වූ ටෙක්ස්ට් එක ඉදිරියේ සමාන ලකුනක් සමග Save වනු ඇත. මෙය කමෙන්ට් එකක් ලෙස බාවිතා කල හැක.

එලෙසම Auto Save ලෙස ඇති ටෙක්ස්ට් එක මත ක්ලික් කර එයට ටික් එකක් දැමුවහොත් පහට වින්ඩෝව දැකගන්නට පුලුවන් වේවි. එහි දක්නට ලැබෙන රේඩියෝ බටන් වලින් දැනට Auto යන්න සෙලෙක්ට් වී ඇත. එයින් ඔබට අවශ්‍ය එක තෝරාගත හැක. එවිට සිදුවන කාර්ය නම් කී බොඩ් එකේ බටන් ප්‍රෙස් කර කර සිටිය යුතු නොවීමයි. ටෙක්ස්ට් එකක් කොපි කල විගස ඉහත වින්ඩෝ එකේ ඔබ තෝරා ඇති රේඩියෝ බටන් සෙලෙක්ෂන් එක යටතේ එම ටෙක්ස්ට් එක කොපි වනු ඇත. Auto යන්න තේරී ඇත්නම් Auto ෆීල්ඩ් එකක් යටතේ වචන Save වනු ඇත.

0 comments :

Post a Comment